මාරු වුණත් හිටි කැලෑව කොටියාගේ
වෙනසක් නම් නොවේ කිසිදා පුල්ලි ඇඟේ
කොටියා එපා මුගෙ උපමාවට ගන්න
හිකනලා වගෙයි මූ, එය වටහා ගන්න





මාරු වුණත් හිටි කැලෑව කොටියාගේ
වෙනසක් නම් නොවේ කිසිදා පුල්ලි ඇඟේ





පාඩම් උනත් ඇයි තෝ ඊයේ ආවේ
ඊයෙත් ඇවිත් ඒවාටම වග කීවේ
![]()



කොටියා එපා මුගෙ උපමාවට ගන්න
හිකනලා වගෙයි මූ, එය වටහා ගන්න
![]()

නිතරම මදෙස බලමින් සිටිනා සැංගී
තෝ නොව බලන්නට ආවේ පොඩි නංගී



කනයා නැති තැනට පණ්ඩිත කාවයියා
මං නැති දා කවුදෝ මේකේ අයියා..??![]()
නිතරම මදෙස බලමින් සිටිනා සැංගී
තෝ නොව බලන්නට ආවේ පොඩි නංගී


පොඩිනංගී නොවේ ඒ අපෙ වැඩකාරී
ඒ වුනාට ඒකී නම් හැඩකාරී
![]()

එනකං තමා හිටියේ මේකේ අයියා
බීලා වැඩි වෙලා හිටියද උඹ දොයියා




ඇත්තයි උඹේ බස එය වටහා ගතිමි
දැන්නම් උගේ මළ පැන ඇති බව හඟිමී![]()




අනේ මස්සිනා දැන ගැනීම ලොකු සතුටක්
නංගි ලස්සනද කියමුකො මට පොඩ්ඩක්..



එව්වේ නංගි ලියුමක් වැඩකාරි අතේ
බිව්වම තොටත් නංගී ගැන වගක් නැතේ




උගෙ මල පනින්නට ඌ මේ ළගක නැත
ආවත් මල්කවිට බිය විය යුතුම නැත
![]()

කොහෙද බොලේ මට නංගී කෙනෙක් නැතී
අල්ලපු ගෙදරනම් නංගී කෙනෙක් ඇතී
![]()

කවි විතරක් නෙමේ හැම දේටම හපනා
ඨාකුර් ඉන්නකල් අපි නම් බිය නොවෙනා





අපි නැහැ නොවැ බොන්නෙ ඔය ජරාව කවදාවත්
ඇල් වතුරත් නිවලයි බොන්නේ මම නම්![]()


මා දකිනා රිසින් ගෙදරට කියා බොරු
උඹලගෙ ගෙදර එනවා ඇති මට සිකුරු![]()





අන්න එච්චරයි සිදු විය යුතු වන්නේ
මල්කවියට යන එන මං නැතිවන්නේ
![]()



ඒකී අපේ වැඩකාරිගෙ ගජ මිතුරී
මූණ කචල් වුනමුත් නෑ නොව කාරී
![]()


උඹෙ ගැනත් එයා දිනක් මට කිවුවා
ඒවා මෙතන දැම්මොත් සිරිකිත බැරුවා


