දෙබඩි මුහුණු බළලෙක්

ElaMans

Member
May 10, 2014
1,268
434
0
දෙබඩි මුහුණු බළලෙක්

වෛද්‍ය මතය බොරුවේ!


23C02E2A00000578-2862950-image-a-3_1417874305019.jpg



පැය ගණනකින් මරණයට පත්වනු ඇතැයි වෛද්‍යවරුන් පළකළ මත පුස්සක් කරමින් අවුරුදු 15 ක්ම ආයු වළදා ගිනස් වාර්තා පොතටද තම නම ඇතුළු කර ගැනීමට සමත්වූ ‘‘ෆ‍්‍රෑන්ක් හා ලූවී‘‘ නම් දෙබඩි මුහුණු බළලා පසුගියදා මිය ගියේය.

මිය යෑමට හේතුව පිළිකාවක් බව සදහන්ය. ෆ‍්‍රෑන්ක් හා ලූවී ගේ ස්වාමිදුවණිය වන මාර්ටි ස්ටීවන්ස් පවසන්නේ මිය යනු ඇතැයිද,ජීවත් වුවත් වදයක් වනු ඇතැයිද බොහෝ දෙනා පැවසූ මුත් තම සුරතලා ඉතා සුවපත්,සැපවත් ජීවිතයක් ගත කළ බවයි.

පශු වෛද්‍ය හෙදියක ලෙස සේවය කරන මාර්ටිට ෆ‍්‍රෑන්ක් හා ලූවී හමුවී තිබෙන්නේද අහම්බෙනි.දිනක් ඇය සේවය කරමින් සිටි වෛද්‍ය මධ්‍යස්ථානය වෙත පැමිණි අයෙක් මේ දෙබඩි මුහුණු බළලා ඉදිරිපත් කර අනායාස මරණයක් අත්කර දෙන මෙන් ඉල්ලා තිබේ. නමුත් මාර්ටි කර ඇත්තේ ඔහුගෙන් බළලා ඉල්ලාගෙන තම භාරයට ගැනීමයි.

බළලා ‘‘ෆ‍්‍රෑන්ක් හා ලූවී‘‘ ලෙස නම් කර තිබෙන්නේද මාර්ටිමය. මුහුණු දෙකක් තිබුණද ෆ‍්‍රෑන්ක් හා ලූවීට තිබුණේ එක් මොළයකි.ඇස් 4 ක් පිහිටා මෙන් තිබුණත් හිස දෙපස ඇස් හැරෙන්නට මුහුණු දෙක බද්ධවී තිබුණු තැන ඇස් හරිහැටි වර්ධනයව නොතිබුණි.මුඛයන් දෙකක් තිබුණත් ආහාර ගැනීමේ හැකියාව තිබුණේ ෆ‍්‍රෑන්ක්ට පමණි.ඒ තිබුණු එකම අන්නස්‍රෝතය සම්බන්ධවී තිබුණේ ඔහුගේ මුඛයට වීම නිසාය.

මෙවන් බළලූන් හැදින්වෙන්නේ ‘‘ජානුස්‘‘ බළලූන් ලෙසය. ජානුස් නම් හිස් දෙකෙක් පැවති බව කියන ග්‍රීක දෙවියෙකුගේ නම ඔවුන්ට පබැදී ඇත. ජානුස් බළලූන්ට වැඩි ආයු කාලයක් නැතැයි සැළකෙන මුත් ෆ‍්‍රෑන්ක් හා ලූවීට එය අදාළ නොවන සෙයකි.

තම සුරතලාගේ නික්මයෑම නිසා තමන් තවමත් සිටින්නේ කම්පනයෙන් බව මාර්ටි කියයි.නමුත් නැවත වරක් අවස්ථාව ලැබුණෙහොත් ජානුස් බළලෙක් රැගෙන හදාවඩා ගන්නා බව ඇය පවසයි. (Source)

23C02E2000000578-2862950-image-a-6_1417874451803.jpg


article-urn-publicid-ap.org-b50e141ed19f4f18a82d5aeff7f3883f-6UbcyqTdK-HSK1-602_634x528.jpg
 

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,197
    12,196
    113
    Ohio, USA
    ලංකාවේ ඉන්නේ බළලෙක් නෙවෙයි ගස් බල්ලෙක් ඌටත් දෙබිඩි මුහුණක් තියෙන්නේ


    1(694).jpg
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ලංකාවේ ඉන්නේ බළලෙක් නෙවෙයි ගස් බල්ලෙක් ඌටත් දෙබිඩි මුහුණක් තියෙන්නේ


    1(694).jpg


    එක පිරිසකට මයිත්‍රී පොදු අපේක්ශකයා විම හොඳය. තිස්ස ආණ්ඩුවට යෑම හොඳ නැත.

    අනෙත් පිරිසට තිස්ස ආණ්ඩුවට යෑම හොඳ හොඳය. මයිත්‍රී පොදු අපේක්ශකයා විම හොඳ නැත.

    පනින එවුනුත්, එකෙක්ට මඩ ගහමින් අනෙකාට හුණු ගාමින් සුද්ද කරන මුන් ඔක්කොම දෙබිඩි බළලු නොවේද?
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,197
    12,196
    113
    Ohio, USA

    එක පිරිසකට මයිත්‍රී පොදු අපේක්ශකයා විම හොඳය. තිස්ස ආණ්ඩුවට යෑම හොඳ නැත.

    අනෙත් පිරිසට තිස්ස ආණ්ඩුවට යෑම හොඳ හොඳය. මයිත්‍රී පොදු අපේක්ශකයා විම හොඳ නැත.

    පනින එවුනුත්, එකෙක්ට මඩ ගහමින් අනෙකාට හුණු ගාමින් සුද්ද කරන මුන් ඔක්කොම දෙබිඩි බළලු නොවේද?

    මෛත්‍රී සන්ධානයෙන් එලියට ආවේ නිදහස් පක්ශය බේරගන්නටයි. එතන එතනෝල් කාරයෝ කුඩු කාරයෝ වැඩිවෙලා නිදහස්පක්ශේ දියවෙන නිසා ඒක බේරගන්න සන්ධානෙන් එලියට ආව එක පැනීමක් නෙවෙයි... අනික මෛත්‍රී විපක්ශේට අවිල්ලා යූඑන්පී එක එක්ක නෙවෙයි එකතු උනේ... එතන හැම පක්ශ්යක්ම ඉන්නවා... හෙල උරුමය, ජෙනරාල් වගේ අයත්...

    නමුත්

    තිස්සයා කලේ යූ එන්පී එකේ ඉඳලා සන්ධානෙට පැනපු එකයි... පැන්න කියලා කියන්නේ කිසිම හේතුවක් නෑ දැන් ඌට කියන්න යූ එන් පී එකට විරුද්ධව... හේතුව සජිත් රනිල් ප්‍රශ්නේ පවා ඉවරයි මේවෙනකොට තනිකරම ලක්ශ 500 කට තමයි පැන්නේ... ඒ නිසා මෛත්‍රීවයි තිස්සවයි එකට සංසන්දනය කරන එක වැරදියි..