ඕක ලොකු මාතෘකාවක් බං..
මං නං හිතන්නෙ මේ ලෝකෙ කිසිම අම්මෙක් හෝ තාත්තෙක් 100% හොඳ වෙන්නෙ නෑ.. ඒ වගේම කිසිම එකෙක්ගෙ ලමා කාලයක් 100% හොඳ වෙන්නෙත් නෑ.. හැම ලමයෙක්ට සාපේක්ශව ලමා කාලෙ ප්‍රශ්න තියෙනව.. නිකං හිතපං දුප්පත් පවුලක ඉපදුන අම්ම කුඩු ගහන තාත්ත අරක්කු බොන පවුලක පොඩි එකෙක් ලොකු වෙනකොට උගෙ ලමා කාලෙ සෑහෙන ප්‍රශ්න තියෙනව, ඌ ලොකු වෙනකොට ඒ වගේම Trauma ටිකක් එක්ක තමයි ලොකු වෙන්නෙ.. හැබැයි හිතපං සියලු දේ ලැබිල හොඳට ආදරේ ලැබිල අධ්‍යාපනය ලැබුන පවුලක පොඩි එකෙක් ගැන.. වූ ලොකු වෙනකොටත් අම්මයි තාත්තයි නෑදෑයෝ ඉන්න තැන කරපු පොඩි විහිලුවකට හිත රිදුනත් ඒක Trauma එකක් වගේ මුලු ජීවිත කාලෙම ඉතුරු වෙන්න පුලුවන්.. ඌ ගෙවපු ලයිෆ් එකට සාපේක්ශව උගේ trauma පොයින්ට් එක තමයි ඒක.. ඕවට කියන්නෙ generational trauma කියල.. හේතුව පරම්පරාවෙන් පරම්පරාවට අරං එන traumas ..
දැං ඕකම උඹලගේ දෙමව්පියන්ටත් ආදේශ කරල බලපං.. උනුත් මේ උඹල අපි වගේ කාලයක් පොඩි කොල්ලො කෙල්ලො වෙලා හිටිය, කාලයක් තරුණයො වෙලා හිටිය සාමාන්‍ය මිනිස්සු.. ඒ මිනිස්සු අරං එනව ඒ මිනිස්සුන්ගෙ දෙමව්පියන්ගේ traumas.. උනුත් නොදැනුවත්මව ඒව එක්ක ජීවත් වෙනව..
උඹල අපි හිතනව අපිව මෙහෙම හදන්නෙ නැතුව මේ විදිහට හදල තිබ්බ නං අද අපි මීට වඩා හොඳ ජීවිත ගත කරනව නේද කියල .. ඒත් උඹල කවද හරි ලමයි හදල ඔය හිතං ඉන්න විදිහට ලමයව හැදුවත් උගේ හිතෙත් හැදෙන්න පුලුවන් අනේ අපිව මෙහෙම නොහද වෙන විදිහකට හැදුව නං හොඳයි නේද කියල..
මට කොහොම හරි කියන්න ඕන වුනේ පේරන්ටින්ග් වලට හරි ක්‍රමේ මේකයි වැරදි ක්‍රමේ මේකයි කියල එකක් නෑ බං.. දෙමව්පියෝ කියන්නෙත් උඹල අපි වගේ සාමාන්‍ය මිනිස්සු ඒගොල්ලන්ගෙ ජීවිතේ එකතු කරගත්තු අත්දැකීම් එක්ක මෙහෙම කරන එක හරි මෙහෙම කරන එක වැරදී කිය කිය එයාලත් ඉගෙන ගනිමින් යන ප්‍රොසෙස් එකක්.. මමත් කාලයක් උඹල වගේ මගේ ජීවිතේ සමහර ප්‍රශ්න වල වගකීම දෙමව්පියෝන්ට භාරදීල හිත හදාගත්ත.. හැබැයි එතකොට කවදාවත් ඒ ප්‍රශ්නෙ ඉවර වෙන්නෙ නෑ .. Trauma එකක් විදිහට හැමදාම අපිත් එක්ක ඉතුරු වෙලා තියෙනව .. කොහෙන් හරි එලියට එනව.. වැදගත් වෙන්නෙ සමාව දීම, මිනිස්සු දිහා මිනිස්සු විදිහට බැලීම, ඒගොල්ලන්ගේ පර්ස්පෙක්ටිව් එකෙන් බැලීම.. මං උදාහරණයක් කියන්නං.. මගේ තාත්තට කවදාවත් තාත්තෙක් ඉඳල නෑ.. එතකොට හරියට දැං මං කල්පනා කරල බැලුවොත් මගේ තාත්ත මට තාත්තෙක් වෙලා තියෙන්නෙ කිසිම එක්ස්පීරියන්ස් එකක් නැතුව.. මම කවද හරි තාත්තෙක් වෙච්ච දවසට දැන් මට එක්ස්පීරියන්ස් තියෙනව මගේ තාත්තගෙ හොඳ ගන්නත් නරක අහක දාන්නත්.. මගේ පුතත් කවද හරි දවසක එහෙම කරයි.. ඕක තමයි Generational Trauma බිඳිනවා කියන්නේ