දෙමව්පියෝ හින්දා ගොඩ ගිය වුන් ඉන්නවද නැත්තන් කෙල උන එකද වුනේ...

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,609
    100,842
    113
    මට 19
    මන් දැක්කේ මගෙ වයස අහනවා වගේ...පස්සේ දැක්කේ ලමයගේ වයස කියලා 🤣

    සම්පූර්න වැරදියි..අලුත් ජෙන් එකේ අය අත්දැකලා තියෙන ටෘමා දන්නේ උන් විතරයි..summoning @poopoo

    පොතක් ලියලවත් ඉවර කරන්න බැහැ, සුසයිඩ් ඇටෙම්ප්ට් එකකට යනකම් මට සෙවිය ඩිප්රෙසන් හැදෙන තැනට වැඩ කරලා තියෙනවා අපේ ගෙදර අය, අනික ඔය හැම ටෘමා එකක් එක්කම කොප් වෙන්න වුනේ තනියම මට

    මන් මුකුත් දෙන්න කියලා මන් ඉල්ලා නැහැ කවදාවත්, උන්ගේ expectations සම්පූර්න කරගන්න මාව රොබෝ කෙනෙක් වගේ යූස් කරපු එක අපේ තාත්තා කරේ..පොඩි කාලේ මන් හිනා වුනත් බනිනවා..
    අම්මා narcissistic, overprotective, එයාට ඕනෙ විදිහට කියක කියන පදේ මන් නටන්න ඕනේ වුනේ එයාට, ගෙදරින් එලියට යන්න බැහැ, යාලුවෝ එක්ක සම්බන්දකම් බැහැ..සෝසල් issues ගොඩක් අවා අම්මා නිසා මට පොඩි කාලේ..ඔය ටෘමා වල රිසල්ට් එක ඉමෝශනලි නම්බ් dark empath කෙනෙක්
    ඒක හරි එ උනාට එයාල පොඩිකාලේ කරපුවා හින්දා දැන් මට වෙලා තියන දේකට මටම බනිනව නම් වැරැද්ද එයාලගෙනෙ.

    පොඩි කාලෙ ගෙදරින් එලියට බහින්න නොදී හදලා ලොකු උනාම බනිනවා කිසි වැඩක් බෑ වගකීමක් ගන් නෑ කියල.

    ගෙදරින් එලියට යන්න නොදී ලමයෙක් හදනව නම් අම්ම අප්පා දෙන්නට හැමදේම ලමයට උගන්නන්න පුලුවන් වෙන්න ඕනෙ social skills පවා. එහෙම පුලුවන් නම් ගේ හිර කරන් හිටියට ක්‍මක් නෑ .
    මගේත් නෑ වෙන මල්ලි කෙනෙක් ඉන්නවා දෑහෙ තියං හදලා දැන් ඔය වගේම හේතුවක් නිසා දෙමවුපියන්ව අත ඇරලා දාලා වගේ ඉන්න.

    මම judge කරන එක වැරදියි ඔයාවත් ඔයාගෙළගේ දෙමාපියෝවත් දෙගොල්ලොන්ටම තමා තමන්ගේ සාධාරණය හේතු ඇති අනිවා.


    මගේ experience එකෙන් මට කියන්න වෙන්නේ වැරද්ද වෙලා ඉවරයි දැන් ඉස්සරහට move වෙන කියන ඒක විතරයි. නැත්තං වෙන්නේ ඒ සිද්ධිය වෙලා ඉවර උනත් ආයේ ආයේ අපේ ඔලුවෙන් ඒකම ආයේ වෙන එක.

    එකක් ටක්කෙටම කියන්න පුළුවන් ඔයාලට මොනවා හරි දෙයක් කවුරු නිසා හරි වෙලා තියෙනවා කියලා හිතාගෙන ඉන්න ඉන්න ඔතනම හිර වෙනවා. එහෙම experience එකක් මට තියෙනවා. අවුරුදු 3නක් විතර නාස්ති උනා මට එකෙන්. සිද්ධියට අදාළ කෙනාට සමාව දීලා අහකට කරාම මාර නිදහසක් ආවේ.

    මේවා නන් හෑලි ගන්න දෙයක් තියෙනවා නන් ගන්න නැත්තන් අත ඇරලා දාන්න. No argument 🤗
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,609
    100,842
    113
    ඕකට උත්තරේ එක වචනයයි; internet

    2004 ටෙක්සාස් වල ඉපදුණ කෙනෙයි, ලංකාව වගේ තුන්වන ලෝකේ රටක middle class family එකකට ඉපදුණ කෙනයි හැමෝම internet එකේදි වෙනසක් නැහැ
    රුපියල් සීයේ data card එකක් දාගත්තනම් මුලු ලෝකෙම තමන්ගේ අත උඩ; එතකොට වෙන්නේ අර වගේ රටක හෝ wealthy family එකකට ඉපදුණ තමන්ගේ වයසම කෙනෙක්ගේ lifestyle එක දකිනවා. නිකන්ම jealousy එකක් එනවා, පසුතැවීමක් එනවා අනේ මටත් තිබුණා නම් කියලා. ඔය හේතුව නිසා උපරිමයෙන්ම parentsලට වෛර කරන්න ගන්නවා.

    මීට දශක දෙකකට කලින් මං හිටියේ නැති වුණාට, ඔය වගේ දේවල් near impossible කියලා pretty sure සාමාන්‍ය teenage එකේ ඉන්න කෙනෙක්ට
    එයාලට වැඩිම වුණොත් compare කරන්න ඉන්නේ තමන්ගේ classmatesලා, පසුතැවීම් අඩුයි, අනේ මට කොච්චර හොද life එකක් ලැබිලද කියලා හිතනවා

    https://en.wikipedia.org/wiki/Social_comparison_theory
    TFS
     

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,577
    1,649
    113
    Puluwan uparimenma kara demaupiyo. Samahara welawat hithenawa mechchara api gana hithan mathuwa eyala ganath e kale hithuwanm hari kiyla. Moka unath 20 yrs walin passe thaman karanne waradi nam eka thamange waradda
     
    • Like
    Reactions: Yin And Yang

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    මගේත් නෑ වෙන මල්ලි කෙනෙක් ඉන්නවා දෑහෙ තියං හදලා දැන් ඔය වගේම හේතුවක් නිසා දෙමවුපියන්ව අත ඇරලා දාලා වගේ ඉන්න.

    මම judge කරන එක වැරදියි ඔයාවත් ඔයාගෙළගේ දෙමාපියෝවත් දෙගොල්ලොන්ටම තමා තමන්ගේ සාධාරණය හේතු ඇති අනිවා.


    මගේ experience එකෙන් මට කියන්න වෙන්නේ වැරද්ද වෙලා ඉවරයි දැන් ඉස්සරහට move වෙන කියන ඒක විතරයි. නැත්තං වෙන්නේ ඒ සිද්ධිය වෙලා ඉවර උනත් ආයේ ආයේ අපේ ඔලුවෙන් ඒකම ආයේ වෙන එක.

    එකක් ටක්කෙටම කියන්න පුළුවන් ඔයාලට මොනවා හරි දෙයක් කවුරු නිසා හරි වෙලා තියෙනවා කියලා හිතාගෙන ඉන්න ඉන්න ඔතනම හිර වෙනවා. එහෙම experience එකක් මට තියෙනවා. අවුරුදු 3නක් විතර නාස්ති උනා මට එකෙන්. සිද්ධියට අදාළ කෙනාට සමාව දීලා අහකට කරාම මාර නිදහසක් ආවේ.

    මේවා නන් හෑලි ගන්න දෙයක් තියෙනවා නන් ගන්න නැත්තන් අත ඇරලා දාන්න. No argument 🤗

    මන් කම්ප්ලේන් කරන්නැ, ඔය ගොඩක් පොඩි කාලේ වුන දේවල්,මන් ඒ කාලේ කරපු ලොකුහ ගොන් වැඩේ එයාලගේ වැරදි එයෙලට තේරුම් කරලා දෙන්න හදපු එක...තාත්තට තේරුම් කරල දෙන්න හැදුවට තේරුම් ගන්න ඔලුවක් නැ, අම්මාට තේරුම් කරන්න හරදුවහම එයාගේ ego එකට කරන personal attack එකක් විදිහට එයා ගන්නේ since she is narcissist, එයාලගේ පවුල් වලින් එන ටෘමා තමයි ඔය, එයලගෙ වැරැද්දක් නැහැ..වැරැද්දක් නැහැ කියන්නේ ඒ ටෘමා බිදින්න තරම් intelligence එකක් නැහැ..අනික ඕවාට තනියෙන් සාර්තකව මුහුන දිලා වරිධනය වුන cognitive/ emotional skills ඕවා වුනේ නැත්තම් වර්ධනය වෙන්නෙත් නැහැ..


    ------ Post added on Dec 15, 2024 at 5:52 PM
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,167
    198,746
    113
    Colombo, Sri Lanka
    @NRTG මුනම් ගොඩගියා
    King Of Queens Baby GIF by TV Land
     
    • Love
    Reactions: wissnshaftler

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,962
    113
    මටනම් ඕකේ අනිත් පැත්ත බන්! ගෙදරින්
    හොදට ඉගෙන්නුවා, හොද ඉස්කෝලවලට යැව්වා, හොද tution වලට යැව්වා, හොදම කැම්පස් එක්කටත් ගියා, ඉල්ලන්නෙ මොනාද ඕනිදෙයක් අරන්දුන්න බන්, ගෙදරින් support නොකරනම් ඒ මොකුත් කරගන්න වෙන්නෑ
    මටනම් ඕකේ අනිත් පැත්ත බන්! ගෙදරින්

    හොදට ඉගෙන්නුවා, හොද ඉස්කෝලකට‍ ගියා 5 pass වෙලා , මට ඕනේ tution වලට යැව්වා, හොදම gov කැම්පස් එක්කටත් ගියා, අනෙක් අයට වඩා කාලා බීලා හිටියා කැම්පස් කළේත්.support නොකරනම් ඒ මොකුත් කරගන්න වෙන්නෑ. ගෙයක් හදාගන්න උදව් කළා, ඉඩමත් අම්ම 92 ගත්ත එකක්. ජොබක් නැතිව අව්රුදු 1.5 විතරත් හිටියා.
    ජපන් යන්න try කලා එකට‍ සල්ලි දෙන්න තිබ්බේ නෑ.
    දෙන්නම gov servants විදිහට කොහොම සල්ලි manage කලාද හිතාගන්නත් බෑ.අපි දැන් ගන්න ගාන සහ වියදම් බැලුවහම.

    තාත්තා නැතුවුනා පෙනහළු පිළිකවකින්, අම්මා බලාගන්න ඕනේ හින්දා migrate කළේත් නෑ. අම්මට TIA stroke 5ක්‌ ආවා. මම බැහැලා අම්මව ගොඩ දාගත්ත.

    18 පස්සේ නම් කචල් නම් තමන්ගේ ක්‍රමයකට ගොඩ යන්න බලපල්ලා. රටකට යන එක සුදුසුම.
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ඒ දෙන්න නිසා තමයි අද මේ තත්වෙන් ඉන්නෙ :) දැන් ඒ දේවල් දිහා ආයෙ හැරිල බලද්දි හිතෙනවා අපි තුන්දෙනෙක් වෙනුවෙන් ඒ දෙන්නා පට්ට sacrifices තොගයක් කරල තියෙනව කියල... තාමත් එහෙමමයි...
     

    Jiro

    Well-known member
  • Jul 31, 2024
    592
    998
    93
    A Dream
    අවුරුදු 16-17 පැන්නට පස්සේ වුණ දේවල් වලට වගකීම මං ගන්නවා
    මගේ decision වලට එයාලාට ඇගිලි ගහන්න දෙන්නේ නැහැ, කෙලින්ම බෑ කියනවා

    හැබැයි ඊට කලින් වුණ ඒවගේ influence එක තාම තියෙනවා, ඒ නිසා ඔව්, කෙල වුණා උපරිමේටම
    අවුල් ගියේ psychologically, ආයේ ජීවිතේට recover වෙන්න බැරි වෙයි
    ඒකනම් ඇත්ත. ආයේ recover වෙන්න කවදාකවත් බෑ.
    පොඩි කාලේ ඉදන් කරේ එක එකා ගැන කිය කිය ඒ වගේ වෙයන් කියල විතරයි

    ඒ වගේ වෙයන් කියන උන් ඒ වගේ වෙලා තියෙන්නෙ උන්ගෙ දෙමව්පියෝ හින්ද කියල දන්නෙ නෑ මෙයාල
    True.
    පොතක් ලියලවත් ඉවර කරන්න බැහැ, සුසයිඩ් ඇටෙම්ප්ට් එකකට යනකම් මට සෙවිය ඩිප්රෙසන් හැදෙන තැනට වැඩ කරලා තියෙනවා අපේ ගෙදර අය
    Same.
    අම්මා narcissistic, overprotective, එයාට ඕනෙ විදිහට කියක කියන පදේ මන් නටන්න ඕනේ වුනේ එයාට, ගෙදරින් එලියට යන්න බැහැ, යාලුවෝ එක්ක සම්බන්දකම් බැහැ..සෝසල් issues ගොඩක් අවා අම්මා නිසා මට පොඩි කාලේ..
    Same as mine.
     

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,919
    5,088
    113
    Pandora
    එකක් ටක්කෙටම කියන්න පුළුවන් ඔයාලට මොනවා හරි දෙයක් කවුරු නිසා හරි වෙලා තියෙනවා කියලා හිතාගෙන ඉන්න ඉන්න ඔතනම හිර වෙනවා. එහෙම experience එකක් මට තියෙනවා. අවුරුදු 3නක් විතර නාස්ති උනා මට එකෙන්. සිද්ධියට අදාළ කෙනාට සමාව දීලා අහකට කරාම මාර නිදහසක් ආවේ.
    කොහොමද එහෙම සමාව දීලා අයින් කරන්නේ? හිතින්ද?
     
    • Like
    Reactions: Yin And Yang

    Debrovsky

    Well-known member
  • Mar 1, 2024
    861
    1,038
    93
    Godak ayata ada inna thanata enna demapiyonge support eka aniwaryen balapala thiyenawa. Habai Negative side eka baluwama godak ayata personality, attitude, psychology prashna thiyenawa. Menna me potha kiyawanna. Math kiyawana gaththa langadi set wela.

    IMG_3083.jpeg


    intentionally කෙලවලා නැහැ ඒත් දීපු extreme trauma නිසා dark personality traits ගොඩක් ලැබුනා, gift එකක් වගේ තමයි
    Godak ayata meka wela thiyenawa machan, including me.
    ------ Post added on Dec 16, 2024 at 12:19 AM

    Eelanga paramparawata negative dewal yanna nodi issarahata move wena eka thamai hondama de. Cycle eka end karannama wenawa.
    ------ Post added on Dec 16, 2024 at 12:22 AM
     

    rgamsp

    Well-known member
  • Jun 24, 2008
    1,625
    616
    113
    Colombo, Sri lanka
    Depala mukuth na innakan kanna dunna hodata mage ate sate natiwa wedding ekak kara e denna patta ban api mahalokuwata teyana + tibba minissu neme eth eka podi kale danenna dunne na koi welewath math kisi deyak balaporottu une na so no regrets judt thankful
     
    • Like
    Reactions: Yin And Yang

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,101
    113
    Goda giya, no regrets. Dan inna thana inne parents la hinda. Godakma amma thama.
    Same bn ❤️

    මට නන් උගන්නපු එකම ඇති. එකත් තිබ්බේ නැත්තං ජීවත් කරවපු එක. අතපය නොකැඩෙන්න බලාගත්ත එක ඔය මොකක් හරි පොඩි හේතුවක් ඇති ඒ දෙන්නට ගරු කරන්න. No complains කාටවත් සාපේක්ෂව මනින්න යන්නෙත් නෑ. මට කරන්න පුළුවන් උපරිමයෙන් කරලා තියෙන්නේ.

    මම දැකපු දෙයක් තමා අලුත් generation එක ඉන්නේ මාව හැදුවා නන් මට සැප දීපන් කියන මයින්ඩ් එකේ. අපේ generation වල උන් ආ එච්චරද දෙන්න පුළුවන් එහෙනන් ඉතුරු ටික මම කරගන්නත් කියල ඉස්සරහට ගියා.
    ඕකනම් වැරදියි මචං. මොකද මොලයක් තියන මිනිස්සු නම් ලමයෙක් හදන්න කලින් ප්ලෑන් කරන්න ඕන හරියට. ලමයි ඇප්ලිකේශන් දාලා එන්නෙ නෑනෙ? ලමයෙක්ව මේ ලෝකෙට ගේන්න තීරණය කරනවනම් ඒකට සුදුසුකම් තියෙන්න ඕන. දැන් ලංකාවෙ තත්වෙ එක්ක නම් අනිවා තමන්ටම අයිතිය තියන ගෙයක්, අඩුම ඇල්ටො වගේ කාර් එකක්, අවම ලක්ෂ එක හමාරකවත් මාසික ආදායමක් නැති පවුල් ලමයි හදන්න සුදුසු උන් නෙවෙයි. හදන එකා දෙන්න පුලුවන් උපරිම සැප දීලා හදන්න බලාගෙන තමා ප්ලෑන් කරන්න ඕන. ඒක අනිවාරෙන්ම දෙමව්පියන්ගෙ වගකීම. කන්න ටික දුන්නා කියලා, අතපය නොකඩා හැදුවා කියලා, රජයෙ ඉස්කෝලෙට ගිහින් දාලා පොත්පත් ටික අරන් දුන්නා කියලා විතරක් හරිම දෙමව්පියො කියලා ලමයින්ගෙ ආදරේ ගෞරවේ ලබන්න දෙමව්පියො සුදුසු වෙන්නෙ නෑ.

    එහෙම තමන්ට ලමයෙක් හදන්න අවශ්‍ය ආර්ථික, සමාජීය හැකියාව හොදට තියන කපල් එකක් හොදට ප්ලෑන් කරලා ලමයෙක් හදලා පොඩි කාලෙ ඉදන් ඌට ඔක්කොම සැප දීලා, ඉන්ටර්නැෂනල් ස්කුල්/ ලංකාවෙ ජනප්‍රියම පාසල් 25න් එකකට වගේ දාලා English මීඩියම් උගන්වලා, ලමයට ඉගෙනගන්නම දුවවන්නෙ නැතුව හොදට ස්පෝර්ට්ස් එහෙම කරන්න තරුණ ජීවිතේ විදින්නත් සපෝට් කරලා, ඒලෙවල් ඉවර උනාම ගවර්මන්ට් කැම්පස් එකක ලමයා කැමති ඩිග්‍රී එකකට සිලෙක්ට් වෙලා නැත්තං කෙලින්ම හොද ප්‍රයිවට් කැම්පස් එකකට දාලා අවුරුදු 23/24 වෙද්දි ඩිග්‍රී එකත් තමන් කැමති පැත්තෙන් කරවලා දීලා, ලමයට ගෙවල්/ ඉඩම් වගේ දේපල ටිකකුත් ඉතුරු කරලා දෙන දෙමව්පියො දෙන්නෙක්ගෙ ලමයෙකුයි

    ඔහේ වැලේ වැල් නැතුව පොඩි ජොබ් කරලා අමාරුවෙන් රෝල ගහන් යන, හරිහමන් ඉන්න හිටින්නවත් තැනක් නැති ඩබලක් කිසිම ප්ලෑන් එකක් නැතුව ලමයෙක් හදලා, ඔහේ ලගම රජයෙ ඉස්කෝලෙට දාලා යන්තන් 4 වසරට ආව ගමන් තෝ කොහොම හරි ශිෂ්‍යත්වෙ පාස් වෙලා හොද ඉස්කෝලෙකට පලයන්. නැත්තං තෝ ඉවරයි කියලා පොඩි එකාට ප්‍රෙශර් කරලා ක්ලාස් 3කට විතර යවලා මරවලා ශිෂ්‍යත්වෙ කරවලා, කොහොමහරි ඌ මීටරයක් වෙලා ටවුන් එකේ සාමාන්‍ය ඉස්කෝලෙකට හරි සිලෙක්ට් උනොත් ඒකට යවලා, ඒකෙත් දුප්පත්කම් අගහිගකම් හින්දා සෑහෙන දුක්, අපහසුතා විදලා කොහොමහරි ඕලෙවල් හොදට කරගනින් කියලා ප්‍රෙශර් කරලා ක්‍රීඩාවක්වත් කරන්න දෙන්නෙ නැතුව පොතටම කොටුකරලා අන්තිමට ඒලෙවල් කරන්න ගියාම අපිටනම් සල්ලි නෑ උබට වෙන මොනවත් කරලා දෙන්න කොහොමහරි ඒලෙවල් කරගෙන කැම්පස් පලයන් නැත්තං තෝ ඉවරයි කියලා ප්‍රෙශර් කරලා ඌට තරුණ ජීවිතයක් නැති කරලා, ආසාවට හොදම නව යොවුන් කාලෙ ලස්සනටම ආදරේ දැනෙන කාලෙ කෙල්ලෙක් දිහාවත් බලන්න නැති කරලා, යන්තන් උක ඉරාගෙන පාඩම් කරලා ඌ මීටරයක් නිසා ගවර්මන්ට් කැම්පස් එකක ඉන්ජිනියරිංම හරි යන කොල්ලෙක්ගෙයි ජීවිත දෙල ගැන හිතපන්කො උන්ට අවුරුදු 25 උනාම.

    උඩම කිව්ව කොල්ලා පුංචි කාලෙ ඉදන් හැම සැප සම්පතක්ම විදලා ජීවිතෙත් විදලා ලොකු මහන්සියක් නොවී ඌට හැමදේම ලැබිලා English හොදටම හැදිලා effortless, හොද ඉස්කෝලෙකට ගිය නිසා හොද තැන්වල යාලුවො කන්ටැක්ස් ඉබේම හැදිලා, 23 වෙද්දි ඩිග්‍රී එක කම්ප්ලීට් නිසා 25 වෙද්දි ජොබ් එකෙත් හොද තැනක. ඉඩමක්/ ගෙයක් දෙමව්පියන්ගෙන් ලැබෙන නිසා ඌට හෙමීට වාහනයක් අරගෙන (මේකෙත් ගානෙන් 1/3ක් වත් දෙමව්පියො දෙයි) 27න් විතර ලස්සන කෙල්ලෙකුත් බැදලා ආතල් එකේ ඉන්න පුලුවන්. වෙඩින් එකෙත් වියදමින් 3/4ක් වත් දෙමවිපියො දායි.

    එතකොට අනිත් කොල්ලා ගැන ගත්තොත් ඌ කොච්චර මහන්සිවෙලා අයිලන්ඩ් රෑන්ක් එකක් දාලා ඉන්ජිනියරිං ගියත්, අමුම කට්ටක් කාලා ෆර්ස්ට් ක්ලාස් එකක් ගත්තත් ඉන්න හිටින්නවත් තැනක් හරියට හදාගන්නෙ නැතුව තව නංගිලා මල්ලිලත් 3ක් විතර හදලා තියන මහ උන් දෙන්නා එක්ක පවුලමත් ඇදගෙන හැම දේම කිසිම සපෝට් එකක් නැතුව තනියම කරගෙන අර උඩ කිව්ව කොල්ලා ගානට එනකොට අවම ඌට වයස 35 වත් වෙනවා. ඒත් ඌ පට්ට වැඩ්ඩෙක්නම්. (ටියුෂන් කරලා බිස්නස් කරලා නම් පොඩි වයසෙන්ම කෝටිපතියො වෙන උන් නම් ඉන්නවා 1/10000ක් විතර උන් ලක් එකත් සෙට් වෙන උන්ව පැත්තක තියමුකො. මේ කතාකරන්නෙ සාමන්‍යෙ ජොබ් කරලා ගොඩ යන එකෙක් ගැන නිසා) උගෙ ජීවිතේම කට්ටක් පොඩ්කාලෙ ඉදන්, හරියට ස්පෝට් එකක් කරලා නෑ, ජීවිතේ විදලා නෑ, ස්ට්‍රෙස් ප්‍රෙශර් කටු විතරයි කාලා තියෙන්නෙ 25ත් පනිනකම්ම. කොච්චර වැඩ්ඩෙක් උනත් English නිසා හැලෙනවා. English ගොඩ දාගන්න අමුම ගේමක් දීලා කට්ටක් කන්න ඕන. හරිහමන් කන්ටැක් එකක් නෑ වැඩක් කරගන්න. අඩුම රටවත් යන්න බෑ ගොඩක් වෙලාවට පවුලෙ අය නිසා.

    ඔය කේස් දෙක කම්පෙයා කරලා බලපන්කො
    ------ Post added on Dec 16, 2024 at 2:10 AM
     

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,927
    2,477
    113
    Austria
    තමන්ම ගෙමක් ගහපල්ලා,,දාර්මිශ්ටක,,නැත්තම් රෙද්දෙ පල්ලෙන් යන්නෙ,,,,අත්දැකීමෙන් කියන්නෙ,,,,කර්මය කියන එක එනවා,,,දෙමව්පියන් කොහොමද හම්බ කලෙ එවා දරුවන් ගෙ කරින් යයනවා
    ඒක නම් විශ්වාස කරන් නෑ..තාත්තා කුඩු විකුනපු සල්ලි වලින් දුව පිටරට කැම්පස් යවල ඩොකෙක් කරා..ඔය ඉන්නේ යස අගේට..කුඩු වික්ක එකා නම් කැන්ස එකක් හැදිල අඩු වයසින් මලා
     
    • Wow
    Reactions: Yin And Yang

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    මමත් හැදුනේ සම්ප්‍රදායික පරිසරයක. දෙමාපියෝන්ට අකීකරු වෙන්නේ නැතිව ජීවිතේ ගොඩගත්තා. ඒ ගොල්ලොන්ට ගොඩක් පින්.
    එත් දෙමව්පියන්ගේ සමහර තීරණ වලින් ජීවිතේ කෙල උන. එකෙන් ඉගෙන ගත්ත පාඩම තමයි අපි වැඩිහිටි වෙලා, තීරණ ගන්නකොට කල්පනා කරලා තමුන්ම තීරණ ගන්න. දෙමව්පියන් විරුද්ද උනත් සමහර වෙලාවට, අපිට හරි කියන තීරණේ ඉන්න.