දෙමුහුන් වාහන ගැන කෙටියෙන්

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,960
    11,695
    113
    දෙමුහුන් වාහන ගැන කෙටියෙන්

    දෙමුහුන් වාහන කියන්නේ මොනවාද?

    මෙම වාහන වලට බලය සපයා ගැනීමේ මුලංශ්‍ර ලෙස අභ්‍යන්තර දහන එන්ජිමක් (mechanical energy)සහ විදුලි මෝටරයක් මගින් අරෝපන ක්‍රියවලිය සිදුකරනු ලබන නැවත ‍ආරෝපනය කල හැකි කෝෂ පද්දතියක් (electrical energy) යන උපාංග දෙකේම සුසංයෝගයක් තමයි තිබෙන්නේ. ඊට අමතරව මෙම වාහන වල ප්‍රධාන කොටස් ලෙස දැක්වෙන්නේ:
    Power split device - සරලව දක්වනවා නම් මෙමගින් තමයි එන්ජිමෙන්ද එසේත් නැතහොත් කෝෂ පද්දතියෙන් බලය ලබා ගන්න බව තීරණය කරන පද්දතිය.
    Regenerative Braking system (ප්‍රතිආරෝපක තිරිංග පද්දතිය) - මෙම පද්දතිය මගින් වාහනයේ තිරිංග යෙදවීමේදී අපතේ යන තාප ශක්තිය විදුලි මෝටරයකට ලබාදී එය ජෙනරේටරයක් ලෙස ක්‍රියාකර එම බලයෙන් කෝෂ ආරෝපනය කර ගනු ලැබේ.
    Inverter (අපවර්ථකය) - මෙයින් බැටරියේ DC power, මෝටරය සදහා අවශ්‍ය AC power බවට පරිවර්ථනය කරයි.


    http://2.bp.blogspot.com/-0KR-cJzVLjY/Tcg0oq-QT-I/AAAAAAAAB3o/niZs7yyl3Sg/s1600/hybrid-car.jpg

    http://4.bp.blogspot.com/-wbTfheucrM8/Tcg0o49GLaI/AAAAAAAAB3s/vgS0Ux7U97A/s1600/hybrid-car-hyper.jpg

    දෙමුහුන් වාහනත් ප්‍රධාන වශයෙන් තුන් ආකාරයකට වර්ග කර තිබේ.

    ඉන් පළමුවැන්න Mild Hybrid ආකාරයයි. මෙම Mild ආකාරයේ දෙමුහුන් වාහන වල විදුලි මෝටරයෙන් සිදුකරන්නේ අභ්‍යන්තර දහන එන්ජිමට සහය වීමයි. මෙහිදී ප්‍රධාන කාර්යය සිදුකරන‍්නේ අභ්‍යන්තර දහන එන්ජිම වන අතර අතිරේඛ බලය අවශ්‍යවූ විට විදුලි මෝටරයෙන් ශක්තිය ලබාදෙන අතර එයට තනිව පමණක් ක්‍රියාකර වාහනය ධාවනය කල නොහැක.


    http://3.bp.blogspot.com/-gtw_6OQPpj0/Tcg0qEgaiuI/AAAAAAAAB34/15KUTx3h_Kg/s1600/Mild_Hybrid.jpg
    Mild Hybrid

    දෙවැන්න Full Hybrid ආකාරයයි. මෙහිදී විදුලි මෝටරය, අභ්‍යන්තර දහන එන්ජිම හා බැටරි පද්දතිය එක්ව හෝ තනි තනිව ඒ ඒ අවස්ථාව මත ක්‍රියාකිරීමේ හැකියාව ඇති අතර අඩු වේගය පවත්නා අවස්ථාවලදී විදුලි මෝටරයෙන් පමණක් තනිව ධාවනය කිරීමේ හැකියාව ඇත. අතිරේඛ බලය අවශ්‍ය වූ විට එන්ජිමද ක්‍රියාකාරීවී වාහනය ධාවනය වීම සිදුවේ.


    http://1.bp.blogspot.com/-g-1DuP1svmM/Tcg1YBtT6FI/AAAAAAAAB4Q/BS3yfg28-Rs/s1600/fullmild.jpg

    තෙවැන්න Plug-in Hybrid මාදිලියයි. මේවා PHEVs නැතහොත් Plug-in Hybrid Electric Vehicles ලෙසද හැදින්වේ. මේවායේ සැකැස්ම නම් සාමාන්‍ය දෙමුහුන් වාහනවලට අධි ධාරිතා‍වයකින් යුතු කෝෂ ‍යෙදීමෙන් මේවා නිපදවා ඇති අතර මෙම කෝශ අපගේ නිවසේ විදුලිය භාවිතා කර නැවත ආරෝපණය කල හැක. එසේම සාමාන්‍යයෙන් දෙමුහුන් වාහනවල කෝෂ ආරෝපණය කරන පහසුකමද මේවායේ අන්තර්ගතය. එසේම මේ කෝෂවල ආරෝපණය ප්‍රමාණවත් නොවුවහොත් සාමාන්‍ය අභ්‍යන්තර දහන එන්ජිමේ බලය ලබා ගැනීමේ හැකියාවද ඇත.එසේම මේවායේ භාවිතා කරන අධි ධාරිතාවයකින් යුතු කෝෂ නිසා සාමාන්‍ය දෙමුහුන් වාහන කෝෂය ආරෝපණයෙන් ගමන් කරන දුරට වඩා වැඩි ප්‍රමාණයක් ගමන් කිරීමේ හැකියාවද ඇත.


    http://3.bp.blogspot.com/-Oj01-vjgeUY/Tcg0veNO8JI/AAAAAAAAB4I/wUu2W980ORk/s1600/plug-hybrid.png

    එහෙත් ඇතැම් මූලාශ්‍රවල මෙම වර්ගීකරණයන්ට අමතරව තවත් ආකාරයේ දෙමුහුන් වාහන ක්‍රම ගැනත් වර්ගීකරණයන් ඇත.

    මේ ඒවායෙන්ද කිහිපයක් වන අතර ඉන් එකක් වන්නේ ‍Series Hybrid ක්‍රමයයි. මෙහිදී අභ්‍යන්තර දහන් එන්ජිම ඍජුවම වාහනය ධානයට සම්බන්ධ නොවන අතර එය භාවිතා වන්නේ විදුලිය උත්පාදනයටයි. මෙම එන්ජිම යෝග්‍ය එසේත් නැතහොත් ප්‍රශස්ථ ධාරිතාවයෙන් ක්‍රියාත්මක වන අතර එය කෝෂ නැවත උපරිම මට්ටමට ආරෝපණය වන තුරු ක්‍රියාකරයි. වාහනය මුළුමනින්ම ධාවනය වන්නේ එසේ ආරෝපිත කෝෂවල ශක්තියෙනි. කෝෂ නැවත විසර්ජනය වීම ආසන්න වන විට එන්ජිම නැවත පන ගැන්වේ. REEV (range-extended electric vehicles) ලෙස හැදින්වෙන්නේද මෙම series hybrid ක්‍රමයේ වාහන වලටම වේ. එසේම දෙමුහුන් නොවන විදුලි මෝටර් රථ වලද ඛණිජ තෙල් භාවිතා කරන එන්ජිම යොදා ගන්නේ අභ්‍යන්තර කෝෂ ආරෝපකයක් ලෙසයි.


    http://4.bp.blogspot.com/-f_ae5ljwIsg/Tcg0iWsiMfI/AAAAAAAAB3U/bZUBk54hl4k/s400/800px-Hybridpeak.png

    අනෙක් වර්ගය තමයි Parallel hybrid කියන මාදිලිය මෙහිදී තනි විදුලි මෝටරයක් හා අභ්‍යන්තර දහන එන්ජිම (internal combustion engine - ICE) ‍යන බල සැපයුම් ක්‍රම දෙක වෙන වෙනම හෝ දෙකම එක්ව බලය ලබාදේ.


    http://3.bp.blogspot.com/-SpO0B810fzA/Tcg0tKP0UzI/AAAAAAAAB4A/O0TmoYbDJCk/s320/parallel-hybrid.png

    http://3.bp.blogspot.com/--rAxL4Ci4Fc/Tcg2U7vsuEI/AAAAAAAAB4U/xOfYJPQVPeU/s1600/series-parallel1.jpg

    මෙයට අමතරව මෙම ක්‍රම දෙකම සුසංයෝගයෙන් යොදාගන්නා Combined Hybrid වාහන ගැනත් සදහන් වන අතර Power-split හෝ series-parallel hybrid ලෙසද මෙය හැදින්වේ. මෙම ක්‍රමයේදී Series Hybrid ක්‍රමය අඩු වේග වලදී යොදා ගන්නා අතර Parallel hybrid ක්‍රමය වැඩි වේගවලදී යොදා ගනි.



    http://3.bp.blogspot.com/-XbW6nDSE6-Y/Tcg0pLdYoiI/AAAAAAAAB30/q5KHOfe--Gc/s400/Hybridcombined.png

    තවත් දෙමුහුන් ආකාරයක් micro hybrid ක්‍රමයයි. මෙය start-stop technology නැත්නම් stop-start system ලෙසද හදුන්වන අතර මෙහිදී වාහන තදබදයක් වැනි අවස්ථාවක වාහනයේ එන්ජිම ස්වයංක්‍රීයව ක්‍රියාවිරහිතවේ. මෙනිසා 10% ක් හෝ ඊටත් වැඩියෙන් ඉන්ධන වැයවීම ඉතිරියක් වන අතර 20% කින් පමන පරිසරයට කාබන්ඩයොක්සයිඩ් මුදාහැරීමද වලකින බව පැවසේ.


    http://4.bp.blogspot.com/-RocAEHbCK...AAB3Q/eY9UNaGJ0zQ/s640/800px-Hybrid_modes.gif

    ඇයි අපිට දෙමුහන් එහෙමත් නැත්නම් ව්‍යවහරයේදී කියන Hybrid වාහන වලට යොමු‍වෙන්න සිදුවෙන්නේ?

    ඒකට හේතුව තමයි ඉදිරියේදී පොසිල ඉන්ධන ලෝකයෙන් තුරන් වීම ව‍ගේම දිනෙන් දින අධික ලෙස ඉහල යන ඛණිජ තෙල් මිල මෙන්ම එම ඉන්ධන දහනයේදී සිදුවන අධික පරිසර දූශණය වගේම පොසිල ඉන්ධන දහනය නිසා නිකුත් කරන හරිතාගාර අචරණයට හේතුවන වායු නිසා ‍ගෝලීය උශනත්වය ඉහල යාම වගේ අහිතකර ප්‍රතිඵල හමුවේ මෙවැනි විකල්පයක් කරා මුළු ලෝකයටම පූර්ණවම ඉක්මනින් යොමුවීමට සිදුවීමත් වලක්වන්න නොහැකි දෙයක් කියල පවසන්න සිදුවෙනවා.


    දෙමුහුන් වාහන වල වාසි මොනවාද?

    මෙම වාහන වල ප්‍රධානම වාසිය විදියට ඕනෑම අවස්ථාවක කියවෙන්නේ මෙහි ඇති ඉන්ධන පිරිමැස්මයි (Fuel economy). ඕනෑම වාහනයක ඉන්ධන පිරිමැස්ම තීරණය වෙන්නෙ රියදුරාගේ වාහන පැදවීමේ විලාශය මත කියන එක ප්‍රකට කාරණයක්. ඒ අනුව සැලකීමේදී සාමාන්‍ය ඉන්ධන වන පෙට්රල් හෝ ඩීසල් භාවිතාවන වාහනයකට වඩා මෙම දෙමුහුන් වාහන වල 30% සිට ඉහල අගයකට ඉන්ධන පිරිමසා ගන්න හැකි බව පැවසෙනවා. මේ එක්කම තවත් වාසියක් අත්වන බව රහසක් නොවේ. ඒ තමයි මුදල් ඉතිරියකුත් සිදුවීම (Fuel Cost Savings).

    ඒවගේම එන්ජිමෙන් වගේම විදුලි මෝටරයෙනුත් යන ක්‍රම‍ දෙකෙන්ම වාහනයට ජවය සපයන නිසා සාමාන්‍යයෙන් වාහනයකට භාවිතා කරන එන්ජිමට වඩා කුඩා එන්ජිමක් භාවිතා කිරීමේ හැකියාවත් මෙම වාහන වලට තිබෙන අතර එයින් වාහනයේ එන්ජිමයට යන අමතර ඉඩ ප්‍රමාණය තව අඩු වනවා සේම එන්ජිමේ බර අඩුවීම හේතුවෙන් වාහනය බර අඩුවීමත් එමනිසා ඉන්ධන දහනය අඩු වීමත් විශේෂයි.කල් පැවැත්ම (Durability) කියන ගුණාංගයත් මෙම වාහන වල තිබෙන වාසියක් තමයි. ඒක සිදුවෙන්න හේතුව තමයි මෙම වාහන වල අභ්‍යන්තර ඉන්ධන එන්ජිම වාහනය ධාවනය නොවී පවතින අවස්ථාවල ස්ව්‍යංක්‍රීයවම ක්‍රියාවිරහිතවීම.

    මේ කාරණය නිසා ඉන්ධන ඉතිරියක් සිදුවෙනවා පමණක් නොවෙයි, එන්ජිම භාවිතයත් අඩුවීම සිදුවෙනවා. එය එන්ජිමේ කල්පැවැත්මට හොදයි වගේම මෙම වාහන වල තියෙන ප්‍රතිජනක තිරංග පද්දතිය මගින් වාහනය තිරිංග භාවිතයේදී අපතේ යන ශක්තිය නැවත ග්‍රහණය කරගැනීමත් සිදුකර ගැනීම තුලින් තිරිංගවල කල්පැවැත්මත් තවදුරටත් තහවුරු කරල තියෙනවා. ඒ වගේම වාහනයට තිරිංග යොදල වේගය අඩුකිරීමේදී ඇතිවන හා එහිදී අපතේ යන තාප ශක්තිය මෙම ප්‍රතිජනක තිරංග පද්දතියට සවි කරල තියෙන විදුලි මෝටරයකට යෙදවීම මගින් එම මෝටරය ජෙනරේටරයක් ලෙස ක්‍රියාකරල ඒ ශක්තිය මෙම වාහනයේ කෝශ ආරෝපණයට යොදා ගැනීමත් විශාල වාසියක්.



    http://3.bp.blogspot.com/-9wp5le4ea.../BKSARMgUKO8/s1600/hybrid_car_416+%281%29.gif

    මුලින් සදහන් කල විදියට දැන් භාවිතා කරන ඉන්ධන දහනය කරන වාහන වලින් පරිසරයට කරන බලපෑම (Environmental impact) නම් සුළුවට හිතන්න පුළුවන් දෙයක් නොවේ. මෙම පොසිල ඉන්ධන දහනයේදී නිකුත් කරන Hydrocarbons, nitrogen oxides, carbon monoxide වගේම ඊයම් හේතුවෙන් පරිසර දූශනයත් එමගින් ඇතිවන විවිද ශ්වසන ආබාධ වගේම තව නොයෙකුත් රෝග රැසක් සැදීමට හේතුකාරක වනවා සේම ඒ වායු නිසා සිදුවන ගෝලීය උශ්නත්වය ඉහල යාමෙන් පෘතුවි ධ්‍රැව ‍ප්‍රදේශ වල අයිස් දියවීමෙන් සාගර ජල මට්ටම ඉහල යාම නිසා පහත් බිම් ප්‍රදේශ සමුද්‍ර ජලයෙන් යටවීම වැනි අතිශයින් බැරෑරුම් ගැටළුවටලත් හොද විසදුමක් තමයි මෙම දෙමුහුන් වාහන. ඒ එක්කම එම වාහන වලින් පිටවන දුම් ප්‍රමාණය අඩුවීම වගේම වාහනය ධාවනය නොවන අවස්ථාවල එන්ජිමෙන් නිකුත් වන ශබ්දය අඩුවීම නිසා ශබ්ද දූශනයද යම්තාක් දුරකට අඩුවීම තවත් වාසියක්. ඒ වගේම ඉන්ධන භාවිතය අඩුකම නිසා පිරිසිදුකමත් මෙම වාහනවලින් දැක ගන්න හැකියාව වැඩියි.(Hybrids are very efficient, quieter, cleaner and based on a mature technology.)

    ඒ වගේම තව දෙයක් තමයි මෙවැනි දෙමුහුන් වාහන නිෂ්පාදනයේදී ඒවායේ කාර්යයක්‍ෂමතාව වැඩි කරන්න වගේම ඒවා නෙත් ආකර්ශනය වන හැඩයකිනුත් (Sophisticated design) නිපදවන්න නිෂ්පාදකයන් පෙලඹීලා ඇති බවත් පැවසිය යුතුයි. එතනදී කාර්යක්‍ෂමතාව වැඩි කරන්න‍ aerodynamics නැතහොත් වායුගති විද්‍යාවට අදාලව වාහනයේ ආකෘතිය තනන්න නිෂ්පාදකයන් යුහුසුළු වීම නිසා එතනදී වාහනය ධානයේදී වාතයෙන් එන ප්‍රතිරෝදය අවම කිරීමත් ඉන්ධන පිරිමැස්මට බලපාන බව සැලකිය යුතුයි. මෙය දෙමුහුන් වාහනවලටම විශේෂිත වූ වාසියක් නොවේ. ඒ කියන්නේ වෙනත් වාහන තැනීමෙදිත් මෙය දැන් සලකල තියෙනවා. ඒත් දෙමුහුන් වාහන වලදී මෙය ඕනෑකමකින් අවධානය යොමුකරල තියෙන බවත් අමතක කල යුතු නැහැ.


    http://3.bp.blogspot.com/-TL4oEpewMRk/Tcg3eFzD_oI/AAAAAAAAB4Y/rFeZiaU__2g/s400/aerodynamic.jpg

    http://2.bp.blogspot.com/-zJl0yMsFZ...B4E/gWSbvB6uojE/s1600/Toyota+Hybrif+prius.jpg

    තව දෙයක් තමයි දෙමුහුන් වාහන වල කාර්යකමතාව වැඩි කරගන්න භාවිතා කරන low-rolling resistance tires ගැනත් සදහන් කල යුතුයි. මෙම ටයර් මගින් සුමට හා ඝෝශාවන් රහිත ධාවනයක් වගේම විවිද කාලගුණ තත්ව යට‍තේ ආරක්‍ෂිතව ධානයට අවශ්‍ය ප්‍රතිපාදන සපයා තිබේ.


    http://3.bp.blogspot.com/-QpPnlZJ5G4A/Tcg39LqzqGI/AAAAAAAAB4c/c2oWJeH9fmo/s1600/Fuel+Max+Diagram.jpg

    තව දෙයක් තමයි වාහනය සෑදීමට ගන්න අමුද්‍රව්‍යයත් සැහැල්ලු ඒවා ගන්න නිරන්තරයෙන්ම අවධානය යොමුකරල තිබීමත්.මේනිසා වාහනය ධාවනයට අවශ්‍ය බලය අඩුවීම හා එයින් ඉන්ධන පිරිමැස්මත් සිදුවෙනවා. මෙනිසා මෙම වාහන හදන්න සංයුක්ත සංයෝග වන carbon fiber හෝ අඩුබර ලෝහ වන aluminum සහ magnesium යොදා ගෙන තිබේ.



    http://2.bp.blogspot.com/-METFaD5A4...-h85BA/s320/weds-sport-carbon-fiber-wheel.jpg

    දෙමුහුන් වාහන වල අවාසි


    අපේ රටේදී මූලිකවම මතකයට නැගෙන්නේ මෙවැනි වාහන වල බැටරිය සම්බන්ධ ගැටළුවයි. එනම් බැටරියේ මිල පිළිබදවයි. සාමාන්‍යයෙන් වසර 3 කට පමණ පසු නව බැටරියක් හෙවත් කෝෂ සවිකිරීමට සිදුවෙතැයි පැවසෙන අතර අඩුම තරමෙන් ලංකාවේ මුදලින් ලක්‍ෂ දෙකකට වඩා වැඩිවීම දැඩි ගැටළුවක් බව පෙනේ. කෙසේ වෙතත් මෙය එකවර වැඩි මිලක් ලෙස පෙනුනත් ඉන්ධන පරිභෝජනයට වැයවන මුදල අඩුනිසා බැටරිය එවැනි මිලකට වුවත් ලාභ දායක බව මෙම වාහන පිළිබද විශේෂ්‍යඥයන්ගේ මතයයි.

    තව ගැටළුවක් වන්නේ මෙම වාහන වල මිලයි. එනිසා මෙම දෙමුහුන් වාහන බොහෝමයක් තවමත් භාවිතා කරන්නේ දියුණු සංවර්ධිත රටවල වන අතර අතලොස්සක් අඩු සංවර්ධිත රටවල භාවිතා වේ. එයට එක් හේතුවක් වන්නේ මේවායේ අමතර කොටස් වල මිල වැඩිකම, මෙන්ම වාහන තැනීමට ගන්නා අමුද්‍රව්‍ය මිලද අධිකවීමයි. එසේම සමහර දුර්ලභ ඛනිජ වර්ග මෙම වාහන වල කොටස් වල කාර්යක්‍ෂමතාව හා ගුණාත්මකබව වර්ධනයට යොදා ගැනීමද මිල අධික වීමට හේතුවකි. උදාහරණයක් ලෙස මේවායේ මෝටර් පද්දතිවල කාන්දම් වල ශක්තිය වැඩි කිරීමට යොදා ගන්නා Neodymium ලෝහය පෘතුවියේ දුර්ලභ ලෝහයක් ලෙස සැලකේ.

    එසේම සාමාන්‍ය වාහනයකට වඩා වෙනස් නඩත්තු කිරීම් මෙවැනි වාහන වලට අවශ්‍ය අතර ඒ සදහා දැනුම සහිත කාර්මිකයන් හිඟවීමද තවත් ගැටළුවකි. උදාහරණයක් ලෙස මේවායේ විදුලි මෝටර් හා කෝශ අතර වින්‍යඥාසගත කිරීම් (configuration) සාමාන්‍ය වාහනයකට වඩා ව්‍යාකූල බව පැවසේ. එනිසා යම් හෙයකින් වාහනය දෝශයකට ලක්වී එම ප්‍රදේශයේ මේ පිළිබද නිපුනත්වය ලත් කාර්මික ශිල්පියෙක් නොසිටියහොත් ඔබට අපහසුතාවයට ලක්වීම වලක්වන්නට නොහැකි කරුණකි.

    එසේම මෙවැනි වාහන වල අධිවොල්ටීයතාවයක් භාවිතා වන නිසා යම් හෙයකින් වාහනය අනතුරකට ලක්වී එම අධිවෝල්ටීයතාව ඇති කොටස් නිරාවරණයවුවහොත් අනතුරු සිදුවීමටද ඉඩඇත.

    තවත් චෝදනාවක් වන්නේ hybrid වාහනවලට සාමාන්‍ය වාහන වලට තරම් ඉක්මනින් accelerate කර ගැනීමට නොහැකියි යන ගැටළුවයි.

    බහුලවම මෙම වාහන වලට යොදාගන්‍නා බැටරි වන්නේ nickel metal hydride සහ lithium ion කෝෂයි. මේවා භාවිතාකර කල් පැන ඉවත් කල පසු නිසි ආකාරයෙන් ප්‍රතිචක්‍රීකරණය නොකල හොත් මේවායේ රසායණික පරිසරය සමග මුසුවී එයින් දැඩි අහිතකර ප්‍රතිඵල අත්වීමද බරපතලම ගැටළුවක් ලෙස සැලකේ.

    එසේම ලිපිය අවසානයට පැමිනෙන මොහොතේ තවත් ගැටළුවක් සමහරවිට ඔබට ඇතිවන්නට ඇති. ඒ තමයි දැන් අප ‍රටේත් ප්‍රචලිත වෙමින් පවතින විදුලි වාහන හා සැසදීමේදී මොනවගේ වාසි අවාසි ඇත්ද යන්නයි.

    ඒ ගැනත් කෙටියෙන් දක්වන්නේ නම්;
    විදුලි වාහන පූර්ණ වශයෙන්ම ආරෝපිත කෝශ මත යැපෙන නිසා එයින් කිසිදු දුමක් ඇති නොවන නිසා ඒ ආකාරයෙන් පරිසර දූශනයක් සිදුනොවන අතර මේවායෙන් නිකුත්වන ශබ්දය අඩුවීමද ශබ්ද දූශනය වැලකීමට හේතුවකි. එසේම අඩු වේගයකදී වාහනය නිෂ්ශබ්දතාවයෙන්ම ධාවනය වන බවද පැවසේ.

    මෙම වාහන එකලස් කිරීමද පහසුබව පැවසෙන අතර එන්ජින් පද්දතිය සරල බවද සදහන් කරයි. එසේම මේවායේ එන්ජිමේ චලනය වන කොටස් හා අනෙකුත් කොටස්ද අඩු බව හා මේවායේ නඩත්තු කටයුතු අවම වීමද වාසියකි.

    එසේම ගෘහස්ත විදුලිය භාවිතයෙන් වුවද ඕනෑම ස්ථානයකදී කෝශ ආරෝපණය කර ගැනීමට හැකිවීමද වාසියකි.

    මේවායේ අවාසි ගැනද සදහන් කල යුතුය.
    දෙමුහුන් වාහන වල මෙන් මේවායේද බැටරි භාවිතයෙන් පසු නිසි පරිදි ප්‍රතිචක්‍රීකරණය කිරීම අත්‍යාවශ්‍ය වේ.

    අනෙක මේවායේ බැටරි ආරෝපණය කල පසු යා හැකි දුර සීමා සහිත දුරකි. එනම් දල වශයෙන් 160 Km පමණ වේ. ඒනිසා එම දුරට පසු බැටරි ආරෝපණය කර ගත හැකි ස්ථානයක් සොයාගැනීමටද සිහිතබා ගත යුතුවේ.

    බැටරි ආරෝපනයට ගතවන කාලය හා වැයවන මුදල වැඩිවීමද තව ගැටළුවකි. එනම් බැ‍ටරිය ආරෝපනයවීමට පැය 6 ක් හෝ 8 ක් යන අතර ක්‍ෂනිකව බැටරිය ආරෝපනය කරගෙන ඔබගේ ගමන යාමට සිතා සිටින්නේ නම් එය සිදුකල නොහැකි බව පැවසිය යුතුය. අනෙක් කරුණ නම් මෙවැනි කාලයක් ගෘහස්ථ විදුලි පද්දතියට වාහනය සම්බන්ධකර ඇති නිසා ඔබට ගෙවන්නට සිදුවන විදුලි බිලද වැඩිවීම නොවැලැක්විය හැකි කරුණකි.

    මෙවැනි වාහන වල ජවසම්පන්න බව අඩුවීම හා තවමත් මෙම තාක්‍ෂනයන් දියුණුවෙමින් පැවතීමද ගැටළුවකි.


    Hondainan rep deela anith ayatah balanna comment ekak daagena yanna.
     
    Last edited:

    kites

    Well-known member
  • Feb 18, 2010
    7,880
    1,679
    113
    patta mcho
    avatar496236_4.gif

    tfs mchn
    +