දෙයියොත් නෝන්ඩි වෙනවා අප්පා

pavanruka

Well-known member
  • Mar 17, 2015
    5,927
    3,288
    113
    Malabe

    ‘‘බෝන් එගේන්’’ (“Born again”) මූලධර්මවාදී ආගමට යටවුනු ශ්‍රී ලංකා ක්‍රිකට්​

    on: December 02, 2018In: Colombo Today Local News, extremism & terrorism activities, Top Stories
    Print Email



    • 721






    born-again.jpg
    වර්තමානයේදී ශ‍්‍රී ලංකාව තුළ මූලධර්මවාදී ආගම් ප‍්‍රචාරණ එන්න එන්නම වැඩිවී තිබේ. මුදල් සහ වෙනත් ලාභ ප‍්‍රයෝජන අරමුණු කර ගනිමින් සමහර පුද්ගලයෝ මෙවැනි මූලධර්මවාදී ආගම් ප‍්‍රචාරය කිරීම සඳහා ඉදිරිපත් වී සිටිති. ඉතා සූක්‍ෂම ලෙස මොවුහු එම කාර්යය සිදුකරති. මොවුන්ගේ ප‍්‍රධාන ඉලක්කය වී ඇත්තේ බෞද්ධ, ක‍්‍රිස්තියානි සහ හින්දු ආගම්වල භක්තිකයන්ය.​



    අහිංසක දුප්පත් මිනිසුන්ට උදව් උපකාර කරන අයුරින් පෙනී සිටින මෙම මූලධර්මවාදී ආගම් ප‍්‍රචාරය කරන්නන් ඉතා භයානක අය වෙති. ඔවුන් පළමුව එම අහිංසක පුද්ගලයන්ව ඉතා සූක්‍ෂම අයුරින් තම ආගම්වලට බඳවා ගනී. ඉන් පසු ඔවුන්ට ආගම්වාදීන්ගෙන් ගැලවුමක් නොමැත. හොඳින් හෝ නරකින් ජීවිත කාලය පුරාවටම කිසිම වැදගැම්මක් නැති එම මූලධර්මවාදී ආගම් ඇදහිය යුතුය.
    චැරිට් වැටික් යනු හඬක් නොමැතිව මූලධර්මවාදී ආගම් ප‍්‍රචාරය කරන්නන්ගේ සංවිධානයකි. ‘‘බෝන් අගෙයින්’’ (“Born again”) යනුවෙන් ඔවුන් තමන්ගේ මූලධර්මවාදී ආගම හඳුන්වති. ඔවුන් ප‍්‍රධාන වශයෙන් පවසන්නේ ඕනෑම රෝගයක් සුවකළ හැකි බවයි. එලෙස පවසමින් එම සංවිධානාත්මක කණ්ඩායම බෞද්ධ ක‍්‍රිස්තියානි සහ හින්දු ආගම් භක්තිකයන් එම මූලධර්මවාදී ආගමට බඳවා ගනිති.
    මෙම මූලධර්මවාදී ආගම පැතිරවීමේ අතීතය ගංගොඩවිල සෝම හිමි ඊට එරෙහිව හඬක් නැගූ යුගය දක්වා දිවයන්නකි. ඊටත් පෙර සිට ඉතා සූක්‍ෂ්ම අයුරින් මෙම දහම මෙරට ප‍්‍රචලිත කරමින් තිබිණි. කි‍්‍රස්තියානි දහමේදී හැඳින්වෙන නැවත ඉපැදීම යනු ආත්මික පුනර්ජීවනයකි. අලූත් ගිවිසුමෙහි ඒ ගැන මෙසේ සඳහන් වේ.
    ‘‘ජේසුන් වහන්සේ පිළිතුරු දෙමින්, සැබවින්ම මම ඔබට කියමි, ඔව්හු නැවත උපන්නෝ නොවීනම් කිසිවකුත් දෙවියන් වහන්සේගේ රාජ්‍ය නොදනිති.’’
    මෙම පද භාවිත කරමින් බොහෝ විට මෙම දහම පැතිරවීමෙහි යෙදී සිටින්නේ එවැන්ජලික පෙන්තකොස්ත සහ රෙපරමාදු මූලධර්මවාදීන්ය. බොහෝ විට වත්කමක් ඇති, ජනපි‍්‍රය උදවිය සිය දේවස්ථානවලට කැඳවා, සමාජයේ විවිධ පීඩනයට පත්වූ, අඟහිගකම් ඇති අය සමග එකට එක්වී කටයුතු කරන්නට සලස්වා ඊට ආශක්ත කිරීම ඔවුනගේ උපක‍්‍රමයයි.
    මෙම මූලධර්මවාදී ආගම් ප‍්‍රචාරක කල්ලිය අන් අයට වඩා ඉතා ප‍්‍රබල එකකි. දැනට වසර ගණනක සිට කිසිම වැදගැම්මකට නැති තම ආගම ඉතා සූක්‍ෂම අයුරින් මොවුන් මෙරට තුළ ව්‍යාප්ත කරයි. මෙම අන්තවාදී පිරිස් ප‍්‍රධාන වශයෙන් ඉලක්ක කරගන්නේ මෙරට ධනේෂ්වර පන්තියයි. දැනට ලැබී ඇති තොරතුරු අනුව මෙරට ප‍්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් රැසක් මෙම ආගම වැළඳගෙන තිබේ. දේශපාලනඥයන් සහ මෙරට ජනප‍්‍රිය චරිතද ඒ අතර සිටිති.
    ඔවුහු මෙරට ධනේෂ්වර පන්තිය සහ ප‍්‍රසිද්ධ චරිත තම අන්තවාදී ආගමට බඳවා ගන්නේ ඔවුන් හරහා ඉතා ඉක්මණින් එම ආගම රට පුරා ව්‍යාප්ත කිරීමටයි. මෙම ‘‘බෝන් අගෙයින්’’ (“Born again”) නමැති අන්තවාදී ආගමේ අලූත්ම බිල්ල බවට පත්වී තිබෙන්නේ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමයි.
    ඔහු ජාත්‍යන්තරයේ පවා ඉතා ඉහළින් තම නම රැන්දවූ කන්ද උඩරටින් බිහිවූ සුපිරි ක‍්‍රිකට් තරුවකි. දැනට ඔහු ක‍්‍රිකට් ක‍්‍රීඩාවෙන් විශ‍්‍රාම ගෙන සිටී. එම සුපිරි ක‍්‍රිකට් ක‍්‍රීඩකයාගේ එක් දරුවකුට රෝගයක් වැළඳුණි. ඒ සඳහා ලබාගත් වෛද්‍ය ප‍්‍රතිකාරවලින් ඔහු බලාපොරොත්තු වූ සුවය එක්වරම නොලැබුණි.
    එම සුපිරි ක‍්‍රිකට් ක‍්‍රීඩකයා යම්කිසි පුද්ගලයකු හරහා ‘‘බෝන් අගෙයින්’’ (“Born again”) නමැති මූලධර්මවාදී ආගමේ පූජකවරයෙක් හඳුනා ගනී. කලක් ඔවුන් ඉතා ළගින් ඇසුරු කළේය. ඉන් පසු එම පූජකවරයා ක‍්‍රමක් ක‍්‍රමයෙන් එම ක‍්‍රිකට් ක‍්‍රීඩාකයාව තම ආගම වෙත නැඹුරු කර ගත්තේය. අවසානයේ එම ක‍්‍රීඩකයාගේ දරුවාගේ රෝගයද පූජකවරයා තම ආගම හරහා සුවකර දුන්නේ යැයි ඔහු විශ්වාස කළේය.
    ආගම හරහා කිසිසේත් රෝග සුවකළ නොහැකිය. යම්කිසි රෝගී තත්ත්වයක් ඇත්නම් එය සුවකළ හැක්කේ වෛද්‍ය ප‍්‍රතිකාර වලින් පමණි. එසේ නැතිනම් නොපෙනෙන බලවේග වලට එවැනි රෝග සුවකළ නොහැකිය. එම ක‍්‍රිකට් ක‍්‍රීඩකයා කොතරම් බුද්ධිමත් වුවත් ඔහුගේ මනස එම පූජකයා විසින් ඉතා සූක්‍ෂම අයුරින් වෙනස් කර තිබුණි.
    එම නිසා කවුරු මොනව කීවත් එම ක‍්‍රිකට් ක‍්‍රීඩකයා තම දරුවා සුවපත් කළේ එම ආගමෙන් යැයි විශ්වාස කළේය. එයට තුටු පඬුරක් ලෙස එම පූජකවරයාට පල්ලියක් සාදා දීමටද ඔහු කටයුතු කළේය. එනම් ‘‘බෝන් අගෙයින්’’ (“Born again”) ආගමේ තත්ත්වය එහි පූජකවරු ඕනෑම පුද්ගලයෙක්ව ඉතා සූක්‍ෂම අයුරින් තමන්ගේ ආගමට හරවා ගනී. ඔවුන් එම ක‍්‍රිකට් ක‍්‍රීඩකයාගෙන් නැවතුනේ නැත. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම තුළද තම ආගම පැතිරවීමට උත්සාහ කළේය.
    ‘‘බෝන් අගෙයින්’’ (“Born again”) ආගමේ පූජකවරුන්ගේ සැලසුම සාර්ථක විය. ඔවුන් ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ගේ සිට පරිපාලන නිලධාරීන් දක්වා කිිහිප දෙනෙක්ම තම ආගම වෙත නතු කර ගත්තේය. ඒ හරහා ඔවුන් ඉතිරි ක‍්‍රීඩකයන්ව සහ නිලධාරීන්ව තම ආගම වෙත නැඹුරු කර ගැනීමේ ප‍්‍රබල උත්සාහයක යෙදී සිටිති.
    මෙම මූලධර්මවාදී ආගම් ප‍්‍රචාරය නිසා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම තවත් විශාල ගැටලූවකට මුහුණදී තිබේ. එම ආගමට නොබැඳෙන ක‍්‍රීඩකයන්ට සුදුසුකම් තිබුණත් තරගවලට සහභාගි විය නොහැකිය. එම නිසා සමහර ක‍්‍රීඩකයෝ අකමැත්තෙන් වුවද එම ආගම වැළඳ ගනිති. එලෙස නොවුණහොත් ඔවුන්ට සිදුවන්නේ නිවසට වී සිටීමටයි.
    ක‍්‍රිකට් කණ්ඩායම තුළ ඉහළ නිලතල දරන නිලධාරීන් කිහිප දෙනෙක්ගේ මෙම මූලධර්මවාදී ආගම් ප‍්‍රචාරය නිසා ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් සිටින්නේ මහත් පීඩනයකිනි. ඔවුන් කොතරම් දක්‍ෂතා දැක්වූවත් ඵලක් නොමැත. අනිවාර් යෙන්ම මූලධර්මවාදී ආගම වැළඳ ගත යුතුය. ඉහළ නිලධාරීන්ගේ තීරණය එයයි. දක්‍ෂතා ඇති සමහර ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ට දිනෙන් දිනම කැපිලි එන්නේ මෙම තත්ත්වය නිසා වන්නට පුළුවන.
    එම ආගම වැළඳ ගැනීමට අකැමැති දක්‍ෂතා සහ පළපුරුද්ද ඇති ක‍්‍රීඩකයන් කිහිප දෙනකු සිටින්නේ ඉතාමත් පීඩනයකිනි. එම ආගම වැළඳගත් ඉහළ නිලධාරීන්ගේ බලපෑම් මත ඔවුන් තරගවලට පවා මුහුණ දෙන්නේ නිරවුල් මනසකින් නොවෙයි. එම නිසා ඔවුන්ට තරගවලදී සුපුරුදු දක්‍ෂතා පවා දැක්වීමට නොහැකි වී තිබේ. මෙයින් ප‍්‍රයෝජන ගන්නා එම මූලධර්මවාදී ආගම වැළඳගත් ඉහළ නිලධාරීහු තරගයක දෙකක දක්‍ෂතා නොදැක්වුවහොත් එම ක‍්‍රීඩකයන්ව කණ්ඩායමෙන් එළියට ඇද දමති. එලෙස ඇද දමා එම ආගම වැළඳගත් දක්‍ෂතා අඩු ක‍්‍රීඩකයන්ට පවා කණ්ඩායමේ ස්ථානයක් ලබා දෙති. ඒ තරමටම ‘‘බෝන් අගෙයින්’’ (“Born again”) නමැති මූලධර්මවාදී ආගම ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමට බලපෑම් එල්ල කරයි.
    මෑතකදී පත්වූ ක‍්‍රිකට් නිල මඬුල්ලේ සමහර නිලධාරීන් ක‍්‍රියා කරන්නේද එම මූලධර්මවාදී ආගමට අනුව බව පැවසේ. මෙය ඉතාමත් ඛේදජනක තත්ත්වයකි. මෑතකදී ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ලෙස සිටි චරිත් සේනානායක එම ධුරයෙන් ඉල්ලා අස්වූයේද මෙම මූලධර්මවාදී ආගම වැළඳගත් නිලධාරීන්ගේ බලපෑම් නිසාය. ඔහු ප‍්‍රසිද්ධියේ පවසා සිටියේ තමන් මෙම මූලධර්මවාදී ආගම වැළඳ ගන්නවා නම් අදටත් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ලෙස කටයුතු කරන බවයි.
    මීට පෙර ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම තුළ මෙවැනි ප‍්‍රශ්න ඇති වුණේ නැත. තමන්ට කැමැති ආගමක් දහමක් අදහාගෙන නිදහසේ ක‍්‍රීඩා කිරීමේ අවස්ථාව ඔවුනට හිමිව තිබුණි. එහෙත් අද තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වී තිබේ. දක්‍ෂයාට නිසි තැන ලැබී නොමැත. ක‍්‍රීඩකයන් කොතරම් දක්‍ෂතා දැක්වුවත් වර්තමානයේදී තැනක් නොමැත. දැන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම තුළ ස්ථානයක් ලබා ගැනීමට නම් ‘‘බෝන් අගෙයින්’’ (“Born again”) නමැති මූලධර්මවාදී ආගම වැළඳ ගත යුතුය.
    අවුරුදු කිහිපයක සිට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට්වල බොහෝ දේ විනාශ වෙමින් පවතී. එකල ජාත්‍යන්තරයේ අංක එකට සිටි අපි දැන් අනෙක් පැත්තෙන් අංක එකේ කණ්ඩායම බවට පත්වී සිටිති. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් එවැනි තත්ත්වයකට ඇද දැමුවේ කවුරුන්ද යන්න රටම දනී. දැන් සිදුකළ යුත්තේ එම තත්ත්වයෙන් ගොඩ යෑමට මගක් බලා යළි සුපුරුදු දක්‍ෂතාවලට පැමිණීමයි. එහෙත් වගකිවයුතු නිලධාරීන් එවැන්නක් සිදු කරන ආකාරයක් පෙනී යන්නට නොමැත. ඔවුන් ද ශ‍්‍රී ලංකා ක‍්‍රිකට්වල ඉතිරි ටිකත් විනාශ කිරීමට උත්සාහ දරති. එයට හොඳම උදාහරණය වන්නේ මෙම මූලධර්මවාදී ආගම ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම තුළ ව්‍යාප්ත කිරීමට දරන උත්සාහයයි. වගකිවයුතු නිලධාරීන් වහාම මේ ගැන සොයා බැලිය යුතුය. එසේ නොවුණහොත් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් තව නොබෝ දිනකින්ම වලපල්ලට යනු ඇත.
    Minissu owata yanne thamange asaranakama nisa, karakiyaganna barivunama. Kauruth bala karala neveine. Ehema ayata haamuduruvo naththan anik aagamika nayakayo pihita novee 'loku' part daanakota eyalata vena vikalpayak na.
    Born Again vitharak nevei, thava missions uth thiyanava asaraninta pihita vena. Unta baninna issella aagamika nayakayo thamange kattiya hariyata balaagaththoth Born Againlata inna ba. (E.g. Thamange kella hariyata balaganne naththan eya vena kenek gaavata yayi).
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,927
    3,288
    113
    Malabe
    u karanna yanne wadima 0 ganak gahala world record ekak thiyanna kohomnda born again eke eunta kochara adambara hithei da u world record eka thibama.
    Ow. Aeka nisama thamai miniha vagey evun thava thavath Born Again vagey evata yomuvenne. Samaaje therapuma peedanaya nisa.