දෙරණ සිරස වලිය දුර දිග යයි : මාධ්‍ය කප්පම හෙ&

Psych

Member
Jul 23, 2014
2,058
507
0

උබ මචන් පඨීභා බලල තියෙනවද? ඒ විදිහේ ආගමික ප්‍රෝග්‍රැම් එකක් වෙන කවුරුත් කරල තිබුනේ නෑ. තාමත් තියෙනවද දන්නේ නෑ. එතකොට රියල් ලීඩර්? එතකොට ස්ටර් චැලෙන්ජ්?(සිරස එක කොපි කරා කියල ඔනේ නම් වෙන එකෙකුට කියන්න පුලුවන් නේ උන් ඊට පස්සේ දාපු ඒ ජාතියෙම ප්‍රොග්‍රම් එක - නම මතක නෑ) සූප ස්ටර් (කයින්ඩ් ඔෆ් අ මාස්ටර් චෙෆ් කොපි ), මනුසත් දෙරන? තව් ගොඩක් ඒවා ඇති ඔය මම බලලා තියෙන ටික. උන්ගේ ෆිනැන්ශියල් මිස් හැන්ඩ්ලින්ග් හරි කරප්ශන් හරි නෙවෙයි මම කතා කලේ ඒක වෙනම කේස් එකක් (එහෙම බැලුවොත් සිරස පහුගිය කාලේ කිරිවල DCD ගැන කටේ කෙල හෙලුවෙ නෑ, අනික සිරස වැඩ කලේ හරියට UNP එක උන්ගේ බූදලයක් ගානට! ). සිරස අයි ටී එන් මාස්ටර් මයින්ඩ් එක ඇදපු හැටි, දෙරනට කලින් පහ පාස්ද එක ඇදපු හැටි. එවා මචන් ඔය කොයි එකටත් පොදුයි. අනික නිර්‍මාණශීලිත්වල්ය ගත්තම දෙකේම හොද ඒවා වගේම චා ඒවත් තියෙනවා. සිරස ගොඩක් හොද ඒවා කරා හැබැයි උන් ෆීල්ඩ් එකට ඇව්ටි කොච්චර කල ගියාද උන්ට හොද ඒවා කරන්න (මුලදි කබල් ඉන්දියන් මගුල් මෙහෙ ගෙනල්ල රට කෑව එක ඇරෙන්න!). මට නම් ඔය මොකාගෙත් ලොකු හොදක් හෝ වරදක් නෑ මම බලන්න ආස මට ඕන ප්‍රෝග්‍රැම් පෙන්වනවනම් එච්චරයි [අදටත් මගේ ආසම ප්‍රෝග්‍රෑම් දෙක ත
යි අපි නොදන්න ලයිව් එකයි පඨීභා එකයි මාස්ටර් මයින්ඩ් එකයි (ඔබද ලකී මමද ලකී වලට නම කිසිම කැමැත්තක් නෑ:frown:), සහ පොඩි කාලේ රූපවාහිනියෙ බලපු රොත්තක්ම තියෙනවා]. අපිට කාට කඩේ ගියත් ඇති සෙතේ මොකක්ද උන් අන්තිමට උන්ගේ බිස්නස් එකටනෙ දගලන්නේ. :lol: - වැඩසටහන් වල කොලිටි එක (වැඩසටහන වගේම එකේන් මිනිස්සුන්ට දෙන දේත්!) ගන කතා කරනවා නම් ඉස්සර කරපු ජාතිකෙ ඒවට ගහන්න මම හිතන්නේ නෑ ඔය කාටවත් පුලුවන් කීයලා:cool:

DELL Studio eka karanneth Deranin neda ban? :oo:
 

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    දෙරණෙ සාරධර්ම තියෙන්නෙ අහව්ල් එකේ තමයි. උඹ කියන්නෙ යමර කතාවක්, ලංකාවට ඔරිජිනල් දේවල් ගේන සිරස හොඳ නැහැලු. සිරසේ ඔය සාරධර්ම නැහැ කියන ප්‍රෝග්‍රෑම් කොපි කරපු දෙරන හොඳයිලු. අම්මප උඹලටත් ඉර පායනව


    ඔය කියපු එකක්වත් සිරසෙන් වෙලත් නෑ දෙරනෙන් වෙලත් නැහැ.අප්පච්චි ආන්ඩුවෙ චැනල් දෙක කෑවෙ නැත්නම් ඒව ඉස්සර වගෙ අදටත් ඔය කියපු දේවල් ටික කරනව:dull:


    ලංකාවට ඔරිගීනල් ගෙන සිරස :lol:

    සුපර් star ගමු .. සුපර්ස්ටාර් එකේ මොකද කරන්නේ ... සින්දු කියන්න බැරි උන්ව කොමඩියකට අරනං සින්දු කියන්න බැරි විනිශ්ය මණ්ඩලයක් ලවා නොන්ඩි කරවනවා ..

    ටෙලිනාට්‍ය ගමු ... ,මහ ගෙදර , ප්‍රවීනා , වසුදා , ස්වප්නා , මේ ආදරයයි ... ඉන්දියන් ජරාවක් උස්සන් ඇවිල්ල ගෙවල් වල ඉන්න ගෑනුන්ගේ brainwash කරනවා .. ලංකාවේ එකක් පෙන්නුවත් එකත් ජරාවක් ...

    දේශපාලනේ ගමු ... පහුගිය ටිකේම දේශපාලනේ හොඳ වැඩ ටිකක් කරා .. මහින්ද පාලනය වට්ටන්න දායක උනා .. නමුත් දැන් යහ පාලනය විකුණන් කනවා ...

    සිරස කොපි කරන දෙරණ :lol:

    dreamstar ගමු ... ලංකාවේ හරවත් සින්දුවක් කියන්නේ මොකක්ද කියල උගන්නල ඒ දේම මාකට් කරගන්න විදිහට හදපු ගායකයෙක් ව එලියට දාන වැඩ සටහනක් .. ( හැමදේම හරි නෑ , නමුත් සිරසට වඩා හොඳයි )

    ටෙලිනාට්‍ය ගමු ... ශ්‍රී ගෞතම සම්බුද්ධ .. දැන් , අධ්රාජ ධර්මාශෝක , ලංකාවේ ටෙලි නාට්‍ය වලින් ... මලී , අත්තම්ම .. වගේ දේවල් පෙන්නලා තියෙනව ,,, ( දැන් බලපන් මුන් මේ කරලා තියෙන්නේ කොපි කිරීමක් තමයි ... නමුත් සිරසට වඩා හරවත් ව , වැදගත්ව කොපි කරලා තියෙනවා )

    දේශපාලනේ ... මහින්දගේ ආණ්ඩුව කාලේ සිරස තරම් ම නොවුනත් යම්තාක් දුරකට හොඳ වැඩ ටිකක් කරා .. නමුත් දැන් මහින්දව සුද්ධ කරනවා ...

    *******************************************

    ආයෙත් මම කියන්නේ කොපි කිරීම වැරදි දෙයක් නෙවෙයි .... ජනමාද්‍යයේ පැවැත්ම තියෙන්නේ තරඟය තුල .. ඒ නිසා කොපි කිරීම වැරද්දක් නෙවෙයි ... ආයෙත් මම කියන්නේ සිරස කරන දේවල් හෝ වෙන කවුරු හරි කරන දේවල් ඊට වඩා හරවත් ව දෙරණින් කොපි කරා .. එකේ කිසිම වැරද්දක් නෑ .. මොකද තරඟය නැත්තන් ප්‍රේක්ෂකයා අප්ඩේට් වෙන්නේ නෑ ..

     
    Last edited:

    error 404

    Member
    Jan 11, 2015
    411
    33
    0
    සිරස කලින් ප්‍රබකරන් කාලකණ්නියටත් ප්‍රබකරන් මහත්තය කියලනෙ නිවුස් වල කිව්වෙ. තව මොන කතාද. පරබල්ලො.:angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    දෙරණ කියන්නේ ගොන්ම ගොන්..... සිරසත් ඊට දෙවැනි නෑ.... මුන් ඔක්කොම එකයි...... නෙත් එකේ උන් තමා ටිකක් හරි..... :yes:
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    දෙරණ කියන්නේ ගොන්ම ගොන්..... සිරසත් ඊට දෙවැනි නෑ.... මුන් ඔක්කොම එකයි...... නෙත් එකේ උන් තමා ටිකක් හරි..... :yes:
    :lol: pissuda ban.. Neth eka dan MR ta redi nathuwa kade yanne..... mata nam dan Rupavahini / ITN hondai....:)
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,755
    28,887
    113
    සියලු රස සමග (සිරස) මාධ්‍ය ජාලයේ කප්පම් මාධ්‍ය කලාව ! - 01

    ශ්‍රී ලංකාවේ මෑත ඉතිහාසයේ සෘජු ආයෝජනවලින් අංක එකෙහි ලා ගැනෙන්නේ China Port City ව්‍යාපෘතියයි. මෙම ව්‍යාපෘතියේ ආයෝජකයා ලෙස කටයුතු කරන්නේ China Port City Development Company නැමති සමාගමයි. ගාලු මුවදොර ආශ්‍රිත මහ
    මුහුදේ අක්කර 268 ක් ගොඩකරමින් ඉදිවන මෙම දැවැන්ත ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තුගත ආයෝජනය දළ වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 4.6 කි. මෙම ව්‍යාපෘතිය අනූනම අවුරුදු බද්දකට යටත්ව ඉදිකෙරේ. පළමුව මෙය සම්පූර්ණයෙන්ම (සින්නක්කර) චීනයට අයිති වන සේ සැළසුම් කර තිබුණද නව රජය එය 40% ක් චීනයටත් 60% ක් ශ්‍රී ලංකාවටත් අයිති වනලෙස නැවත එකඟවන ලදී.

    මෙහි මුල් කොන්ත්‍රාත්තුව අත්සන් කරනු ලැබූයේ චීන රජය වෙනුවෙන් එහි අගමැතිවරයාත් ශ්‍රී ලංකාව වෙනුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාත්ය. මුල් අදියරේදී කිසිදු ශක්‍යතා අධ්‍යයනයකින් (Feasibilty study) හෝ පරිසර ඇගයීමකින් තොරව ඉදි කෙරුණු මෙම ව්‍යාපෘතිය නිසා ගාලු මුවදොර ආශ්‍රිත මහ මුහුදේ රැළි බිඳෙන රටාව පවා වෙනස් වෙමින් එය කොළඹ වරායේ නැව් ගමනාගමනයට පවා අහිතකර බලපෑම් ඇති කරන ලදී.

    මෙම අනර්ථකාරී පාරිසරික බලපෑම් පිලිබඳව ශ්‍රී ලංකාවේ පරිසරවේදීන් හා පාරිසරික සංවිධාන දිගින් දිගටම දැඩි විරෝධයක නියැලුණු අතර ඒ සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය මෙන්ම වෙබ් අඩවි, බ්ලොග්කරුවන්ගෙන් ලැබුණේ නොමද සහායකි. මෙම විරෝධතා ව්‍යාපාරයේ ඉහළින්ම කැපී පෙනුණු මාධ්‍ය ආයතනයක් වූයේ කිලී මහරාජාට අයිති සිරස මාධ්‍ය ජාලයයි. පරිසරය වෙනුවෙන්ම කැපවන බව පෙන්වමින් සිරස මාධ්‍ය ජාලය China Port City ව්‍යාපෘතියට උදේ සිට රෑ වනතුරු තම මාධ්‍යජාලයන් හරහා බඩකට පුරා පහර දෙන ලදී. ඔවුන් මෙම ව්‍යාපෘතියේ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා CCTV පන්නයේ කැමරා දෙකක් හොර රහසේ ව්‍යාපෘති භූමිය එල්ල කරගෙන ගාලු මුවදොර පිටියේ සවිකළ අතර එමගින් ලබාගන්නා දර්ශනවලින් උදේ සිට රෑ වනතුරු විශාල විරෝධතා ව්‍යාපෘතියක් දියත් කරන ලදී. සිරසට අනුව ලංකාවේ මෙතෙක් සිදු කෙරුණු අතිශය විනාශකාරී නරකම ව්‍යාපෘතිය Port City ව්‍යාපෘතියයි.

    දිගින් දිගටම තමන් වෙත එල්ල කෙරෙන මෙම මාධ්‍ය ප්‍රහාරයන්ගෙන් ගැලවී Port City ව්‍යාපෘතියේ ප්‍රතිරූපය ඉහළ දැමීම සඳහා China Port City Development Company විසින් Phoenix - Ogilvy PR සමාගමට කොන්ත්‍රාත්තුවක් ලබා දී ඇත. එය ඩොලර් මිලියන ගණනක එකක් බව ආරංචි වූ සිරසේ කිලී මහරාජා වහාම ක්‍රියාත්මක වී තමන්ගේ කණ්ඩායමක් හොර රහසේම China Port City Development සමාගමේ ප්‍රධාන විධායක Dr. Lin හමුවීම සඳහා යවා තිබේ. එසේ සමාගමේ ප්‍රධාන විධායකයා හමු වූ කිලී මහරාජාගේ කණ්ඩායම ඔහුට පවසා ඇත්තේ සිරසෙන් Port City ව්‍යාපෘතියට එරෙහිව කෙරෙන සියලුම ප්‍රචාර නවත්වා දැමිය හැකි බවත් ව්‍යාපෘතියේ ප්‍රතිරූපය ඉහළ දැමීමේ කටයුත්ත තම මධ්‍ය ජාලය තුළින් කළහැකි බවයි. සාකච්ඡා වට කිහිපයකින් අනතුරුව China Port City Development Company ප්‍රධාන විධායක Dr. Lin නැමැත්තා කොන්ත්‍රාත්තුව Phoenix - Ogilvy PR සමාගම කපාදමා සිරසට ලබාදීමට කැමැත්ත පළකොට තිබේ.

    මෙම සම්පූර්ණ කොන්ත්‍රාත්තුව සඳහා කිලී මහරාජා විසින් ඇමරිකානු ඩොලර් මිලියන 25 ක් ඉල්ලා ඇත. එහි මුල් අදියරේ කටයුතු සඳහා China Port City Development සමාගම ඇමරිකානු ඩොලර් මිලියන 03 ක් හෙවත් රුපියල් ලක්ෂ 400 කට ආසන්න මුදලක් ලබාදී තිබේ. මෙම මුදල සිරස මාධ්‍ය ජාලය අයත් කැපිටල් මහරාජා සමාගම වෙත China Port City Development සමාගම විසින් සම්ප්‍රේෂණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුවේ FCIB (Foreign Currency Investigation Bureau) මගින් තහවුරු කොට ඇත.

    මෙසේ ඇමරිකානු ඩොලර් මිලියන 03 ක අත්තිකාරම් මුදල් ලබාගත් කිලී මහරාජාගේ සිරස මාධ්‍ය ජාලය China Port City ව්‍යාපෘතියට සුදුහුණු ගෑමේ ව්‍යාපෘතිය දැන් අරඹා ඇත. එය ඔවුන් හඳුන්වන්නේ 'රන්බිම ව්‍යාපෘතිය' වශයෙනි. දැන් සිරස ගමින් ගමට ගොස් මෙම රන්බිම ව්‍යාපෘතිය ඔස්සේ ගඩොලින් ගඩොල ඉදිවන සාම ස්මාරකයක් ගැන උදේ සිට රෑ වනතෙක් සිය මාධ්‍යජාලයන් ඔස්සේ විකාශනය කරනු ලබයි. ඔවුන්ට අනුව මෙසේ ඉදිවන සාම ස්මාරකය නෙළුම් කුළුනට වඩා උස එකකි. Port City ව්‍යාපෘතියේ විනාශකාරී, අනර්ථකාරී තත්ත්වයන් ඩොලර් මිලියන 03 ක් වෙනුවෙන් අමතක කරඇති සිරස මාධ්‍යජාලය දැන් රන්බිම ව්‍යාපෘතිය වර්ණනා කරමින් සිටී.

    මේ පිළිබඳව අද දෙරණ වෙබ් අඩවිය බාගෙට කළ හෙළිදරව්ව මෙතනින් කියවන්න.

    වෙසක් තොරන්වලිනුත් සිරස කප්පම් ගත්ත හැටි ඊළඟට බලාපොරොත්තු වන්න..........!


    - http://sinhala.lankanewsweb.net/exclusive/17069-01
     

    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    මේක දේශපාලනය ගැන අදහසක් නෙවෙයි ඒ වුනාට දෙරණ කියන්නේ ලොකුම එපාම කරපු හොරු බන්. dream ස්ටාර්, dancing stars, කොරියන් කතා, ඉන්දියන් රජ කතා, වෙසක් එකට ධාතු ප්‍රදර්ශන තියන්න, මේ ඔක්කොම තනිකරම කොපි කරපු ඒවා. තව පොඩි මල්ලිය් චුටි මල්ලිය් ගත්ත. ඔය වගේ තනිකරම මෙලෝ රහක් නැති දේවල් කරන, කරන දේවලුත් වෙන කොහෙන් හරි ගෙනාපු දේවල් පෙන්නන channel එකක්.
    True :yes:
     

    sihina_lahiru

    Well-known member
  • Dec 6, 2008
    16,006
    382
    83
    35
    **මාතර**____
    මාධ්‍ය කාරයෝ තරම් සමාජය කාපු සක්කිලියෝ දෙවැනි වන්නේ දේශපාලකයෝන්ට පමණයි.
    තුක් නොධකින්.,