දෙවන ලෝක යුද්ධය ගැන ඔබ නොදත් දෑ -2

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    දෙවන ලෝක යුද්ධය ගැන ඔබ නොදත් දෑ -2

    හිරෝ ඔනොඩා නම් ජපාන සොල්දාදුවා දෙවන ලෝක යුද්ධය අවසන් වී අවුරුදු 29ක් එනම් 1974 වසර තෙක් යටත් නොවී සිටි බව කියවේ​

    kP0pzQp.png

    1922 මාර්තු 19 දා ජපානයේ කයිසෝ දිස්ත්‍රික්කයේ කමෙකාවා නම් ගම්මානයේ උපන් ඔනොඩා පුරාණ සමුරායි සටන්කරුවන්ගේ පවුලකින් පැවතගෙන එන බවකියවේ.තම පියා 1943 දී චීනයේ සටනකින් මිය ගිය පසු ඔහුද හමුදාවට සම්බන්ධ විය(18 වියේදී).ජපාන අධිරාජ්‍යයේ පාබල හමුදාවේ බුද්ධි අංශ නිලධාරියෙක් ලෙස පුහුණුව ලැබූ ඔහු පිලිපීනයේ ලුබෑන්ග් දූපත වෙත යවන ලදි.ඔහුට පැවරුනේ දූපතේ ගුවන්පථය සහ ජැටිය විනාශ කර සතුරන්ගේ පැමිණීම වැලැක්වීමයි.එසේම ඔහුට දී තිබූ නියෝගවල සඳහන්ව තිබුණේ සතුරන්ට යටත් නොවන(යටත් වුව හොත් දිවිනසා ගන්නටය ).1945 පෙබරවාරි මස 28 දා දූපතට ඇමෙරිකානුවන් දූපතට කඩා වැදුණි.ඔනොඩා සහ තවත් සෙබලුන් කිහිපදෙනෙක් කඳුකරයට පලාගියහ.ඔහු සමග තවත් ජපන් සෙබලුන් තිදෙනෙක් සිටියහ.ඔවුන් කිහිප විටක්ම දූපතේ පොලිසිය සමග ගරිල්ලා සටන්වල යෙදී තිබේ.ඔවුන් 1945 ඔක්තෝම්බර් මාසයේදී පළමුවරට ජපානයේ යටත්වීම සම්බන්ධ පත්‍රිකාවක් දැක තිබේ.දූපත් වැසියන් මෙන්ම ගුවනින්ද හෙලූ පත්‍රිකා මගින් ජපානයේ යටත් වූ බව ඔවුන්ට දැන්වූවද ඔනොඩා එය පිළිගෙන නැත.1974 වසර තෙක් දූපතේ සැඟව සිටි ඔහු එම වසරේ දූපතේ සංචාරයකට පැමිණි නොරියෝ සුසුකි නම් ජපන් ජාතිකයාගේ මග පෙන්වීම මත ඔනොඩාගේ හිටපු අණදෙන නිලධාරියාවූ මේජර් යොෂිමි ටැනිගුචි දූපතට පැමිණ කරුණු පහදා දීමෙන් පසුව ඔහු තම යටත්වීම ප්‍රකාශ කරන ලදි.





    සුටෝමි යමගුචි යනු දෙවන ලෝක යුද සමයේ ජපානයේ හිරෝෂිමා සහ නාගසාකි නගර දෙකට හෙළු පරමාණු බෝම්බ දෙකෙන්ම දිවිගලවා ගත් අයෙකි.​

    bJBpiJx.jpg
    1945 අගෝස්තු මස 6 වනදා හිරෝෂිමාවට හෙළු පරමාණු බෝම්බය පිපිරී ගිය අයුරු​





    ගුවන් සැරයන් නිකොලස් ඇල්කෙමේඩ් යනු Avro Lancaster බෝම්බ හෙළන ගුවන් යානයක පසුපස තුවක්කුකරුවෙක් වූ අතර ඔහු අඩි 18,000ක් පමණ ඉහළ සිට පැරෂූටයක් හෝ නොමැතිව බිමට වැටුණි.නමුත් ඉන් ඔහුට සිදුවූ හානිය කකුලක් උලුක්වීම පමණි.​

    vtWGsHC.jpg

    Avro Lancaster යානයක් පරීක්ෂණ ගමනක​





    එමිල් හචා යනු 1939 වසරේ චෙකස්ලෝවැකියාවේ ජනපතිවරයාය.තමන් සමග සහයෝගයෙන් ක්‍රියා නොකල හොත් රට ආක්‍රමණය කරන බවත් අගනගරයට බෝම්බ හෙළන බවත් කියමින් හිට්ලර් සහ ගොරීන් තර්ජනය කල විට ඔහුට හෘදයාබාධයක් ඇතිවිය.

    qSfRw92.jpg
    1939 මාර්තු මාසයේ ජර්මනියේ බර්ලින්හි දී ජනපති හචා හිට්ලර් සහ ගෝරින් මුණ ගැසීම​





    ස්පාඤ්ඤ ඩබල් ඒජන්තයෙක් වූ ජොආන් පුජොල් ගර්සිආ දෙවන ලෝක යුද සමයේ ජර්මනියේ Iron Cross (EK) පදක්කමට හිමිකම් කී අතර බ්‍රිතාන්‍යය විසින් Order of the British Empire යන පදක්කම ලබාදෙන ලදි.​

    8IYAbee.jpg





    1941 වසරේ දෙසැම්බර් මස 7 වනදා ජපානය ඇමෙරිකා එක්සත් ජනපදය සතු හවායි දූපත්වල පිහිටි පර්ල් වරායට පහර දුන් පසු එක්සත් ජනපදයට පෙර ජපානයට එරෙහිව යුද ප්‍රකාශ කලේ කැනඩාවයි.​

    FMVnuvV.jpg

    ජපානයේ ප්‍රහාරවලින් USS Arizona (BB-39) නෞකාව ගිලී යන අයුරු





    දෙවන ලෝක යුද සමයේ ජපානය ඇමෙරිකා එක්සත් ජනපදයට අයත් ඇලස්කාවේ අලියුෂන් දූපත් අල්ලාගන්නා ලදි.මෙම දූපත් ජපානයෙන් මුදාගන්නට ඇමෙරිකානුවන්ට බලවත් පරිශ්‍රමයක් දරන්නට සිදුවිය.ජපානයේ කුඩා හමුදාවක් විසින් අලියුෂන් දුපත් දෙකක බලය තහවුරු කරගත්තේ 1942 ජූනි මාසයේදීය.නමුත් එම දූපත් මුදාගන්නට ඇමෙරිකානුවන්ට 1943 අගෝස්තු වන තෙක් සටන් වදින්නට සිදුවිය.​

    djsD3xf.jpg





    පෝලන්ත හමුදාව සතුවූ සිරියානු දුඹුරු වලසෙක් වූ වොටෙක් හමුදාවේ කෝප්‍රල් තනතුරක් හෙබවීය.ඔහු ආචාර කරන්නට මෙන්ම මිනිසුන් හා මල්ල්වපොර සටන්වල නිරත වන්නටද උගත්තේය.බියර් පානයට මෙන්ම සිගරට් බීමටද පුරුදුව සිටි මෙම අපූරු වලසා යුද සමයේ සෙබලුන්ට උණ්ඩ තොග ගෙනයාමට උදව්කල බව කියවේ.

    vbdyiF5.jpg






    ඕලන්ද යුද නැවක් වූ ඒබ්‍රහම් ක්‍රිජිසෙන් ජපාන බෝම්බ ප්‍රහාරක ගුවන්යානාවලින් බේරෙන්නට දූපතක වෙස් ගන්නා ලදි.

    wQ60PDn.jpg


    ඉන්දුනීසියාවේ සුරබයා දූපත 1941 වසරේදී ජපාන විසින් ආක්‍රමණය කරන ලදි.ජාවා මුහුදේ දී සහ සුන්ඩා සමූද්‍ර සන්ධියේදී ඇතිවූ සටන් වලදී මිත්‍ර පාර්ශ්වික හමුදා පරාජය විය.ඒ 1942 මාර්තු මස මුල් සමයේය.මිත්‍ර පාර්ශ්වික නෞකාවලට ඕස්ට්‍රේලියාවට පසුබසින්නට නියෝග ලැබුණි.Abraham Crijnssen නෞකාව සමග තවත් නෞකා 3ක් තිබූ නමුත් එය තනිවම යාත්‍රා කරන ලදි.ජපාන ගුවන් යානාවලින් වසන් වී යාත්‍රා කිරීම සඳහා Abraham Crijnssen නෞකාවේ නාවිකයන් අපූරු උපක්‍රමයක් භාවිතා කරන ලදි.ඒ සම්පුර්ණ නෞකාවම කැලෑවෙන් වැසුනු දූපත් බවට පත් කිරීමයි.දිවා කාලයේදී ඔවුන් වෙරළාසන්නයේ නැංගූරම් ලෑ අතර රාත්‍රියේ යාත්‍රා කෙරිණි.අවසානයේ ඔවුන් උපද්‍රවයකින් තොරව බටහිර ඕස්ට්‍රේලියාවේ Fremantle ප්‍රදේශයට සේන්දු විය.ඒ 1942 මාර්තු 20 දාය.ජාවා දූපතෙන් සාර්ථකව පලා ආ අවසන් නෞකාව මෙන්ම එම කලාපයේදී නොනැසී සිටි එම වර්ගයේ එකම නෞකාවද එයයි.




    Source:Businessinsider.com

    -HarshaLulzSec-
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    සිරාවටම උඹේ ත්‍රෙඩ් වලින් නොදන්න දේවල් ගොඩක් දැන ගන්නව..:yes:
    ඒත් රෙප් දෙන්න ගියාම තමයි කේස් එක..
    :baffled:
    ඔන්න යන්තන් අද නම් දුන්නා..:cool:
    +Rep
     
    • Like
    Reactions: HarshaLulzSec