දෙවැනි බුදුන් ලෙස ලොවම උවම් කල

දෙවැනි බුදුන් ලෙස ලොවම උවම් කල

391164_10150444682053241_551760689_n.jpg


දෙවැනි බුදුන් ලෙස ලොවම උවම් කල
ලොවක පිදුම් ලද ලොවට උතුම් ළඳ
අම්මා ... අම්මා ... අම්මා .........

දෙසවන් සනහා මා නැළවූ ඔබ
මියුරු මියැසියේ අරුත කියාදුනි
ඒ මියැසිය අද මා ගයනා විට
මා සිප ගන්නට ඔබ මා ළඟ නැත
අම්මා ... අම්මා ... අම්මා .........

ඇසට හඬන්නට කඳුළැලි දුන් ඔබ
ලතැවුල් දරනා දිරිය ලබා දුනි
ඒ දිරියෙන් ලොව ජය ලබනා විට
මා සිප ගන්නට ඔබ මා ළඟ නැත
අම්මා ... අම්මා ... අම්මා ♥ ♥ .........

Artist : Sunil Edirisinghe
Lyrics : Prof. Sunil Ariyarathna
Music : Rohana Weerasinghe
 
Last edited: