.::[දෙවැනි ලෝක යුද්දයේ හැරවීම - Stalingrad සටන]::..

Superman101

Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    පොඩි අඩුපාඩු ටිකක් තියනවා බන් ස්ටාලින්ග්‍රාඩි කියන්නේ හිටිලර් පරදින දෙවනි සටන. මෙස්කව් අල්ලන්න ගිහින් වැඩේ නා ගන්නවා කලින්. ඊළග අවුරුද්දේ ග්‍රිස්ම සෘතුවෙදි පටන් ගන්නවා කොකාස් වල තෙල් ලිංවලට ගහන්න. ඒකෙම කැල්ලක් තමා ස්ටාලින්ග්‍රඩ් වලට ගහන්න යන්නේ. පලවනෙි දවසේ මුළු නගරෙම කුඩු කරනවා ජර්මන් ගුවන් හමුදාවෙන්. ඒත් නගරේ සම්පූර්නයෙන් අල්ල ගන්න වෙන්නේ නැහැ. මේවනෙකෙට රතු හමුදාව සම්පූර්ණ වට කිරීමී ගානකට අහුවෙලා මිලියන ගනන් හමුදාව නැතිකරගෙන හිටියේග ජර්මන් ආමි එක මේ වෙනකම් කොට්වනේනේ එක පාරයි. ඒකත් රතු හමුදාව පරදිනවා. ගෝරිං පොරෙන්දු වෙනවා සම්පූර්න ආමි එකට අවශ්‍ය දේවල් ගුවනින් දෙන්න. ඒ අතරේ ෆීල්ඩ් මාර්ෂල් Erich von Manstein යුද්ධ ටැංකි බලකාය යවනවා වැටලීම මැඩපවත්වන්න. හිට්ලර් අවසර දෙනකොට හොදටම පරක්කු වැඩී. රතු හමුදාව වැටලීම හොදටම ශක්තිමත් කරලා. Manstein මඟ නකර වෙන්න වෙනවා. ෆීල්ඩ් මාර්ෂල් පවුලස් ඒ වෙනකොට යන්න ලෑස්ති වෙලා අනවශ්‍ය බඩු විනාශ කරලා. අනිත් දේ ගුවන් තොටුපල නැතිවෙලා. දවස් ගානකින් පවුලුස් යටත් වෙනවා. මේක තමා හිටිලර් ලබන ලොකුම පැරදුම. ඊළඟට කර්ස්ක්. ඊට පස්සේ ඉතින් බහින කලාව පටන් ගන්නවා හිට්ලර්ගේ.
    කර්ක්ස් යුද්ධ ටැංකි ෆයිට් එක යන්නෙ Starlingrad fight එකෙන් පස්සෙ නේද ?
     
    wamkchathuranga

    Active member
  • Apr 13, 2009
    472
    220
    43
    අපේ ගෙදර
    දෙවැනි ලෝක යුද්දේ ගැන කතා කරද්දී Stalingrad සටන ගැන කතා නොකරම බෑ නෙමෙයි, මේ යුද්දේ තමා දෙවෙනි ලෝකේ යුද්දෙන් භාගයක් කියලා මම හිතන්නේ. එතකල් අපරාජිතව ඉදිරියට ආපු නාසිහමුදාව පලවෙනි පාරට දැනෙන්න පහර කන්නේ Stalingrad වලදි.
    “Not a step back!” කියන ස්ටාලින්ගේ නියෝගය නිසා Stalingrad ආරක්ශා උනා වගේම ඇතැම් තැන්වලදි රතු හමුදාවට දැඩි ලෙස අලාභ හානි උනා.සමහර තැන් වලින් රතු හමුදාව පසු බැස්ස නිසා defense line එකේ ඊට සමගාමීව හිටපු ලක්ශ ගනන් රතු හමුදා සෙබලු පසු නොබැස සටන් කරලා නාසි හමුදා වලට කොටු උනා. (rzhev වල වගේ).
    Stalingrad සටන තමා රුසියාව ඇතුලු යුරෝපෙටම හිට්ලර් ව පරාද කරන්න පුලුවන් කියන මතය හදපු සටන. ඒ වගේම ඒ ගත්ත පන්නරය තමා රුසියානු හමුදා බර්ලින් වලටම යනකන් ගෙනාවෙ.💪💪
    තමන්ගේ හමුදාවන්ට නාසි හමුදා එක්ක මූනට මූන සාම්ප්‍රදායික සටන් කරන්න තාමත් හැකියාවක් නැති නිසා තමන්ට පුරුදු නගරබද සටන් වලට නාසි හමුදාව ගෙන්න ගත්තා කියල කියනවා. ගොඩනැගිලි සහ පටු පාරවල් නිසා නාසි හමුදාවන්ට වෙනද වගේ තමන්ට පුරුදු යුධ ටැංකි සහය ගන්නත් අමාරු වෙනවා.
    ඒක නිසා ගොඩනැගිල්ලෙන් ගොඩනැගිල්ලට සටන් පැවතුනා කියනවා.සමහර ගොඩනැගිලි 16 වතාවක් දෙපාර්ශවය විසින් මාරුවෙන් මාරුවට අල්ලගෙන තියෙනවා.
    අදටත් ලෝකෙ හමුදා use කරන සමහර උපක්‍රම ලෝකෙට බිහිඋනේ මේ සටනෙන්. යුධ ටැංකි විනාස කරන්න මොලෝටෙව් කොක්ටේල් (Molotov cocktail) කියන අදටත් අරගල වලදි පාවිච්චි කරන පෙට්‍රල් බෝම්බ එහෙම කරලියට ආව.:shocked::shocked:
    ඒවගේම අදත් ලෝකේ ඕනෙම හමුදාවක් කාමරයකට කඩාවදින්න පාවිච්චි කරන ග්‍රෙනේඩ් එකයි වම් අත පැත්තට වෙඩි 2 යි කියන ක්‍රමයත් මුලින්ම හදුන්වාදීලා තියෙන්නේ මේ සටනේ.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    අදටත් ලෝකෙ හමුදා use කරන සමහර උපක්‍රම ලෝකෙට බිහිඋනේ මේ සටනෙන්. යුධ ටැංකි විනාස කරන්න මොලෝටෙව් කොක්ටේල් (Molotov cocktail) කියන අදටත් අරගල වලදි පාවිච්චි කරන පෙට්‍රල් බෝම්බ එහෙම කරලියට ආව.:shocked::shocked:
    ඒවගේම අදත් ලෝකේ ඕනෙම හමුදාවක් කාමරයකට කඩාවදින්න පාවිච්චි කරන ග්‍රෙනේඩ් එකයි වම් අත පැත්තට වෙඩි 2 යි කියන ක්‍රමයත් මුලින්ම හදුන්වාදීලා තියෙන්නේ මේ සටනේ.
    මේ දෙක දැනන් හිටියේ නෑ ස්තුතියි 🤩
    kursk battle එක ගැන ත්‍රෙඩ් එකක් දාමු ;-)
     
    • Like
    Reactions: wamkchathuranga

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඔව් බන් උන්ගේ වින්ටර් එකේදී උන්ට ගහන්න ලේසි නෑ

    unge winter eka darunu wadi german eunta eke mokuth kara ganna bari wenawa unge logistic okoma aul yanawa winter storm thiyeddi unge luftwaffe ekata kisima air cover ekak denna bari wenawa loss gathoth USSR eke loss wadi german lata wada un over run kare thanikarama othana un stalingrad ekata ochara mahansi wenne nathuwa oil fields walta gahuwanam mulu force eken USSR eka anatha wenawa hitler ta one une stalingrad alala statement ekak denna red army ekata umbalage nayakayage nama thiyana thana aluwa kiyala.
     
    • Like
    Reactions: GadgetPodda

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,780
    5,753
    113
    කර්ක්ස් යුද්ධ ටැංකි ෆයිට් එක යන්නෙ Starlingrad fight එකෙන් පස්සෙ නේද ?
    ඔව්. ස්ටාලින්ග්‍රඩිවලින් පස්සේ රතු හමුදාව එක දිගට ඉස්සරහට යන්න බලනවා. ඒත් කරකොවි වලදි රතු හමුදාව පරදිනවා. ඒකත් එක්ක පෙරමුණ ස්ථායි වෙනවා. ඊළඟට ජර්මන් හමුදාව රතු හමුදාව කොටු කරලා ස්ටාලින්ග්‍රාඩ් වගේ දිනුමක් ගන්න තමා හිට්ලර් හදන්නේ. එත් ඒක හරියට කරන්න වෙන්නේ නැහැ. කර්ක්ස් තමා අන්තිම යුද්දේ ඒ මෙහෙයුමේ. ඒක පරදිනවත් එක්කම d day මෙහෙයුම පටන් ගන්නවා පැය ගාණකින්.
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,097
    1
    28,615
    113
    Stalingrad සටනෙ සාර්ථකත්වයට Sniper සෙබළුන්ගේ සහ Close Quarters Battles වල දායකත්වය ඉතා වැදගත් වුනා. Stalingrad Sniper කෙනෙකු වන Vasily Zaitzev පදනම් කරගත් කතාවක් තමයි Enemy at the Gates movie එක.

    ලොකුම විහිළුව තමයි බටහිර රටවල් රතු හමුදාවේ මෙම විශිෂ්ඨ ජයග්‍රහණය අවතක්සේරු කිරීමට කියනවා රතු හමුදාව අතිශය ම්ලේච්ඡ සටනක් දියත් කරල තමයි ජයග්‍රහණය කළේ කියල.

    ඒක දෙයක් ෂුවර් ඒ තමයි හිට්ලර් මුල් දවස් වලම බටහිර රටවල් එක්ක සාම ගිවිසුමකට බැඳිල රුසියාවට එරෙහිව විතරක් සටන් කරානම් බටහිර රටවල් හිට්ලර්ට විරුද්ධ වෙන්නේ නෑ.
     
    • Love
    Reactions: Executer

    දෙවැනි ලෝක යුද්ධයෙ නියම ගේම ගැහුවෙ රතු හමුදාව නමුත් ගොඩක් අය හිතන් ඉන්නෙ ඇමෙරිකාව තමයි ගේම ගැහුවෙ කියල. මම හිතන්නෙ ඒ පරමාණු බෝම්බ හෙලීම ඉතා ප්‍රසිද්ධ නිසා වෙන්න ඕනෙ. මේ යුද්ධය අද්‍යනය කරාම හිට්ලර් කියන්නෙ පට්ට මෝඩයෙක් කියල හිතන්නෙ නැද්ද? බටහිර නැගෙනහිර පෙරමුණු දෙකක එකවර යුද්ධය පටන් ගත්ත එක. හැබැයි හිට්ලර් operation punishment එක නවත්වල කෙලින්ම Operation Barbarossa පටන් ගත්තනම් ඔවුන් සමහරවිට moscow යටත් කරගන්න ඉඩ තිබ්බ. මොකද operation punishment නිසා හිට්ලර්ට රුසියාව ආක්‍රමණය කරන්න සති 2ක් පරක්කු උනා. ඒ සති දෙක අතිශය තීරණාත්මකයි මොකද එහෙම උනානම් winter එක එන්න කලින් ජර්මන් හමුදාවට මොස්කව් යටත් කරගන්න පුලුවන් කමක් තිබ්බ.
     
    • Like
    Reactions: llrajitha

    ඇත්තටම හිට්ලර් රුසියාව එක්ක ගිවිසුමක් ගහල හිටියෙ. නමුත් ඔහුම ඒක කඩ කරල එකවරම රුසියාව ආක්‍රමණය කරා. ඒ වෙද්දී හිට්ලර් බටහිර පෙරමුණේ යුද්ධය පටන් අරන් ඉවරයි. බ්‍රිතාන්‍ය යටත් කරගැනීමේ සටන එක්කම රුසියානු ආක්‍රමණය පටන් ගත්ත එකනම් හෙන මෝඩ තීරණයක්
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    දෙවැනි ලෝක යුද්ධයෙ නියම ගේම ගැහුවෙ රතු හමුදාව නමුත් ගොඩක් අය හිතන් ඉන්නෙ ඇමෙරිකාව තමයි ගේම ගැහුවෙ කියල. මම හිතන්නෙ ඒ පරමාණු බෝම්බ හෙලීම ඉතා ප්‍රසිද්ධ නිසා වෙන්න ඕනෙ. මේ යුද්ධය අද්‍යනය කරාම හිට්ලර් කියන්නෙ පට්ට මෝඩයෙක් කියල හිතන්නෙ නැද්ද? බටහිර නැගෙනහිර පෙරමුණු දෙකක එකවර යුද්ධය පටන් ගත්ත එක. හැබැයි හිට්ලර් operation punishment එක නවත්වල කෙලින්ම Operation Barbarossa පටන් ගත්තනම් ඔවුන් සමහරවිට moscow යටත් කරගන්න ඉඩ තිබ්බ. මොකද operation punishment නිසා හිට්ලර්ට රුසියාව ආක්‍රමණය කරන්න සති 2ක් පරක්කු උනා. ඒ සති දෙක අතිශය තීරණාත්මකයි මොකද එහෙම උනානම් winter එක එන්න කලින් ජර්මන් හමුදාවට මොස්කව් යටත් කරගන්න පුලුවන් කමක් තිබ්බ.

    oya monwa karath USSR ekath ekka hapenan amarui german army ekata hitler ka gathe opartion barbarossa patan gatha eka operation sea lion patan ganne nathuwa UK yatath kara gathanam D day ekak wenne na US eunta lesiyn troops genna bari wenawa germany walata ehema unanam russian front eka hold kara ganna thibba kohomath moscow yatath kara ganna wenne na stalingrad part 2 wenawa eka.
     
    • Like
    Reactions: Executer

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,097
    1
    28,615
    113
    Kursk සටන තමයි දෙවන ලෝක යුද්ධයේදී පමණක් නෙවේ මේ දක්වා යුද ඉතිහාසයේ සිදුවුන විශාලතම යුද ටැංකි සටන. සටන පැවතුනේ අති බිහිසුණු ප්‍රහාරක බලයක් හිමි ශක්තිමත් ජර්මානු tiger යුද්ද ටැංකිය සහ සැහැල්ලු, වේගවත් සහ අතිශය ක්‍රියාශීලී හැසිර වීමේ හැකියාවෙන් යුක්ත සෝවියට් T34 යුද්ධ ටැංකි අතර.

    සෝවියට් කර්මාන්ත ශාලාවලින් අඛණ්ඩව ගලා ආ T34 යුද ටැංකි සැපයුම් වලට පින්සිද්ද වෙන්න සහ රතු හමුදාවේ යුද ටැංකි භටයන්ගේ නව්‍ය යුද ටැංකි යුද උපක්‍රම හේතුවෙන් (T34 යුද ටැංකියේ වේගය සහ පහසුවෙන් හැසිරවීමේ හැකියාව ප්‍රයෝජනයට ගනිමින් ජර්මානු යුද ටැංකිවල එය හප්පා විනාශ කිරීම හෝ ළඟටම ගොස් ප්‍රහාර එල්ලකර විනාශ කිරීම) සෝවියට් දේශය මෙම සටන ජය ගන්නවා. මේ සටන ගැන එය පැවතුන ස්ථානයේ සිට දෙපාර්ශ්වයෙන්ම ප්‍රහාරක සැලසුම්, එහි සටන් කරපු ජර්මන් හමුදාවේ සහ රතු හමුදාවේ යුද ටැංකි භටයන්ගේ අදහස් දැක්වන ඇතුළත් නියම documentary එකක් යූටියුබ් එකේ තිබුන. මෙන්න ඒ video එක කැමති උන් බලපල්ලා.
    [/QUOTE]
     
    Last edited: