.::[දෙවැනි ලෝක යුද්දයේ හැරවීම - Stalingrad සටන]::..

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    43747EE100000578-4812286-image-a-62_1503399633030.jpg

    දෙවැනි ලෝක යුද්දේ ගැන කතා කරද්දී Stalingrad සටන ගැන කතා නොකරම බෑ, 1942 ජුලි 17 සිට 1943 පෙබරවාරි 2, අතර කාලයේදී පැවතුන මේ සටනේදී සෝවියට් රුසියාවේ රතු හමුදාව එකල Stalingrad (අද Volgograd ) නගරය ජර්මානු නාසි හමුදාවන්ට එරෙහිව ආරක්ෂා කිරීම යුද ඉතිහාසයේ සිදුව දරුණුතම සහ දෙවැනි ලෝක යුද්දය අවසාන වීමට පාදක වූ සටනක් ලෙසට හැදින්වෙනවා.

    මෙහිදී මිලියන දෙකක් පමණ සොල්දාදුවන් ජිවිතක්ෂයට පත් වී හෝ අබාද වලට පත් වෙලා තියනවා.:-(

    ජෝශප් ස්ටාලින් ගේ නායකත්වය සහිතව රුසියානු රතු හමුදාව 1941-1942 ශීත සෘතුවේදී බටහිර රුසියාව නාසි හමුදාවෙන් බේරා ගැනීම සදහා දැඩි කැප කිරීමක් කල බව කියවේ එහිදී රුසියානු සොල්දාදුවන් හා අවි ආයුද විශාල ප්‍රමාණයක් ඔවුන්ට අහිමි වී ඇත. එම නිසා ස්ටාලින් සහ ඔහුගේ ජෙනරාල්වරුන් නැවතත් මොස්කව් නගරයට නාසි හමුදාවෙන් ප්‍රහාරයක් එල්ල වෙයි කියා බලාපොරොත්තුවෙන් සිටියත් හිට්ලර් සහ Wehrmacht හමුදා කණ්ඩය තිබුයේ වෙනත් අදහසක්,.ඒ රුසියාවේ ප්‍රධාන කාර්මික මර්මස්ථානය වන Stalingrad නගරයට ප්‍රහාරයක් සැලසුම් කිරීමයි, මෙහි විශේෂත්වය වන්නේ රුසියානු හමුදාවට සියලුම අවි ආයුද මෙහිදී නිපදවෙන අතර රුසියාවේ Volga ගංගාව මේ නගරය අසලින් ගලා බසින අතර එය මගින් බටහිර රුසියාව වෙන පහසුවෙන් භාණ්ඩ ප්‍රවාහනයට ඇති පහසුවයි.
    map.png

    මේ අතර හිට්ලර් Stalingrad නගරයට පහර දෙන බව නිවේදනය කරන අතර එහිදී හිට්ලර් දැනුම් දෙන්නේ Stalingrad නගරය අත්පත් කරගැනීමෙන් පසුව එහි වෙසෙන සියලුම පිරිමින් ඝාතනය කරන බවත් සියලුම කාන්තාවන් පිටුවහල් කරන බවත්ය.

    එයින් පසුව ජෝශප් ස්ටාලින් අණ කරනවා රයිෆල් එකක් අල්ලගන්න පුළුවන සියලුම දෙනා Stalingrad නගරය ආරක්ෂා කිරීමට පැමිණෙන ලෙස.

    නාසි හමුදාවේ Wehrmacht පාබල හමුදාවේ 6වන සේනාංකය මේ සටන සදහා අගෝස්තු 23, 1942 පිටත්ව යනවා.
    wp2605579.jpg

    (Wehrmacht පාබල හමුදාව චිත්‍ර නිර්මාණයක් ලෙසින් )

    දරුණු ගැටුම් මාලාවකින් අනතුරුව රුසියානු හමුදාව නාසි හමුදාවේ Wehrmacht පාබල හමුදාව යම් පාලනයක් සිදු කරනවා නමුත් ඒ වන විටත් රුසියානු හමුදාවේ සොල්දාදුවන් ලක්ෂ දෙකක් පමණ දිවිපුදා අවසන්.

    හිට්ලර්ගේ උපක්‍රම කලින්ම අද්‍යනය කරපු රුසියානුවන් Stalingrad නගරයේ තිබු ධාන්‍ය සහ එළහරකුන් නගරයෙන් පිටතට ප්‍රවාහනය කර තිබුනා නමුත් ලක්ෂ 4 වූ නගර වාසින් නගරයෙන් ඉවත් කිරීමක් කලේ නෑ එමගින් රුසියානු නායකයින් බලාපොරොත්තු උනේ රුසියානු හමුදාවේ චිත්ත ශක්තිය ඉහල නැංවීමට මෙය උපකාරයක් වෙයි කියල.

    ප්‍රහාරයෙන් දින කීපයකට පසුව නාසි හමුදාවේ Luftwaffe ගුවන් හමුදාව තම ප්‍රහාරයන් දියත් කලේ Volga ගංගාවේ තිබු රුසියානු වාණිජ නැව් කීපයක් විනාශ කිරීමත් සමගය එයින් පසුව Stalingrad නගරට ප්‍රහාර මාලාවක් දියත් කරන අතර එහිදී සිවිල් වැසියන් කොපමණ ප්‍රමාණයක් මියගියද යන්න නිසි ලෙස තක්සේරු කරගනිමටවත් නොහැකි තරමට එම ප්‍රහාර දරුණු විය.

    43747F0600000578-0-image-a-37_1503394979141.jpg

    1489692776_stalingrad.jpg

    මෙහිදී සිවිල් වැසියන් දස දහස් දෙනා ජර්මානු හමුදාවේ කඳවුර වෙතට වහල් සේවය සදහා ගෙනගොස් ඇත.

    සැප්තැම්බර් මාසය වෙන විට නාසි හමුදාවේ Luftwaffe ගුවන් හමුදාව Stalingrad නගරයේ මුළු අහසේම තම අදිපත්‍ය පතුරවන ලදී, 1942 වසර අවසානයට පැමිණෙන විට රුසියානුවන් දැඩි ලෙස පරාජයට පත් විය.

    නමුත් දරුණු කඩාවැටීම් හමුවේද රුසියානු හමුදාවට ජෝශප් ස්ටාලින් අණ දුන්නේ අඩියක්වත් පස්සට නොගන්නා ලෙසටය, යුද ඉතිහාසයේ ඉතාමත් ප්‍රචලිත නියෝගයක් ලෙස මෙය දැක්වේ No. 227: “
    Not a step back!

    800px-Voennaia_marka_Ni_shagu_nazad!.jpg

    (Not a step back! වාක්‍ය ඛණ්ඩය යොදපු සෝවියට් දේශයේ මුද්දරයක්)

    කෙසේ වෙතත් ඒ වෙනවිට රුසියානු සොල්දාදුවන් 20,000ක් සහ යුද ටැංකි 100ක් පමණක් ඉතිරිව ඔවුන් නැවතත් ප්‍රතිප්‍රහාර දියත් කළහ, ස්නයිපර්වරුන් ගරා වැටි තිබු ගොඩනැගිලි වල ස්ථාපිත කළහ.
    43747FCD00000578-4812286-image-a-66_1503399940366.jpg

    4374802F00000578-0-image-m-48_1503395589579.jpg

    (Maxim Passar නාසි සෙබළුන් 230 මරා දම ඇති බව වාර්තා වෙයි )

    රුසියානු හමුදාවේ ජෙනරාල් වරු දෙදෙනකු වූ Georgy Zhukov සහ Aleksandr Vasilevsky යුද උපක්‍රමයක් ලෙස නගරයට උතුරු දෙසින් සහ බටහිරින් තිබු කඳු පන්ති උපයෝගී කරගනිමින් ක්ෂණික පහරදීම් කළහැකි හමුදා අනුකණ්ඩ එහි ස්ථාපිත කිරීමෙන් යුද ඉතිහාසයේ ප්‍රචලිත
    Uranus නම් වූ මෙහෙයුමක් කිරීමට ඔවුන්ට හැකි විය.

    මේ මගින් රුසියානු හමුදාව 1942 නොවැම්බර් වනවිට ජර්මානු 6වන සේනාංකයේ සොල්දාදුවන් ලක්ෂ 3ක් වට කරගනිමින් නගරය වටා ඉදිරිපෙළ ආරක්ෂක වළල්ලක් පිහිටවාගැනීමට සමත් විය. මින්පසු රුසියානු හමුදාව ක්‍රමයෙන් නාසි හමුදාවේ සියලුම සැපයුම් මාර්ග අවහිර කිරීමට කටයුතු කරන ලදී.

    4374806E00000578-0-image-a-33_1503394955666.jpg

    එහිදී රුසියානුවන් දැනගෙන සිටිය ඊලග මාසේ රුසියානු හමුදාවට පමණක් බේරී සිටිය හැකි දරුණුම ශීත සෘතුව පැමිණෙන බව . මේ සංග්‍රාමයට පෙර නගරයේ තිබු සියලුම ධාන්‍ය සහ එළහරකුන් නගරයෙන් පිට කිරීම නිසාත් සැපයුම් මාර්ග අවහිර කිරීම නිසාත් ජර්මානු 6වන සේනාංකය දැඩි ආහාර හිගයකට මුහුණ දීමට සිදුවිය නමුත් හිට්ලර් තම හමුදාවට නියෝග කලේ යටත් නොවන ලෙසටය. ක්‍රමයෙන් ආහාර සහ පතොරම් හිග වීම නිසා 1943 පෙබරවාරි මාසයේ රුසියානු හමුදාව නැවතත් Stalingrad නගරය අත්පත් කරගත්තේ ලක්ෂයකට ආසන්න ජර්මානු සොල්දාදුවන් ජීවග්‍රහයෙන් අල්ලාගැනීමත් සමගය එම අල්ලාගත් බොහෝ යුද සිරකරුවන් රුසියානු සිර ගෙවල් වලදී ආහාර නොලැබීමෙන් හෝ විවිදාකාරයේ බෝවෙන ලෙඩරෝග මගින් මිය ගිය බවට වාර්තා වේ.

    4374805900000578-4812286-image-m-72_1503400322385.jpg

    මෙය හිට්ලර්ගේ ප්‍රථම යුද පරාජය බව සදහන් වේ, ඉතිහාසඥයන් පවසන ආකාරයට මේ දරුණු පරාජයෙන් පසුව ජර්මානු හමුදා දැඩි පසුබෑමකට ලක්වූ බව සහ මෙහිදී රුසියානු හමුදාව ලබාගත් විශ්වාසය නිසා දෙවැනි ලෝක යුද්දය නිමකිරීමට Stalingrad සටන හැරවුම් ලක්ෂයක් වූ බව කියවේ.

    මෙහි සියලුම පින්තුර පසුව වර්ණ යොදා ඇති බව සලකන්න
    Sources : www.history.com, rferl.org, Independent.co.uk, BBC.co.uk
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හොද ලිපියක් :love2:

    Stalingrad (2013) ෆිල්ම් ඒකත් මරු

    Stalingrad කියන නම යෙදෙන්නේ ජෝසප් ස්ටාලින් නම නිසාලු
    ඒකත් හිට්ලර්ට හේතුවක් වුනාලු Stalingrad වලට පහර දෙන්න
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,782
    5,755
    113
    පොඩි අඩුපාඩු ටිකක් තියනවා බන් ස්ටාලින්ග්‍රාඩි කියන්නේ හිටිලර් පරදින දෙවනි සටන. මෙස්කව් අල්ලන්න ගිහින් වැඩේ නා ගන්නවා කලින්. ඊළග අවුරුද්දේ ග්‍රිස්ම සෘතුවෙදි පටන් ගන්නවා කොකාස් වල තෙල් ලිංවලට ගහන්න. ඒකෙම කැල්ලක් තමා ස්ටාලින්ග්‍රඩ් වලට ගහන්න යන්නේ. පලවනෙි දවසේ මුළු නගරෙම කුඩු කරනවා ජර්මන් ගුවන් හමුදාවෙන්. ඒත් නගරේ සම්පූර්නයෙන් අල්ල ගන්න වෙන්නේ නැහැ. මේවනෙකෙට රතු හමුදාව සම්පූර්ණ වට කිරීමී ගානකට අහුවෙලා මිලියන ගනන් හමුදාව නැතිකරගෙන හිටියේග ජර්මන් ආමි එක මේ වෙනකම් කොට්වනේනේ එක පාරයි. ඒකත් රතු හමුදාව පරදිනවා. ගෝරිං පොරෙන්දු වෙනවා සම්පූර්න ආමි එකට අවශ්‍ය දේවල් ගුවනින් දෙන්න. ඒ අතරේ ෆීල්ඩ් මාර්ෂල් Erich von Manstein යුද්ධ ටැංකි බලකාය යවනවා වැටලීම මැඩපවත්වන්න. හිට්ලර් අවසර දෙනකොට හොදටම පරක්කු වැඩී. රතු හමුදාව වැටලීම හොදටම ශක්තිමත් කරලා. Manstein මඟ නකර වෙන්න වෙනවා. ෆීල්ඩ් මාර්ෂල් පවුලස් ඒ වෙනකොට යන්න ලෑස්ති වෙලා අනවශ්‍ය බඩු විනාශ කරලා. අනිත් දේ ගුවන් තොටුපල නැතිවෙලා. දවස් ගානකින් පවුලුස් යටත් වෙනවා. මේක තමා හිටිලර් ලබන ලොකුම පැරදුම. ඊළඟට කර්ස්ක්. ඊට පස්සේ ඉතින් බහින කලාව පටන් ගන්නවා හිට්ලර්ගේ.
     
    හිටිලර් ප්‍රසිද්දව පිළිගත්ත ප්‍රථම පරාජය මේක මචං, මොස්කව් එකේදී වැඩේ නාගත්තට ඒක publicly acknowledged කලේ නෑ හිට්ලර් :yes:
     
    • Like
    Reactions: GadgetPodda

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,782
    5,755
    113
    හිටිලර් ප්‍රසිද්දව පිළිගත්ත ප්‍රථම පරාජය මේක මචං, මොස්කව් එකේදී වැඩේ නාගත්තට ඒක publicly acknowledged කලේ නෑ හිට්ලර් :yes:
    ඒක ඉතින් පරාජයක්ම කියන්න බැහැග උපක්‍රමික පසු බැස්මක්. දෙගොල්ලොම සමාන මට්ටමේ හිටියේ ඒ වෙනකොට අද රතු හමුදාව දිනන කොට හෙට ජර්මන් ආමි එක දිනනවා. ඒත් වැඩිම හානි වුනේ රතු හමුදාවට. ජර්මනිය වැටෙන්නේ කර්ස් වලන් පස්සේ. එතකොට දෙපැත්තකින් යුද්ධ කරන්න වෙනවා ජර්මනියට. හැබයි ජර්මනිය යුද්දෙදි පරද්දන්න පුළුවන් කියලා ලෝකෙට පෙන්නුවේ ස්ටාලින්ග්‍රඩි වලදී.
     
    • Like
    Reactions: GadgetPodda

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    ඒක ඉතින් පරාජයක්ම කියන්න බැහැග උපක්‍රමික පසු බැස්මක්. දෙගොල්ලොම සමාන මට්ටමේ හිටියේ ඒ වෙනකොට අද රතු හමුදාව දිනන කොට හෙට ජර්මන් ආමි එක දිනනවා. ඒත් වැඩිම හානි වුනේ රතු හමුදාවට. ජර්මනිය වැටෙන්නේ කර්ස් වලන් පස්සේ. එතකොට දෙපැත්තකින් යුද්ධ කරන්න වෙනවා ජර්මනියට. හැබයි ජර්මනිය යුද්දෙදි පරද්දන්න පුළුවන් කියලා ලෝකෙට පෙන්නුවේ ස්ටාලින්ග්‍රඩි වලදී.

    ඔව් ඒක නිසයි හිට්ලර් ප්‍රසිද්දව පිළිගත්තේ නැත්තේ පරාජයක් කියල
    හැබැයි Stalingrad වලදී හිට්ලර්ට ප්‍රසිද්දව පිළිගන්න සිද්ද උනා දරුණු විදියට පැරදුන නිසා
     
    • Like
    Reactions: GadgetPodda

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    හොද ලිපියක් :love2:

    Stalingrad (2013) ෆිල්ම් ඒකත් මරු

    Stalingrad කියන නම යෙදෙන්නේ ජෝසප් ස්ටාලින් නම නිසාලු
    ඒකත් හිට්ලර්ට හේතුවක් වුනාලු Stalingrad වලට පහර දෙන්න
    එල බන් 🤩
    මේක නම් හරියටම දන්නේ නෑ මචං Stalingrad ආයුද හදන කාර්මික නගරක් වීමයි Volga ගංගාවයි නිසයි ටාගට් කලේ කියල ගොඩක් sources වල තියෙන්නේ :unsure:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මේ වගේ පුලුවන්නම් අපේ රටේ යුද්දේ ගැනත් ලිපි ලියන්නකෝ
    මොකද ලෝක යුද්දේ ගැන කිරියේත් ගොඩක් ලිපි ගියා
    හැබැයි අපේ 30 අවුරුදු යුද්දේ ගැන හරියට ත්‍රෙඩ් එකක් දැක්කේ නෑ.
    මුල ඉදන්ම කරපු එක එක මෙහෙයුම් කොටසින් කොටස විස්තර කරලා ලියන්න පුලුවන්නම් වටිනවා
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    මේ වගේ පුලුවන්නම් අපේ රටේ යුද්දේ ගැනත් ලිපි ලියන්නකෝ
    මොකද ලෝක යුද්දේ ගැන කිරියේත් ගොඩක් ලිපි ගියා
    හැබැයි අපේ 30 අවුරුදු යුද්දේ ගැන හරියට ත්‍රෙඩ් එකක් දැක්කේ නෑ.
    මුල ඉදන්ම කරපු එක එක මෙහෙයුම් කොටසින් කොටස විස්තර කරලා ලියන්න පුලුවන්නම් වටිනවා
    ලංකාවේ යුද්දේ වැඩේ බන් හරි මුලාශ්‍ර නෑනේ මෙහෙයුම් පිළිවෙලට හොයාගන්නම නැති තරම් :-(
    එක්කෝ ආමි එකේ කෙනෙක්ගේ අත්දැකීම් වලින් ලියන්න ඕනේ ඒවා ලේසි නෑ බන්