.::[දෙවැනි ලෝක යුද්දයේ හැරවීම - Stalingrad සටන]::..

san**

Well-known member
  • Feb 21, 2012
    5,656
    8,865
    113
    kandy
    The Motherland Calls
    the_motherland_calls_5.jpg

    The “Motherland Calls” statue has great significance for the evolution of Russia’s political identity. During the Battle of Stalingrad in 1942, German soldiers stormed Russia on what is now Mamayev Kurgan Park in an attempt to gain control over the Soviet Union. The battle lasted five months, one week, and three days, and is regarded as one of the bloodiest battles of all time because of the non-stop warfare, air raids, and close combat fighting. The purpose of the Battle of Stalingrad for the Axis powers was to gain control over the industrial capacity of Stalingrad and block the nearby Volga River that was used for shipping oil and ammunition supplies. After months of fighting, the Russian army devised a series counter-attacks known as Operation Uranus that eventually succeeded in weakening the German army in 1943.

    In the course of the battle, tens of thousands Soviet soldiers died on Mamaev Kurgan. However, the counterattack by the Russian army marked a decisive moment in World War II history and shattered the German record of unprecedented winnings in the Eastern bloc. These factors contributed not only to Russia’s historical legacy as a strong and militarized nation but also to its cultural legacy of nationalism, pride, and propaganda. Most notably, the Russian counterattack that brought down the German army was later re-enacted, shown in a popular propaganda film and broadcasted throughout the world (Petrov, The Battle of Stalingrad). The statue’s status as the largest sculpture in the world at the time of completion sent a strong message to the world: that Russia was strong, powerful, and important and would not be intimidated. The Mother figure in “The Motherland Calls,” with her defiant expression and large sword, ultimately represents the archetypal image of the Russian Motherland. However, certain questions about the statue remain unanswered. It is unclear if the woman in the statue is simply shouting in triumph, or if she is making an impassioned call to the Russian people to rise in battle and prevent a similar massacre from occurring in the future (Polyakova, 2015).

    source- http://omeka.macalester.edu/courses...w/love-thy-mother--symbolic-moth/significance
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    දෙවැනි ලෝක යුද්ධයෙ නියම ගේම ගැහුවෙ රතු හමුදාව නමුත් ගොඩක් අය හිතන් ඉන්නෙ ඇමෙරිකාව තමයි ගේම ගැහුවෙ කියල. මම හිතන්නෙ ඒ පරමාණු බෝම්බ හෙලීම ඉතා ප්‍රසිද්ධ නිසා වෙන්න ඕනෙ. මේ යුද්ධය අද්‍යනය කරාම හිට්ලර් කියන්නෙ පට්ට මෝඩයෙක් කියල හිතන්නෙ නැද්ද? බටහිර නැගෙනහිර පෙරමුණු දෙකක එකවර යුද්ධය පටන් ගත්ත එක. හැබැයි හිට්ලර් operation punishment එක නවත්වල කෙලින්ම Operation Barbarossa පටන් ගත්තනම් ඔවුන් සමහරවිට moscow යටත් කරගන්න ඉඩ තිබ්බ. මොකද operation punishment නිසා හිට්ලර්ට රුසියාව ආක්‍රමණය කරන්න සති 2ක් පරක්කු උනා. ඒ සති දෙක අතිශය තීරණාත්මකයි මොකද එහෙම උනානම් winter එක එන්න කලින් ජර්මන් හමුදාවට මොස්කව් යටත් කරගන්න පුලුවන් කමක් තිබ්බ.
    පර්ල්_වරායට පහරදීම(Battle of Pearl Harbor - World War II) ගැනත් ත්‍රෙඩ් එකක් මන් දැම්ම කාලෙකට කලින් ඇමරිකන් එවුන් කෑවා සැරටම ඒකෙදි.
    හිට්ලර්ගේ මෝඩ තීරණ ලෝකෙම හොදට සිද්ද වෙන්න ඇති බන් වින්ටර් එකට කලින් Starlingrad ඇල්ලුවා නම් ගේමක් නැතුව මොස්කව් අල්ලාගෙන රුසියාවම අල්ලනවා එහෙම උනා නම් ඉතිහාසය සෑහෙන්න වෙනස් වෙන්න තිබ්බා :oops:

    Kursk සටන තමයි දෙවන ලෝක යුද්ධයේදී පමණක් නෙවේ මේ දක්වා යුද ඉතිහාසයේ සිදුවුන විශාලතම යුද ටැංකි සටන. සටන පැවතුනේ අති බිහිසුණු ප්‍රහාරක බලයක් හිමි ශක්තිමත් ජර්මානු tiger යුද්ද ටැංකිය සහ සැහැල්ලු, වේගවත් සහ අතිශය ක්‍රියාශීලී හැසිර වීමේ හැකියාවෙන් යුක්ත සෝවියට් T34 යුද්ධ ටැංකි අතර.

    සෝවියට් කර්මාන්ත ශාලාවලින් අඛණ්ඩව ගලා ආ T34 යුද ටැංකි සැපයුම් වලට පින්සිද්ද වෙන්න සහ රතු හමුදාවේ යුද ටැංකි භටයන්ගේ නව්‍ය යුද ටැංකි යුද උපක්‍රම හේතුවෙන් (T34 යුද ටැංකියේ වේගය සහ පහසුවෙන් හැසිරවීමේ හැකියාව ප්‍රයෝජනයට ගනිමින් ජර්මානු යුද ටැංකිවල එය හප්පා විනාශ කිරීම හෝ ළඟටම ගොස් ප්‍රහාර එල්ලකර විනාශ කිරීම) සෝවියට් දේශය මෙම සටන ජය ගන්නවා. මේ සටන ගැන එය පැවතුන ස්ථානයේ සිට දෙපාර්ශ්වයෙන්ම ප්‍රහාරක සැලසුම්, එහි සටන් කරපු ජර්මන් හමුදාවේ සහ රතු හමුදාවේ යුද ටැංකි භටයන්ගේ අදහස් දැක්වන ඇතුළත් නියම documentary එකක් යූටියුබ් එකේ තිබුන. මෙන්න ඒ video එක කැමති උන් බලපල්ලා.

    මේ Documentary එක බලන්න ඕනේ 🤩
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    පර්ල්_වරායට පහරදීම(Battle of Pearl Harbor - World War II) ගැනත් ත්‍රෙඩ් එකක් මන් දැම්ම කාලෙකට කලින් ඇමරිකන් එවුන් කෑවා සැරටම ඒකෙදි.
    හිට්ලර්ගේ මෝඩ තීරණ ලෝකෙම හොදට සිද්ද වෙන්න ඇති බන් වින්ටර් එකට කලින් Starlingrad ඇල්ලුවා නම් ගේමක් නැතුව මොස්කව් අල්ලාගෙන රුසියාවම අල්ලනවා එහෙම උනා නම් ඉතිහාසය සෑහෙන්න වෙනස් වෙන්න තිබ්බා :oops:

    මේ Documentary එක බලන්න ඕනේ 🤩

    ඒකනම් ඇත්ත මම කිව්වෙ හිට්ලර්ගෙ කෝණයෙන් හිතල. යුරෝපය අල්ලගන්න විශේශයෙන්ම ප්‍රංශය වගේ අල්ලගන්න හිට්ලර් යොදාගත්ත උපක්‍රම එක්ක බලද්දි මේවගේ මෝඩ තිරණයක් ගත්තෙ ඇයි කියල හිතාගන්න බෑ. අඩුතරමින් එංගලන්තය අල්ලගන්නකන්වත් රුසියාව අල්ලගැනීමේ සටන පරක්කු කරේ නැත්තෙ ඇයි කියල හිතාගන්න බෑ.

    ඔව් හිට්ලර් රුසියාව අල්ලගත්තනම් ඉතිහාසය මීටවඩා හුගක් වෙනස්වෙන්න තිබ්බ. ඒක එහෙම උනේ කාගෙත් හොඳට තමයි.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,545
    8,773
    113
    මම ලොකුවට මේවා ගැන අධ්‍යනය කරලා නෑ , හැබැයි මට හිතුන විදිහට හිටලර් රුසියාවට අත තියන්නේ නැතුව හිටියනම් අවසාන ප්‍රතිපලය ගොඩක් වෙනස් වෙන්න තිබ්බ.
     
    • Like
    Reactions: Executer

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,780
    5,753
    113
    ඒකනම් ඇත්ත මම කිව්වෙ හිට්ලර්ගෙ කෝණයෙන් හිතල. යුරෝපය අල්ලගන්න විශේශයෙන්ම ප්‍රංශය වගේ අල්ලගන්න හිට්ලර් යොදාගත්ත උපක්‍රම එක්ක බලද්දි මේවගේ මෝඩ තිරණයක් ගත්තෙ ඇයි කියල හිතාගන්න බෑ. අඩුතරමින් එංගලන්තය අල්ලගන්නකන්වත් රුසියාව අල්ලගැනීමේ සටන පරක්කු කරේ නැත්තෙ ඇයි කියල හිතාගන්න බෑ.

    ඔව් හිට්ලර් රුසියාව අල්ලගත්තනම් ඉතිහාසය මීටවඩා හුගක් වෙනස්වෙන්න තිබ්බ. ඒක එහෙම උනේ කාගෙත් හොඳට තමයි.
    හිට්ලර් ගත්ත තීරණේ වැරද්දක් කියන්න බැහැ බන්. ජර්මනිය කියන්නේ ලෝක යුද්දයක් ඇදන් යන්න අමාරු රටක්. ඔනේ කරන සම්පත් ගන්න තව රටක් අල්ල ගන්න ඔනේ. මොකද මුහුදු බලය සම්පූර්ණයෙන්ම තිබ්බේ එංගලන්තෙට. රුසියාවට ගහන එක නියමෙටම පෑලැන් කරලා කලේ. එක දවසින් ලෝකේ තිබ්බ ලොකුම ගුවන් හමුදාව නැති කරලා දාන එක වගේ දේයක් කරන්න වෙන්නෙ නැහැ. කර්ස්ක් දිනනකමි සෝවියට් එයාප්‍රෝස් එක කිසිම වැඩක් නැති වෙනවා. ස්වාස්තපෝල් එහෙම නැව් බර ගානක් විනාස වෙනා ගුවන් ආරක්ෂාව නැතුව. මුල් අවුරුද්ද වෙනකොට රුසියාව එක අතකින් පැරදිලා ඉවරයි. තියන ලොකුම නිශ්පාදක නගරේ සම්පූර්නයෙන් වට කරලා. මොස්කව් පේන මානේ. ඒත් සමහර තීරණ හින්දා සුකොව්ට වෙලාව ලැබෙනවා. අනික රුසියාවත් එක්ක යුද්ධ කරනවනම් මෙන ආයුධ කිබ්බත් වැඩක් නැහැ ලොජිස්ටික් නැතුව. ආයුධ තෙල් යවන්න වෙනවා කිලෝ මීටර් දාහස් ගානාක්. හැබයි මෙස්කව් ඇල්ලුවනම් රුසියාව යුද්ධෙ පරදිනවට වඩා ජර්මනියට ස්ථාවර වෙන්න පුළුවන් කමක් තිබ්බා. අන්තිමට හිට්ලර් තමන්ට වඩි දක්ෂයෙක් නැහැ කියලා හිතන්න ගත්තා ඒක තමා වැරදුනේ.

    ඇමරිකාව කරපු මහ ලොකුදෙයක් නැහැ. පරමාණු බෝම්බ නොදැම්මනම් එත් ජපානේ යටත් වෙනවා දවස් ගානකදි. නාගසාකි බෝම්බේ දාපු දවස උදේ රුසියාව මැංජූරියාවට පහර දෙනවා. එතකොට ජපානෙටත් පෙරමුණු දෙකකින් සටන් කරන්න වෙනවා. රතු හමුදාවත් එක්ක හැප්පෙන්න කොහොමවත් බැහැ ජප්පන්ට ඒවෙනකොට. ඇමරිකාවත් ජපානෙට ගොඩ බැහැලා ඒ වෙනකොට. හැබයි රුසියාවට ඇමරිකාවට වඩා බලගතු ආයුද ගේන්න පුළුවන් කම තිබ්බා පොඩි දුරක් හින්දා.
     
    මම කියවල තියෙනවා හිට්ලර් රතු හමුදාවෙන් මුලදි අල්ලගත්තු මිලියන ගානක් සෙබලු විශේශයෙන්ම නැගෙනහිර යුරෝපයේ ස්ටාලින්ගෙ යකඩ සපත්තුවෙන් මිරිකිලා හිටපු මිනිස්සු සෝවියට් සමූහාණ්ඩුවට විරුද්ධව සටන් කරන්න ඉදිරිපත් උනාලු. නමුත් හිට්ලර් උන්ගෙ උදව් අරගෙන නෑ. ඌත් ඒ මිනිස්සුන්ට ස්ටාර්ලින්ට වඩා හිරිහැර කරල. හැබැයි ඒ උදව් ගත්තනම් අනිවා හිට්ලර් මොස්කව් අල්ලනව.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,643
    14,290
    113
    දෙවැනි ලෝක යුද්ධයෙ නියම ගේම ගැහුවෙ රතු හමුදාව නමුත් ගොඩක් අය හිතන් ඉන්නෙ ඇමෙරිකාව තමයි ගේම ගැහුවෙ කියල. මම හිතන්නෙ ඒ පරමාණු බෝම්බ හෙලීම ඉතා ප්‍රසිද්ධ නිසා වෙන්න ඕනෙ. මේ යුද්ධය අද්‍යනය කරාම හිට්ලර් කියන්නෙ පට්ට මෝඩයෙක් කියල හිතන්නෙ නැද්ද? බටහිර නැගෙනහිර පෙරමුණු දෙකක එකවර යුද්ධය පටන් ගත්ත එක. හැබැයි හිට්ලර් operation punishment එක නවත්වල කෙලින්ම Operation Barbarossa පටන් ගත්තනම් ඔවුන් සමහරවිට moscow යටත් කරගන්න ඉඩ තිබ්බ. මොකද operation punishment නිසා හිට්ලර්ට රුසියාව ආක්‍රමණය කරන්න සති 2ක් පරක්කු උනා. ඒ සති දෙක අතිශය තීරණාත්මකයි මොකද එහෙම උනානම් winter එක එන්න කලින් ජර්මන් හමුදාවට මොස්කව් යටත් කරගන්න පුලුවන් කමක් තිබ්බ.
    oya monwa karath USSR ekath ekka hapenan amarui german army ekata hitler ka gathe opartion barbarossa patan gatha eka operation sea lion patan ganne nathuwa UK yatath kara gathanam D day ekak wenne na US eunta lesiyn troops genna bari wenawa germany walata ehema unanam russian front eka hold kara ganna thibba kohomath moscow yatath kara ganna wenne na stalingrad part 2 wenawa eka.
    පර්ල්_වරායට පහරදීම(Battle of Pearl Harbor - World War II) ගැනත් ත්‍රෙඩ් එකක් මන් දැම්ම කාලෙකට කලින් ඇමරිකන් එවුන් කෑවා සැරටම ඒකෙදි.
    හිට්ලර්ගේ මෝඩ තීරණ ලෝකෙම හොදට සිද්ද වෙන්න ඇති බන් වින්ටර් එකට කලින් Starlingrad ඇල්ලුවා නම් ගේමක් නැතුව මොස්කව් අල්ලාගෙන රුසියාවම අල්ලනවා එහෙම උනා නම් ඉතිහාසය සෑහෙන්න වෙනස් වෙන්න තිබ්බා :oops:

    මේ Documentary එක බලන්න ඕනේ 🤩
    ඒකනම් ඇත්ත මම කිව්වෙ හිට්ලර්ගෙ කෝණයෙන් හිතල. යුරෝපය අල්ලගන්න විශේශයෙන්ම ප්‍රංශය වගේ අල්ලගන්න හිට්ලර් යොදාගත්ත උපක්‍රම එක්ක බලද්දි මේවගේ මෝඩ තිරණයක් ගත්තෙ ඇයි කියල හිතාගන්න බෑ. අඩුතරමින් එංගලන්තය අල්ලගන්නකන්වත් රුසියාව අල්ලගැනීමේ සටන පරක්කු කරේ නැත්තෙ ඇයි කියල හිතාගන්න බෑ.

    ඔව් හිට්ලර් රුසියාව අල්ලගත්තනම් ඉතිහාසය මීටවඩා හුගක් වෙනස්වෙන්න තිබ්බ. ඒක එහෙම උනේ කාගෙත් හොඳට තමයි.
    හිට්ලර් ගත්ත තීරණේ වැරද්දක් කියන්න බැහැ බන්. ජර්මනිය කියන්නේ ලෝක යුද්දයක් ඇදන් යන්න අමාරු රටක්. ඔනේ කරන සම්පත් ගන්න තව රටක් අල්ල ගන්න ඔනේ. මොකද මුහුදු බලය සම්පූර්ණයෙන්ම තිබ්බේ එංගලන්තෙට. රුසියාවට ගහන එක නියමෙටම පෑලැන් කරලා කලේ. එක දවසින් ලෝකේ තිබ්බ ලොකුම ගුවන් හමුදාව නැති කරලා දාන එක වගේ දේයක් කරන්න වෙන්නෙ නැහැ. කර්ස්ක් දිනනකමි සෝවියට් එයාප්‍රෝස් එක කිසිම වැඩක් නැති වෙනවා. ස්වාස්තපෝල් එහෙම නැව් බර ගානක් විනාස වෙනා ගුවන් ආරක්ෂාව නැතුව. මුල් අවුරුද්ද වෙනකොට රුසියාව එක අතකින් පැරදිලා ඉවරයි. තියන ලොකුම නිශ්පාදක නගරේ සම්පූර්නයෙන් වට කරලා. මොස්කව් පේන මානේ. ඒත් සමහර තීරණ හින්දා සුකොව්ට වෙලාව ලැබෙනවා. අනික රුසියාවත් එක්ක යුද්ධ කරනවනම් මෙන ආයුධ කිබ්බත් වැඩක් නැහැ ලොජිස්ටික් නැතුව. ආයුධ තෙල් යවන්න වෙනවා කිලෝ මීටර් දාහස් ගානාක්. හැබයි මෙස්කව් ඇල්ලුවනම් රුසියාව යුද්ධෙ පරදිනවට වඩා ජර්මනියට ස්ථාවර වෙන්න පුළුවන් කමක් තිබ්බා. අන්තිමට හිට්ලර් තමන්ට වඩි දක්ෂයෙක් නැහැ කියලා හිතන්න ගත්තා ඒක තමා වැරදුනේ.

    ඇමරිකාව කරපු මහ ලොකුදෙයක් නැහැ. පරමාණු බෝම්බ නොදැම්මනම් එත් ජපානේ යටත් වෙනවා දවස් ගානකදි. නාගසාකි බෝම්බේ දාපු දවස උදේ රුසියාව මැංජූරියාවට පහර දෙනවා. එතකොට ජපානෙටත් පෙරමුණු දෙකකින් සටන් කරන්න වෙනවා. රතු හමුදාවත් එක්ක හැප්පෙන්න කොහොමවත් බැහැ ජප්පන්ට ඒවෙනකොට. ඇමරිකාවත් ජපානෙට ගොඩ බැහැලා ඒ වෙනකොට. හැබයි රුසියාවට ඇමරිකාවට වඩා බලගතු ආයුද ගේන්න පුළුවන් කම තිබ්බා පොඩි දුරක් හින්දා.

    හිට්ලර් මෝඩ කමට රුසියාව අල්ලන්න try කරා නෙවෙයි. ඇත්තටම උන්ට වෙන කරන්න දෙයක් තිබුනේ නෑ.

    දෙවෙනි ලෝක යුද්දේ පාර්ශව දෙක දිහා බැලුවම තියන ලොකුම වෙනස තමයි resources. UK උන්ට හෙන empire එකක් තිබ්බ, ඇමරිකාව industrial giant කෙනෙක් රුසියාව ස්වභාවික සම්පත් වලින් පිරිලා. axis පැත්ත බැලුවොත් ජපානේ දූපතක්, ඉතාලියේ industry එක බල්ලෝ බත් කන්නේ නෑ, ටිකක් හරි industrial nation එකක් ඉන්නේ germany උන්ටත් ස්වභාවික සම්පත් නෑ.

    ඉතින් ස්ටාලින් සප්ලයි නැවැත්තුව නම් germany හොම්බෙන් යන බව හිට්ලර් දනන් හිටිය. ඒකයි ඌ රුසියාව අල්ලන්න හැදුවේ. අනික මිනිහා හිතුව රුසියන් උන් ස්ටාලින් ගේ purges වලින් පස්සේ අනාත වෙලා ඉන්නේ කියල (කතාව වැරදිමත් නෑ මුල් හරියේ රතු හමුදාවට දෙන්නේ දුවන්න)

    නමුත් රුසියාව කියන්නේ හෙන විසාල rural රටක්. ජර්මන් හමුදාවට බැරි උනා මේ හරි හමන් පාරක්වත් නැති deep russian areas හරහා supply හරියට තියා ගන්න. winter එද්දී ජර්මන් සෙබළුන්ට සීතලට අඳින ඇඳුම් වත් හරියට ලැබිලා තිබුනේ නෑ කියනවා.

    Operation sealion උනත් සාර්ථක වෙන්න තිබ්බ ඉඩ ගොඩක් අඩුයි. ජර්මන් බුවාලාට RAF සමතලා කරන්න බැරි උනා. එහෙම කරත් Royal Navy එක Kriegsmarine එකට වඩා ගොඩක් ශක්තිමත්. සෑහෙන ජර්මන් සෙට් එකකට English channel එක පතුලේ නවතින්න පොටක් තමයි ඒ.

    ඔය දෙවෙනි ලෝක යුද්දේ ගොඩක් වැඩ කරේ US උන්ද Russia ද කියන එක නම් invalid argument එකක්. ඔය දෙගොල්ලොම ලොකු දායකත්වයක් දුන්න. කතාවට කියන්නේ යුද්දේ material cost එක (යුද්දේ කාලේ US උන් හැමෝටම supplies යැව්වා. රුසියාවට පවා) දැරුවේ ඇමරිකාව, human cost එක (රතු හමුදාවේ සෙබළු සහ රුසියන් මිනිස්සු සැහෙන්න මැරුණා) දැරුවේ රුසියාව කියල.

    කොහොමත් යුද්දේ පටන් ගද්දිම ජර්මන් උන්ට ඕනේ උනේ ඔය two front war එක වලක්වා ගන්න. අන්තිමට උනෙත් ඒකම තමයි.