මීට පෙර ලිපියෙන් අප පැහැදිළි කළේ සෙනසුරු ගේ ඒරාෂ්ටක අතුරෙන් ඉතාම ධරුණු ඒරාෂ්ටකය වන "ජම්ම ලග්න ඒරාෂ්ටකය" ගැනයි. ඒරාෂ්ටක පිළිබඳ ලියන 3වැනි ලිපියයි මේ. මුල් ලිපි දෙක පහතින් දැක්වේ.
ලග්නය කටකය වී ලබන ජම්ම ලග්න ඒරාෂ්ටකය ට පසු වඩාත්ම බලවත් ඒරාෂ්ටකය වන්නේ
ධනු ලග්න හිමියන්ට යෙදෙන "ජම්ම අෂ්ටම ඒරාෂ්ටකය" යි. ධනු ලග්න හිමියන්ගේ අට වැන්නට හෙවත් මාරක ස්ථානයට යෙදෙන්නේ කටක රාශිය බැවින් උපතේදී ධනු ලග්න හිමියකු ගේ අට වැන්නේ චන්ද්‍රයා සිටීමෙන් ජම්ම ඒරාෂ්ටකය හා අෂ්ටම ඒරාෂ්ටකය එකවිට ලබයි. සෙනසුරු හත් වැන්නේ දිග්බල බැවින් ද පුණ්‍යස්ථානයේ දරුණු අපල නොකරන බැවින් ද මෙම ඒරාෂ්ටකය යෙදෙන්නේ සෙනසුරු අට වැන්නේ (කටක රාශියේ) හැසිරෙන අවුරුදු 2. 1/2 ක කාලය තුල පමණි. එහෙත් ඒ අවුරුදු 2. 1/2 තුල විඳින්නට ඇති සියලු කටුක දුක් ගැහැට ආදිය විඳින්නට සිදුවේ (
දෙවැනි ලිපිය බලන්න). ඉතා බලවත් ආයුර් යෝග නොවන්නට එළඹෙන පළමු ඒරාෂ්ටක කාලයේ දී ම බොහෝවිට මරණය ළඟා වේ. දීර්ඝායු දෙන ඉතා බලවත් කේන්ද්‍රය නම් ජීවත් වේ. එහෙත් අනන්ත දුක් විඳින්නට සිදුවේ.
--
චන්ද්‍රයා අට වැන්නේ නොසිට ජම්ම ඒරාෂ්ටකය නොයෙදුනත් අට වැන්න වූ කටකයේ සෙනසුරු සැරිසරන කාලයේ ධනු ලග්න හිමියන්ට මහත් අපල සිදුවේ. උපත් බලයට අනුව කුමන හෝ නස්පැත්තියකට මුහුණ පාන්නට සිදුවේ. නින්දා අපවාද, ධන හානිය, දරුණු රෝග ව්‍යාධි, රැකියා තනතුරු ආදිය අහිමිවීම, සිරගතවීම් නීතිමය ගැටළු, ගැටුම් වලට මැදිවීම, නිවසේ සමඟිය නැතිවීම, පවුල් වියවුල්, අඹු දරු ආදී සමීපතමයින් ගේ හානිය වැනි ඕනෑම අරිටු ඵල එකක් හෝ බොහෝ ගණනක් වියහැකියි.
--
මතු සම්බන්ධයි