දෙවියන්ට ත් වින කඨින "සෙනසුරු" ගේ ඒරාෂ්ටක (අවසාන කොටස) 🪐😈

Lovtus

Well-known member
  • Apr 26, 2015
    13,212
    21,767
    113
    shani1.jpg

    සෙනසුරු ගේ ඒරාෂ්ටක පිළිබඳ ලියන අවසන් ලිපිය යි මේ. මින් පෙර පලකළ ලිපි තුන පහතින් දැක්වේ.
    --

    දෙවියන්ට ත් වින කඨින "සෙනසුරු" ගේ ඒරාෂ්ටක (1) 🪐😈

    දෙවියන්ට ත් වින කඨින "සෙනසුරු" ගේ ඒරාෂ්ටක (2) 🪐😈

    දෙවියන්ට ත් වින කඨින "සෙනසුරු" ගේ ඒරාෂ්ටක (3) 🪐😈

    --
    ඉහත ළිපි පරිශීලනය කිරීමෙන් ඒරාෂ්ටක හා එහි ඵල පිළිබඳ ඉතා හොඳ වැටහීමක් ලබාගැනීමට ඔබට හැකිවනවා ඇත. මේ ලිපියෙන් සෙනසුරු හෙවත් ශනි පිළිබඳ විමසා බලමු.

    --
    සෙනසුරු ග්‍රහයා යනු සෙනසුරු ග්‍රහ ලොව (Saturn) යැයි බොහෝ දෙනෙකු සාවද්‍ය ලෙස තේරුම් ගෙන සිටින බව නක්ඛත්ත ජාතකය ආදී තැන් උපුටමින් ඔවුන් කරන විවේචන අනුව අපට පසක් වේ. නක්ඛත්ත ජාතකයෙහි එන "බක්කත්තම් පතිමානේ හතං෴ අත්තෝ බාලං අපජ්ජමා෴ අත්තේ අත්තස්ස නක්ඛත්තං෴ කිං කරිස්සන්ති තාරකා" යන්නෙහි "කිං කරිස්සන්ති තාරකා - (අහසේ සිටින තාරකාවෝ කුමක් කරත් ද?" යන පාඨය උළුප්පමින් කරන්නා වූ ඒ විවේචන ආදිය කිසිදු පිහිටක් නැති හිස් ප්‍රලාප පමණි. (හැරත් නැකැත් බැලීම යන්නෙහි අරුත වන්නේ කටයුතු කල් දැමීමක් නොවේ. නැකැත් යෙදීමෙහි සැබෑ අරුත වනුයේ කල් වේලා ඇතිව සැලසුමකට අනුව ඒ ඒ කටයුතු සුදුසු වෙලාවේදී ක්‍රමානුකුලව යම් පිළිවෙලකට සිදු කිරීමයි). ජ්‍යෝතිෂ්‍ය මූලධර්ම වලට අනුව සෙනසුරු යනු හුදු සෙනසුරු නම් ග්‍රහ ලෝකය නොව, ඒ ග්‍රහලොව මුල්කොට ආධිපත්‍යය පතුරන ශක්තියකි. ශක්තියක් යනු යමක් මත යම් කාර්ය භාරයක් සිදුකිරීමට හැකියාව ඇති ස්වභාවයකි. කාර්‍යය සිදුකෙරෙන ශීඝ්‍රතාව අනුව බලය මැනෙයි. එබැවින් ග්‍රහයකු යනු බලයක් හෝ බලවේගයක් යැයි ගැනීමද වැරදිය. පදාර්ථ ද ඇතුළු විශ්වයේ සියල්ල යම් මොහොතක පවතින අවස්ථාවක් විනා අනෙකක් නොවේ. මේ සියලු අවස්ථා අනවරථව වෙනස් වෙමින් ගලයි. ඉන්ද්‍රිය ගෝචර දේ පමණක් පවතින්නේ යැයි සිතමින් පටු සීමාවක් සිරවී සිටින අයෙකුට ජ්‍යෝතිෂ්‍යය වැනි ශාස්ත්‍රයක් පත්තියම් නොවීම අපට අරුම නොවේ.
    තවද ග්‍රහයන් පුද්ගලාරෝපිතව යම් චරිතයකට ඔබ්බවා තිබීම ද බොහෝ අය වටහාගෙන තිබෙන්නේ වැරදියට බව ඔවුනගේ කියුම් කෙරුම් වලින් පෙනෙන්නට තිබේ. "සෙනසුරු ග්‍රහ තුමා" ආදී ආමන්ත්‍රණ වලින් මේ බව හොඳින් විද්‍යාමාන වේ. මා කියන්නේ එසේ ආමන්ත්‍රණය කිරීම වරදක් බව නොවෙයි. ඒ හරහා කෙනෙකුට "සෙනසුරු" නම් ප්‍රපංචය කුමක්ද යනු නිරවුල්ව දැනගැනීමට බාධා ඇතිවිය හැකි බවය. මේ ශාස්ත්‍රයේ සෙනසුරා කෙරෙහි පනවා ඇති චරිතයේ ලක්‍ෂණ කීපයක් මෙසේය;

    - ඉතා දරදඬු කිසිවක් අරභයා නොනැමෙන හිතක් සහ බරවායෙන් කොරව ගිය වම් පාදය ඇති මහළු යාචකයෙකි. යාචකයා වුවද රජුට පවා අභියෝග කරන විකල සිහි ඇත්තෙකි. සා පිපාසා දෙකෙන් නිතර පෙළෙයි. අපවිත්‍ර ස්ථාන, මහ මඟ අගුපිල් සොහොන් පිට්ටනි අම්බලම් ආදී තැන් වල වාසය කරයි. සැප විඳින ජනයා කෙරෙහි ඉතා තද ඉරිසියාවක් සහ නොසන්සිඳෙන ක්‍රෝධයක් ඇත. සියල්ලට ශාප කරයි. තමා විඳින දුක අනෙකුන්ද විඳිනවා දැකීමට කැමති වේ. කුසීතය. කිසිවක් ඉගෙනීමට නොපෙළඹෙයි. සිඟමනෙන් ජීවත් වීමට සතුටුය. ඉතා අවාසනාවන්ත කාලකන්ණි චරිතයකි. අවස්ථාව ලදවිට පලිගැනීමට පසුබට නොවෙයි. එහෙත් හිත වැටුණොත් දෙයක් නොකර අත් නොහරියි. දැඩිව වෙහෙසෙමින් දුකසේ වුව ඉලක්කය සපුරා ගනියි. ධනය ද උපයා සපයා දෙයි. මුලින් දුන් දෙය පසුව ඔහුම ආපිට උදුරා ගනියි. කෘශව වැහැරුණු මහල්ලා වුව ඉඳ හිට මනමාලකම් ද කරයි. -
    සෙනසුරු ට දී තිබෙන මේ චරිත ලක්‍ෂණ දන්නේ නම් සෙනසුරු අපලය ඇති අයෙකුට වන්නේ කුමක් දැයි පහසුවෙන් සිතාගත හැකිය. සත්‍ය වශයෙන් ග්‍රහයන් ඒ ඒ චරිත අරබයා අන්දවා ඇති හේතුව ද මෙයයි. මේ අනුව සෙනසුරුගේ ඒරාෂ්ටක ලැබූ විට ඇතිවන තත්වය කෙබඳු වනු ඇතිදැයි හොඳ අවබෝධයක් ඇතිකර ගැනීම අපහසු නැත.
    --
    ශනි / සෙනසුරු
    ලිංගනපුංශක
    අයත් රාශිමකර, කුම්භ
    උච්ච රාශියතුලා
    නීච රාශියමේෂ
    මූලත්‍රිකෝණ රාශියකුම්භ
    ස්වක්‍ෂේත්‍රමකර, කුම්භ
    ධාතුවායෝ
    දිශාවබටහිර
    දවසශනිදා / සෙනසුරාදා
    ගල්කාක නිල
    ලෝහයකඩ
    අයත් ශරීරාංගවම් පාදය, ඇට, දත්, මිදුළු, සන්ධි
    හොඳ ගතිඉවසීම, වෙහෙසවී වැඩ කිරීම, වගවීම, අධිෂ්ඨානශීලි බව
    නරක ගතිඅශුභවාදී බව, විචිකිච්චාව, ක්‍රෝධය, පළිගැනීම, අධික ආත්මාර්ථකාමී බව
    වෘතිය මෙහෙකාර
    වාසයකසළස්ථාන, සොහොන් පිට්ටනි, මුඩු බිම්
    මන්ත්‍රයඕං ෂාම් ශනිචාරයා නමඃ
    වාහනය කපුටා
    අවතාරය ඉදිබු
    ආයුධය නදවටය
    වර්ණය කළු
    කෘර ග්‍රහයෙකි
     
    Last edited:

    vishwadt

    Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    දෙවියන්ට කෙන්දර් හදන්න පුළුවන්ද?
    උපන් වේලාව. උපන් ස්ථානයට අදාල අක්ෂාංශ දේශාංශ ගන්නේ කොහොමද? අනෙක දිවියාලෝකට පායාන්නේ අපිට පායන හිරු සඳු ද
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,212
    21,767
    113
    එල මචං :love:
    ලිස්ට් එකේ කපුටාස් ගැන සදහනකුත් දාමු නේ :D
    ආහ් ඔව් 😇 . ඔන්න දැම්මා. බෝම ස්තුතියි මතක් කළාට.
     
    • Love
    Reactions: LZP1992

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,212
    21,767
    113
    මේ ලිපියේ PDF එකක් හැදුවා. වැඩ ද බලන්න.
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,212
    21,767
    113
    දෙවියන්ට කෙන්දර් හදන්න පුළුවන්ද?
    උපන් වේලාව. උපන් ස්ථානයට අදාල අක්ෂාංශ දේශාංශ ගන්නේ කොහොමද? අනෙක දිවියාලෝකට පායාන්නේ අපිට පායන හිරු සඳු ද
    @scurvy අම්මගෙන් අහලා හරි මෙන්න මූට උත්තරයක් දියන් පොන්න දෙයියා