දෙවියන්ට ත් වින කඨින "සෙනසුරු" ගේ ඒරාෂ්ටක (2) 🪐😈

Lovtus

Well-known member
  • Apr 26, 2015
    10,168
    18,523
    113
    Shani_graha.jpg

    --​
    සෙනසුරු ගේ ඒරාෂ්ටක යනු කුමක්ද? ඒරාෂ්ටක වර්ග මොනවාද? ඒරාෂ්ටක යෙදෙන්නේ කෙසේද? වැනි ප්‍රශ්න ආවරණය කරමින් ලියු පෙර ලිපියේ දෙවැනි දිගුව යි මේ. මුල් ලිපියේ සබැඳුම පහතින් දැක්වෙයි.

    දෙවියන්ට ත් වින කඨින "සෙනසුරු" ගේ ඒරාෂ්ටක (1) 🪐😈

    --
    ඒරාෂ්ටක වර්ග හතර අතුරෙන් වඩාත්ම බලවත් වන්නේ "ජම්ම ඒරාෂ්ටකය" බව මින් පෙර කියා ඇත. උපතේදී චන්ද්‍රයා ලග්නයේ සිටීමෙන් "ලග්න ඒරාෂ්ටකය" සහ "ජම්ම ඒරාෂ්ටකය" යන දෙකම එකවිට යෙදීම සිදුවෙයි. මේ ඒරාෂ්ටක දෙකේ සමගාමී යෙදුම ඒරාෂ්ටකයක් තනිව යෙදුනාට වඩා බලවත් වෙයි. තවද රාශි චක්‍රයේ සෙනසුරු ට වඩා නරක රාශිය වන්නේ 'කටකය' යි. ජල ග්‍රහයා වූ චන්ද්‍රයාට අයත් ජල රාශියේ දී රුක්ශ කර්කශ සෙනසුරු පරළ වේ. සෙනසුරු කටක රාශියේ හැසිරෙන කාලය පොදුවේ මුළු ලොවට ම බොහෝ නරක කාලයක් බව කිවයුතුය. එහෙයින් ලග්නය කටකය වී චන්ද්‍රයා එහි සිටයදී යෙදෙන සමගාමී ඒරාෂ්ටක, ලග්නය වෙනත් රාශියක් ව යෙදෙන ඒරාෂ්ටක වලට වඩා දරුණුය. තවද උපතේදී සෙනසුරු චන්ද්‍රයා ට පූර්ණ දෘෂ්ටි දෙමින් අශුභයේ සිටියදී ලග්නයේ සිටි චන්ද්‍රයා ට ගුරු වැනි ශුභයෙකුගේ දෘෂ්ටි නොවැටී සෙනසුරු ගේ දෘෂ්ටිය පමණක් වැටුණේ නම් ද, චන්ද්‍රයා සිටි අංශකය සෙනසුරු ගේ නම් ද, සෙනසුරු ද ආගම අවස්ථාවේ සිට වර්ගෝත්තමාදී වශයෙන් බලවත් නම් ද, ඒරාෂ්ටක යෙදෙන කාලය ත් චන්ද්‍රයා ගේ මහදශාව නම් ද, එසේ යෙදෙන ඒරාෂ්ටකය වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම "සෙනසුරු ගේ ජම්ම-ලග්න ඒරාෂ්ටකය" වන්නේය. එවැනි ඒරාෂ්ටකය යෙදුනේ නම්;

    begger.jpg


    1. සෙසු සියලු ග්‍රහ ඵල, යෝග ඵල, දශා ඵල සුනු විසුනු කරමින් ඒරාෂ්ටක ඵල පමණක් දෙයි.
    2. ඒරාෂ්ටක ලැබූ නුදුරේ ම ජන්මියාගේ වම් පාදය ආබාධිත වෙයි. සුළු ප්‍රමාණයේ තුවාලයක් වුව කොතෙකුත් සත්කාර කළද කාලයත් සමඟ ඔඩු දුවමින් වණවෙයි. අසීමිත වේදනා දෙමින් ඔත්පළ කරයි.
    3. සිහිය විකල් වෙයි.
    4. ගෙවෙන වයසට අනුව සිදුවිය හැකි සියලු විපත් සිදුවෙයි.
    5. වයසට හෝ තත්වයට නොනිසි අනේක අපවාද ලබයි. පවුලේ සමීපතමයන් පවා පිළිකුල් කරයි. තැතිගත් සැකමුසු අප්‍රකට වාසය වේ. බොහෝ විට ඇවිද ගන්නට හැකිනම් ගෙදරින් හොරාට පැන ගොස් දුර පළාත්වල සැඟවෙමින් සිඟමින් අවු වැසි මදුරු ආදී සියලු පීඩා ලබමින් කකුල් වලින් රුධිර වගුරමින් සැතපුම් ගණන් පයින් ඇවිදියි. සා පිපාසා දෙකෙන් මිරිකෙමින් දුක් විඳියි. කිසි කලෙකත් පානය සඳහා පිරිසිදු ජලය නොලැබී යයි. මාස ගණන් ඇඳි වත හෝ නොසෝදා ස්නානය නොකර සිට දුගඳ පතුරන ඕජස ගලන වණ තුවාල වලින් ගහණ මෙලොව ප්‍රේතයෙක් බවට පත්වෙයි.
    6. ඒරාෂ්ටකයේ මැද චන්ද්‍රයා සිටි නවාංශකයේ සෙනසුරු සරන අතරේ මහ මඟ දී හෝ ප්‍රාණය නිරුද්ධ වේ.
    --
    මතු සම්බන්ධයි.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    21,517
    32,181
    113
    කෑගල්ල
    ට හුඩු ලබන අවුරුදේ සෙනසුරු ම්හ දසව. රට ගිහිල්ල කිලිනින් ජොබ් එකක් වත් සෙට් වෙයි වගේ මේ කියන විදිහට.
     
    • Haha
    • Wow
    Reactions: NRTG and Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    10,168
    18,523
    113
    ට හුඩු ලබන අවුරුදේ සෙනසුරු ම්හ දසව. රට ගිහිල්ල කිලිනින් ජොබ් එකක් වත් සෙට් වෙයි වගේ මේ කියන විදිහට.
    ඒරාෂ්ටක ත් එනවද? :confused:
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    21,517
    32,181
    113
    කෑගල්ල
    ඒරාෂ්ටක ත් එනවද? :confused:
    දනු ලග්නේ නිසා අහු වෙයි නේද? හාමුදුරුවෝ නම් වෙලාව බලල ගිය මාසේ කිවේ කිසිම බලපැමක් නෑ. මොනවත් කරන්න ඔනේ නැ කියලා. වෙන එකෙක්ට නම් බෝදි පුජාවක් හරි කරන්න කියනවා නිකමට හරි. :lol:
    මගෙන් ඇහුවා ජොබ් එකට අමතරව තනියම තමන්ගේ වැඩක් කරගෙන යනවද කියලා. මුලින් නැ කිවා. මට පස්සේ මතක් උනේ. ෆයිවරේ වැඩ කරන එක. පස්සේ කිවා ලබන අවුරුද්ද වෙනකොට එක්කෝ රට යයි, නැත්තන් ඔය කරන වැඩේ හොදටම කරගනී කියලා
     
    • Love
    Reactions: NRTG and Lovtus

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,272
    966
    113
    එතකොට ශනි කටකයෙ සඳු මකරයේ (කන්‍යා ලග්නය ) සෙනසුරු දශාව ලැබුවම කොහොමද තත්ත්වය දරුවන්ට
     
    • Like
    Reactions: NRTG and Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    10,168
    18,523
    113
    දනු ලග්නේ නිසා අහු වෙයි නේද? හාමුදුරුවෝ නම් වෙලාව බලල ගිය මාසේ කිවේ කිසිම බලපැමක් නෑ. මොනවත් කරන්න ඔනේ නැ කියලා. වෙන එකෙක්ට නම් බෝදි පුජාවක් හරි කරන්න කියනවා නිකමට හරි. :lol:
    මගෙන් ඇහුවා ජොබ් එකට අමතරව තනියම තමන්ගේ වැඩක් කරගෙන යනවද කියලා. මුලින් නැ කිවා. මට පස්සේ මතක් උනේ. ෆයිවරේ වැඩ කරන එක. පස්සේ කිවා ලබන අවුරුද්ද වෙනකොට එක්කෝ රට යයි, නැත්තන් ඔය කරන වැඩේ හොදටම කරගනී කියලා
    ධනු ලග්නෙට ලග්න ඒරාෂ්ටක ඉවරයි දැන්

    එතකොට ශනි කටකයෙ සඳු මකරයේ (කන්‍යා ලග්නය ) සෙනසුරු දශාව ලැබුවම කොහොමද තත්ත්වය දරුවන්ට
    ඒ කියන්නේ දැන් ජම්ම ඒරාෂ්ටක ගෙවෙමින් තියෙන්නේ
    ------ Post added on Mar 30, 2023 at 3:54 PM
     
    • Like
    Reactions: NRTG