දෙවියන්ට ත් වින කඨින "සෙනසුරු" ගේ ඒරාෂ්ටක (1) 🪐😈

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,892
    21,432
    113
    saturn.jpg

    සෙනසුරු හෙවත් ශනි ගේ ඒරාෂ්ටකය පිළිබඳ නොදන්නා කෙනෙකු මේ රටේ ඇතැයි සිතීම උගහටය. "හිඟන්නා ගේ පාත්තරේට හෙනහුරා කඩා පාත් වුණා වගේ", "හෙනහුරා ලබලා ද?", "කොහෙන් ආපු හෙනහුරෙක්ද මේ?" වැනි ග්‍රාමීය ව්‍යවහාර අනුව සිතුවොත් සමාජයේ 'සෙනසුරා' පිළිබඳ ඇති නිසඟ දැනුම හා ආකල්පය කෙබඳු එකක් දැයි වටහා ගැනීම අසීරු නැත. ජන විඥ්ඥානය කෙරෙහි මෙතතරම් බලපෑමක් සිදුකළ වෙනත් ග්‍රහයෙක් නැති තරම් ය. විෂ්ණු දෙවියන්ට ත් බටකොළ කැවූ සෙනසුරු ගැන නොදන්නේ කවුද!
    ඇතැම් භාරතීය ජනප්‍රවාදයන්ට අනුව සෙනසුරු යනු යම රජුගේ පෙරගමන්කරුවා ය. එනම් යමෙකු මෙලොවදී ලබන කර්ම ඵල විපාක සෙනසුරු ලබාදෙන අතර එලොවදී ලබන කර්ම ඵල විපාක යම රජු ලබාදෙයි.
    ශනි ගෙන් වන බලපෑම මහදශාවේදී හෝ අතුරු දශාවේදී හෝ ඒරාෂ්ටක කාලයේදී තීව්‍ර වේ. මා දන්නා තරමින් මේ දක්වා (28/03/2023) සිංහල භාෂාවෙන් ලියැවී ඇති කිසිදු ග්‍රන්ථයක හෝ වෙනත් කිසිදු මුලාශ්‍රයක "ඒරාෂ්ටක" යනු කුමක් දැයි අර්ථ පැහැදිළි කරදී නැත. මෙරට කීර්තිමත් ජ්‍යෝතිර් වේදියකු වූ හෙන්ද්‍රික් ද සිල්වා හෙට්ටිගොඩ ශුරින් ඔහුගේ "ජීවිතය සහ ග්‍රහයෝ" නම් ග්‍රන්ථයේ 17 පරිච්ඡේදය ආරම්භයේදීම කියා ඇත්තේ "මේ නම කෙසේ ව්‍යවහාරයට පැමිණියේද යනු විස්තර කර නැත." යනුවෙනි. සැබවින්ම "ඒරාෂ්ටක" සංස්කෘත යෙදුමේ සරල අරුත වන්නේ "හත හමාර (7.5)" යන්නයි (එර + අෂ්ටක --> අටෙන් පෙර භාගය ). ශනිගේ ඒරාෂ්ටක කාලය වර්ෂ 7. 1/2 ක් පමණ වන බැවින් මේ යෙදුම භාවිතා කර ඇතැයි සිතිය හැකිය.

    ශනි ගේ ඒරාෂ්ටක වර්ග හතරක් වේ.

    i. ලග්න ඒරාෂ්ටක.
    ii. ජම්ම ඒරාෂ්ටක.
    iii. චතුර්ථ ඒරාෂ්ටක.
    iv. අෂ්ටම ඒරාෂ්ටක.

    ශනි චාරයෙන් ජන්මියාගේ කේන්ද්‍රයේ 12 වැන්නට ඇතුළු වීමෙන් "ලග්න ඒරාෂ්ටකය" ලබයි. 2 වැන්නෙන් පිටවීමෙන් ලග්න ඒරාෂ්ටකය ගෙවෙයි. සම්පුර්ණ කාලය අවුරුදු 7. 1/2 පමණ වේ.
    චන්ද්‍රයා සිටි රාශියට 12 වැන්නට ඇතුළුවී චන්ද්‍රයාගෙන් 2 වැන්නෙන් නික්ම යෑමෙන් "ජම්ම එරාෂ්ටක" කාලය ගෙවෙයි. මෙයද අවුරුදු 7. 1/2 ක කාලයකි.
    4 වැන්නේ හැසිරෙන කාලය "චතුර්ථ ඒරාෂ්ටකය" වන අතර 8 වැන්නේ හැසිරෙන කාලය "අෂ්ටම ඒරාෂ්ටකය" වේ. චතුර්ථ හා අෂ්ටම එරාෂ්ටක කාලය අවුරුදු 2. 1/2 බැගින් ය. අර්ථදැක්වීම අනුව මේවාට "එරාෂ්ටක" යැයි කීම නිවැරදි නැතත් සෙනසුරුගේ අපල කාලයන් සඳහා පොදුවේ ඒ යෙදුම පිළිගෙන තිබේ. නිවැරදි යෙදුම වන්නේ 'දහීය කාල' යනුයි.
    මේ අතරින් වඩා බලවත් වන්නේ 'ජම්ම ඒරාෂ්ටකය' යි. ඉනික්බිති පිළිවෙලින් 'ලග්න ඒරාෂ්ටකය', 'අෂ්ටම ඒරාෂ්ටකය' හා 'චතුර්ථ ඒරාෂ්ටකය' බලවත් වේ. අවසානයට කී 'චතුර්ථ ඒරාෂ්ටකය' බොහෝ අවස්ථා වල නොසලකා තිබෙන බව පෙනෙන්නට ඇත.
    --
    මතු සම්බන්ධයි.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,892
    21,432
    113
    එක පාරක් ඒරාෂ්ඨකයක් ලැබුහම ඒක දෙවෙනි පාර ලබන කොට අශුභ පල , හානි අඩුයි
    ඔව් එහෙම තමයි. ඒරාෂ්ටකයෙන් ඉපදුන අයගේ කේන්දරේ බලවත් කියන්නේ ඒකයි :yes:
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,086
    198,586
    113
    Colombo, Sri Lanka
    ELKIRI (y)

    "චන්ද්‍රයා සිටි රාශියට 12 වැන්නට ඇතුළුවී චන්ද්‍රයාගෙන් 2 වැන්නෙන් නික්ම යෑමෙන්".......මේක පොඩ්ඩක් පැහැදිලි මදි.. :unsure:
    ------ Post added on Mar 28, 2023 at 11:16 PM
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,687
    6,010
    113
    @ගෙදර
    කෙනෙක්ට වෙන්න පුලුවන් නරකම දේ
    තමන්ගේ ජිවිතේ හොදම වයසේ ඒරාශ්ටකයක් එන එක :)
     
    • Like
    Reactions: Lovtus and NRTG

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,892
    21,432
    113
    ELKIRI (y)

    "චන්ද්‍රයා සිටි රාශියට 12 වැන්නට ඇතුළුවී චන්ද්‍රයාගෙන් 2 වැන්නෙන් නික්ම යෑමෙන්".......මේක පොඩ්ඩක් පැහැදිලි මදි.. :unsure:
    ------ Post added on Mar 28, 2023 at 11:16 PM
    12 වැන්න කියන්නේ ලග්නයට පෙර භාවය හෝ රාශිය. 2 වැන්න කියන්නේ ලග්නයට පසු භාවය හෝ රාශිය. උදාහරණයකට කිවුවොත් පසුගිය ජනවාරි 17 දා සෙනසුරු කුම්භ රාශියට ඇතුළු වුන නිසා මීන ලග්න හිමියන්ට සෙනසුරු ගේ ඒරාෂ්ටකය ජනවාරි 17 ලැබුවා. මී ළඟට මීන රාශියට ත් මේෂ රාශියටත් පිළිවෙලින් සංක්‍රමණය වෙලා 2025 අප්‍රේල් වගේ වෙද්දී මේෂ රාශිය පහුකරලා වෘෂභ රාශියට සංක්‍රමණය වුණාම ඒරාෂ්ටකය නිමා වෙනවා. මේ රාශි 3 පහුකරලා යන්න සෙනසුරුට අවුරුදු 7. 1/2 ක් විතර ගතවෙනවා. ඒ අවුරුදු 7. 1/2 මීන ලග්න හිමියන්ට ඒරාෂ්ටක කාලය වෙනවා.
     
    • Like
    • Love
    Reactions: Solo Rider and NRTG

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,892
    21,432
    113
    කෙනෙක්ට වෙන්න පුලුවන් නරකම දේ
    තමන්ගේ ජිවිතේ හොදම වයසේ ඒරාශ්ටකයක් එන එක :)
    ඔයා කියන කතාවේ ඇත්තක් තියෙනවා. ඒත් මේකේ සැලකිය යුතු ධනාත්මක පැත්තකුත් තියෙනවා. ජීවිතයේ හොඳම කාලය කියන එකෙන් අදහස් කරන්නේ යොවුන් විය හෝ තරුණ වයස නම් ඒරාෂ්ටක කියන්නේ තරුණ ජීවිතයට හොඳ පන්නරයක් එක් කරන කාලයක්. ජීවිතයේ මුනදෙන්න වෙන දුක් කම්කටොළු බාධක වගේ දේවල් අනෙක් අතින් වටිනා අත්දැකීම් වෙනවා. එරාෂ්ටක කාලය තුල ලබපු අත්දැකීම් එරාෂ්ටක නිමාවෙලා යද්දී ජීවිතය අලුතෙන් පටන් ගන්න හොඳ ජවයක් සපයනවා. මේ ගැන හොඳ විස්තරයක් ඒරාෂ්ටක ගැන ලියන ලිපි මාලාවේ අන්තිම ලිපියෙන් ඉදිරිපත් කරන්නම්.
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394

    කුම්භ ලග්නෙට කොකොහොමද බන් මේ කාලේ....?
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,827
    1,511
    113
    මේ කියන විදිහට සෙනසුරු ඒරාශ්ඨක නෑති කාලයක් නෑ වගේනේ..

    12,1,2, - 3,4,5 - 7,8,9 මේ ඔක්කොම ඒරාශ්ඨක නේ ද?

    මගේ කේන්ද්‍රය බලපු කෙනෙක් කාලෙකට කලින් කියපු විදිහට සෙනසුරුගෙන් තමයි ලු මට ලැබෙන්නෙ .. හැබැයි දශාව ඉවර වෙන කොට ඔක්කොම නැතිවෙනවලු ...

    බලන් ඉන්නව මොකද වෙන්නෙ කියල ..
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,086
    198,586
    113
    Colombo, Sri Lanka
    12 වැන්න කියන්නේ ලග්නයට පෙර භාවය හෝ රාශිය. 2 වැන්න කියන්නේ ලග්නයට පසු භාවය හෝ රාශිය. උදාහරණයකට කිවුවොත් පසුගිය ජනවාරි 17 දා සෙනසුරු කුම්භ රාශියට ඇතුළු වුන නිසා මීන ලග්න හිමියන්ට සෙනසුරු ගේ ඒරාෂ්ටකය ජනවාරි 17 ලැබුවා. මී ළඟට මීන රාශියට ත් මේෂ රාශියටත් පිළිවෙලින් සංක්‍රමණය වෙලා 2025 අප්‍රේල් වගේ වෙද්දී මේෂ රාශිය පහුකරලා වෘෂභ රාශියට සංක්‍රමණය වුණාම ඒරාෂ්ටකය නිමා වෙනවා. මේ රාශි 3 පහුකරලා යන්න සෙනසුරුට අවුරුදු 7. 1/2 ක් විතර ගතවෙනවා. ඒ අවුරුදු 7. 1/2 මීන ලග්න හිමියන්ට ඒරාෂ්ටක කාලය වෙනවා.
    Thanks Bro ... 🙏
     
    • Like
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,892
    21,432
    113
    මේ කියන විදිහට සෙනසුරු ඒරාශ්ඨක නෑති කාලයක් නෑ වගේනේ..

    12,1,2, - 3,4,5 - 7,8,9 මේ ඔක්කොම ඒරාශ්ඨක නේ ද?

    මගේ කේන්ද්‍රය බලපු කෙනෙක් කාලෙකට කලින් කියපු විදිහට සෙනසුරුගෙන් තමයි ලු මට ලැබෙන්නෙ .. හැබැයි දශාව ඉවර වෙන කොට ඔක්කොම නැතිවෙනවලු ...

    බලන් ඉන්නව මොකද වෙන්නෙ කියල ..
    12, 1, 2 සෙනසුරු ගොචරයේදී ලග්න ඒරාෂ්ටකය ත්, 4 දී චතුර්ථ ඒරාෂ්ටකය ත්, 8 අෂ්ටම ඒරාෂ්ටකය ත් පවතිනවා. ජන්ම ඒරාෂ්ටකය චන්ද්‍රයාගේ පිහිටීම අනුව තීරණය වෙන්නේ. ඒරාෂ්ටක හැමෝටම එකවගේ බරපතළ අපල කරන්නේ නෑ. අපල වල ස්වභාවය කේන්ද්‍ර බලය අනුව නිගමනය කරන්න වෙනවා. 3, 5, 6යන තැන්වල හෝ ඒවාට 2, 12 චන්ද්‍රයා නැත්නම් ඒරාෂ්ටක නෑ. 7 සහ 9 කොහෙත්ම ඒරාෂ්ටක යෙදෙන්නේ නෑ.

    කුම්භ ලග්නෙට කොකොහොමද බන් මේ කාලේ....?
    කුම්භ ලග්නෙට මේ දවස්වල ඒරාෂ්ටක
    ------ Post added on Mar 29, 2023 at 7:23 PM
     
    • Like
    Reactions: Solo Rider and NRTG