දෙවියන් ගේ කැමැත්ත!

obama2

Member
Apr 18, 2012
424
30
0
දෙවියන් ගේ කැමැත්ත!

දෙවියන් ගේ කැමැත්ත!

Posted: 3:27 pm, June 7, 2014
endotracheal-tube-fixer-685x280.jpg




ගොඩක් අය අපෙන් අහන ප්‍රශ්ණයක් තමයි ඔයාලගේ භෞතිකවාදය මොකක්ද කියලා. අපිට නම් පේන්නේ ඔයාලා විඥාණවාදීන් වගෙයි. මෙහෙම කියන්නම් අපි ද්‍රව්‍ය වලින් තොර භෞතිකවාදීන් ( Materialism Without Matter ) ඒ කියන්නේ මොකක් ද? අපි මේක උදාහරණයකින් තේරුම් ගමු.


Alfred Hitchcock කියන ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂකවරයා විසින් අධ්‍යක්ෂණය කරන ලද Vertigo (1958) ච්ත්‍රපටියේ කතා නායකයා දවසක් පාලමක් අසලින් මගන් කරන විට ඒ පාමුලින් ජලයට පනින තරුණියක් දැක ඇයව බේරගෙන තම මෝටර් රථයෙන් ඔහු ඇයව නිවසට රුගෙන එනවා. පසුව මේ ච්ත්‍රපටියේ රූපරාමුවක් කාන්තා ඇදුම් කිහිපයක් වෙත යොමු වෙනවා. ඊළග රූපරාමුව ඇදේ වැතිරිලා ඉන්න පෙරකී කාන්තාවගේ රූපයකින් ඡේදනය වෙනව. මේ ච්ත්‍රපටිය නරඹපු එරට රැගුම්පාලක මණ්ඩලය මේ ඇදුම් වේලෙන්න දාලා තියෙන දර්ශනය ඉවත් කරන්න යැයි කියනවා. අධ්‍යක්ෂකවරයා ඒ කුමටදැයි අසනවා. ඔවුන් පවසන්නේ එම දර්ශණය මගින් මේ දෙදෙනා අතර ලිංගික සංසර්ගයක් සිදුවූ බව පිළිඹිබු වන නිසා බවයි. මේ අය මොන අහිංසක මිනිහවද වල් විදිහට හිතෙන එකෙන් මේ බේරගන්න හදන්නේ. අපි වල් වෙනවද නැද්ද කියන එක බලාගෙන ඉන්නේ කවුද? ඇත්තටම එහෙම බලාගෙන ඉන්න කෙනෙක් නැහැ. ඒ වුනත් අපි හිතනවා එහෙම කෙනෙක් ගෙන් අපිව පාලනය වෙනවා කියලා. ඒක ඇත්තක් නෙමෙයි. මෙතනදී වෙන්නේ අදහසක් ද්‍රව්‍යයක් ආකාරයෙන් අපිව පාලනය කරන එකයි. අපේ භෞතිකවාදය ආත්මීය විඥාණවාදයක් නෙමෙයි.


අපි දැන් දොස්තරලගේ ප්‍රශ්ණයට එමු. ඒ අය ගිය ආත්මයේ පිං කරපු නිසා තමයි මේ ආත්මයේ මේ රැකියාව ලැබිලා තියෙන්නේ. ඒ අයට ඉගෙන ගන්න මුදල් වියදම් කරන්නේ පොදු ජනතාව නෙමෙයි. දෙවියෝ. ඒ අය ප්‍රතිකාර කරනවා නෙමෙයි. දේව කැමැත්තට අනුව වැඩ කරනව. එතකොට ජනාධිපති ගේ ඉදන් ඇමති සුදු බණ්ඩා දක්වා ඕකකොම අය හිතන් ඉන්නේ දොස්තරලා කියන්නේ දෙවියෝ,අපි දෙවියන් ගෙන් පාලනය වෙනව. ඒ නිසා දෙවියන්ට විරුද්ධව යන්න බයයි. හැබැයි දොස්තරලා දන්නවා තමන් දෙවියන් නෙමයි කියලා. ගාණක් හොයා ගන්න ලැබුන මේ චාන්ස් එකෙන් උපරිම ලාභයක් ගරාගන්න එක තමයි මේ අයගේ වැඩේ. එක පැත්තකින් දොස්තරලා දෙවියෝ කියලා හිතන මෝඩයන් පිරිසක් ඉන්නවා. අනෙක් පැත්තෙන් තමන් දෙවියන් කියලා හිතන මෝඩයන් පිරිසක් ඉන්න නිසා ගාණක් හම්බකර ගන්නට පුළුවන් බුද්ධිමතුන් පිරිසක් බවට දොස්තරලා පත්වෙලා ඉන්නවා.


ඇත්තටම දොස්තරලා ඹෞෂධ සමාගම් එක්ක කරන පොඩි බිස්නස් එකක් නිසා රෝගීන් ගේ ජීවිත පරදු තියනව. ග්ලැක්සෝ වගේ සමාගම් වලින් දොස්තරලට තුටු පඩුරු පූජා වට්ට් විදහට කාර් ලබා දෙනවා. පිටරට සවාරි ලබා දෙනවා. මුළු ලෝකයේම දෛනිකව මියයන මිනිසුන්ගෙන් බහුතරයක් කියන්නේ බේරා ගන්නට හොදටම පුළුවන්කම තියෙන නමුත් මිය යන්නට සිදුවන අයයි. උදාහරණයක් විදිහට වයස අවුරුදු 30 ක තරුණයෙක් හදිසියේ අසනීප වෙලා රෝහල් ගත කරනවා. ඔහුට ඇත්තේ Hypertension රෝගයයි යැයි අපි උපකල්පනය කරමු. මේ රෝගයේ රෝග මූලයට හේතු විය හැකි මානසික කාරණා ගනනාවක් තියෙනවා. ඒ වගේම හදිසියේම මේ වගේ තත්ත්වයක් ඇතිවෙලා පසුව සුව වන්නට පුළුවන්කම තියෙනවා. නමුත් දොස්තරලා කරන්නේ දිගටම බෙහෙත් ගතයුතු බවට නිර්දේශ කිරීමයි. දිගින් දිගටම ඖෂධ භාවිතය නිසා මේ තරුණයාට දියවැඩියාව,කොලෙස්ටරෝල්,වකුගඩු ආසාදන,අක්මාමේ ආසාදන, ඇතුලු රෝග දාමයකට මුහුණ දෙන්නට සිදු වෙනවා. මෙවැනි තරුණයෙක් වසර 60ක් ජීවත් වුවහොත් අවුරු තිහක්ම බෙහෙත් බොනවා. එය ලෝකයේ ඖෂධ සමාගම් වලට අතිශයින්ම වැදගත් ත්ත්වයක්. මේ ගැන මේ දොස්තරලා නොදන්නවා නෙමෙයි. දැන දැනම නොදන්නවා වගේ ඉන්නවා. .තමන්ගේ කොමිස් කුට්ටිය නිසා.


සමහර දොස්තරලා රෝගියාට ප්‍රතිකාර කරන්නේ පවුලේ සහ සමාජ තත්ත්වය අනුවයි. යම් රෝගියෙකු කිසිවක් කරකියා ගත නොහැකි පීඩිත පවුලේ අයෙකු නම් ඔහු මරණය තෝරා ගතයුතු යැයි දොස්තරලා තීරණය කරනවා. රෝගියා ගේ පවුලේ කිසිවකු නීතිඥවරයෙකු,ඉංජිනේරුවරයෙකු වගේ තනතුරුක් දරණ අයෙකු නම් විවිධ පරියේක්ෂණ කරමින් රෝගියාට හොද ප්‍රතිකාර ක්‍රම ලබා දෙන්නට දොස්තරලාට පුළුවන් වෙනවා.


දොස්තරලා දෙවියන් වගේ යැයි සිතන නිසා මේ අයට තමන්ට කැමති දෙයක් ලබා ගන්නට පුලුවන් වෙලා තියෙනවා. මේ අය ගොඩක්ම බය මේ අයට පිටරට වගේ හෙදියන් සහ සාස්තු සේවකයන් තමන් ගේ නමින් අමතාවි යැයි කියලයි. ඒ කියන්නේ දැන් සර් යැයි කියන ගෞරවය මේ අයට නැති වේ යැයි කියලයි මේ අය බය වෙලා ඉන්නේ. දොස්තරලාට සිය වෘත්තියේ ඇති වැදගත්කම මොකක්ද කියලා හරිටම වැටහෙන්න නම් පාලනය අපේ අතට දෙන්න! මේ අලුත් පාලකයෝ දොස්තරලා කියන්නේ මනුෂ්‍යයන් කියලා දන්න කට්ටටියක් කියලා එතකොට දොස්තරලා දැන ගනිවි.





ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය
 
Aug 18, 2011
6,147
788
0
:lol::lol: කුරුටුගාමී පස්සේ ඉන්නේ මෝඩයෝ නිසා, උන් අනිත් මිනිස්සු ඉගෙන ගන්න එකට අකමැති ඇති. :lol::lol: මේක ලියපු එකා ටොම්බ පච කෙලලා තියෙන්නේ. නොදන්න එකාට දැන ගන්න මේක ලියපු ගස් ගෝනා දාපු උදාහරනේ ගැන පැහැදිලි කරන්නම්

"උදාහරණයක් විදිහට වයස අවුරුදු 30 ක තරුණයෙක් හදිසියේ අසනීප වෙලා රෝහල් ගත කරනවා. ඔහුට ඇත්තේ Hypertension රෝගයයි යැයි අපි උපකල්පනය කරමු. මේ රෝගයේ රෝග මූලයට හේතු විය හැකි මානසික කාරණා ගනනාවක් තියෙනවා. ඒ වගේම හදිසියේම මේ වගේ තත්ත්වයක් ඇතිවෙලා පසුව සුව වන්නට පුළුවන්කම තියෙනවා. නමුත් දොස්තරලා කරන්නේ දිගටම බෙහෙත් ගතයුතු බවට නිර්දේශ කිරීමයි. දිගින් දිගටම ඖෂධ භාවිතය නිසා මේ තරුණයාට දියවැඩියාව,කොලෙස්ටරෝල්,වකුගඩු ආසාදන,අක්මාමේ ආසාදන, ඇතුලු රෝග දාමයකට මුහුණ දෙන්නට සිදු වෙනවා. මෙවැනි තරුණයෙක් වසර 60ක් ජීවත් වුවහොත් අවුරු තිහක්ම බෙහෙත් බොනවා."

1. අවුරුදු 30දි HTN ආවොත් ඒක Young hypertension. :oo::oo:
2. ඒක වයසට ගියාම එන Essential Hypertension වලට වඩා වෙනස්. හේතුව වෙනස්. :no::no:
3. බොහෝවිට (90% + ) වෙනත් malformation එකක්, structural defect එකක් අඩු වයසෙදි ප්‍රෙශර් එන්න හේතු වෙනවා :angry::angry:
4. කිසිම ලෙඩෙක්ට එක පාරට ප්‍රෙශර් බෙහෙත් පටන් ගන්නේ නෑ. මුලින් Rest, life style modification, dietary modification කරලා බලනවා ප්‍රෙශර් අඩු වෙනවද කියලා. එහෙම නැත්නම් විතරයි ඩ්‍රග්ස් පටන් ගන්නේ :nerd::nerd:
5. Young Hypertension බුවාට දිගටම ප්‍රෙශර් තියෙනවා නම්, අර කිව්ව එව්වා වලට ප්‍රෙශර් අඩු වුනේ නැත්නම්/ ප්‍රෙශර් අගය ගොඩක් වැඩි නම් වහාම advanced tests කරලා බලනවා කොහෙද අවුල කියලා හොයාගන්න:growl::growl:
6. 2D echo, Carotid Artery Doppler, USS-abdomen, 24 hour VMA එකී මෙකී නොකී සේරම ටෙස්ට්ස් ඉස්පිරිතාලෙන් සතයක් වත් නොගෙන කරනවා :lol::lol:
7. එහෙම හේතුව හොයාගත්තට පස්සේ බෙහෙත් ගන්න වෙනවා. ප්‍රෙශර් එන්න එන්නම වැඩි වෙනවා නම් ඩෝස් එක වැඩි කරනවා. අඩු වෙනවා නම් අඩු මේන්ටේනන්ස් ඩෝස් එකක් දිගට ගන්න වෙනවා. ප්‍රෙශර් නෝමල් වුනොත්, pros-cons බලලා බෙහෙත් නවත්තනවා ( හැබැයි වරින් වර ප්‍රෙශර් ටැස් කොරගන්න ඕන ):frown::frown:
8. දිගට බෙහෙත් ගන්න කියන්නේ කොම්පැනි කාරයෝ පෝසත් කරන්න නෙවෙයි, ප්‍රෙශර් තියෙන එකා ගෙදර ඉන්නකොට ලේ නහරයක් පුපුරලා සෙත්තපෝච්චි වෙන එක නවත්තන්න, ඇස් , වකුගඩු, හාට් එකට කෙල වෙන එක නවත්තන්න. පුලුවන් තරම් කල් ජීවත් කරවන්න :lol::lol: ඔහොම වුනොත් කුරුටුගාමියෝ වගකියනවද?
9. මේවා ලියන ගස් පොන්ටිය වගකියනවද ප්‍රෙශර් පෙති නොබී ලෙඩ්ඩු මලොත්
10 මේ වගේ ගොන් වාහෙලා නිසයි රටේ මිනිස්සු නිකන් මැරෙන්නේ. ලෙඩකට බෙහෙතක් ගන්න දෙන්නේ නෑ. බොරුව වපුරනවා. ඩෙංගු වලට, ඒඩ්ස් වලට,පිලිකාවලට දියවැඩියාවට බෙහෙත් තියෙනවා නිට්ටාවට සුව කරන්න කියලා ලෙඩ්ඩු අන්දලා උන්ව කනත්තට දක්කනවා :baffled::baffled:
11. තොපි කාගෙහරි ප්‍රෙශර්, කොලෙස්ටෙරෝල්, දියවැඩියාව, වකුගඩු, හාට් කේස් වලට බෙහෙත් ගන්නවා නම් හරියට බෙහෙත් ගන්න කියපියව්. තමන්ට හිතෙන හිතෙන වෙලාවට බෙහෙත් නවත්තලා අමාරු වෙලා ඇවිත් ඉස්පිරිතාලේ සම්පත් නාස්ති කරන්න එපා කියපියව් :dull::dull::dull: