දෙවියො දුන්නු බබා

nishu112

Well-known member
  • May 4, 2008
    2,056
    343
    83
    Planet Earth
    දෙවියො දුන්නු බබා

    ඔන්න යුවලක් ඉන්නවලු විවාහ වෙලා අවුරුදු 4ක් 5ක් විතර වෙන, ඒත් තාම දරු සම්පතක් නහැ. බැන්දපු දවසෙ ඉඳන් මාර ට්‍රයි එකක් දෙනව ඒත් තාම බබෙක් නෑ.දොස්තරල කිහිපදෙනෙක් ගාවට ගිහින් රටේ නැති පරීක්ශන කොලාලු. දොස්තරල කවුරුත් කියන්නෙ දෙන්නටම කිසිම කිසි අවුලක් නෑ, අවයව සහ පද්දති යස අගේට වැඩ කියල. දොස්තරල මහත්තුරු ගාවට විතරක් නෙමේ, රට වටේ තියන දේවාල වල ඉන්න කපු මහත්තුරුත් හම්බ වෙලා බාර හාර උනා, ඒත් තාම වැඩේ හරි ගියෙ නෑ.

    මේ අතරෙ පවුලෙ මිත්තරයෙක් ඇවිල්ල ඈත පලාතක තියන දේවාලයක් ගැන කිව්ව.ඉතින් මේ ඩබලත් ඒ දේවාලෙට ගිහින් බාරයක් උනා. ගෙදර ආව දවසෙ ඉඳන් දෙයියො සිහි කරගනම ගේමට එන්ටර් උනා. ඔන්න මේ පාර නම් ටිකදවසකින් වැඩේ හරියන බවට ලකුනු පහල උනා. බලාපොරොත්තු උන විදියටම ලස්සන දරු පැටියෙක් ලැබුන. මේ දෙන්නටයි, නෑයන්ටයි හරිම සතුටුයි.

    කාලයක් ගියාට පස්සෙ මේ කට්ටිය තමන්ගෙ බාරෙ ඔප්පු කරන්න අර දේවාලෙට යන්න පිටත් උනා. මේ මනුස්සයගෙ නැන්දම්මත් ගමනට සෙට් උනා. ඔන්න දේවාලෙට යනකොට එදා දේවලෙ පෙරහැර. ඉතින් මේ කස්ටියත් බොහෝම සර්දාවෙන් මේ පෙරහැරට එකතු වෙලා පෙරහැරේ යනව.

    බාරියාව තමයි දරුව වඩාගන හිටියෙ.ගෑනිගෙ සර්දාව වැඩිකමට පෙරහැර බලාගන ඉන්න සෙනගට පේන විදියට දරුවව උඩට උස්සල “දෙයියො දීපු බබා මේ..දෙයියො දීපු බබා මේ…දෙයියො දීපු බබා මේ….” කියල කෑ ගගහ නටන්න ගත්ත.නැන්දම්මත් සීන් එකට එන්ටර් වෙල ඒ විදියට කෑ ගගහ නටන්න තියාගත්ත.

    ඔන්න දැන් බාරියාවයි නැන්දම්මයි “දෙයියො දීපු බබා මේ..දෙයියො දීපු බබා මේ…දෙයියො දීපු බබා මේ….” කියල කෑ ගගහ දරුව උස්සගෙන නටනව. අපේ බුවත් ඒ පස්සෙන් පෙරහැරේ යනව. මෑන්ට ටිකක් අප්සෙට් මේ වැඩේට. මිනිහ ටිකක් බලා ඉඳල ගෑනිට කිව්ව ඔය නැටිල්ල නවත්තන්න කියල.ගෑනිට ඇහුනෙ වත් නෑ.ආපහු ටිකකින් මිනිහ ටිකක් සැරෙන් කිව්ව ඔය නැටිල්ල නවත්තන්න කියල.ගෑනි කලෙ නෝන්ඩි බැල්මකින් මිනිහට සන්ග්‍රහ කරපු එක විතරයි. මෑන්ට දැන් මල පැනල ඉන්නෙ හොඳටම. මෑන්ස් ටිකක් සද්දෙ දාල කිව්ව “මම දැන් කිව්ව නේද තොට, නවත්තපිය ඔය ලැජ්ජ නැති වැඩේ ” කියල. ඒ වෙලාවෙත් නැන්දම්මයි ලේලියි කලේ අපේ අසරනය දිහා රවල බලපු එක විතරයි, හරියට තමුසෙගෙද ලමය කියල අහන්න වගේ.

    අපේ බුවත් හිතුව හොඳ වැඩක් කරන්න ඕනෙ කියල. පොර තමන් ඇඳල හිටපු සුදු සරම උඩටම උස්සල ගත්ත, උඩට කිව්වෙ උඩටම උස්සල ගත්තා. යටට මුකුත් ඇඳල හිටියෙ නෑ ඔක්කොම එලියේ.

    දැන් මිනිහ තමන්ගෙ බාරියාව “දෙයියො දීපු බබා මේ..දෙයියො දීපු බබා මේ” කිය කියා යන පිටි පස්සෙන්ම නටනටා යනව මේ විදියට හැමෝටම ඇහෙන්න….

    බබා දීපු දෙයියො මේ..බබා දීපු දෙයියොමේ…බබා දීපු දෙයියො මේ….

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    Source : Thelastrow
     
    Last edited:

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    36_1_19.gif
     

    blackcord

    Member
    Oct 2, 2009
    2,172
    217
    0
    [FONT=&quot]░▒▓█▀▄▀▄▀▄▀▄▀▄[/FONT] maxxaaa [FONT=&quot]▀▄▀▄▀▄▀▄▀▄█▓▒░[/FONT]