දෙවෙනි ඉනිමට කූඹින් ලවා සීනි ඇදීම

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    දෙවෙනි ඉනිමට කූඹින් ලවා සීනි ඇදීම


    දෙවෙනි ඉනිමට කූඹින් ලවා සීනි ඇදීම

    රූපවාහිනය නිවසේ තිබුණාට දැන් එහි බලන්න දෙයක් නැත.... දැන් නිව්ස් බැලූවද සත්‍ය කතාව බැලීමට චැනල් කීපයක් බැලීමට සිදුව ඇත.... එබැවින් රූපවාහිනිය යනු අපෙන් දුරස්වන තත්වයකට ඇද වැටී ඇති සෙයකි... මේ සියල්ලටම වඩා හින්දි මෙගා නාට්‍ය පඩංගු මෙරටට ගෙන්වා අවුරුදු ගණන් ඇදගෙන යාම දුටු විට රූපවාහිනිය පොළවේ ගසන්නට සිතුණු වාර ද අනන්තය...

    මෙලෙස ලාංකේය රූපවාහිනිය දැඩි ඉඩෝරයකට හසුව ඉරි තැලී තිබිණු වකවානුවක සි`දු නාට්‍ය යම් ජීවයක් දෙමින් ප්‍රෙක්ෂකයින් රූපවාහිනියට ආකර්ෂණය කරගත්තේය... ඒ මග යමින් දෙවෙනි ඉනිමද කරළියට බැස්සේය.... ඕනෑම දෙයක් ඕනෑවට ඕනෑම නැත කියන සත්‍ය සාක්ෂාත් කර ගනිමින් දැන් සිදු ලෝඞ් නැතිව දුවන බස් එකක් ගානට වැටිලාය.... ඒ ඇදිල්ලේ තරම නිසාය...

    දෙවෙනි ඉනිම බොහෝ කාලයක් ප්‍රෙක්ෂක ප‍්‍රතිචාර ලබමින් ඉහළින් සිටින විට කූඹියෝ පැමිණ ඒ තැන ගත්තේය... දැන් ගැටලූව වී ඇත්තේ දෙවෙනි ඉනිමද කූඹියෝද කියන එකය... දෙවෙනි ඉනිම හා කූඹියෝ සංසන්දනය කර අදහස් දැක්වීමම කූඹියෝට කරන අසාධාරණයකි... එදිරි එදිරි නොවනු ඇතැයි සිතමි.

    මූලිකවම දෙවෙනි ඉනිමට කතාවක් නැත... එය එකම රවුමේ කැරකෙන බාල ගණයේ නිර්මාණයකි.. එය වඩාත් ළංවෙන්නේ ගුවන්විදුලි නාටකයකටයි... මන්ද යත් දෘශ්‍ය මාධ්‍යයට මෙහි තැනක් නැත... ඉඳ හිට නයනතාරාගේ හුරතල්කම හැර අනෙක් සියල්ලම හැමදාම එක වගේය... ලොකේෂන් 05 ක එකම කැමරා ඈන්ගල් එකකින් නාට්‍යක් පෙන්වීමට රුපවාහිනිය වැනි ශ‍්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍යයක් භාවිතා කළේ මන්ද යැයි සිතිය යුතුව තිබිණි.... මෙකේ පෙම්වතුන් පෙම්වතියන් නැත.... මේ කපේට පෙම්වතුන් ලෙස කිරුළ පළඳින බවක් ද නැත... චබියයි මයිකයි අපට එදිරිගේ පරණ පුරුදු වාක්‍ය ටික හැමදාම මතක් කර දෙන ජෝකර්ලා පමණි. ජනපි‍්‍රයකම හෑල්ලූ වෙද්දී ජෝක් එකෙන්ම ගොඩ යාමට ලයනල් ද ඇතුල් කළේ ය.... දැන් දෙවෙනි ඉනිම බලන්නේ ජෝකර් කතා "අසන" අය පමණි... එදිරි මෙය දෙරණින් එපා කියන තෙක් ඇදගෙන යනු ඇත... අන්තිමට සියල්ලෝම සතුටින් විසිර ගියහ ලෙස කඩිමුඩියේ නවත්වා දමනු ඇත.

    කූඹියෝ යනු හොඳම නිර්මාණයක් නොවුවද එය ශී‍්‍ර ලංකා නාට්‍යයට යම් සාධනීය ලක්ෂණ එකතු කරන නව ආරක තේමාවක් ගත් එකකි. එහි සමාජයට ගත යුත්තක් මෙන්ම ඇතැම් කරුණු පිළිබඳව අමුතුවෙන් සිතීමට ද පොළඹවන ආකාරයක් පෙනෙයි... ශ‍්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයක කටින් පමණක් ජනතාවට ආතල් දීමට වලිකන නිර්මාණකරුවන් අතර දෙබස් අඩු දෘශ්‍ය මාධ්‍යයට වැඩි ඉඩක් ලබා දෙමින් කූඹියෝ මෙතෙක් ආ ගමන පැසසිය යුතුය. ලොකේෂන දෙක තුනක සිරව ප්‍රෙක්ෂකයාගේ ඇස් රිදවන ප්‍රෝඩාකාරි බොළඳකමට පහරක් ගැසීම ගැන අප කූඹින්ට ස්තුතිවන්ත විය යුතුය.

    මෙහි ප‍්‍රධාන කරුණ එය නොවේ.... දෙවෙනි ඉනිම කූඹීන් සමග සංසන්දනය කිරීමෙන් සිදුව ඇත්තේ "දෙවෙනි ඉනිමට නිකං ලකුණු ලබා දීමකි." එදිරිගේ හැටියට දෙවෙනි ඉනිම බත්ය... කූඹීන් යනු මැල්ලූමකි.. හීනියට ලකුණු දා ගැනීමට එදිරි ඒ උදාහරණය ගත්තත් එදිරි කියන කතාව පට්ට ඇත්තකි.... අප බත් කනුයේ බඩ පුරවා ගැනීමට මිසක එහි අමුතු පෝෂණයක් බලාපොරොත්තුවෙන් නොවේය... දෙවෙනි ඉනිම එම විකාශන කාලය තුළ වෙනත් නාලිකාවලට සාපේක්ෂව විකාශනය වූ හොඳම "ප‍්‍රහසන" නාට්‍යයයි.... එහි ගුණාත්මක භාවයක් ඇත්තේම නැත... නමුදු කූඹින් යනු මැල්ලූමකි... එහි ගුණය ද වැඩිය...

    කූඹින් යනු දැනට හොඳින් යන නාට්‍යයකි... හැබැයි බඩවැල වගේ ඇදගෙන යාමට ගොස් නා ගැනීමටත්, ගුණාත්මක භාවයට හානි කර ගැනීමටත් ”අපෝ දැන් කූඹී චාටර්” කියන තැනට නොයෑමටත් නිර්මාණකරුවා පරෙස්සම් විය යුතුය.

    කෙසේ වෙතත් ඉන්දියානු නාට්‍යවල කන්දොස්කිරියාවෙන් රූපවාහිනියෙන් දුරස්ව සිටි ප්‍රෙක්ෂකයා නැවතත් රූපවාහිනියට ආසක්ත කර ගැනීමට මෙම නාට්‍ය ද්වයම සමත් වූ බව ද නොකියන්නේ නම් එය කුහක කමකි. මා කියනුයේ මෙම නාට්‍ය දෙක සංසන්දනය කිරීම නොකළ යුතු බවකි.

    pathfinder_PNG_Face.png

     
    Last edited:

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,945
    4,618
    113
    අනේ මන්ද බන් කාලයක් සිදුද මොකක්ද උට්ටක් අල්ලගෙන දැඟලුව ,දැන් කුඹි දෙවෙනි ඉනිමලු ඔය එක මගුලක් වත් බලල නැහැ පේන ටික තමා ඉතින් .
     
    • Like
    Reactions: Pathfinder_A2Z

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    අනේ මන්ද බන් කාලයක් සිදුද මොකක්ද උට්ටක් අල්ලගෙන දැඟලුව ,දැන් කුඹි දෙවෙනි ඉනිමලු ඔය එක මගුලක් වත් බලල නැහැ පේන ටික තමා ඉතින් .


    කොට නිහාල් ඔයා.... ela... :D
     

    Matara_C

    Well-known member
  • Oct 30, 2015
    1,135
    811
    113
    රාහුල පාර,මාතර.
    එදිරි කියන්නේ මොන ගොන් _කයෙක්ද..
    උගේ ෆේස්බුක් එකට ගියාම එපා වෙනවා.
    මාර ලොකු ටෝක්ස් තියෙන්නේ.
    :angry::angry:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,945
    4,618
    113
    කොට නිහාල් ඔයා.... ela... :D

    ඔය tv එක මල කරුමයක් බන් අපේ ගෙදර tv එකේ ඇන්ටනාව කැඩිලා ඒ නිසා සමහර ඒවා බලන්න බැහැ .මට දවස් ගානක් කිව්ව 1ක් ගෙන්න කියලා .මල ඕව ගෙනාවම කරදරේ නිසා මග හැරිය .අද හෙටම 1ක් ගනිය් කොහොමත් එතකොට තමා ඕව වැඩියෙන් පේන්න ගන්නේ මට .ඊට වඩා හොඳය් ඒ වෙලාවේ වැලක් බලනවා
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    කූඹි බලලත් නෑ අහවල් ඉනිම බලලත් නෑ
    කොටින්ම අවුරුදු ගානකට කලින් ලංකාවේ කසිකබල් චැනල් වල යන නාට්ටි
    බලන එක නැවැත්තුවා
    ඔව්ව බැලුව කියල අපිට හම්බවෙන අහවල් මගුලක් නැත
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    ඔය tv එක මල කරුමයක් බන් අපේ ගෙදර tv එකේ ඇන්ටනාව කැඩිලා ඒ නිසා සමහර ඒවා බලන්න බැහැ .මට දවස් ගානක් කිව්ව 1ක් ගෙන්න කියලා .මල ඕව ගෙනාවම කරදරේ නිසා මග හැරිය .අද හෙටම 1ක් ගනිය් කොහොමත් එතකොට තමා ඕව වැඩියෙන් පේන්න ගන්නේ මට .ඊට වඩා හොඳය් ඒ වෙලාවේ වැලක් බලනවා

    උඹ හරි මචන් tv බලනවට වඩා දෙයක් ඉගෙනගන්න පුළුවන් එකෙන් :yes:
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මම ඊයෙත් මේ කතාව කියුවා ප්‍රශ්නේ තියෙන්නේ ඇයි හොඳ දෙයකට වඩා සිල්ලර දෙයක් වැඩි දෙනා බලන්නේ ?
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,945
    4,618
    113
    කූඹි බලලත් නෑ අහවල් ඉනිම බලලත් නෑ
    කොටින්ම අවුරුදු ගානකට කලින් ලංකාවේ කසිකබල් චැනල් වල යන නාට්ටි
    බලන එක නැවැත්තුවා
    ඔව්ව බැලුව කියල අපිට හම්බවෙන අහවල් මගුලක් නැත

    මමත් එහෙමය් එත් රුපවාහිනියේ රැ 9 ට යන පරණ ටෙලි ටික බලනවා
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මම ඊයෙත් මේ කතාව කියුවා ප්‍රශ්නේ තියෙන්නේ ඇයි හොඳ දෙයකට වඩා සිල්ලර දෙයක් වැඩි දෙනා බලන්නේ ?

    ඒ විකාශන කාලය තුළ විකාශනය වන සාපේක්ෂ හොඳම ප‍්‍රහසනය...
    ගැඹුරක් නෑ... පුංචි පුංචි ජෝක් යනවා.... බත් කන ගමන් බලනවා.... :yes: