Questions දෙවෙනි මනාපේ ලකුණු කරන හරි ක්‍රමේ මොකක්ද?

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,786
    17,007
    113
    අපේක්ෂකයන් කිසිවෙකුට 50%කට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා නොගන්නා තත්ත්වයක් තුළ දෙවැනි මනාපයේ වැදගත්කම ප්‍රමුඛ වේ. මේ වසරේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය සහතික කිරීම සඳහා ශ්‍රී ලාංකික ඡන්දදායකයන් තම ඡන්ද අයිතිය ඉටුකර ගැනීම සඳහා මනාපය ප්‍රකාශ කිරීමට අවස්ථාවක් එන තෙක් නොඉවසිල්ලෙන් බලා සිටී. තවත් මැතිවරණ දෙකක් පළාත් සභා සහ පළාත් පාලන ඡන්ද - නීත්‍යනුකූල, ආර්ථික හෝ වෙනත් නිශ්චිත නොවන හේතු නිසා කල් දැමීමෙන් පසු, සාමාන්‍ය ඡන්දදායකයා ජනාධිපතිවරණයකදී ඡන්දය දීමට බලා සිටියද ඔවුන් දෙවැනි හෝ තෙවැනි මනාප වාර්තා කිර්මට පුරුදු වී නැත.

    සියයට 50කට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ගන්නා අපේක්ෂකයා ජයග්‍රාහකයා ලෙස ප්‍රකාශයට පත් කෙරේ. කිසිදු අපේක්ෂකයෙකු සියයට 50කට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා නොගන්නේ නම්, ඡන්දදායකයන්ගේ දෙවන තේම් ගණන් කිරීම අවශ්‍ය වේ. එවිට පරාජිත අපේක්ෂකයන් සඳහා ලබා ගත් ඡන්ද ගණන් කෙරේ. අවසාන ජයග්‍රාහකයා තීරණය කිරීම සඳහා ඔවුන්ගේ දෙවන සහ තෙවන මනාපයන් පළමු අපේක්ෂකයන් දෙදෙනාට එකතු කරනු ලැබේ.

    පසුගියදා මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් හිටපු මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ඉතා සරලව එය පැහැදිලි කළේය. A, B, C D සහ E යනුවෙන් අපේක්ෂකයන් පස්දෙනෙකු සිටී නම්, ඔවුන් සියල්ලන්ම ලබා ගත් මුළු වලංගු ඡන්ද සංඛ්‍යාව 100කි. A 40, B 35, C 15, D 6 සහ E 4 යැයි උපකල්පනය කරමු. එවිට සෙසු අපේක්ෂකයන් ඉවත් කර පළමු සහ දෙවන අපේක්ෂකයන් ලෙස A සහ B අතර තරගය පමණක් පවතියි. ඉවත් කළ අපේක්ෂකයන්ගේ ඡන්ද පත්‍රිකාවල සලකුණු කර ඇති දෙවන හෝ තෙවන මනාපයන් දෙවන වටයේදී ගණන් කරනු ලැබේ.

    එවිට C සඳහා ලකුණු කර ඇති ඡන්ද පත්‍රිකා ගණන් කිර්ම ප්‍රථමයෙන් සිදු කෙරේ. ඡන්දදායකයෙකු තම පළමු මනාපය C ට සහ දෙවනුව A හෝ B සඳහා ලකුණු කර ඇත්නම්, එය A හෝ B සඳහා ඡන්දයක් ලෙස සලකනු ලැබේ. එවිට මෙම ඡන්ද පත්‍රිකාව A හෝ B සඳහා වූ ඡන්ද ගොඩට ඇතුල් කරනු ලැබේ. එසේම C සඳහා පළමු තේම ලෙස සලකුණු කරන ලද ඡන්ද පත්‍රිකාවක් D හෝ E සඳහා දෙවන හෝ තෙවන මනාප දරයි නම් මෙම දෙදෙනා තරගයේ නොමැති හෝ ඉවත් වූ අපේක්ෂකයන් නිසා එය සලකා බලනු නොලැබේ. ඒ හා සමානව, ඡන්දදායකයෙකු පළමු මනාපය C ට, දෙවනුව D හෝ E සහ තෙවනුව A හෝ B සඳහා ඡන්දය සලකුණු කළහොත් එය A හෝ B සඳහා ඡන්දයක් ලෙස සලකනු ලැබේ.

    ඒ අනුව C, D සහ E සඳහා පළමු මනාපය ලකුණු කළ ඡන්ද පත්‍රිකා A සහ B සඳහා – සලකුණු කර ඇති දෙවන සහ තෙවන මනාප අනුව එම දෙදෙනා අතර බෙදී යයි.A ට දෙවන සහ තෙවන මනාප අනුව අමතර ඡන්ද තුනක් ලැබුණා යැයි අපි උපකල්පනය කළහොත් ඔහුගේ මුළු ඡන්ද සංඛ්‍යාව 43 දක්වා ඉහළ යාමත් සමග B ට තවත් අමතර දෙවන මනාප ඡන්ද දහයක් ලැබුණහොත් B ට ලැබුණ මුළු ඡන්ද සංඛ්‍යාව 45 කි. මුළු එකතුව දැන් 88කි(43+45). එයින් B ට සියයට 50කට වඩා වැඩි ප්‍රමාණයක් ලැබුණ නිසා B ජනාධිපති ලෙස ප්‍රකාශ කරනු ලැබේ. දෙවැනි සහ තෙවැනි මනාප ගණන් කිර්මෙන් පසු දෙදෙනාගෙන් කිසිවෙකුට අමතර ඡන්ද නොලැබුණහොත් පළමු වටයේදීම වැඩිම සංඛ්‍යාවක් හිමි 'A’ අපේක්ෂකයා ජයග්‍රාහකයා ලෙස ප්‍රකාශයට පත් කෙරේ.

    අසාමාන්‍ය තත්ත්වයක් යටතේ A සහ B යන දෙදෙනාම සමාන ඡන්ද සංඛ්‍යාවක් ලබා ගතහොත් ජයග්‍රාහකයා තෝරා ගැනීම සඳහා මැතිවරණ කොමිසමට කාසියේ වාසිය බැලීමට සිදුවේ.

    ඡන්දදායකයන්ට තමන් කැමති අපේක්ෂකයන්ගේ සංකේත ඉදිරියේ 1, 2 හෝ 3 ලෙස තම මනාපය සලකුණු කළ හැක. ඔවුන් තම පළමු තේර්ම සඳහා ‛x’ ලකුණින් ඡන්දය දීමට යොදා ගන්නේ නම්, ඔවුන්ගේ දෙවන මනාපය ලෙස '2' සහ ඔවුන්ගේ තෙවන 'මනාපය ලෙස' 3' සලකුණු කළ හැකිය.

    පළමු වටයේදී සියයට 40ක් ලබා ගත් අපේක්ෂකයෙකුට දෙවන මනාපය වඩාත් වාසිසහගත වනු ඇත. මන්ද දෙවන මනාපය පළමු අපේක්ෂකයන් දෙදෙනා අතර සමානව බෙදී ගියද, දැනටමත් ඉදිරියෙන් සිටින අපේක්ෂකයා ජයග්‍රාහකයා වීමට වැඩි ඉඩක් තිබෙන බැවිනි. කෙසේ වෙතත්, යමෙකුගේ පළමු මනාපය සියයට 30ක් හෝ ඊට අඩු අගයක් ගනී නම්, ඔහුට දෙවන මනාපය ලෙස ඔහුට විශාල ඡන්ද සංඛ්‍යාවක් අවශ්‍ය වේ.

    මේක සම්පූර්ණන්ම වැරදියි. මෙහෙම ලකුණු කලොත් ඒ ඡන්දය අවලංගු වෙනවා.
    මනාප ලකුණු කරන්න පුළුවන් 1 , 2 , 3 විදියට විතරයි. X ගැහුවොත් ආයේ වෙන මොනවත් සලකුණු කරන්න බැහැ.

    X ගහනවා නම් දෙවන මනාපය සලකුණු කරන්න බැහැ

    නැහැ. එක්කො 1,2,3 හෝ x,2,3 පුලුවන්. ජන්දය කිට්ටු කරලා හරි විදිහ නිවේදනය කරයි.
    දෙවෙනි මනාප ලකුනු කරන්නේ බොහොම අඩු ප්‍රතිශතයක්, 2%අඩුයි. හැබැයි තැපැල් ජන්ද වල දෙවන මනාපෙ ලකුණු කරන අය වැඩියි. පලවන වටේදිම 2% ලීඩ් එකක් ගත්තු කෙනා දිනනවා.

    50% + 1 vote ගන්න කෙනා නේද ජනපති වෙන්නෙ. නැතිව වැඩිම vote count එක ගන්න කෙනා නෙවෙයි නෙ. මේ සැරේ 2 වෙනි මනාපය ගනින්න ගොඩක් ඉඩ තියෙනව.

    👆🏼 මේ තියෙන්නේ අපේ විද්වතුන්ගේ හා බුද්ධිමතුන්ගේ අදහස්
    මොකක්ද හරි ක්‍රමය?
     

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    ලපයට කතිරය ගහපල්ලා වහල්ලු වගේ එක එකාට පුක දෙන්නෙ නැතිව
     

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    2, 3 weni manapeth uta hariyata denna thama meka damme
    ලපයගෙයි සජිත්ගෙයි තරගය තියෙන්නෙ

    දෙවනි මනාපය ගනන් කරන්නෙ උන්දෙන්නා හැර අනිත් අපේක්ෂක යන්ට පලමු මනාපය දුන්න අයගෙන්. 123 තුන මාලිමාව ඉස්සරහ ලීවොත් චන්දය අවලංගුයි. උබ මීට කලින් චන්දෙ දාලා නැද්ද
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,786
    17,007
    113
    ලපයගෙයි සජිත්ගෙයි තරගය තියෙන්නෙ

    දෙවනි මනාපය ගනන් කරන්නෙ උන්දෙන්නා හැර අනිත් අපේක්ෂක යන්ට පලමු මනාපය දුන්න අයගෙන්. 123 තුන මාලිමාව ඉස්සරහ ලීවොත් චන්දය අවලංගුයි. උබ මීට කලින් චන්දෙ දාලා නැද්ද
    Eka kathirayak witarai gahala tiyenne
    2,3 manapa kawadawath mark karala na
    Aye chande danna wenneth na mama NZ inne