ලුණු දෙහි හෙවත් දෙහි අච්චාරු හදමු
අවශ්‍ය ද්‍රව්‍ය
හොඳින් පැසුණු දෙහි ගෙඩි අවශ්‍ය ගණනට
ලුණු කැට
ගම්මිරිස් කුඩු ස්වල්පයක්
සාදන අයුරු
දෙහි ගෙඩි වෙන් නොවෙන සේ හතරට පළා ලුණු හා ගම්මිරිස් ද, ඒ මැදට යොදා මැටි හැළියක අහුරා වසා දුම් වදින සේ සතියක් පමණ තබා පසුව කලින් ගත් දෙහි ගෙඩි ගණනට සමාන ගණනක දෙහි යුෂ (දෙහි ඇඹුල්) මිරිකාගෙන ඒ ඇඹුල් ප්‍රමාණයට ලුණු දියකොට ලුණු වතුරත් දමා රත් කොට වියළි කොච්චි කරල් අවශ්‍ය පමණකට යොදා නිවෙන්නට තබන්න.
එය හොඳින් නිවුණු පසු එම මිශ්‍රණය ලුණු දෙහි හැළියට වක් කරන්න.
දෙහි වලට උඩින් ඉස්ම තිබිය යුතුය.
එසේ නො තිබිණි නම් දෙහි වල පුස් ගතියක් ඇතිවේ.
අවසන් ලෙස වඩා රස්නිය නොමැති ස්ථානයක මෙම හැළිය තබන්න.
රස්නය වැඩි වුවහොත් මෙහි ඉස්ම සිදී යයි.
පරණ වෙන්නට වෙන්නට ලුණු දෙහි වඩා රසවත් ය.
මෙසෙ සදාගත් ලුණු දෙහි වසර 02 ක 03 ක් කල් තබා ගත හැක.

Last edited: