දෙහෙන කන්දෙන් සිරිපා කරුණා කරමු!!!

coolmanaram

Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    දෙහෙන කන්දෙන් සිරිපා කරුණා කරමු!!!

    දෙහෙන කන්දෙන් සිරිපා කරුණා කරලා මාලිබොඩ පැත්තෙන් ආපහු එන්න පාර දන්න කෙනෙක් හරි ගියපු කෙනෙක් හරි ඉන්නවද?
     

    kelum.wijesooriya

    Well-known member
  • Jun 2, 2012
    1,673
    63
    48
    Kurunegala
    පාර කපල තියෙන්නේ අපි ගිහින් ආව ගිය සතියේ 35ක් ගියා කට්ටිය උදේ 6ට පටන් ගත්තේ රෑ 7.20 උඩමලුවට යද්දි
     

    coolmanaram

    Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    පාර කපල තියෙන්නේ අපි ගිහින් ආව ගිය සතියේ 35ක් ගියා කට්ටිය උදේ 6ට පටන් ගත්තේ රෑ 7.20 උඩමලුවට යද්දි

    සිරාවට මචන්...
    මට මඟසළකුනු එක්ක පාර කියන්න පුලුවන්ද බන්...
    පිළිවෙලට ෆොටෝස් උනත් කමක් නෑ.. පාර වරදින්න ඉඩ කඩ තියෙන තැන් වල එහෙම
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    පාර කපල තියෙන්නේ අපි ගිහින් ආව ගිය සතියේ 35ක් ගියා කට්ටිය උදේ 6ට පටන් ගත්තේ රෑ 7.20 උඩමලුවට යද්දි

    කැලෑ පාරකින් මේ වගේ පිරිසක් යන එක වැඩි නැද්ද බන්....
    :confused::confused::confused::confused:
     

    kelum.wijesooriya

    Well-known member
  • Jun 2, 2012
    1,673
    63
    48
    Kurunegala
    සිරාවට මචන්...
    මට මඟසළකුනු එක්ක පාර කියන්න පුලුවන්ද බන්...
    පිළිවෙලට ෆොටෝස් උනත් කමක් නෑ.. පාර වරදින්න ඉඩ කඩ තියෙන තැන් වල එහෙම

    කිසිම තැනක පාර වරදින්නේ නෑ පිලිවෙලට ෆොටෝ දෙන්නම් හෙට
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    පාර කපල තියෙන්නේ අපි ගිහින් ආව ගිය සතියේ 35ක් ගියා කට්ටිය උදේ 6ට පටන් ගත්තේ රෑ 7.20 උඩමලුවට යද්දි
    දෙහෙනකන්ද කිව්වෙ මුක්කුවත්ත පාරමද?
    6 ට පටන් ගත්තා කිව්වෙ trail start එකද? මචන්?
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    උබල අපේ Area එකට එනව නෙහ්.. :yes: දැන්නම් වැස්සක් නැහැ නිදහසේ යන්න පුලුවන්.. සතියකට සැරයක් විතර තමයි වහින්නෙත්.. ඒකත් හවසට විතරයි වහින්නෙ..

    Lakdasun එකේ තිබුන එකක් ඒක බලපන්..

    http://trips.lakdasun.org/sri-pada-from-dehenakanda-to-udamaliboda.htm
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    හවස් වෙනකොට දිවියොයි , වල් ඌරොයි ඉන්නව පරිස්සමෙන් පලයන් මචන්..
    පැටවු එක්ක ඉන්න වල් ඌරො දැක්කොත් පුලුවන් ඉක්මනට ශේප් වෙයන්, උන් කෙලින්ම ඇවිත් අපේ කකුලෙ යටම හරියට අනිනව, ඇන්නොත් එක පාරින් බිම.. සති දෙකක් විතර ගෙදර ඉන්න පුලුවන්..
     

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,968
    763
    113
    මෙහෙ තමා
    machan route ekai yana para waradina ekak nadda? keeyata wageda gamana patan ganna one? owa mewa thama

    dehadakanden ynawanam udema oatan ganin.eka digata gyoth ra weddi maha giri dabeta set unaki.eka machan physical condtion eka matha thamai.bayai wagenam tent ekak aran ghn ra camp karapan hoda thanak balala.me tikenam wassa.paranam kapala dan.atharaman nam wenne na.para amarui.oken ghn ubala ude bassoth deraniyagalin paya 4k 5k wage yai.paranam atharman wenne na eketh.gaga gawa thamai confuse ekama thana.mn photo ekak dannam heta.para wahila thibboth ekek dennek karakila balapan.gas watunama para wahenawa samahara welawata.wena awlak na.parissamin ghn waren
     

    rajasaba

    Active member
  • Jun 3, 2009
    514
    191
    43
    හැමෝම දන්න විදිහට සිරීපාදෙ යන්න පාරවල් 6ක් තියෙනවානේ.
    හැබැයි ගොඩක් අය දන්නේ පාරවල් තුනක් විතරයි.
    ඒත් තවත් ප්‍රධාන නොවන තවත් පාරවල් තුනක් තියෙනවා.
    මේ පාර අපි ගියේ .තවත් අප්‍රධාන පාරකින්. ඒ තමයි දෙහෙන කන්ද හපුගස්තැන් මාර්ගය.
    සමහරු මේකට මුක්වත්ත පාර කියලත් කියනවා.



    මේ පාර හපුගස්තැන්න තේවත්තෙන් ආරම්භ වෙලා ඉවරවෙන්නේ රත්නපුර මාර්ගයේ ඇහැල කණුවට පොඩ්ඩක් පහලින්.
    ඒ වෙනකම්ම තනිකර කැලේ මැදින් තමයි යන්න තියෙන්නේ.
    ලාවට වගේ අඩි පාරක් තියෙන්නේ. පාර දන්න කෙනෙක් නැතුව යන එකනම් ටිකක් විතර අවදානම්.
    අනික යනවනම් 6,7 දෙනෙක් වත් ඉන්න ඔන. මොකද කැලේ මැද්දේ දිවියො එහෙම ඉන්නවා කියනවා. අපිනම් දැක්කේ නෑ.
    හැබැයි දිවියන්නේ මලපහ නම් තියෙනවා.
    යනකොට අනිවාරයෙන්ම නවතින්න ටෙන්ට් එකකුයි, කූඩැල්ලන්ට ලීච් සොක්සුයි අරන් යන්න අමතක කරන්න එපා.
    ලීච් සොක්ස් නැතිව ගියොත් උන්ව අරන් දානවා ඇරෙන්න වැඩක් කරන්න වෙන්නේ නෑ.

    ගමන පටන් ගන්න වෙන්නේ හපුගස්තැන්න වත්තෙන්. අපිනම් කැබ් එකේ උඩටම ගියා. නැත්නම් 3කි.මි විතර පයින් යන්න වෙනවා.

    මේ තියෙන්නේ තේ වත්ත.

    attachment.php


    පුලුවන් තරම් උදේම ගමන පටන් ගන්න එක ඇගට ගුණයි.
    qZkmI7J.jpg


    තේවත්ත මැද්දෙ බුදු පිලිමයක් තියෙනවා. එතනින් තමයි සිරිපා රක්ෂිතයට ඇතුල් වෙන්න තියෙන්නේ. බුදුන් වැදලා අපිත් අපේ ගමන පටන් ගත්තා.
    CC0sOjO.jpg

    w856yDY.jpg


    මේ තියෙන්නේ සිරිපා රක්ෂිතයේ මායිම. මේක පහුකරලා ටික දුරක් යනකොට රත් ගග අහුවෙනවා.
    h5Ms7Xg.jpg


    මේ තියෙන්නේ රත්ගග

    24zisZn.jpg


    lnDbIZJ.jpg


    මේක පහුකරන කොට පොඩි මඩුවක් හම්බ වෙනවා. සමහරු සෝමරත්න අම්බලම කියලා කියනවා. ඇත්තටම මේක තේ දලු දාන්න හදපු මඩුවක්.

    ඊට පස්සේ ඉතින් කැලේ. පොඩ්ඩක් වත් රස්නේ නෑ..
    MGUUxnF.jpg


    පැය බාගයක් විතර යනකොට වේවැල්වත්ත දොල හම්ඛෙනවා.
    dVtz9H9.jpg


    ඊට පස්සේ ටිකක් විතර කන්ද

    QLYzFW0.jpg

    Df1LMOb.jpg


    කන්ද මැද හරියට වෙන්න වෙල්ලක්කාර ගල්ගේ තියෙනවා. ගල්ගේ කිව්වට නිකන් ගලක්.
    මේ හරියෙ තමයි දිවියන් ඉන්නේ. ඒනිසා කට්ටිය එකට යන එක තමා හොද

    UTcU4V4.jpg


    ටික දුරක් යනකොට තවත් ලෙනක් හම්බ වෙනවා. ඒකනම් ටිකක් විතර ලොකුයි.

    kEtaRTX.jpg


    මෙතනින් එහාට ටිකක් විතර ලොකු කන්දක්. රත්කන්ද කියලා කියන්නේ.

    LZBhi45.jpg

    Rtq2I29.jpg

    nCJFRHo.jpg

    කන්ද නැග්ගට පස්සේ තමයි බෑන සමනල නිම්නය හම්ඛෙන්නේ. මේ හරියෙ වලස්සු ඉන්නවා කියනවා. කොහොමත් පරිස්සම් වෙන එක හොදයි.
    4XmquGc.jpg

    4XmquGc.jpg

    hLCf8uF.jpg

    DvywBiGg.jpg


    ටික දුරක් යනකොට බාතිය දොල හම්ඛෙනවා.

    yPQk0c5.jpg


    මේ හරියනම් එච්චර අමාරු නෑ.

    තව ටික දුරක් යනකොට මාන කැලේ හම්ඛෙනවා. අපි යනකොටනම් එච්චර කැලේ වැවිලා නෑ. අපරාදෙ අපි කැලේ කපන්න ගමේ දෙන්නෙක්ව අරගෙන ගියා.

    SXSikiY.jpg


    මාන කැලේ පහුකරලා පහලට බහිනකොට පලවෙනි පාරට අපි සමනල කන්ද දැක්කා. ඒ වෙනකොට වෙලාව 3ට විතර ඇති.
    SvftgSr.jpg

    VR5Y0eG.jpg

    A2ShuSY.jpg


    3.30 වෙනකොට අපි බත්තුලු ඔය ගාවට ආවා. සමහරු මැණික් ගග කියනවා. තවත් අය මහවැලි ගග කියනවා.ඇත්තටම ඒක බත්තුලු ඔය.අපි එදා එතන ඉන්න තීරණය කලා. මොකද අපි කෑම්පින් කරන්න බලාගෙන ගියේ. රෑට කැලේ මැද්දෙන් යන එක ටිකක් භයානක නිසා.

    M5wy9UB.jpg

    5fzziwC.jpg


    මෙතන නම් මාරම ලස්සනයි. පොඩි දිය ඇල්ලකුත් තියෙනවා.
    vgHc72f.jpg

    3IBnf25.jpg


    මාත් ඉතින් වැඩ්ඩා වගේ බැස්සා පහලට.
    QJUM0qe.jpg

    UyULQNG.jpg


    වතුර නිල් කැටේට.
    n8aubyO.jpg

    GlTTyXf.jpg

    කකුලුවෝ
    UPVgXp0.jpg


    ටෙන්ට් ටික
    YP60Rqc.jpg

    fsM2qpQ.jpg


    පාන්දර 6.30 වෙනකොට ආයෙමත් ගමන පටන් ගත්තා
    PnV9QXW.jpg

    hfJ5xwt.jpg

    YDPdGGb.jpg


    මහගිරි දඹය කොටස
    soLT2cr.jpg

    f6Bg6jF.jpg



    අවසානය. රත්නපුර මාර්ගයට පැමිණීම
    BZvoMNN.jpg

     

    coolmanaram

    Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL

    අවසානය. රත්නපුර මාර්ගයට පැමිණීම
    BZvoMNN.jpg


    මරු බන්. ආසවේ බෑ..
    ගොඩක් ස්තුතියි විස්තර වලට. 12+

    මචන් මේ අන්තිම ෆොටෝ එකේ කණ්නාඩි දාල ඉන්නේ රන්ද බණ්ඩාර නේද?
     

    rajasaba

    Active member
  • Jun 3, 2009
    514
    191
    43
    මරු බන්. ආසවේ බෑ..
    ගොඩක් ස්තුතියි විස්තර වලට. 12+

    මචන් මේ අන්තිම ෆොටෝ එකේ කණ්නාඩි දාල ඉන්නේ රන්ද බණ්ඩාර නේද?

    :yes::yes::yes:
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,674
    13,424
    113
    ඕක මුඋක්කුවත්ත පාර .
    අපේ නෑදෑයෝ ඔහේ ඉන්නවා
    ඔය පාරේ අතරමග තැනකින් හැරිලා ගියහම කලේ ඇතුලේ ගල් ගුහාවක් තියෙනවා එකේ අදුරේ එලිය විහිදුවන හතු ජාතියක් තියෙනවා ඒවාට මිනිස්සු කියන්නේ "පහන් හතු" කියල

    අපේ නනදලගේ කට්ටිය උදේ 5 ට ඔයපාරේ ගිහින් හවස 5 වෙද්දී ගෙදර එනවා