විශේෂඥ වෛද්‍යවරු රට හැර යාම හේතුවෙන් දැඩි අර්බුදයකට මුහුණ දී තිබෙන මෙරට සෞඛ්‍ය සේවය නොවැටී පවත්වාගෙන යාම සදහා, විශේෂඥ වෛද්‍යවරු, විදේශීය රටවලින් හෝ ගෙන්වා ගැනීමට කටයුතු කළ යුතුව ඇතැයි වෛද්‍ය විශේෂඥයන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක, විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න මහතා පවසා තිබේ.
රට තුළ පවතින විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිගය පියවීමට ඇත්තේ විකල්ප දෙකක් පමණක් බව වෛද්‍ය අශෝක ගුණරත්න මහතා පවසයි.
ඉන් පළමුවැන්න, විදේශීය විශේෂඥ වෛද්‍යවරු මෙරට රෝහල් පද්ධතියට බදවා ගැනීමයි.
දෙවැන්න, දැනට රෝහල්වලට අනුයුක්ත කර තිබෙන විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව අඩු කර පුරප්පාඩු පවතින රෝහල්වෙත වෛද්‍යවරු අනුයුක්ත කිරීමයි. මින් අදහස් වන්නේ, විශේෂඥ වෛද්‍යවරු තිදෙනෙකු සේවය කරන රෝහලක් තිබේනම්, එම තිදෙනාගෙන් එක් අයෙකු විශේෂඥ වෛද්‍යවරුන්ගේ පුරප්පාඩු පවතින වෙනත් රෝහලකට අනුයුක්ත කිරීමයි.
වෛද්‍යවරුන්ට හෝ විශේෂඥ වෛද්‍යවරුන්ට යම් නිශ්චිත කාල සීමාවකට පසුව රජයේ සේවයෙන් ඉවත් වීමට බාධාවක් නැත. ඒ අනුව, ඇතැම් වෛද්‍යවරු ඉවත්වීම සදහා ඉල්ලුම් කරන අතර, වෛද්‍යවරුන්ගේ හිගය හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යංශය එම ඉවත් වීම් භාර නොගන්නා නිසා, පැදුරටත් නොකියා විශේෂඥ වෛද්‍යවරු රට හැර යාමේ තත්ත්වයක් උදා වී ඇති බවත් වාර්තා වේ.

Last edited: