දොස්තරලාත් රටින්..

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,178
    17,105
    113
    විශේෂඥ වෛද්‍යවරු රට හැර යාම හේතුවෙන් දැඩි අර්බුදයකට මුහුණ දී තිබෙන මෙරට සෞඛ්‍ය සේවය නොවැටී පවත්වාගෙන යාම සදහා, විශේෂඥ වෛද්‍යවරු, විදේශීය රටවලින් හෝ ගෙන්වා ගැනීමට කටයුතු කළ යුතුව ඇතැයි වෛද්‍ය විශේෂඥයන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක, විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න මහතා පවසා තිබේ.

    රට තුළ පවතින විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිගය පියවීමට ඇත්තේ විකල්ප දෙකක් පමණක් බව වෛද්‍ය අශෝක ගුණරත්න මහතා පවසයි.

    ඉන් පළමුවැන්න, විදේශීය විශේෂඥ වෛද්‍යවරු මෙරට රෝහල් පද්ධතියට බදවා ගැනීමයි.

    දෙවැන්න, දැනට රෝහල්වලට අනුයුක්ත කර තිබෙන විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව අඩු කර පුරප්පාඩු පවතින රෝහල්වෙත වෛද්‍යවරු අනුයුක්ත කිරීමයි. මින් අදහස් වන්නේ, විශේෂඥ වෛද්‍යවරු තිදෙනෙකු සේවය කරන රෝහලක් තිබේනම්, එම තිදෙනාගෙන් එක් අයෙකු විශේෂඥ වෛද්‍යවරුන්ගේ පුරප්පාඩු පවතින වෙනත් රෝහලකට අනුයුක්ත කිරීමයි.

    වෛද්‍යවරුන්ට හෝ විශේෂඥ වෛද්‍යවරුන්ට යම් නිශ්චිත කාල සීමාවකට පසුව රජයේ සේවයෙන් ඉවත් වීමට බාධාවක් නැත. ඒ අනුව, ඇතැම් වෛද්‍යවරු ඉවත්වීම සදහා ඉල්ලුම් කරන අතර, වෛද්‍යවරුන්ගේ හිගය හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යංශය එම ඉවත් වීම් භාර නොගන්නා නිසා, පැදුරටත් නොකියා විශේෂඥ වෛද්‍යවරු රට හැර යාමේ තත්ත්වයක් උදා වී ඇති බවත් වාර්තා වේ.
     
    Last edited:

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    1692082643084.png
     
    • Haha
    Reactions: Hasitha22

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,964
    113
    ලංකාවේ දොස්තරලාට පාඩමක් උගන්වන්න,

    රටින් එන අයට පස් ගුණයක් විතර වැඩි පඩි දෙන්න ඕන.

    එයාලට අවුරුද්දකට එක ගානේ කාර් පර්මිට් දෙන්න ඕන.

    රජයෙන් ගෙවලා එයාලගේ දරුවෝ International School යවන්න ඕන.

    මාසෙකට දින 15ක් විතරක් වැඩ කළාම ඇති කියලා නීති හදන්න ඕන.
     
    • Love
    Reactions: ML1987 and shenat

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    hero-bg.jpg

    පුළුවන් නම් තොපිලා එකතු වෙලා මේ කෝමරිකා විශේෂඥවෛද්‍යවරයවාත් මඩ ගහලා රටෙන් පන්න ගනිල්ලා :angry: :angry: :angry:
     

    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    ලංකාවේ දොස්තරලාට පාඩමක් උගන්වන්න,

    රටින් එන අයට පස් ගුණයක් විතර වැඩි පඩි දෙන්න ඕන.

    එයාලට අවුරුද්දකට එක ගානේ කාර් පර්මිට් දෙන්න ඕන.

    රජයෙන් ගෙවලා එයාලගේ දරුවෝ International School යවන්න ඕන.

    මාසෙකට දින 15ක් විතරක් වැඩ කළාම ඇති කියලා නීති හදන්න ඕන.
    හරියටම හරි. මේකෙ ඉන්න අඩු පඩියට වැඩ කරන අඩු කුළේ හැත්තට ඔහොමමයි කරන්න ඕනා
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,964
    113
    හරියටම හරි. මේකෙ ඉන්න අඩු පඩියට වැඩ කරන අඩු කුළේ හැත්තට ඔහොමමයි කරන්න ඕනා
    ඔව්.
    එතකොට හරි මුන්ට තේරේවි මුන් හරියන්නේ මේකට නෙවෙයි කියලා.