දේවදත්ත තෙරුන් නිවන් දකිනවා

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    දේවදත්ත තෙරුන් නිවන් දකිනවා

    දේවදත්ත තෙරුන් කෙදිනක හෝ නිවන් දකිනවා යනුවෙන් සදහන්වේ. එසේ වීමට හෙතුව කුමක්ද?

    එතරම් පව් කල පුද්ගලයෙක්ටත් නිවන් දකීමට පුලුවන් නම් අප සියලු දෙනටමද නිවන් දකීමට පුලුවන් විය උතුය?
     
    Insight

    Member
    Nov 8, 2010
    297
    32
    0
    භාගෙට දැන ගත්තම ඔය වගේ ප්‍රශ්න ඇතිවෙනවා. දේවදත්ත මහණ වෙච්ච මුල් කාලයේ කෝටියක් සංවරයි කියන පැවිදි සීලේ සමාදන්වෙලා දහම් මගේ හික්මිලා තියෙනවා. එතනින් නැවතුනේ නැහැ. භාවනා කරලා තියෙනවා. ධර්මය ශ්‍රවණය හා ධර්ම දාන ආදී නොයෙක් පුණ්‍ය ක්‍රියා වලට දායක වෙලා තියෙනවා. කතාවක් තියෙනවා දරුවෙකු ශාසනේට පූජා කල පිනම ඇති කියල හතර වරිගෙටම නිවන් යන්න. දන් දෙනවට වඩා තෙරුවන් සරණ ගිහිල්ල පන්සිල් පද ටික ආරක්ෂා කරන එක මහත් ඵල මහානිශංශ පින්කමක් කියල කියනව. ඉතින් පැවිදි සීලය ගැන කවර කතාද? ඉතින් මුල් කාලයේ රැස් වුන පින පසු කාලයේ නිවන් අවබෝධයට හේතු වෙනවලු.

    පව් ඵල දුන්නේ නැහැ කියල හිතන්න එපා. පැවිදි සීලේ රැකලා භාවනා කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් ලැබුනලු ඉර්ධි ප්‍රාතිහාර්ය පෑමේ හැකියාව. නමුත් ඒ හැකියාව නිසා අධික මාන්නයක් ඇති වුනාලු. ඒ මාන්නෙන් මත්වෙලා ගොඩක් වැරදි කෙරුවලු. ඒ පව් වල ප්‍රතිඵලයක් විදියට අවීචි නරකයට(අපාය) යන්න වුනාලු. තාමත් එහෙ වෙන්න ඕන. ගොඩාක් කාලයක් එහි දුක් විදළලු එලියට එන්න වෙන්නේ. ඒ පව් අපායේ ගෙවල ආවම කලින් රැස් වුන පින ඵල දෙනවලු.

    ඉතින් බලන්න බුදු හාමුදුරුවෝ ළගින්ම ඉදලත් වටිනාකම තේරුම් ගන්න බැරි වුන. පොඩ්ඩක් දැනගෙන මාන්නයෙන් ඉදිමිලා බුදුන් හා සමාන වෙන්න හැදුව. තාමත් අපායේ දුක් විදිනව. නමුත් බුදුන් ගැන අහල පැහැදිල සතුටු වුනු අය ඒ පිනටම දිව්‍ය ලෝකයේ දිව්‍ය ආත්ම ලබල සතුටු වෙනවා. විශාකාවට මෙහෙකම් කරපු කෙනෙක් විශාකාව බුදුන්ට දන් දෙනවා දැකල සතුටු වෙලා විශාකාවට වඩා දිව්‍ය සැප ලැබුවලු.

    අනෙක නිවන් යන එක ඔය කියන තරම් ලේසි නම් මෙච්චර සත්වයින් බුද්ධ ශාසන රාශියක් පහු කර ගෙන මෙහෙම ඉපදෙයිද?
    මනුස්ස ලෝකේ කෙසේ වෙතත් තිරිසන් ලෝකයේම කොපමණ සත්වයින් ඉන්නවද? කූඹි, මදුරුවෝ වගේ කුඩා සතුන් කොච්චර ඉන්නවද? මනුස්ස උපතක් ලැබෙන්නේ බොහොම කලාතුරකින්. ඒ වුනාට ඒ උපතින් වැඩි දෙනෙක් කරන්නේ සත්තු කරන දේවල් කරන්න වෙනස් විදිහට උත්සහ කිරීම පමණි. කෙටියෙන් කියනවනම් ආශාවන් පස්සේ දිවීම. වයසට ගිහිල්ල අතපය වාරු නැති වුනාම තමයි නිවන මතක් වෙන්නේ. නැතිනම් ලෙඩ වෙලා ඇදට වැටුණාම. තවත් කට්ටියකට මරණාසන්න වෙනකම් මැරෙන කෙනෙක් කියල හිතෙන්නේ නැහැ. අන්තිම මොහොතේ තමයි බය වෙන්නේ පසු තැවෙන්නේ. ඉතින් එතකොට ප්‍රමාද වැඩියි. මේ ජීවිතේ විතරක් නෙමෙයි කලින් ජීවිත වලදීත් ඔච්චර තමයි කරලා තියෙන්නේ. ඊළග ශාසනේ විතරක් වෙනස් වෙයි කියල කොහොමද හිතන්නේ. මේ ජීවිතයේ පිනක් දහමක් කරලා උත්සහ කරපු අය විතරයි ගොඩ ගියොත් ගොඩ යන්නේ. :)
     
    starstharu

    Member
    Aug 17, 2010
    3,847
    568
    0
    37
    වරකාපොළ

    kelinma answer eka tyenawa
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    Well done bro niyama uththare..sattissara kiyala pase budu kenek widiyata maithree budurajanan wahansegen passe kaale thama ipadenawa kiyanne.
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    මන් පොතක කියවල තියෙනවා දේවදත්ත හාමුදුරුවෝ නරකාදියෙන් පස්සේ මයිත්‍රී බුදුහාමුදුරුවන්ගේ කාලේ පසේ බුදු කෙනෙක් බවට පත් වෙනවා කියල එකෙන් එයාට නිවන් දකින්න පුළුවන් වෙනවා
     
    Tchuk

    Member
    Nov 1, 2012
    207
    37
    0
    ඉඳ ඉඳ එක වෙහෙර
    විඳ විඳ දහම් මනහර,
    සිඳ බිඳ දුක් සසර,
    අහෝ දෙව්දත් නොදිටි මොක් පුර
     
    Tchuk

    Member
    Nov 1, 2012
    207
    37
    0
    මන් පොතක කියවල තියෙනවා දේවදත්ත හාමුදුරුවෝ නරකාදියෙන් පස්සේ මයිත්‍රී බුදුහාමුදුරුවන්ගේ කාලේ පසේ බුදු කෙනෙක් බවට පත් වෙනවා කියල එකෙන් එයාට නිවන් දකින්න පුළුවන් වෙනවා

    එච්චර ඉක්මනට දෙව්දත් නිවන් දකින්නේ නැ , කල්ප ගණනාවක් ම අවිචියේ ඉන්නවා ඉන් පස්සෙත් නොයෙක් දුක් සහිතව කල්ප ගනාවක් ඉඳල තමයි ඔහු පසේ බුදු වරයෙක් වෙන්නේ , පසේ බුදු වරුන් පහල වෙන්නේ අබුද්දොත්පාදක කාලවලදී පමණයි,
    මෛත්‍රී බුදුන් බුදුවන්නේ මේ මහා භද්‍ර කල්පයෙමයි
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    :yes::yes::yes::yes::yes:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    දේවදත්ත තෙරුන් කෙදිනක හෝ නිවන් දකිනවා යනුවෙන් සදහන්වේ. එසේ වීමට හෙතුව කුමක්ද?

    එතරම් පව් කල පුද්ගලයෙක්ටත් නිවන් දකීමට පුලුවන් නම් අප සියලු දෙනටමද නිවන් දකීමට පුලුවන් විය උතුය?

    දාන /සීල /භාවනා යන කරුණු 3 පුරන ඕනෑම කෙනෙකුට නිවන් දකින්න පුළුවන් සහෝදරයා. අත පය 4 / අනෙකුත් සංවේදී ඉන්ද්‍රීයන් හොඳට ක්‍රියාකාරීව පවතින තරුණ කාලේ තමයි මේ කරුණු 3 සම්පුර්ණ කරගන පහසු. ඒ හින්ද නොපමාව පින් දහම් කරන්න පටන්ගන්න.