මම එලකිරි එකට ඇවිත් වැඩි කල් නෑ. මෙ ටික කාලෙට මම දැකපු විදියට මේකෙ ඉන්න දේශපාලනය කතා කරන බහුතරය තාම රස්සාවක් වත් නැති පොඩි කොලු ගැටව්. ඔය මල්ලිලට මට කියන තියෙන්නෙ මෙච්චරයි. උඹලට දේශපාලනය කතා කරන්න තව කල් තියෙනවා. උඹල කිසියම් උසස් අධ්‍යාන ආයතනයක ඉගෙන ගන්නෙ නත්තන් පැය 24ම මේකෙ ඉන්නෙ නැතුව මොකක් හරි වෘතියක් ඉගෙන ගනිල්ලා. අඩු ගානෙ ඇඳුමක් මහන්න වත්. බැරිනම් මේසන් වැඩක් හරි. තොපිලට මොකක් හරි එක දෙයක් හරියට කරන්න පුලුවන් උන දාට සල්ලි අතට එයි ඉබේම. වැඩ පුලුවන් බදාම අනන එකෙක්ටත් දවසකට 1200ක් විතර ගෙවනවා. ලේසියෙන් ජීවත් වෙන්න හිතුවොත් ඉතින් මොන ආන්ඩුව ආවත් ඔය ටික තමා.
දැන් බලපන්.. තෙල් ගාන වැඩි කියල ආන්ඩුවට බනිනවා.
උබලගෙ දැනුමට මම ඕන නම් ලෝකෙ පෙට්‍රොල් ගනන් ටිකක් කියන්නම්.
දිල්ලි (මාර්තු 18): ලංකා රුපියල් 163යි.
බන්ගලාදේශය (මාර්තු 31): ලංකා රුපියල් 134යි. [ඒගොල්ලො මේ ගානට ශේප් උනේ අයි.එම්.එෆ් එකෙන් ඩොලර් බිලියල 1ක ලෝන් ඒකක් ගහල]
නේපාල් (මාර්තු 31): ලංකා රුපියල් 187යි.
ඩකා (මාර්තු 31): ලංකා රුපියල් 147යි. [ඩීසල් 152යි]
එක්සත් රාජධානිය (මාර්තු 12): ලංකා රුපියල් 288යි.
ආන්ඩුවට බැනපියවු... එත් ගනන් අඩු කරන්න වගේ මෝඩ ආතල් කියල නෙමෙයි. ඒ ගනන් ගෙවන්න රටට ආදායමක් හදල දෙන්නයි කියල. ඒ වගේම තමන්ටත් ආදායමක් හදාගන්න උත්සාහ කරපල්ලා.
මම මෙහෙම කිව්වෙ වෙන දෙයක් නිසා නෙමෙයි. උබල ඔය කියන විදියට ඇත්තටම උඹලට සල්ලි නැත්තන් එක උඹල ජීවත් වෙන විදියෙ මොකක් හරි වරදක්.. මොන පක්ෂෙ උනත් සිංහල කොල්ලෙක් ගොඩ යනවට ආස නිසයි මෙවා කිව්වෙ.
අනේ අපිට නෑ කියල පරාජය බාර ගන්න එපා. නැති කමට වෙන කටවත් බනින්නත් එපා. කොහොමහරි ඇති එකෙක් වෙන්න බලපන්.