දේශපාලන ප්‍රශ්න

akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    දේශපාලන ප්‍රශ්න

    මට දැවෙන ප්‍රශ්න ටිකක් තියෙනවා


    1. ලංකාවේ වර්තමාන නිත්‍යානුකුල අගමැති කවුද ?


    2. මහින්දයි මෛත්‍රියි පාර්ලිමේන්තුව කැදවලා බහුතර බලය පෙන්වන්නේ නැත්තේ ඇයි ?


    3. මෙම තත්වය තව දින කිහිපයක් පැවතියොත් රට අරාජික තත්වයකට පත්වෙලා විදේශ මැදිහත් වීම් සිදු වෙයිද ?


    4. දැනට රටේ තිබෙන නොසන්සුන් තත්වයට ප්‍රධාන වශයෙන් වගකිවයුතු පුද්ගලයා කවුද ?
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    1.පළවෙනි එකට හරි උත්තරයක් දෙන්න අමාරුයි.
    මෙ දැන් උදය ගම්මන් පිල කියනවා ඉංග්‍රිසි බසින් හා සිංහල බසින් ඇති ව්‍යවස්ථාවල පරස්පරයක් තියෙනවා කියලා.
    ඉතිං ඒකට අනුව ඉංග්‍රිසි ව්‍යවස්ථාව අනුව රනිල් අගමැති
    සිංහල ව්‍යවස්ථාව අනුව මහින්ද අගමැති

    2.දෙවෙනි ප්‍රශ්නෙට නම් ඉතිං හරි සරලයි.
    හේතුව හිටං හදන්නෙ රනිල්ට සහ යු ඇන් පී එකට ඇරලා මහින්ද එක්ක සෙට් වෙලා ගොඩ යන්න.
    තාමත් බහුතරය අවිනිශ්චිත නිසා මහින්දගෙ පැත්තට බිලී බාගන්න කට්ටිය හොයන නිසාත් ඒ සඳහා කල් ගැනීමක් තමා මෙ වෙන්නෙ

    3.ඔව් අරාජික උනොත් විදෙශ මැදිහත්වීම් වෙයි. සමහරක් විට කල කොලාහල යාවි මිනිස්සු අතර. දැනටම අරලිය ගහ මන්දිරෙ අවට රැස් වෙලා ඉන්නවා නෙ යු ඇන් පී කාරයො ටික.
    එහෙම උනොත් ප්‍රජාත්‍රන්තවාදෙ නාමෙන් බටහිරත් මහින්දව රකින්න චීනෙත් ගේමට එන්ටර් වෙවි.

    4.හතරවෙනි එකට නම් ඉතිං වෙන කවුරුත් නෙමෙ මෛත්‍රීපාල සිරිසෙන නොහොත් හිටං .
     
    • Like
    Reactions: akshalikas

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    1. ලංකාවේ වර්තමාන නිත්‍යානුකුල අගමැති කවුද ?

    19 වැනි සංශෝධනය අනුව අගමැතිව අයින් කරන්න ජනපතිට බලයක් නෑ කියන එකයි තර්කය. අනික එහෙම අයින් කරත් පාර්ලිමේන්තු බහුතරය තියෙන කෙනා අගමැති කියන එකයි දෙවැනි තර්කය. ඒ අනුව මේක හරියටම කියන්න බෑ. අධිකරණයට ගිහිල්ලා ව්‍යවස්ථාවේ මේ වගන්ති ගැන අර්ථ නිරූපණයක් ගන්න ඕනා. එහෙම නැත්තං පාර්ලි‌‌මේන්තුව වහාම කැඳවලා එහි බහුතරය කාටද කියලා බලන්න ඕනි.

    සමහර විට මහින්දගේ පත්වීම අර හිටපු අගවිනිසුරු මොහාන් පිරිස් වගේ වෙන්නත් ඉඩ තියෙනවා(මොහාන් පිරිස් මහින්දගේ කලේ අගවිනිසුරු විදියට හිටියට එයා අගවිනිසුරු කෙනෙක් නෙමේ, එයාගේ පත්වීම නීතියට එකග නෑ කියන එකයි දැන් පිළිගැනීම. ඒ කියන්නේ ඔහු දුන්නු තීන්දු වලංගුද කියන ගැටළුවත් එනවා. මේ ගැන ප්‍රශ්න කරාට තාව අවසන් නිගමනයක් නෑ.)

    හැබැයි ජාත්‍යන්තර මාධ්‍ය පවා මහින්ද අගමැති කියලා තාම පිළිගෙන නෑ. ඉන්දියාව පවා ඒක පිළිගෙන නෑ.

    2. මහින්දයි මෛත්‍රියි පාර්ලිමේන්තුව කැදවලා බහුතර බලය පෙන්වන්නේ නැත්තේ ඇයි ?

    එහෙම පෙන්නන්නේ නැත්තේ අර උඩින් කියලා තියෙන හේතුව නිසා. ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ බහුතරය රනිල්ට අවොත් ඔහු අගමැති බව නැවත වටයකින් තහවුරු වන නිසා. එම නිසා පාර්ලිමේන්තු බහුතරය සාදා ගැනීමට කල් ගැනීමටයි පාර්ලි‌‌මේන්තුව කල් තබා ඇත්තේ. හැබැයි ඒක පාරවලලක් වෙලා කියලා පෙන්නේ දැන්.

    3. මෙම තත්වය තව දින කිහිපයක් පැවතියොත් රට අරාජික තත්වයකට පත්වෙලා විදේශ මැදිහත් වීම් සිදු වෙයිද ?

    නැහැ. විදෙස් මැදිහත් වීමක් සෘජුව නං එන එකක් නෑ. හැබැයි වක්‍රව ක්‍රියාත්මක වෙන්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ ලංකාව විදෙස් රට වලින් බොර තෙල් ආදිය ලබා නොදීම වගේ දේවල්. විදෙස් රටවල බුද්ධි මෙහෙයුම් කිරියාත්මක වෙයි. ඒ ඇරෙන්න විදෙස් හමුදා නං මෙහෙට එන්න තියෙන ඉතාම අඩුයි. එන එකක්ම නෑ.

    4. දැනට රටේ තිබෙන නොසන්සුන් තත්වයට ප්‍රධාන වශයෙන් වගකිවයුතු පුද්ගලයා කවුද ?

    ප්‍රධාන වශයෙන් නෙමේ සම්පුර්ණයෙන්ම වගකිව යුත්තේ මයිත්‍රීපාල සිරිසේන.

     
    Last edited: