Extract from Lankaenews
උදේ මාධ්‍ය නාඩගම අතේ රෝල්..! දේශබන්දු වැරදිකරු කරලා; චෝදනාත් කෙටුම්පත් කරලා; බාරත් දීලා..! මෙන්න සාක්කි..!
-චන්ද්‍රප්‍රදීප් හෙළිකරයි
(ලංකා ඊ නිව්ස් -2023.මාර්තු.17, ප.ව.7.40) එල්ටීටීඊ ත්රස්තවාදීන්ට රහසේ කප්පම් මුදල් දුන් බව පිළිගත් රාජද්‍රෝහී ටිරාං අලස් සහ ජනතාවගෙන් ගුටි කා පලා ගිය දේශබන්දු තෙන්නකෝන් ගේ 'වෙන්ඩ පොලිස්පති නාඩගම' අද ශිරාන් බාසික්ගේ කුඩු සල්ලි වලින් යැපෙන ජඩමාධ්‍ය කාරයන් කිහිප දෙනෙකු අල්ලාගෙන තවත් ජවනිකාවක් රඟදක්වමින්, දේශබන්දු පොලිස්පති කරනවා යැයි රනිල් ජනාධිපතිකාරයා ඊයේ (16) මහජන අමාත්‍යාංශයට දැනුම් දුන්නා යැයි කට කතාවක් ගොතා ප්‍රසිද්ධ කර තිබේ.
මෙය මුලින්ම ප්‍රචාරය කෙළේ නයි දෙරණේ අයිතිකාර ඇන්ටිජන් දිලිත් ගේ පත්තර කඩමාල්ල ය. ඇන්ටිජන් දිලිත්ට ද ජනාධිපති මොරය ඉහට ගසා ඇති අතර ඔහු ද දේශබන්දු නම් පොලිසියේ එතෙක් මෙතක් පහල වූ හොර තක්කඩියා පොලිස්පති කිරීමට වැයම් කරන්නේ ඔහුගේ ජනාධිපති සිහිනයට දේශබන්දුවාගේ උපකාරය ලබා ගැනීමට ය.
මෝඩ ජඩමාධ්‍ය කාරයන් නොදන්න දේ..
රනිල් ජනාධිපතිකාරයා කිව්වා යැයි කියන තක්කඩි බොරුව ජනගත කරන මෝඩ ජඩමාධ්‍ය කාරයන් නොදන්නේ නව ව්‍යවස්ථා සංශෝධනය අනුව පොලිස්පති පත් කරන්නේ ජනාධිපති නොවන බවයි. ජනාධිපති නම් තුනක් යෝජනා කර ව්‍යවස්ථා සභාවට යැවූ කල පොලිස්පති තෝරන්නේ ව්‍යවස්ථා සභාවයි. ඒ තේරූ නම ජනාධිපති විසින් පත් කරනවා විනා ජනාධිපතිට හිතු මතේ ජීවිතේ වැඩ කරන්නට බැරිය. නව ව්‍යවස්ථා සභාව දන්නා කාලයකින් රැස්වී හෝ නැති කල ඊයේ රනිල් ජනාධිපතිකාරයා දේශබන්දු පොලිස්පති කරනවා කියා කීවා කියන්නේ බොරුව ගෙතූ එකාගේ අම්මා හීනෙන් ඇවිත් කියලා විය යුතුය.
දේශබන්දු යනු ජ්‍යෙෂ්ඨත්වයෙන් ඊලඟට සිටින ජ්‍යෙ.නි.පොලිස්පති ද නොවේ. ඔහුට ඉහලින් නිලන්ත ජයවර්ධන සහ ලලිත් පතිනායක දෙදෙනා ය. නිලන්ත ජයවර්ධන පාස්කු බෝම්බ ප්‍රහාරයේදී රාජකාරිය නොසලකා හැරීම නිසා මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වන්දි මුදල් ගෙවන ලෙසට ද නියෝග කර ඇති අයෙකි.
දේශබන්දු වැරදිකරු කරලා; චෝදනාත් කෙටුම්පත් කරලා; බාරත් දීලා...
දේශබන්දු ද එවැනිම ය. ඒ පසුගිය ජූලි 07 වැනිදා ජනාධිපති මන්දිරයේ තිබී හමු වූ රුපියල් එක් කෝටි, හැත්තෑ අට ලක්ෂ පනස් දහසක මුදල් අරගලකරුවන් විසින් සොයා ගෙන කොටුව පොලිසියට බාර දුන් පසුව ඒ ගැන රාජකාරි නොකරන්නැයි පළාත භාර ජ්‍යෙ.නි.පොලිස්පතිවරයා ලෙස දේශබන්දු කොටුව පොලිස් ස්ථානාධිපතිට නීතී විරෝධී නියෝගයක් ලබා දීම සම්බන්ධයෙනි. මේ සම්බන්ධයෙන් පරීක්ෂනයක් කර වාර්තා කරන්නැයි කොටුව මහේස්ත්‍රාත් පොලිස්පතිට දුන් නියෝගයක් අනුව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ඒ සම්බන්ධයෙන් පොලිසියේ විශේෂ විමර්ශන ඒකකය මගින් පරීක්ෂනයක් පවත්වා SIU/340/2022 දරණ විමර්ශන වාර්තාව අධිකරණයටත්, පොලිසිය බාර මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්ටත්, පොලිස් කොමිසමටත් යවා තිබේ.
පොලිසියේ විශේෂ විමර්ශන ඒකකයේ එම වාර්තාව මගින් පළමු චුදිතයා කර ඇත්තේ දේශබන්දු ය. ඔහු වැරදිකරු කර ඇතිවා පමණක් නොව ඔහුට එරෙහිව චෝදනා ද කෙටුම්පත් කර යවා තිබේ. එසේ යවා ඇත්තේ අද දේශබන්දු පොලිස්පති කිරීමේ මාධ්‍ය නාඩගමට පෙර ය.
කොම්පඤ්ඤවීදියේ කොල්ලන්ට සැලියුට්..
ඉතින් එහෙව් දේශබන්දුවා මේ රටේ පොලිස්පති වේ නම් එය නීතිය අමු අමුවේම කෙළෙසීමකි. බැරි වෙලා හෝ දේශබන්දුවා පොලිස්පති වුවහොත් පොලිසියට සැලියුට් ගැසීමට සිදුවන්නේ දේශබන්දුවාට නොව දේශබන්දුවාට හිසත් බදා ගෙන, පුකත් වසාගෙන, දුවන්ට පාර හොයාගන්නට බැරිවෙන්නට පහර දුන් කොම්පඤ්ඤ වීදියේ වීරෝධාර කොල්ලන්ට ය.
පොලිසියේ විශේෂ විමර්ශන ඒකකය විසින් දේශබන්දු වැරදි කරු කරමින්, චෝදනාද කෙටුම්පත් කරමින් සැකසූ විමර්ශන වාර්තාව පිළිබඳ පොලිස්පති වරයා යැවූ ලිපිය මෙහි පහත ඉමේජවල දැක්වේ.
-චන්ද්‍රප්‍රදීප්
ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/54
සබැඳි පුවත්
* ටිරාං-දේශබන්දු ඩබලේ "වෙන්ඩ පොලිස්පති" නාඩගමේ තිරය රනිල් වසා දමයි..!
* ශිරාන් බාසික්ගේ කුඩු සල්ලි වලින් රඟදක්වන ටිරාන්-දේශබන්ධු ඩබලේ වෙන්ඩ පොලිස්පති නාඩගම..!
---------------------------
by (2023-03-17 14:21:44)
ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.
Read 9204 Times
Leave a Reply
0 discussion on this news
ⓘ
News Categories
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි
අධිකරණ
අප්පු-ආමි ගේ කොළම
අඹයාගේ ඇඹුල
ආචාර්ය අමලානන්ද ගේ ලිපි
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා
ආනන්දගේ පරිවර්තන
ආනුභාවනන්දගේ ලිපි
more
ⓘ
Links
Today's Exchange Rate
Government Links
Facts of Sri Lanka
Today's Share Price - Colombo
Images of Ceylon in 1840
Government Gazette