අන්තිම සවුත්තු මනුස්සයෙක්. ඒත් ඇයි මෙහෙම? මේ වෙලාවෙ පොලීසිය බිඳව ගන්නව කියන්නෙ අපිම රට අවුලගන්නව කියන එක. මේ මිනිස්සුත් එක්ක ගනුදෙනු පස්සෙ බේරගන්න පුලුවන්.
ඇත්තටම රටට ආදරේ කෙනෙක්නම් ගෝඨා දැන් ඉල්ලා අස්වෙන්න ඕන. ඔය ඇටෑක් කරන මිනිස්සු මෝඩයො උනත් රටවැසියො. තමන්ගෙ ජනතාව තමන්ටම විශාල හානියක් කරගන්න බව පෙනි පෙනි නායකයෙක් කල් මරමිම් ඉන්නව කියන්නෙ ඉතින්... අප්‍රසන්නම පැය කීපයක් මේක මට නම්.
ඩඩ්ලි අයින් කරන්න කරපු හර්තාල් එක පටන් ඇරගෙන දවසින් මිනිහ අයින් උනා. ඒක ගොඩක් අය දුර්වලකමක් විදිහට දැක්කෙ. දැනුයි තේරෙන්නෙ ඌ පරිණත මනුස්සයෙක් කියල.