දෛවෝපගත-සිදුවීමක්

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    දෛවෝපගත-සිදුවීමක්

    මට මේල් එකෙන් ආවේ මේක.


    මේක සිද්ධ උනේ මිට හුගාක් කාලෙකට ඉස්සෙල්ලා....ස්විට්ස්ර්ලන්තේ...



    එහේ ගොවිපොළක් තිබුන දුප්පත් ගොවියෙකුට...මෙයාගේ නම ෆ්ලෙමින්....

    දවසක් ෆ්ලෙමින් ගොවිපොළේ වැඩ කර කර ඉන්නකොට ඇහුන පොඩි ළමයෙක් උදව් ඉල්ලලා කෑගහන සද්දයක්..මෙයා දුවගෙන ගියා ඒ පැත්තට...ගිහින් බලනකොට මෙන්න පොඩි දරුවෙක්..ගොවිපොළට ටිකක් ඈතින් තියෙන වගුරක එරිල...ගිලෙන්න යනවා.

    ඉක්මන් කරපු ෆ්ලෙමින්...බොහොම වෙහෙස වෙලා මේ පොඩි එකාව බේරගත්ත...පොඩි එකත් කව්දෝ මිනිහෙක් එක්ක ඊට පස්සේ යන්න ගියා....

    ඊට පහුවෙනිදා ෆ්ලෙමින්ගේ ගේ ඉස්සරහ එකපාරට බොහෝම ලස්සන අශ්ව කරත්තයක් ඇවිත් නැවැත්තුව...ඒකෙන බැහැල ආවේ බොහෝම වංශවත් විධියේ වැදගත් විධියේ මහත්මයෙක්...



    ඇවිත් මෙයා ඇහුව....
    ඔබතුමාද ඊයේ පොඩි දරුවෙක්ව බේරගත්තේ මඩේ එරෙන්න ගිහින් ?
    ඔව් මහත්මයා....

    බොහෝම කෘතඥ ලෙස සිනාසුනු වංශවත් මහත්මයා....බොහෝම සතුටුයි ...ඊයේ ඒ ඔබතුමා බේරගත්තේ මගේ පුතා...මම ඔබ තුමාට කොහොමනම් ස්තුති කරන්නද...කලගුණ සලකන්නද ?? කියමින් ලොකු මුදල් ප්‍රමාණයක් ෆ්ලෙමින් වෙත දෙන්නට සැරසුණා...

    බොහෝම ස්තුති මහත්මයා...එත් මට ඔය මුදල් බාරගන්න බෑ....මම ඒ දේ කළේ කිසිම වාසියක් ලාභයක් බලාගෙන නෙවේ....

    එතකොටම වගේ පුංචි කොලුගැටයෙක් ගෙදර ඉස්සරහ දොරෙන් එබිලා බලල ෆ්ලෙමින්ගේ ඇගේ දැවටෙන්න ගත්ත....
    මේ ඔබතුමාගේ පුතාද ? ඔව් මහත්මයා...ඉස්කෝලේ යනවද ? අනේ නෑ මහත්තයෝ...බිම බලාගනිමින් මදක් පැකිලී ෆ්ලෙමින් උත්තර දුන්නා..

    හොඳයි...අපි එහෙනම් මෙහෙම කරමු....මේ පොඩි දරුවත් මගේ දරුවාගේ වයසෙමයි...මම මේ දරුවාව මගේ දරුවා යවන ඉස්කොලෙටම දාන්නම්....මගේ දරුවට වගේම මෙයාගේ ඉගෙනීමටත් සම්පුර්ණයෙන් වියදම් කරන්නම්....මේ දරුවත් ඔබ තුමා වගේ යහපත් මනුස්සයෙක් විදියට ලොකු උනොත් මට කවදාවත් මෙයාට වියදම් කරපු එක ගැන දුක වෙන්න ඕන වෙන්නේ නෑ...

    ඉල්ලීමට ෆ්ලෙමින් කැමැත්ත පළ කළේය...

    ඉන්පසු ෆ්ලෙමින් ගේ පුතාද රටේ ඉහලම පාසලකින් අධ්‍යාපනය හදාරා...පසුව ප්‍රංශයේ විශ්ව විද්‍යාලයකට සුදුසුකම් ලබා ..වෛද්‍ය විද්‍යාව හදාරන්නට විය...


    පසු කලෙක පෙර කී වන්ශාධිපතියාගේ දරුවාට නියුමෝනියා රෝගය සෑදී ඔහු මරණාසන්න විය...එවකට නියුමෝනියාව යනු බෙහෙත් නැති මාරාන්තික රෝගයකි....එහෙත් එකල ෆ්ලෙමින්ගේ පුතාද නියුමෝනියාවට ඖෂධයක් සොයමින් පරීක්ෂණ කරමින් සිටියේය...ඔහු මෙම ඖෂධය ඔහුට ලබාදී ඔහුව සුවපත් කිරීමට සමත් විය...

    ඔව්...මේ ඖෂධය තමයි පෙනිසිලින්...එවකට ජිවිත ලක්ෂ ගානක් බේරාගන්නට මේකෙන් පුළුවන් උනා...එසේම මේක සොයාගත්තේ ඒ වෛද්‍ය සිසුවා ෆ්ලෙමින් නම් ගොවියාගේ පුත් ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමින්...ය.

    එතකොට එදා ඔහුට ඉගෙනීම වෙනුවෙන් වියදම් කළ ඒ වන්ශාධිපතියා ගේ නම රුඩොල්ෆ් චර්චිල්...හිතුවත් වගේ ..

    වරක් ෆ්ලෙමින් විසින්ද පසුව ෆ්ලෙමින්ගේ පුතා විසින්ද දෛවෝපගත ලෙස දිවි බේරාදුන් ඔහු පසුකාලීනව බ්‍රිතාන්‍යයේ අගමැති වූ වින්ස්ටන්ට් චර්චිල් මය..

    යහපත් සිතින් කරන දේ කවදාවත් වරදින්නේ නැත...එහි යහපත් ප්‍රතිපල ඔබට අනිවාරෙන් ලැබෙනු ඇත....

     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34

    යහපත් සිතින් කරන දේ කවදාවත් වරදින්නේ නැත...එහි යහපත් ප්‍රතිපල ඔබට අනිවාරෙන් ලැබෙනු ඇත....


    :yes:.:yes: thanks for the valuable share
     
    • Like
    Reactions: akilar25

    chathu_ac

    Member
    Nov 24, 2007
    4,687
    1,351
    0
    Sri Lanka
    nice story
    thnx for sharing bro
    :D
    hNELp.png
     
    • Like
    Reactions: akilar25