දොස්තරකම_සක්විති_පදවියක්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
දොස්තරකම_සක්විති_පදවියක්

ලංකාවේ දොස්තරකම සක්විති පදවියක් වෙන්නේ කොහොමද ?



13567157_266493377049366_3250489263672140819_n.jpg





ලක්ශාන් අබේනායක කියන්නේ මධ්‍යම පාන්තික සෙන්ට් ජෝස්ෆ් එකට ගොස් වෛද්‍යවරයෙකු වූ කෙනෙක්. එවැනි කෙනෙක් පවා සිතන්නේ බටහිර ලෝකයෙත් ලංකාවේ වගේ දොස්තරකම වන්දනා කරන වෘත්තියක් කියා. එහෙව් එකේ පීඩිතයන් පිලිබඳ කුමන කතාද .


දැන් බලමු ලංකාවේ දොස්තරකම සක්විති පදවියක් වෙන්නේ කොහොමද කියලා. සරණපාල දුප්පත් පවුලක කෙනෙක්. ඔහුගේ පියා වඩුවෙක්. ඔහු කුඩා කාලයේ උණට බෙහෙත් ගන්න දොස්තර ලඟට යනවා. එහිදී ඔහු දකිනවා තම පියා දොස්තර ඉදිරියේ බයාදු කමින් සරණපාල ගේ ලෙඩය ගැන කියන අයුරු. දොස්තර ටයි එකක් දාලා ගාම්භීර විදියට ඉන්නේ. ඒක සරණපාල දකිනවා. තම පියා වගේ හඩු සරමක් නොවෙයි දොස්තර මහත්තයා ඇඳන් ඉන්නේ. දොස්තර මහත්තයා සරණපාලගේ පියාව ගනන් ගන්නේ නැතිව මූණ දිහාවත් නොබලා බේතක් ලියලා දෙනවා. එතකොට සරණපාලගේ පියා හාමුදුරුවන්ට අට පිරිකරක් දෙනෙවා වගේ දෝතින් දොස්තරට සල්ලි දෙනවා. ඩිස්පැන්සරියෙන් එලියට ආවම සරණපාල දකිනවා දොස්තර මහත්තයාදේ අළුත්ම දිලිසෙන කාර් එක. ඒවගේ කාර් එකක් සරණපාල කවදාවත් දැකලා නෑ. මේ නිසා දොස්තර යනු සක්දෙවි කෙනෙක් කියා තමයි සරණපාල හිතන්නේ. ඔහු දැක්කා තම පියාගේ බයාදු මුහුණ සහ දොස්තර මහතාගේ තේජස් මූණ. තම පියා ඔහු ඉදිරියේ පරාජිතයෙක් වෙලා.


කුඩා කාලයේ සිටම සරණපාල ආස දොස්තර කෙනෙක් වෙන්න. දෙමාපියනුත් ඔහුට නිතරම කියන්නේ " පුතේ උඹ මහන්සි වෙලා පාඩම් කරලා දොස්තර කෙනෙක් වෙලා මේ නරකාදියෙන් ගොඩ වෙයං කියලා. මේ නිසා සරණපාලයා යාලුවෙක් ආශ්‍රය කරන්නේ නෑ , ගමනක් බිමනක් යන්නේ නෑ , ක්‍රීඩාවක් කරන්නේ නෑ කොයි වෙලාවෙත් පාඩම , සහ කට පාඩම​. සරණපාල ගේ ඒකායන බලාපොරොත්තුව උසස් පෙල සමත් වෙලා වෛද්‍ය විද්‍යාලයට ගිහින් දොස්තර කෙනෙක් වෙන්න​. ඒක තමයි එකම හීනය​. ඔහු දිවා රෑ නොබලා කටපාඩම් කරලා විභාගය සමත් වෙලා දොස්තර කෙනෙක් වෙනවා.


දැන් සරණපාල හිතන්නේ තමන් සක්විති පදවියට පත් උනා කියලා. සරණපාල දැන් තමන් ගෙන් බේත් ගන්න එන මිනිස්සුන් ගෙන් වැඳීම බලා පොරොත්තු වෙනවා . සරණපාලයා දැන් යන්නේ අඩි දෙකක් උඩින්. වෙනත් රැකියා කරන අය කිසිවෙකු ගනන් ගන්නේ නෑ. "උන් කවුද මම දොස්තර කෙනෙක්" මෙහෙම තමයි සරණපාලයා දැන් හිතන්නේ. සරණපාලලා කැමති නෑ තව වෛද්‍ය විද්‍යාල ඇවිල්ලා අළුතින් වෛද්‍යවරු බිහි වෙනවට. ජනතාවගේ සෞඛ්‍යට කෙල උනාට සරණපාලලාට කමක් නෑ. අළුතින් වෛද්‍ය විද්‍යාල ඇති කරන්න හැදුවොත් සරණපාලලා ඒවට විරුද්ද වෙනවා. ඒවගේම හොඳ ගතිගුණ තියන වෛද්‍යවරයන්වත් අවුස්සලා ස්ට්‍රයික් කරවනවා. අළුතින් වෛද්‍යවරු බිහි උනාම තමන්ට තියන ගරුත්වය නැතිවෙයි කියලා සරණපාලලා බයයි.


ඒ වගේම සරණපාල හිතනවා බටහිර රටවලත් මේ විදියට දොස්තර කිව්වම මිනිසුන් වඳිනවා කියලා. සරණපාල පීඩිතයෙක්. වෛද්‍ය වෘත්තිය කියන්නේ පීඩිතයාට ආභරණයක්. වෛද්‍ය වෘත්තිය කියන්නේ පීඩිතයාට සක්විති පදවිය වගේ. ඊට ඉහලින් වෘත්තියක් ඔහු දන්නේ නෑ. වෛද්‍ය වර්ජනයක් වූ විට වැඩිපුරම තැලෙන්නේ පීඩිතයා. ඒ නිසාම ඔහු වෛද්‍ය වෘත්තියට ආශා කරනවා. පීඩිතයා උත්සහ කරනවා තම දරුවන් හෝ එම වෘත්තිය කරා යවන්න. ඔහුව පීඩාවට පත් කරන ඔහුව කොන් කර දමන එම වෛද්‍ය වෘත්තියට පීඩිතයා පෙම් බඳිනවා. ඒ නිසා තමයි පීඩිතයන් වැඩිපුර ඉන්න රට වල වෛද්‍ය වෘත්තිය දේව වෘත්තියක් වෙන්නේ. එහෙත් ආර්ථික වශයෙන් සහ සමාජ ආකල්පමය වශයෙන් සංවර්ධිත රට වල වෛද්‍ය වෘත්තිය තවත් එක් වෘත්තියක් පමණයි. නර්ස්ලා දොස්තරගේ මුල් නම කියලා කතා කරන්නේ. ඒකට දොස්තරලා ස්ට්‍රයික් කරන්නේ නෑ. ක්ලිනික් එකේ කක්කුස්සිය හෝදන පුද්ගලයාගේ වාහනය නවත්වන්නෙත් දොස්තර වාහනය නවත්වන පාකිං එකේ. ඒත් සරණපාලලා මේ කතා විශ්වාස කරන්නේ නෑ. ආකල්පමය වශයෙන් සහ ආර්ථිකව සංවර්ධනය වූ රටවල වෛද්‍ය උපාධිය තිබෙන සමහරු GP හෙවත් පවුල් වෛද්‍යවරයෙකු නොවී පරියේෂණ අංශ වල සේවය කරනවා. සමහරු වෙනත් ප්‍රතිකාරාත්මක අංශ වල සේවය කරනවා. සරණපාල වන්දනා කරන පවුල් වෛද්‍යවරු හෙවත් GP කෙනෙකු රෝගියෙක් බලලා පැයට $ 30 වැනි මුදලක් ලබා ගන්න විට වෛද්‍ය උපාධිය තිබෙන කයිරෝප්‍රැක්ටර් පැයට $ 120 ද වෛද්‍ය මනෝ චිකිත්සකයන් $ 150 - 200 දක්වාද දන්ත චිකිත්සකයන් $ 200 - 500 දක්වාද ලබා ගන්නවා.


පෘතුවිරාජ් ප්‍රනාන්දු කියන්නේ ඉහල පන්තියක රෝයල් හෝ සෙන්ට් තෝමස් එකට ගිහින් රාගම පුද්ගලික විශ්ව විද්‍යාලයේ ඉගන ගෙන දොස්තර උපාධිය ලබාගෙන පිටරට ගිහින් අලින් පිලිබඳව පරියේෂණ පී.එච්.ඩී එකක් ලබාගෙන GP කෙනෙකු හැටියට වැඩ නොකර අලින් පිලිබඳව පරියේෂණ කරමින් ඉන්නවා. පෘතුවිරාජ් ප්‍රනාන්දුලා වගේ අයට දොස්තරකම සක්විති පදවියක් නොවෙයි. ඔහුගේ දෙමාපියන් නෑදෑසනුහරේ බාගයක් දොස්තරලා. ඌ පීඩිතයෙකු නොවුනු නිසා ඌට GP කම මරාගෙන මැරෙන්නට අවශ්‍ය දෙයක් නොවෙයි. ඒත් සරණපාලලාට අනුව පෘතුවිරාජ් ප්‍රනාන්දු පරාජිතයෙක්. සරණපාලලා පෘතුවිරාජ් ප්‍රනාන්දුලාට කිණ්ඩිය දානවා. හේතුව පීඩිතයන් ලෙස ජීවත් වූ සරණපාලලාට මේක තේරුම් ගන්න බෑ. ඔවුන් ගේ විශ්වයේ අධිපති අර කුඩා කාලයේ දැක්ක දොස්තර ඉමේජ් එක.


මම බටහිරට ආ මුල් කාලයේ නිව්ෆවුන්ඩ්ලන්තයෙන් මට ආරාධනා කරනවා එහෙ ඇවිත් තාවකාලික රෙජිස්ට්‍රේශන් එක යටතේ GP ලෙස සේවය කරන්න එන්න කියලා. ඔවුන් ගුවන් ගමන් ටිකට් එකත් දෙනවා. ඒත් මම ඒක අත් හැරලා යෝක් විශ්ව විද්‍යාලයට යනවා මගේ ප්‍රියතම විෂය මනෝ විද්‍යාව හදාරන්න , එම විෂය ප්‍රගුණ කරන්න. මම වගේ බොහෝ වෛද්‍යවරු මට බටහිර ලෝකයේ හමු වෙනවා GP කම අත් ඇරලා විශ්ව විද්‍යාල වල පරියේෂණ කරන වෙනත් විශේෂ වූ ප්‍රතිකාරාත්මක සේවා වල යෙදෙන​. නමුත් සරණපාලලාට මේක තේරෙන්නේ නෑ. ඔවුන් හිතන්නේ GP කෙනෙකු නොවෙයි නම් ඔහු මිනිසෙකු නොවෙයි කියලා.දොස්තර කෙනෙක් වෙලා පන්තිය අතික්‍රමණය කලත් සරණපාලලා හිතින් තවමත් දුප්පත්. තවමත් පීඩිතයෝ.


වෛද්‍ය රුවන් එම් ජයතුංග

 

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
comments:



kumaraMarch 15, 2019 at 7:00 PM
රුවන් ජයතුංග මහතා හිතාමතාම දෙබරයකට ගලූ්ගසා ඇති බව පෙනේ.
Reply





sam pereraMarch 15, 2019 at 10:12 PM
මීට වසර විසිපහකටත් වඩා අතීතයේ සිදු වූ සිදුවීමක් මම වෙබ් අඩවියක සාකච්ඡාවකට පිළිතුරක් හැටියට ලිව්වා. ඒ පිළිතුර මේ ලිපියට ඉතාම අදාළ වේ යැයි සිතන නිසා පහතින් පල කරනවා. ස්තුතියි.

මගේ දුව වයස 3 පමණ කාලයේදී අප ලංකාවට නිවාඩුවකට ගියා. ඔස්ට්‍රේලියාවේදී අපේ ගෙදර, ප්ලේ ගෘප් , පාර්ක්, බීච් වැනි ස්ථාන වල පමණක් සෙල්ලං කර තිබු මගේ දුව, ඇයට වඩා බාල ඥාති සොහොයුරෙකුත් සමග වතුපිටි, වෙල්, ඇලපාර වල අසීමිත නිදහසකින් දවස් ගතකලා. අපිත් ඒ නිදහස සීමා කලේ නැහැ. එක දිනක දෙතුන් වතාවක්ම ඇය බඩ රිදෙන බව කියූ නිසා, අපේ ගෙවල් අසලම අප හොඳින් දන්නා වෛද්‍යවරියකගේ (ඇය ඒ වනවිට විදේශගත වී හිටියා)ඩිස්පැන්සරියක වෛද්‍යවරයා රාත්‍රී 8 වනතුරු ඉන්නා නිසා එහි යන ලෙස මගේ අම්මා කිව්වා. රාත්‍රී අටට ඔන්න මෙන්න තිබූ ඒ මොහොතේ මාත් බිරිඳත් දරුවා රැගෙන එහි ගියා. දොස්තර හමු වූ විට බොහෝ රළු ලෙස මගේ දියණියගෙන් ප්‍රශ්න ඇසු නිසා (ඇයට සරල සිංහල කතා කල හැකි මුත් ඩොකාගේ රළු කතාවට ඇය බිය වෙන්න ඇති) ඇය නිරුත්තරව සිටි අතර මොනවද කෑවේ කියා අපෙන් ඇසු විට අපි දෙදෙනා මුහුණෙන් මුහුණ බලා ගත්තා. හේතුව ඇය අහල පහල ගෙවල් වලින් සහ අර කියූ ඇම්ඩන් ටයිප් එකේ සොහොයුරා සමග කැලේ කොලේ රිංගා කෑවේ මොනවාද නොවෙයි, නොකෑවේ මොනවාද කියා අපිටත් ප්‍රශ්නයක් තිබුනා. මතක් වෙන මතක් වෙන ආකාරයට අපි දෙදෙනාම නොයෙකුත් කෑම ජාති කිව්වා. පණු බේත් දුන්නේ කවද්ද ? කියන ඊළඟ ප්‍රශ්නයට මගේ බිරිඳ මෙයාට පණු බේත් දීලා නැහැ , කියා ඊට හේතුව කියන්න වාක්‍යය අවසන් කරන්න පළමුව "ළමයි වැදුවට මදි, හදන්නත් ඕනෑ " වැනි කියුමක් කිව්වා. කොට කලිසමක් හා හපුටු ටී ෂර්ට් එකක් ඇඳ, සෙරෙප්පු දෙකක්වත් නැතිව සිටි මමත්(කාර් එකෙන් බහින කොට බිරිඳ මගේ සෙරෙප්පු දෙක ඉල්ලාගෙන දාගත්තා) , ගෙදරට අඳින ගවුම පිටින් සිටි මගේ බිරිඳත්, දුවිලි, මඩ වැකුණ සිරුරකින් හිටපු දුවත් දුටුවාම මේකා ලොකු ටෝක් දෙන්න පටං ගත්තා. කෙසේ හෝ මගේ බිරිඳ අප ජීවත් වන්නේ ඕස්ට්‍රේලියාවේ බවත් එහි ළමයින්ට පණු බෙහෙත් නොදෙන බවත් කිව්වා. එවිට ඩොකා, you should have told me that කියලා ඉංග්‍රීසියෙන් කිව්වා. මට කතා කරන්න ඉඩ දුන්නේ නැහැ කියා බිරිඳත් ඉංගිරිසියෙන් කිව්වා. ඊට පසු අපේ කතාව ඉංගිරිස් වලින් වූ අතර දියණිය පරීක්ෂා කර බෙහෙත් ලබා දුන්නා. ඔහු කියූ දෙයකට හිත රිදුනානම් සමාවෙන්න කියා කියූ විට මම කියුවේ මිනිසුන්ට, මිනිසුන් ලෙසින් සැලකීම සිදු වෙන්නේ 'මිනිසුන්' අතින් පමණක් බව මා දන්නා බවයි.(ඒකත් ඉංගිරිසියෙන් කිව්වේ). මේ අතර බෙහෙත් ශාලා ගොඩනැගිල්ල අයිති ඉහතකී දොස්තරවරියගේ පියා එහි පැමිණ (ඔවුන්ගේ ගේ ඉදිරිපිට මේ බෙහෙත් ශාලාව සාදා ඇත) අපිත් සමග පිළිසඳරේ යෙදී ඔවුන්ගේ ගෙදර යාමට කතා කළා. මේ දොස්තර ඔවුන්ගේ ගෙදරින් රාත්‍රී කෑම කා ආපසු යනබව කියූ ඔහු, අපටත් කෑමට ආරාධනා කළා. මේ දේවල් අසා සිටි දොස්තර කාටත් හොරෙන්ම කෑමත් නොකා මාරුවෙලා ගිහිං තිබුනා. මම ඒ අංකල්ට දොස්තරගේ කතාව කිව්වා. අංකල් කිව්වේ ලංකාවේ බොහෝ දුෂ්කර පලාතක ඉතාම දුප්පත් පවුලක කෙනෙකු වූ මේ දොස්තරට මේ PP එක ලබා දුන්නේ අමතර ආදායමක් උපයා ගැනීමට උවත්, ඔහු තමන් උපන් පංතියේම දුප්පතුන්ට පහත් අකාරයෙන් සලකන්නේ ඔහුගේ හීනමානය නිසා බවත්, ඒ නිසාම PP කිහිපයකින්ම ඔහුව ඉවත් කල බවත්ය. ඉතාමත්ම කරුණාවන්ත මිනිසුන් වූ මේ අංකල් (ඔහු සිංහල වෙද මහතෙක්) මට කිව්වේ, ඇයගේ දියණියගෙන් බෙහෙත් ගැනීමට පැමිණි රෝගීන්ගෙන් බාගයක්වත් මේ දොස්තරගේ ලොකු ටෝක් නිසා දැන් නොපැමිණෙන බවත්ය.

Reply