විශේෂඥ වෛද්‍ය වරුන් රට අතහැර නොයා ඉඳීද......


#######################################
මේ පහල දාල තියෙන්න් foreign training ඉවර කරල ලංකාවට ආපු Gastroenterologists කෙනෙක්ට අමාත්‍යාංශයේ නිලධාරීන් ගහපු ලියුම, තාවකාලික සේවා අනුයුක්තයට.
වව්නියාවෙ place කරල මුලතිව්, කිලිනොච්චි හා මන්නාරම කවර් කරන්න.



වව්නියාවෙ ඉඳන් මුලතිව් වලට ලඟම පාර 75km (නැදුන්කර්නි හරහා - සාපේක්ෂව පාර සවුත්තුයි.) මාන්කුලම හරහා 97km (හොඳ පාර)
වව්නියා සිට මන්නාරමට දුර 81km.
ඒ මදිවට කිලිනොච්චියට දුර 79 km.
වෛද්‍ය වරයාගේ නමට අනුව අනිවාර්යයෙන්ම වව්නියාව එයාගෙ ගම නෙවෙයි. එයාගෙ ගමේ ඉඳල වව්නියාවට කිලෝමීටර් 200 වැඩි.
මේ සේවයට එයා තමාගෙ වාහනේක යනව නම් සතියකට කිලෝමීටර් කීයක් යන්න ඕනද? ඒකට පෙට්‍රල් වියදම කීයක්ද? පැය කීයක් පාරෙ drive කරන්න ඕනද? හදිසි සේවා අවශ්‍යතාවකට වේගයෙන් drive කලොත් එයාට අනතුරු සිද්ධ වෙන්න තියන risk එකට කවුද වග කියන්නෙ?
තමාගෙ වාහනයක් නැතුව පොදු ප්රවාහනයක ගිහින් මේක කරන්න පුලුවන් ද?
මෙහෙම ලියුම් ගහන්නෙ මේ වෛද්‍ය වරයව තියාගන්නද? එලවගන්නද? මේ වෛද්‍ය වරය අපහු ලබන සතියෙ රටෙන් ගියොත් ඒක වැරදියි ඉතිං.
අඩුමගානෙ හෙලිකොප්ටර් එකක් දෙනවනම් transport වලට මේව ගැහුවට කමක් නෑ.
ලියුම DDG ගෙ අත්සනින් නිකුත් උනාට මේව draft වෙලා නිකුත් වෙන්නෙ අධ්යක්ෂ වරයාගේ අනුදැනුමෙන්.
විශේෂඥ වෛද්‍ය වරයෙක් විදේශ පුහුණුව නිමවී අමාත්‍යාංශයට report කලාම ඒ සුවිශේෂී අධ්යක්ෂ වරයාට ඒක මරු කටගැස්මක් වාත කරල ආතල් ගන්න. තමාගෙ තියන හීනමානය නිසා ඒ අවස්තව හොඳට පාවිච්චි කරල ඇනුම්පද කියලා වාත කරල තමයි පොර ලියුම් ගහන්නෙ තාවකාලික අනුයුක්තයට.

"හෑන්ඩ් බ්ලාස්ට්" වාත කරපු වි. වෛද්‍යවරු ඊට පස්සෙ අමාත්‍යාංශයෙ කොරිඩෝවෙ කබල් පුටුවල වාඩි වෙලා DDG හම්බෙන්න බලන් ඉන්නව මම ඕන තරම් දැකල තියනවා. Transfer board එක මැදිහත් වෙලා DG, HS meetings ගිහිල්ල තමයි ගොඩක් වෙලාවට එයාලට සාධාරණයක් ඉෂ්ඨ වෙලා තියෙන්නෙ.
ඊළඟට file ටික move කරන්න utopia එකේ subject Clark එක්ක ඔට්ටු සෙල්ලම් කරන්නෙ වෙනව ඒ වෛද්‍ය වරුන්ට...

මීට කලින් වතාවක husband & wife දෙන්නම එකට ආපු (දෙන්නම විශේෂඥ වෛද්‍ය වරු). වෙලාවක ( මැයි මාසයේ) ගෙවල් පානදුරේ තියන ඒ දෙපලගේ husband ව වව්නියාවට දාල wife ව දාල තිබුනෙ බදුල්ලට. GMOA මැදිහත් නොවෙන්න ඒ දෙන්න දැන් ආපහු UK ගිහින්.

ඊට කලින් General surgeon කෙනෙක් report කලාම (එයාගෙ ගෙවල් ගාල්ලෙ) general surgeon කෙනෙක් appoint කරන්න ඕන තරම් තැන් දකුණු හා ඊට ආසන්න පලාත් වල තියෙත්දි දැම්මෙ මුලතිව්. එයා රට දාල යන්නම ගියා.
විශේෂඥ වෛද්‍ය වරු එනකොටම පලයල්ල යන්න කියල පිලිගැනීමක් තමයි අමාත්‍යාංශයේ තියෙන්නෙ.
"මේ වගේ තව කීයක් වෙන්න ඇද්ද ?
TV ඉස්සරහා සිංහ ටෝක් දෙන එවුන්ගෙ හැබෑ පැටිකිරිය මෙන්න
මේව වෙලා රට එපා වෙලා ගිය විශෙඥ වෛද්‍ය වරුන් තමාගෙ අත්දැකීම් මේ පෝස්ට් එකට comments කරන්න
සටහන රුවන් ජයසූරිය copied