දොස්‌තර කෙනෙක්‌ නෙවෙයි මම ගුරුතුමියක්‌ &#3520

handysameera

Well-known member
  • Dec 20, 2009
    1,382
    321
    83
    London
    දොස්‌තර කෙනෙක්‌ නෙවෙයි මම ගුරුතුමියක්‌ &#3520

    "තුෂාරිගෙ අම්මෙ... අද මම පංතියෙ හැම ළමයකුගෙන්ම ඇහුවා ලොකු වුණාම කවුද වෙන්නෙ කියල. තුෂාරිගෙන් තමයි ඉස්‌සෙල්ලම ඇහුවෙ. එයා ගත් කටටම කිව්ව එයා අනාගතයේදී ටීචර් කෙනෙක්‌ වෙනවා කියල" සිය සිඟිති දියණිය කැටුව ඒමට ළදරු පාසලට ගිය මවට කටපුරා හිනා වේගෙන එහෙම කිව්වෙ ළදරු පාසලේ ගුරුතුමිය.

    "මගේ රත්තරන් පැටියෝ... අනේ බොරුවටවත් එහෙම කියන්න එපා. ඔයා කවදා හරි ඩොක්‌ටර් කෙනෙක්‌ වෙන්න ඕන" ඒ මව සිය සිඟිත්තිය තුරුලු කරගෙන එහෙම කියද්දි ඒ සිඟිත්තිය කිසිදු කතාබහක්‌ නැතිව මූණ එල්ලගෙන හිටියා.

    ඇගේ ඒ ප්‍රතිචාරය පෙන්නුම් කළේ වෛද්‍යවරියක්‌ වෙන්න තියෙන බලවත් අකමැත්ත. ඇගේ හදවතේ වීරවරිය වෙලා හිටියෙ සිඟිති පාසලේ ගුරුතුමිය. තමනුත් කවදා හරි ගුරුවරියක්‌ වෙනවා කියන හැඟීම ඇයට ඇති කළේ ඒ වීර චරිතය වෙන්න ඇති.

    තුෂාරි ළදරු පාසලට ආයුබෝවන් කියන්න ළදරු පාසලේ ලොකු උත්සවයක්‌ තිබුණා. ඒ අවුරුද්දෙ අග. ළදරු පාසලේ හැම සිඟිත්තෙක්‌ම සිඟිත්තියක්‌ම ඒ විවිධ ප්‍රසංගයේ විවිධ රංගනයන්ට ඉදිරිපත් වුණා. තුෂාරි කැමැතිම චරිතය පාසල් ගුරුතුමිය. ඇයට වගේම පෙර පාසලේ ගුරුතුමියට ඕන වුණෙත් ඇය ගුරුවරියකට අන්දන්න. ඒත් තුෂාරිගෙ අම්මා ඒ අදහසට තරයේම විරුද්ධ වුණා.

    "අපෝ එපා පුතේ... ඔයා ඩොක්‌ටර් කෙනෙකුට අඳින්න. මම ඕන කරන ඇඳුම් පැළඳුම් ඔක්‌කොම ගෙනැල්ලා දෙන්නම්. අනේ ටීචර් මෙයාව ඩොක්‌ටර් කෙනකුට අන්ඳන්න. කොහොමටත් මෙයා කවදා හරි ඩොක්‌ටර් කෙනෙක්‌ වෙනවා නේ..."

    එදා පුංචි තුෂාරි හොඳටෝම ඇඬුවා. කෑවෙ බිව්වෙත් නෑ. ගුරුතුමිය මොන තරම් කරුණු කාරණා උතුරා යන ආදරයෙන් කිව්වත් තුෂාරි සැනසුණේ නෑ. ඉකිගහගහ ඇඬුවා. ඒ අම්මා නෙවෙයි අසරණ ඇගේ වැළපීම තඹේකට ගණන් ගත්තෙ.

    "මම මොකකටවත්ම ඉන්නෙ නෑ" ඇය හඬ හඬා බලවත් ආයාසයෙන් එහෙම කිව්වා.

    පෙර පාසලේ ගුරුතුමිය වැටුණෙ හරිම අමාරුවක. විවිධ ප්‍රසංගය අඩාල වෙයි කියල එයා හොඳටෝම බය වුණා. එයා තමන්ගේ යාළු ගුරුවරියන් දෙන්නෙක්‌ එක්‌ක තුෂාරිගෙ ගෙදරට ගියා. අම්මා තාත්තා එක්‌ක ප්‍රශ්නෙ කතා කරන්න. තාත්තා අම්මාට එහා. දෙන්නම එකතු වෙලා තුෂාරිගෙ අදහස වෙනස්‌ කරන්න බොහොම කතා කළා.

    "ඉතිං මිස්‌... දුව ඩොක්‌ටර් කෙනකුට අන්දන්නකො. ප්‍රශ්නෙ ඉවරයිනෙ..." තාත්තා කිව්වෙ දිනන්නමයි.

    "පුතේa අපි ඔයාව ඩොක්‌ටර් කෙනකුට අන්දන්නම්" ගුරුතුමිය තුෂාරිව තුරුල්ලට අරගෙන ඇගේ හිස අත ගගා කියද්දි ඇගේ ඇස්‌වල කඳුළු පිරිලා. ඇගේ බලවත් අකමැත්තයි ඒ ඇය කඳුළුවලින් පෙන්නුවෙ.

    කොහොම කොහොම හරි අන්තිමේදී තුෂාරි දිනුවා. ඇයව ගුරුතුමියකගේ චරිතයකට අන්දවා විවිධ ප්‍රසංගයට ඉදිරිපත් කිරීමට සිඟිති පාසල් ගුරුතුමියට ඒ දඩබ්බර දෙමාපියන් අවසර දුන්නෙ අංශු මාත්‍රයක කැමැත්තකින් නෙවෙයි. ගුරුතුමියගෙ බල කිරීමටමයි.

    තුෂාරි ගමේ පාසලේ පළමු ශේ්‍රණියට ඇතුළත් කළා. එතැන් පටන් එයාගෙ හදවතේ වීරවරිය වුණේ පංතියෙ ගුරුතුමිය. කවදාහරි ගුරුවරියක්‌ වෙනවා කියන ඇගේ අදහස තව තවත් ශක්‌තිමත් වුණා.

    පුතේ... ඔයා හොඳට ඉගෙන ගන්න. කවදාහරි ඩොක්‌ටර් කෙනෙක්‌ වෙන්න ඕන. අපේ එකම බලාපොරොත්තුව ඔයා. ඔයා ඩොක්‌ටර් කෙනෙක්‌ වුණාම අපට මොන තරම් ආඩම්බරයක්‌ද? අපේ හතර වරිගෙම නෑ ඩොක්‌ටර් කෙනෙක්‌. ඒ විතරක්‌ද අපේ ගමේ ඒ තියා අහල පහළ එකම ගමකවත් ඩොක්‌ටර් කෙනෙක්‌ නෑ. ටීචර්ලා නම් ඕන තරම් ඉන්නෙ. මේ තුෂාරිගෙ අම්මා උදේ හවා මතුරපු මන්තරේ.

    පුංචි තුෂාරිට අම්මගෙ මේ වචන වැල අහල අහලම එපා වෙලා. අම්මා ඒ මන්තරේ මතුරන හැම වෙලාවකම පුංචි තුෂාරි මූණ එල්ලගෙන බිම බලාගෙන හිටියා. ඒක දැකපු අම්මා ඇයට සැර වැරත් කළා. එහෙම වෙලාවට තුෂාරි හඬා වැළපුණා. අසරණ ඇය වෙන මොනවා කරන්නද?

    තුෂාරි ඉගෙන ගන්න හරිම දක්‌ෂයි. පොතේ පතේ වැඩවලට විතරක්‌ නෙවෙයි විෂය සමගාමී විෂය පරිබාහිර ඕනෑම කටයුත්තකට ඇය මොනවට දස්‌කම් පෑවා. ඇගේ සමත්කම් අගේ වයසටත් වඩා ඉහළින් පැවතුණා කියල ගුරු මණ්‌ඩලයේ හැම කෙනෙක්‌ම කතා කළා.

    තුෂාරිගෙ අම්මා නිතර නිතර පාසලට ගිහින් ඇගේ ඉගෙනුම් කටයුතු ගැන ගුරුතුමීලාගෙන් විමසුවා.

    තුෂාරි කවදා හරි බොහොම දක්‌ෂ ගුරුවරියක්‌ වේවි. එහෙම අවස්‌ථාවලදී තුෂාරිගෙ ගුරුතුමීලා කිව්වා.

    ගුරුවරියන්ගෙ ඒ වචන තුෂාරිගෙ අම්මට බොහොම මදි පුංචි වුණා.

    "නෑ නෑ මිස්‌. අපේ දුව කවදා හරි දක්‌ෂ ඩොක්‌ටර් කෙනෙක්‌ වේවි..." ඇය ගුරුතුමීලාට හරස්‌ කැපුවා.

    "තුෂාරි හැමදාම කියන්නෙ එයා ටීචර් කෙනෙක්‌ වෙනවා කියලයි. එයාට කැමැති දේකට ඉඩදෙන්න" ගුරුතුමීලා අම්මට අවවාද කළා.

    "මිස්‌ලගෙ දරුවන්ට ඉගෙන ගන්න බැරි වුණාට අපේ දරුවා පළි නෑනෙ. ඒත් අපේ දුව කවදාහරි ඩොක්‌ටර් කෙනෙක්‌ වෙනවා වෙනවාමයි. ආයෙ ඒක වළක්‌වන්න කාටවත්ම බෑ..." තුෂාරිගෙ අම්මා බොහොම කේන්තියෙන් කිව්වා.

    ගුරුතුමීලා මේ කතාව විදුහල්පතිතුමාට පැමිණිලි කළා. උගත් බුද්ධිමත් ඒ වගේම කාරුණික විදුහල්පතිතුමා තුෂාරි කාර්යාලයට ගෙන්නලා බොහොම ආදරෙන් ඇයව ළඟට අරගෙන කතා කළා. අවසානෙ අහපු ප්‍රශ්නෙට ඇය උත්තර දුන්නෙ මෙහෙමයි.

    "ලොකු සර්... මගේ අම්මටයි තාත්තටයි ඕන මාව ඩොක්‌ටර් කෙනෙක්‌ කරන්න. ඒත් මම ආස ටීචර් කෙනෙක්‌ වෙන්න..."

    ඒ කාලෙ තුෂාරි ඉගෙන ගත්තෙ පස්‌වැනි ශ්‍රේණියෙ. ඒ කියන්නෙ ශිෂ්‍යත්ව පංතියෙ.

    "සර්... තුෂාරි මාර බ්‍රයිට්‌ කෙල්ල. මේ සැරේ ශිෂ්‍යත්ව විභාගෙන් අපේ ස්‌කෝලෙ ලංකාවෙන්ම රෙකෝඩ් එකක්‌ තියයි." පහේ පන්තියෙ ගුරුතුමී විදුහල්පතිතුමා එක්‌ක එහෙම කිව්වෙ දෙවැනි වාරෙ නිවාඩු දෙන දවසෙ. ඒ කියන්නෙ ඒ අවුරුද්දෙ පස්‌වැනි ශේ්‍රණියෙ ශිෂ්‍යත්ව විභාගෙට කලින් පාසල පැවැත්වූ අන්තිම දවසෙ.

    "පුතේ... මගේ වස්‌තුව, මගේ රත්තරන් පැටියෝ, ඔයා ඉහළින්ම ශිෂ්‍යත්ව විභාගෙ සමත් වෙයි කියල පංතියෙ ටීචර් මට කීප දවසක්‌ම කිව්වා. මතකයි නේද රත්තරනේ... ඔයා කවදා හරි ඩොක්‌ටර් කෙනෙක්‌ වෙන්න ඕන. තාත්තගෙයි මගෙයි බලාපොරොත්තුව ඉෂ්ට කරන්න ඕන" එදා ශිෂ්‍යත්ව විභාගෙට යන්න ලෑස්‌ති වෙලා පුංචි තුෂාරි අම්මගෙ දෙපා වැන්ද වෙලාවෙ අම්මා ඇයට "තෙරුවන් සරණයි" කියල හදවතින්ම ආශිර්වාද කරනවා වෙනුවට ඇය කියපු වදන් පෙළ තමයි ඒ. පුංචි ඇගේ අහිංසක හිත වෙනදා වගේම එදත් තැලුණා. ඒ බව ඇගේ මුහුණින් සනාථ වුණා. ඇගේ දෙනෙත්වල කඳුළු පිරිලා.

    පස්‌වැනි ශේ්‍රණියෙ ශිෂ්‍යත්ව විභාගෙ ප්‍රතිඵල ආපු දවස ඒ තක්‌සලාව එකම මඟුල් ගෙදරක්‌. පාසල පුරා සතුට දෝර ගලනවා. ඒ තක්‌සලාවෙන් සිසුන් හත් අට දෙනෙක්‌ සමත් වෙලා. ඒ විතරක්‌ නෙවෙයි මුළු ලංකාවෙන්ම දෙවැනියා ඒ පාසලින් ලකුණු එකසිය අනූහතයි. ඒ දිදුලන තාරකාව කවුද? අපේ කතා නායිකාව තුෂාරි.

    "දැන් පුතාට ලංකාවෙ තියෙන අංක එකේ ස්‌කෝලෙකට යන්න පුළුවන්. මොකක්‌ද පුතා හිතන ස්‌කෝලෙ?" එහෙම ඇහුවෙ ඒ කාරුණික විදුහල්පතිතුමා. ඒ එතුමාගෙ දෙපා නමඳින්න තුෂාරි කාර්යාලයට ගිය වෙලාවෙ.

    "මම මගේ ඉස්‌කෝලෙ දාලා කොහේවත්ම යන්නෙ නෑ සර්" පුංචි තුෂාරි බිම බලාගෙන පහත් හඬින් කිව්වෙ හැඟුම්බර ස්‌වරයෙන්.

    "එහෙම බෑනෙ පැටියො. ඔයා ගාල්ලෙ හරි මාතර හරි නැත්නම් කොළඹ ලොකු ස්‌කෝලෙකට යන්නම ඕන..." විදුහල්පතිතුමා එහෙම කිව්වෙ ඉතාමත්ම කාරුණිකව.

    "දැන් පුතාගෙ බලාපොරොත්තුව මොකක්‌ද?" එහෙම ඇහුවෙත් විදුහල්පතිතුමාමයි.

    "සර් දන්නවනෙ... මම ආස ටීචර් කෙනෙක්‌ වෙන්න" තුෂාරි කටපුරා හිනාවෙලා තරමක උස්‌ හඬින් කියන කොටම ඇගේ අම්මා කාර්යාලයට ගොඩවුණා.

    "අනේ මගේ රත්තරන් පැටියො බොරුවටවත් එහෙම කියන්න එපා රත්තරනේ. ඔයා තාත්තගෙයි මගෙයි එකම බලාපොරොත්තුව. ඔයා ඩොක්‌ටර් කෙනෙක්‌ වෙන්නම ඕන." අම්මා ඇගේ විශිෂ්ට සමත්කම වෙනුවෙන් ඇයට සුබ පතනවා ආශිර්වාද කරනවා වෙනුවට කියපු වදන් පෙළයි ඒ. ඒ කඨෝර වදන් අහිංසකාවියගේ ළමැදට යවුල් පහරක්‌ වුණා. ඒ නිසයි ඇගේ පුංචි දෙනෙත්වලට කඳුළු පිරුණෙ.

    "ඔය අම්මයි තාත්තයි කවදා හරි ඔය අති දක්‌ෂ දරුවා විනාශ කරනවා" තුෂාරිගෙ අම්මා නික්‌මගියාට පස්‌සෙ විදුහල්පතිතුමා එතැන හිටපු ගුරු භවතුන්ට කිව්වා.

    "මම කියන්න පුළුවන් හැම විදියකටම කිව්වා. පලක්‌ නෑ සර්..." එහෙම කිව්වෙ තුෂාරිගෙ පංතිය භාර ගුරුතුමී.තුෂාරි අගනුවර අග්‍රගණ්‍ය තක්‌සලාවකට ඇතුළත් කෙරුණා. අම්මා තාත්තා මොනවා කිව්වත් ඇගේ අරමුණ ගුරුවරියක්‌ වෙන්න. දැන් ඇය ඉතාමත්ම දක්‌ෂ විදියට ඒ තක්‌සලාවෙ අකුරු කරනවා. ඇගේ පංතියෙ හිටියෙ ඔක්‌කොම ශිෂ්‍යත්වකාරියො. ලංකාවෙ පළමුවැනියාත් ඒ අතර හිටියා. තුෂාරි එක ලකුණකින්නෙ එයාට දෙවැනි වුණේ.

    එතැන් පටන් ඒ තක්‌සලාවෙ පවත්වපු හැම විභාගෙකින්ම තුෂාරි පළමුවැනියා වුණා. ලකුණු දෙක තුනකින් හරි අර පළමුවැනියා දෙවැනියා කරන්න තුෂාරි හැමදාම දක්‌ෂ වුණා. ඇගේ සමත්කම් දවසින් දවසම හැම අතින්ම ඔපමට්‌ටම් වුණා. පැහැබර අනාගතයක ලකුණු ඇය වෙතින් හැමදාම දිස්‌වුණා.

    "තුෂාරි දුව... ඔයාගෙ අනාගත බලාපොරොත්තුව මොකක්‌ද?" දවසක්‌ පංතිය භාර ගුරුතුමිය තුෂාරිගෙන් එහෙම ඇහුවා.

    මැඩම්... මගේ අම්මටයි තාත්තටයි ඕන මම ඩොක්‌ටර් කෙනෙක්‌ කරන්න. ඒත් මම මොන්ටිසෝරි පංතියෙ ඉඳලම ආස ටීචර් කෙනෙක්‌ වෙන්නයි. අම්මයි තාත්තයි මට බල කරනවා. මම කොහෙත්ම ආස නෑ ඩොක්‌ටර් කෙනෙක්‌ වෙන්න" තුෂාරි එහෙම කියන කොට එයාගෙ ඇස්‌වල කඳුළු ගුරුතුමියට වසන් කරන්න එයාට බැරි වුණා.

    "දුවගෙ අම්මා ස්‌කෝලෙට ආපු දවසක මම අම්මට කතා කරන්නම්" ගුරුතුමියගෙ වදන් ඇයට සැනසුමක්‌ ගෙනාවා.

    "බෑ බෑ මැඩම්... ඒක නම් කොහෙත්ම වෙන්නෙ නෑ. එයා අපේ එකම දරුවා. අපි එයාට මෙච්චර වියදම් කරන්නෙ එයා ඩොක්‌ටර් කෙනෙක්‌ කරන්න. අපේ ගමේ තියා අහල ගම් හතකවත් නෑ ඩොක්‌ටර් කෙනෙක්‌. අනික අපේ හතර වරිගෙම කිසිම පවුලක නෑ ඩොක්‌ටර් කෙනෙක්‌. එයා ඩොක්‌ටර් කෙනෙක්‌ වුණොත් ඒක අපට මොන තරම් නම්බුවක්‌ද? අපේ පළාතක එකම ළමයෙකුටවත් කොළඹ තියා ගාල්ලෙ මාතරවත් ඉස්‌කෝලෙකට යන්න බැරි වුණා. කොළඹ ලොකු ඉස්‌කෝලෙක ඉගෙන ගෙනත් ඩොක්‌ටර් කෙනෙක්‌ වෙන්න බැරි වුණොත් ගමේ උන් අපට හිනා වෙයි. ගුරුතුමිය කියපු වචන ටික තඹේකට ගණන් ගන්නෙ නැතුව තුෂාරිගෙ අම්මා තරයේම කිව්වා. එයාට කේන්තිත් ගිහින්.

    ගුරුතුමිය ඉන් එහාට කතා කරන්න ගියේ නෑ තුෂාරිගෙ අම්මත් එක්‌ක. තමන්ගෙ වචන නිශ්ඵලයි කියල එතුමියට හිතෙන්න ඇති.

    වෛද්‍යවරියක්‌ වෙන්නම ඕන කියන අම්මගෙ බලකිරීම තුෂාරිට නිතර නිතර කෙරුණත් තුෂාරි කිසිම දවසක ඒක තමන්ගෙ ඉගෙනීමට බාධාවක්‌ කර ගත්තෙ නෑ. එයා දවසින් දවසම පන්නරය ලැබුවා.

    එදා සාමාන්‍ය පෙළ විභාගෙ ප්‍රතිඵල නිකුත් වුණු දවස. තුෂාරි ඉහළින්ම සමත්. විෂයයන් දහයටම අධි සම්මාන. ඒ වගේම මහ ඉහළින් සමත් වෙච්ච සිසුවියන් රාශියක්‌ම ඒ පාසලේ හිටියා. එදා පාසල මඟුල් ගෙදරක්‌ වගෙයි. සතුට ඉතිරිලා පැතිරිලා යනවා.

    තුෂාරිගෙ අම්මා ස්‌කෝලෙට දුවගෙන ආවා. එයා තුෂාරිගෙ විශිෂ්ට සාමාර්ථය අහලා උතුරා යන සතුටින් යුතුව තුෂාරි බදාගෙන ඉඹගෙන ඉඹගෙන ගියා. දැන් අම්මයි දුවයි දෙන්නම අඬනවා. ඒ උතුරා යන සන්තෝසෙට.

    "ඔන්න රත්තරන් පැටියෝ... දොස්‌තර නෝනා කෙනෙක්‌ වෙන්න මඟ පෑදුණා" අම්මගෙ ඒ කඨෝර වදන් අහිංසක ඇගේ පුංචි හදවතට යවුල් පහරවල් වගේ වුණා.

    තුෂාරි එදා හවස අම්මත් එක්‌ක ගෙදර ආවා. එදා රෑ ඒ ගෙදර මඟුල් ගෙයක්‌ වගෙයි. හැබැයි මනමාලි හැඬූ කඳුළින්. තාත්තගෙ යාළුවො පවුලෙ ළඟ නෑයො ගෙදර පිරිලා. හැමෝගෙම සතුට උතුරනවා.

    "අනේ මගේ රත්තරන් ලොකු අම්මෙ... මම වැඳලා කියන්නම් අපේ අම්මට කියන්න මට ඇඩ්වාන්ස්‌ ලෙවල්වලට ආට්‌ස්‌ කරන්න දෙන්න කියල. මම ආසයි ගුරුවරියක්‌ වෙන්න" තුෂාරි හඬ හඬා ලොකු අම්මට බැගෑපත් වුණ.

    "හ්ම්... උඹටත් ඉරිසියා ඇති මගේ කෙල්ල දොස්‌තර නෝනා කෙනෙක්‌ වෙනවා දකින්න" ලොකු අම්මගෙ ඉල්ලීමට තුෂාරිගෙ අම්මගෙ ප්‍රතිචාරය එහෙමයි.

    ලොකු අම්මයි ලොකු තාත්තයි තරහවෙලා යන්න ගියා. තවත් නම් ඒ ගෙදර හතර මායිමක පස්‌ පාගන්නෙ නෑ කියලා.

    තුෂාරි ගැන දුක හිතිලා ඇය වෙනුවෙන් කතා කරපු හැම කෙනකුටම තුෂාරිගෙ අම්මගෙ ප්‍රතිචාරය දරදඬු වුණා.

    තුෂාරි නොකා නොබී හඬ හඬා බලාගත් අත බලාගෙන හිටියා. ඒත් තුෂාරිගෙ අම්මගෙ අදහස වෙනස්‌ වුණේම නෑ.

    විදුහලේ උසස්‌පෙළ පංති පටන්ගන්න කාලෙ වෙනකොට තුෂාරිගෙ තත්ත්වය අන්තිම බරපතළයි. දැන් ඇයට මානසික අසනීපයක්‌. අම්මයි තාත්තයි එයාව රටේ ඉන්න ඉහළම මානසික වෛද්‍ය විශේෂඥයො ළඟට එක්‌කගෙන ගියා.

    ඒ හැම කෙනෙක්‌ම කිව්වෙ තුෂාරි කැමැති දෙයක්‌ කරන්න එයාට ඉඩ දෙන්න කියලා. ටීචර් කෙනෙක්‌ වෙනවට වඩා පිස්‌සියක්‌ හොඳයි කියල ඒ අම්මා කිව්වා. දැන් තුෂාරිගෙ තත්ත්වය අන්තිම බරපතළයි. එයා පාන්දරින් අවදිවෙලා අම්මගෙ සාරියක්‌ අඳිනවා. අම්මගෙ හෑන්ඩ් බෑග් එක කරේ එල්ලාගෙන පොත් ටිකකුත් තුරුලු කරගෙන පාසල් යනවා කියල යන්න හදනවා. ඒත් ගේට්‌ටුව යතුරුදාලා. එයා ගේට්‌ටුව ළඟට වෙලා අඬ අඬා පාසල් යන ළමයි දිහා බලාගෙන ඉන්නවා.

    "දුවේ... ප්‍රින්සිපල් සර්ට කියන්න අද මට අසනීපයි මට නිවාඩු දෙන්න කියල..." පාරෙ යන පාසල් දරුවන්ට තුෂාරි ඒ වගේ දේවල් කියනවා හැමදාම.

    මල් පඳුරු පංතියෙ සිසුන් වගේ අරගෙන තුෂාරි ඒවාට පාඩම් කියා දෙනවා. බලන්න හරිම දුකයි.

    පසුගිය මාසෙ තුෂාරිට ඩෙංගු වැළඳුණා. ලෙඩ ඇඳේ ඉඳගෙනත් එයා ටීචර්ගෙ චරිතය අගේට රඟපෑවා. අහන දකින හැමෝටම හරිම දුකයි.

    තුෂාරි උපතින් අරගෙන ආපු ආයුෂ දහසයෙන් අවසන් වුණා. අහිංසක තුෂාරි මේ ලෝකෙන් සමුගත්තෙ බොහෝ අනුවණ දෙමාපියන්ට කදිම පාඩමක්‌ කියා දීලයි.

    දකුණු පළාතේ එක්‌තරා ගමකින් වාර්තා වූ මෙම ෙ€දවාචකයෙහි සඳහන් පෞද්ගලික නාමය පමණක්‌ මන(කල්පිතයි.
     

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    ඇත්තටම මෙහෙම දේවල් කොතෙක් නම් සිද්ද වෙනවද?. මම නම් මගේ දරුවෙකුට කවදාවත් ඔහොම නීති දාන්නේ නැහැ, ඒකිට ඕන මජන් නාගෙන වැඩ කරන්න ගැරේජ් එකක් දාගන්න නම් මම එකට උනත් ඉඩ දෙනවා.
     
    • Like
    Reactions: SSR@

    handysameera

    Well-known member
  • Dec 20, 2009
    1,382
    321
    83
    London
    ඇත්තටම මෙහෙම දේවල් කොතෙක් නම් සිද්ද වෙනවද?. මම නම් මගේ දරුවෙකුට කවදාවත් ඔහොම නීති දාන්නේ නැහැ, ඒකිට ඕන මජන් නාගෙන වැඩ කරන්න ගැරේජ් එකක් දාගන්න නම් මම එකට උනත් ඉඩ දෙනවා.
    :yes::yes::yes:
     

    og loc

    Active member
  • Jul 13, 2008
    838
    214
    43
    ඇත්තටම මෙහෙම දේවල් කොතෙක් නම් සිද්ද වෙනවද?. මම නම් මගේ දරුවෙකුට කවදාවත් ඔහොම නීති දාන්නේ නැහැ, ඒකිට ඕන මජන් නාගෙන වැඩ කරන්න ගැරේජ් එකක් දාගන්න නම් මම එකට උනත් ඉඩ දෙනවා.
    mshippo37915.jpg
     
    දරුවෙකුට අවශ්‍ය මග පෙන්වීම ලබා දෙන්නේ කොහොමද කියන එක ගැන අද ගොඩක් දෙමාපියන්ට අදහසක් නෑ කියල මට හිතෙනවා..
    දරුවෙක් කියන කෙනා රූකඩයක් බවට පත් කරන්න එපා කියලා දෙමව්පියන්ගෙන් ආදරෙන් ඉල්ලන්න කැමතියි..
    මේ සම්බන්දව මට පුද්ගලික අත්දැකීම් ගොඩක් තියෙනවා..
    දිව්වොත් වැටෙයි , වැටිලා තුවාල වෙයි කියන එක කටින් තේරුම් කරනවට වඩා දුවලා වැටෙන්න අරින්න
    වැටිලා තුවාල උනාම පොඩි එක තේරුම් ගන්නවා වැටෙන්නේ නැතුව දුවන්නේ කොහොමද කියන එක..

    නමුත් වැටෙයි කියල දුවන්න එපා කිව්වොත් කවදාවත් උට බල්ලෙක් පස්සෙන් එළවන් අවත දුවාගන්න බැරි වෙනවා.

    මෙන්න මේ සරල දේ තේරුම් ගන්න..
    ළමයි මල් වගේ..
    තලන්න එපා..
     
    • Like
    Reactions: shanehbrsj

    sandun36

    Well-known member
  • Jan 28, 2009
    1,731
    440
    113
    good thread +5

    ohma moda ykku innva loke!
    thmnge krmnthe thora gnna ona thmnmai. thmnge kmththnmai.
    mokda anth aya nwene eka dgtma krnne.
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඇත්තටම මෙහෙම දේවල් කොතෙක් නම් සිද්ද වෙනවද?. මම නම් මගේ දරුවෙකුට කවදාවත් ඔහොම නීති දාන්නේ නැහැ, ඒකිට ඕන මජන් නාගෙන වැඩ කරන්න ගැරේජ් එකක් දාගන්න නම් මම එකට උනත් ඉඩ දෙනවා.
    ඇත්ත මචන්.. වෙන්න ඔනා හැකියාවට ඉඩ දීම මිසක් දෙමව්පියන්ගෙ ආසාවට ඉඩ දෙන එක නෙමෙයි.. ලන්කාව හැඩ ගැහිලා තියන හැටි තමා ඔය.. ලන්කාව විතරක් නෙමෙයි ගොඩක් ආසියාතික රටවල එක වුර්තියක් අනිකට වඩා පහල් කියලා හිතන සමාජයක් තියෙන්නෙ.. දැන් නම් කියන්න සතුටුයි ගොඩක් මේක අයින් වේගෙන යනවා.. දොස්තරටත් කම්කරු සේවකයටත් එකට ඉදගෙන කැම ගන්න සමාජ තත්වයක් ආපු දාකට ලන්කාවත් හැම ශේස්තරයකින්ම දියුනු වෙයි..
     

    arunaniroshan

    Junior member
  • Dec 16, 2009
    261
    7
    18
    mata adea nava,thaman asa karana hodadea ya daruwan ta kiyala de la yahamaga yavan na daruwata asa karana deaya kara>>>>>>>>>
     

    shanehbrsj

    Banned
    Jun 13, 2012
    3,646
    351
    0
    In House Music
    දරුවෙකුට අවශ්‍ය මග පෙන්වීම ලබා දෙන්නේ කොහොමද කියන එක ගැන අද ගොඩක් දෙමාපියන්ට අදහසක් නෑ කියල මට හිතෙනවා..
    දරුවෙක් කියන කෙනා රූකඩයක් බවට පත් කරන්න එපා කියලා දෙමව්පියන්ගෙන් ආදරෙන් ඉල්ලන්න කැමතියි..
    මේ සම්බන්දව මට පුද්ගලික අත්දැකීම් ගොඩක් තියෙනවා..
    දිව්වොත් වැටෙයි , වැටිලා තුවාල වෙයි කියන එක කටින් තේරුම් කරනවට වඩා දුවලා වැටෙන්න අරින්න
    වැටිලා තුවාල උනාම පොඩි එක තේරුම් ගන්නවා වැටෙන්නේ නැතුව දුවන්නේ කොහොමද කියන එක..

    නමුත් වැටෙයි කියල දුවන්න එපා කිව්වොත් කවදාවත් උට බල්ලෙක් පස්සෙන් එළවන් අවත දුවාගන්න බැරි වෙනවා.

    මෙන්න මේ සරල දේ තේරුම් ගන්න..
    ළමයි මල් වගේ..
    තලන්න එපා..
    :yes::yes::yes:rep+ machan
     

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    දරුවෙකුට අවශ්‍ය මග පෙන්වීම ලබා දෙන්නේ කොහොමද කියන එක ගැන අද ගොඩක් දෙමාපියන්ට අදහසක් නෑ කියල මට හිතෙනවා..
    දරුවෙක් කියන කෙනා රූකඩයක් බවට පත් කරන්න එපා කියලා දෙමව්පියන්ගෙන් ආදරෙන් ඉල්ලන්න කැමතියි..
    මේ සම්බන්දව මට පුද්ගලික අත්දැකීම් ගොඩක් තියෙනවා..
    දිව්වොත් වැටෙයි , වැටිලා තුවාල වෙයි කියන එක කටින් තේරුම් කරනවට වඩා දුවලා වැටෙන්න අරින්න
    වැටිලා තුවාල උනාම පොඩි එක තේරුම් ගන්නවා වැටෙන්නේ නැතුව දුවන්නේ කොහොමද කියන එක..

    නමුත් වැටෙයි කියල දුවන්න එපා කිව්වොත් කවදාවත් උට බල්ලෙක් පස්සෙන් එළවන් අවත දුවාගන්න බැරි වෙනවා.

    මෙන්න මේ සරල දේ තේරුම් ගන්න..
    ළමයි මල් වගේ..
    තලන්න එපා..
    හුගක් වෙලාවට එපා කියන වචනේ පොඩි ළමයි තේරුම් ගන්නේ කරලම බැලුවනම් හරි යන අදහසින්.ඒ හින්ද පුළුවන් හැම වෙලාවකම එයාලටම අත් දැකීම විද ගන්න දෙන්න ඕන.
    හැබැයි ඉතින් කරන්ට් එක වදිවි, අල්ලන්නේපා කියනවා මිසක් ඒ වගේ දේවල් විද ගන්න දෙන්න බැහැනේ.
     
    හුගක් වෙලාවට එපා කියන වචනේ පොඩි ළමයි තේරුම් ගන්නේ කරලම බැලුවනම් හරි යන අදහසින්.ඒ හින්ද පුළුවන් හැම වෙලාවකම එයාලටම අත් දැකීම විද ගන්න දෙන්න ඕන.
    හැබැයි ඉතින් කරන්ට් එක වදිවි, අල්ලන්නේපා කියනවා මිසක් ඒ වගේ දේවල් විද ගන්න දෙන්න බැහැනේ.

    අන්න එක තමයි මචන් කිව්වේ කොහොමද කරන්නේ කියලා හරි අදහසක් නෑ කියලා.
    කරන්නන් වාලේ මේ දේවල් කරන්න බෑ ..
    අවවාදයට වැඩ ආදර්ශය උතුම් කියල අහල තියෙනවා නේද?
    ඔය ආදර්ශය වගේම උතුම් දෙයක් තමයි අත්දැකීම කියන එක..

    අම්මෙක් තාත්තෙක් උනාම බලන විදිහ දකින විදිහට වඩා වෙනස් වෙන්න ඕන.
    උදාහරණයක්:
    ළමයෙක්ට දුවන්න එපා කියනවා .. ඇයි ? දිව්වොත් වැටෙයි..
    දිව්වොත් වැටෙනවා විතරද ?
    දුවලා මැරිච්ච මිනිස්සු නැද්ද?

    "දුවන්න එපා" කියනවට වඩා හොද නැද්ද "පරිස්සමින් දුවන්න" කියන එක..

    හරි දේ හරි තැනින් අල්ල ගන්න උත්සහ කරන්න.
    හැම කාසියකටම දෙපැත්තක් තියෙනවා..
     

    tharindunisal

    Member
    Dec 12, 2008
    1,009
    95
    0
    Sri Lanka
    ඇත්තටම මෙහෙම දේවල් කොතෙක් නම් සිද්ද වෙනවද?. මම නම් මගේ දරුවෙකුට කවදාවත් ඔහොම නීති දාන්නේ නැහැ, ඒකිට ඕන මජන් නාගෙන වැඩ කරන්න ගැරේජ් එකක් දාගන්න නම් මම එකට උනත් ඉඩ දෙනවා.

    :) :) :yes::yes: