කොදෙව් පන්දු යවන්නන් දෝනිව අසරණ කර වාර්තා පොත් අතරට යවයි
කොදෙව් කණ්ඩායම සමග ඊයේ (02) පැවති එක්දින ක්‍රිකට් තරගයේ දී අර්ධ ශතකයක් රැස් කිරීමට වැඩිම පන්දු සංඛ්‍යාවක් වැය කළ ඉන්දීය ක්‍රීඩකයා ලෙස මහේන්ද්‍ර සිං දෝනි වාර්තා පොත් අතරට එක්වී තිබෙනවා.
දෝණි සිය අර්ධ ශතකය වාර්තා කළේ පන්දු 108 කින්. ඔහු මෙලෙස බිඳ හෙලුවේ වසර 12ක් පැරණි වාර්තාවක්.
මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ ශ්‍රී ලංකාවට එරෙහිව පන්දු 105ක් වැය කරමින් අර්ධ ශතකයක් රැස් කළ සව්රෝ ගන්ගුලියි.
ඊයේ පැවති තරගයේ දී කොදෙව් කණ්ඩායමේ ආක්‍රමණශීලි පන්දු යැවීම හේතුවෙන් ඉන්දීය කණ්ඩායමට 21 වන පන්දුවාරයේ සිට 40 වන පන්දුවාරය දක්වාම රැස්කර ගත හැකි වූයේ ලකුණු 54ක් පමණයි.
ඉන්දීය කණ්ඩායම කොදෙව්වන් හමුවේ ඊයේ පැවති තරගයේ දී ලකුණු 11කින් පරාජයට පත්වුණා.
NETH NEWS







