ලොව ධනවත් රටවල් කිහිපයක් පමණක් දැනට නිෂ්පාදිත කොරෝනා වෛරසයට එරෙහි එන්නත් මාත්‍රාවලින් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් මිල දී ගෙන ඇති බව ඔබ දන්නවා ද? ඩියුක් විශ්වවිද්‍යාලයයේ ගෝලීය සෞඛ්‍ය නවොත්පාදන මධ්‍යස්ථානය නිකුත් කළ වාර්තාවකට අනුව අඩු ආදායම් ලබන හෙවත් දුප්පත් රටවල් සියල්ලම ලබාගෙන තිබෙන්නේ නිෂ්පාදිත එන්නත් මාත්‍රාවලින් 9%ක ප්‍රමාණයක් පමණ යි. එක්සත් ජනපදය සිය ජනගහනයෙන් අඩකට එන්නතේ පළමු මාත්‍රාව ලබාදීම සම්පූර්ණ කිරීමට ආසන්නව සිටිනවා. එය එසේ වෙද්දී අප්‍රිකාවේ ගිනියා රාජ්‍යය තවමත් තම රටේ ජනගහනයෙන් 1%කටවත් එන්නත් මාත්‍රා ලබාදීමට වෙහෙසෙනවා.
එන්නත් බෙදාහැරීම දිගින් දිගටම මේ අයුරින්ම සිදුවුවහොත් දුප්පත්ම රටවලට එන්නත් මාත්‍රා ලැබී ජනගහනයෙන් බහුතරයකට ප්‍රතිශක්තිය ලබාදීම සඳහා තවත් වසර දෙකක් පමණ ගතවනු ඇතැ යි පැවසෙනවා.
(කියවන්න: දුප්පත් රටවල් අනතුරේ හෙළන, "එන්නත් ජාතිකවාදය")
ජනගහනය 100 කට ලැබී ඇති එන්නත් මාත්‍රා ප්‍රමාණ/Our world in data
එන්නත් නිපදවන සමාගම් සමග විවිධ රටවල් ඇති කරගත් ද්විපාර්ශ්වික ගිවිසුම් බොහොමයක් 2020 වසරේ මැද භාගය වන විටත් සම්පුර්ණ වී අවසන්. 2020 වසර තුළ එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, කැනඩාව, සහ ජපානය යන රටවල් එන්නත් මාත්‍රා ලබාගැනීම සඳහා ඇස්ට්‍රාසෙනෙකා (AstraZeneca), ෆයිසර් බයෝ එන් ටෙක් (Pfizer BioNtech), මොඩර්නා (Moderna), සහ නොවාවැක්ස් (Novavax) යන ආයතන සමග ගිවිසුම් ඇතිකර ගත්තා. එම ගිවිසුම්වලට අනුව මේ එක් එක් සමාගම්වල එන්නත් මාත්‍රා මිලියන 800කට වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය ඇරඹීමටත් පෙර ඉහත රටවලින් වෙන්කර ගෙන අවසන්.
මෙහිදී එක රටක් සමාගම් කිහිපයක් සමග ගිවිසුම් ඇති කරගන්නේ යම් එන්නතක් නිෂ්පාදනයට පෙර සායනිකව අසාර්ථක වුවහොත්, එමඟින් තම රටට අවශ්‍ය එන්නත් ප්‍රමාණය ලබාගැනීමට නොහැකි වීම වළක්වා ගැනීමට යි. එවිට වෙනත් සමාගමක එන්නතකින් හෝ එම අඩුව පියවා ගැනීමට හැකි වනවා. නමුත් මෙසේ සිදුකිරීම හේතුවෙන්, එක් පුද්ගලයෙක් වෙනුවෙන් අවශ්‍ය මාත්‍රා ප්‍රමාණයටත් වඩා වැඩි එන්නත් මාත්‍රා ප්‍රමාණයක් ධනවත් රටවල් විසින් ලබාගෙන තිබෙනවා. උදාහරණයක් වශයෙන්, කැනඩාව මේ වසරේ මාර්තු 22 වන විට අත්පත් කරගෙන තිබූ කොරෝනා වෛරස එන්නත් මාත්‍රා ප්‍රමාණය මිලියන 316ක්. එය එරට ජනගහනය හා සලකා බැලීමේ දී එක් පුද්ගලයෙකුට එන්නත් මාත්‍රා 8.7ක් බැගින් වනවා.
රටවල් අනුව එක් පුද්ගලයෙක් සඳහා වෙන්වී ඇති එන්නත් මාත්‍රා අගයන්/Vox
මෙහිදී වසර 10ක් ගතවන ක්‍රියාවලිය වසරකින් සම්පූර්ණ කළේ කෙසේ ද යන්නට පිළිතුර වන්නේ, එන්නත් නිෂ්පාදනය සඳහා අවශ්‍ය මිනිස් දැනුම, තාක්ෂණය, සහ පහසුකම් නිවැරදිව ලැබී තිබීම යි. ධනවත් රටවල් මේ වෙනුවෙන් කිසිදු පැකිලීමකින් තොරව මුදල් ආයෝජනය කිරීම මෙයට හේතු වුණා. එසේ නොවන්නට අප තවමත් එන්නතක් නිපදවීමේ මූලික අදියරේ ළතවෙනවා වන්නට ඉඩ තිබුණා.
උදාහරණයක් ලෙස, මොඩර්නා සමාගම ඩොලර් බිලියන ගණනක් ආයෝජනය කර තිබුණේ messenger RNA මඟින් කොරෝනාවලට එරෙහි එන්නතක් නිපදවීමට යි. messenger RNA යනු ජානයක ජාන අනුක්‍රමයට අනුරූප වන තනි පටු RNA අණුවක් (ජානමය තොරතුරු අඩංගු න්‍යෂ්ටික අම්ලයක්/mRNA) වනවා. පරිගණක භාෂාවල එක සහ බිංදුව වැනි අනුක්‍රමයක් වන මේවා, නව ප්‍රෝටීන අණු නිපදවීම කළ යුත්තේ කෙසේ ද යන්න සෛලයට දැනුම් දෙනවා. මෙම ක්‍රමය භාවිතයෙන් එන්නත් සෑදීමට නම්, පර්යේෂකයන් පරමාණුක මට්ටමේ ජාන අනුක්‍රමය පිළිබඳව දැනගත යුතු යි. එම දැනුම හා තාක්ෂණයට අධික මුදලක් අවශ්‍ය වනවා. මෙවැනි තාක්ෂණයක් භාවිතා කිරීමෙන් එන්නත නිපදවීමේ ක්‍රියාවලිය වේගවත් වූ බව යි පැවසෙන්නේ.
එන්නත් බෙදාහැරීම දිගින් දිගටම මේ අයුරින්ම සිදුවුවහොත් දුප්පත්ම රටවලට එන්නත් මාත්‍රා ලැබී ජනගහනයෙන් බහුතරයකට ප්‍රතිශක්තිය ලබාදීම සඳහා තවත් වසර දෙකක් පමණ ගතවනු ඇතැ යි පැවසෙනවා.
(කියවන්න: දුප්පත් රටවල් අනතුරේ හෙළන, "එන්නත් ජාතිකවාදය")
ජනගහනය 100 කට ලැබී ඇති එන්නත් මාත්‍රා ප්‍රමාණ/Our world in data
එන්නත් මිල දී ගැනීම ඇරඹීම හා ගොඩගසාගැනීම
ධනවත් රටවල් බොහොමයක් කොරෝනාවලට එරෙහි එන්නත් මාත්‍රා මිල දී ගන්නේ ඒවා සායනික පර්යේෂණවලින් තහවුරු වීමටත් පෙර සිට යි. එයින් ඇතැම් රටවල් එන්නත් පර්යේෂණ කටයුතු සඳහා මුදල් ආයෝජනය කළ අතර, එයට හිලව් වශයෙන් ඔවුන්ට එන්නත් මාත්‍රා ලබා දීමට අදාළ නිෂ්පාදන සමාගම් එකඟ වුණා. උදාහරණයක් වශයෙන්, එක්සත් ජනපදය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.2ක් ඇස්ට්‍රසෙනෙකා එන්නතේ පර්යේෂණ කටයුතු සඳහා ආයෝජනය කළේ පසුගිය වසරේ මැයි මාසයේ දී යි. එහිදී ඇතිවූ ගිවිසුමට අනුව සායනික පර්යේෂණ සාර්ථක වුවහොත් එන්නත් මාත්‍රා මිලියන 300ක් ඇමෙරිකාවට ලබාදීමට ඇස්ට්‍රසෙනෙකා පොරොන්දු වී තිබුණා. 2020 මැයි මාසයේ දීම එක්සත් රාජධානිය හා ඇති කරගත් ගිවිසුමට අනුව ඔවුන්ට එන්නත් මාත්‍රා මිලියන 90ක් ලබා දීමටත් ඇස්ට්‍රසෙනෙකා එකඟ වුණා.එන්නත් නිපදවන සමාගම් සමග විවිධ රටවල් ඇති කරගත් ද්විපාර්ශ්වික ගිවිසුම් බොහොමයක් 2020 වසරේ මැද භාගය වන විටත් සම්පුර්ණ වී අවසන්. 2020 වසර තුළ එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, කැනඩාව, සහ ජපානය යන රටවල් එන්නත් මාත්‍රා ලබාගැනීම සඳහා ඇස්ට්‍රාසෙනෙකා (AstraZeneca), ෆයිසර් බයෝ එන් ටෙක් (Pfizer BioNtech), මොඩර්නා (Moderna), සහ නොවාවැක්ස් (Novavax) යන ආයතන සමග ගිවිසුම් ඇතිකර ගත්තා. එම ගිවිසුම්වලට අනුව මේ එක් එක් සමාගම්වල එන්නත් මාත්‍රා මිලියන 800කට වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය ඇරඹීමටත් පෙර ඉහත රටවලින් වෙන්කර ගෙන අවසන්.
මෙහිදී එක රටක් සමාගම් කිහිපයක් සමග ගිවිසුම් ඇති කරගන්නේ යම් එන්නතක් නිෂ්පාදනයට පෙර සායනිකව අසාර්ථක වුවහොත්, එමඟින් තම රටට අවශ්‍ය එන්නත් ප්‍රමාණය ලබාගැනීමට නොහැකි වීම වළක්වා ගැනීමට යි. එවිට වෙනත් සමාගමක එන්නතකින් හෝ එම අඩුව පියවා ගැනීමට හැකි වනවා. නමුත් මෙසේ සිදුකිරීම හේතුවෙන්, එක් පුද්ගලයෙක් වෙනුවෙන් අවශ්‍ය මාත්‍රා ප්‍රමාණයටත් වඩා වැඩි එන්නත් මාත්‍රා ප්‍රමාණයක් ධනවත් රටවල් විසින් ලබාගෙන තිබෙනවා. උදාහරණයක් වශයෙන්, කැනඩාව මේ වසරේ මාර්තු 22 වන විට අත්පත් කරගෙන තිබූ කොරෝනා වෛරස එන්නත් මාත්‍රා ප්‍රමාණය මිලියන 316ක්. එය එරට ජනගහනය හා සලකා බැලීමේ දී එක් පුද්ගලයෙකුට එන්නත් මාත්‍රා 8.7ක් බැගින් වනවා.
රටවල් අනුව එක් පුද්ගලයෙක් සඳහා වෙන්වී ඇති එන්නත් මාත්‍රා අගයන්/Vox
එන්නත් පර්යේෂණවලට ආයෝජනය කිරීම අත්‍යවශ්‍ය යි
සාමාන්‍යයෙන් එන්නතක් නිෂ්පාදනය කර සාර්ථකත්වය කරා ගෙන ඒමට දශකයක පමණ කාලයක් ගතවෙනවා. ඉතිහාසගත සංඛ්‍යාන වාර්තාවලට අනුව, නිපදවූ එන්නතක් අසාර්ථක වීමේ සම්භාවිතාව 90%කටත් වඩා වැඩියි. නමුත් The New Yorker සඟරාව පසුගිය වසරේ මැයි මාසයේ දී ලිපියක් පළ කරමින් සඳහන් කර තිබුණේ, කොරෝනා වෛරසයට එරෙහි එන්නත ඉතිහාසයේ වේගයෙන්ම සාර්ථකත්වයට පත්වූ එන්නත බවට පත්වන මාර්ගයේ ගමන් කරමින් ඇති බව යි. අද වන විට එම ප්‍රකාශය යථාර්තයක් බවට පත්වෙමින් වසරක පමණ කෙටි කාලයක් තුළ එන්නත නිපදවා ලොව පුරා බෙදාහැරීම පවා සිදුවනවා.මෙහිදී වසර 10ක් ගතවන ක්‍රියාවලිය වසරකින් සම්පූර්ණ කළේ කෙසේ ද යන්නට පිළිතුර වන්නේ, එන්නත් නිෂ්පාදනය සඳහා අවශ්‍ය මිනිස් දැනුම, තාක්ෂණය, සහ පහසුකම් නිවැරදිව ලැබී තිබීම යි. ධනවත් රටවල් මේ වෙනුවෙන් කිසිදු පැකිලීමකින් තොරව මුදල් ආයෝජනය කිරීම මෙයට හේතු වුණා. එසේ නොවන්නට අප තවමත් එන්නතක් නිපදවීමේ මූලික අදියරේ ළතවෙනවා වන්නට ඉඩ තිබුණා.