ධනවාදය නම් ඔටුවාගේ.....

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    ධනවාදය නම් ඔටුවාගේ.....

    ධනවාදය නම් ඔටුවාගේ කොන්ද කැඩෙන පිදුරු ගස දේශගුණික විපර්යාසය ද?


    ඔන්න උදෙ පානදරම ඉතින් හා හා පුරා කියලා එවන එක.





    [FONT=&quot][FONT=&quot]W3Lanka වෙතින්[/FONT][/FONT][FONT=&quot]

    [/FONT]
    :angry: මේ මොහොත වන විට ලංකාවේ ගංවතුරින් හා අධික වැසි හා සම්බන්ධ වෙනත් හේතු මත අවතැන් වී තිබෙන ජන සංඛ්‍යාව ලක්ෂ 13 ඉක්මවයි. ජීවිත හානි සංඛ්‍යාව අඩු මුත්, මේ වනාහි 2004 වසරේ ඇති වූ සුනාමිය වැනි තත්වයකි.


    :rolleyes: පවුල් 333,986 කට අයත් පුද්ගලයන් 1,249,533 දෙනකු පීඩාවට පත් වී ඇති බව අද දිනමි පුවත්පත සඳහන් කරයි. එහෙත්, සුනාමි අවස්ථාවේ මෙන් දේශීය හෝ විදේශීය ජනයා විපතට පත් වූවන්ට ආධාර කිරීමට ඉදිරිපත් වී නැත. ලංකාවේ මහ තැන්වල සිට සුනාමි ආධාර වංචා කළ ආකාරය ලෝකයට ප්‍රසිද්ධ වීම මේ තත්වය ඇති වන්නට එක් හේතුවක් වන්නට ද පුළුවන.


    :D ගංවතුරින් හානියට පත් ප්‍රදේශවල මේ වන විට දැඩි ආහාර අර්බුදයක් ඇති වී තිබෙන බව ද වාර්තා වේ. අනිවාර්යයෙන් ම මෙවැනි ස්වාභාවික විපත් පසුපසින් වසංගත, මන්ද පෝෂණය හා දරිද්‍රතාව පැමිණෙයි.


    :cool: ලංකාවේ ගංවතුරින් වැඩි ම හානි සිදු වී ඇත්තේ අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය, පොළොන්නරුව, අනුරාධපුරය, වවුනියා, කිලිනොච්චි, මන්නාරම වැනි කෘෂිකාර්මික දිස්ත්‍රික්කවලටයි.


    :) ගොවිජන සේවා හා වනජීවී ඇමති එස්.එම්. චන්ද්‍රසේන පවසන පරිදි කුඹුරු අක්කර ලක්ෂ පහක් වතුරින් යට වී එයින් ලක්ෂ තුනක් මුළුමනින් ම විනාශ වී ඇත. අද ලංකාදීප පුවත්පතට ගොවිජන සේවා කොමසාරිස් ජනරාල්වරයා පවසන පරිදි තවත් කුඹුරු අක්කර ලක්ෂ එකහමාරකට වඩා වතුරට යට වීම නිසා විනාශ වීමේ අවදානමට ලක් වී තිබේ.


    :baffled: මේ දිනවල එළවළු මිළ අධික ලෙස ඉහළ යාමට හේතුව ලෙස කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් කේ.ඊ. කරුණාතිලක ඉදිරිපත් කෙරෙන්නේ ද අධික වැසි හේතුවෙන් එළවළු වගා හෙක්ටෙයාර් 30,000ක් පමණ විනාශ වීමයි.


    :rofl: කුඹුරු විනාශ වීමත් සමග නුදුරු අනාගතයේදී ම සහල් මිළ ශීඝ්‍රයෙන් ඉහළ යන්නට ඉඩ තිබේ. ගොවි ජන සේවා ඇමතිවරයා කියන පරිදි ලොකු කුඩා වැව් 500ක් පමණ ද ඇල වේලි 1000ක් පමණ ද ගංවතුරින් විනාශ වී තිබේ.


    :sorry: අඛන්ඩව සිදු වන ගංවතුර, නියඟය වැනි ස්වාභාවිත විපත්වලට හේතුව මිහිතලය උණුසුම් වීමේ ආදීනව බව මේ වන විට හෙළිදරව් වී තිබේ. දේශගුණික විපර්යාසවලින් වැඩියෙන් ම බැට කන කලාපයක් වන්නේ ඉහළ ජන ඝනත්වයක් ඇති, එසේ ම දරිද්‍රතාව ද ඉහ වහා ගිය ආසියා පැසිෆික් කලාපයයි.


    :P ‘දේශගුණ, විපර්යාසය හා ආසියා පැසිපික් සංක්‍රමණ’ යන මැයෙන් ආසියානු සංවර්ධන බැංකුව විසින් නිකුත් කරන ලද වාර්තාවක දැක්වෙන පරිදි පසුගිය වසරේ ලොව පුරා ඇතිවූ ආපදාවන්ගෙන් මිලියන 207ක ජනතාවක් විපතට පත් අතර ඉන් 89%ක්ම ආසියානුවෝ ය.


    :cool: ඉදිරි වසරවලදී දේශගුණික විපර්යාස නිසා දේශාන්තරව සිදු වනු ඇතැයි අපේක්ෂා කළ හැකි ජනසංචලනලට රාජ්‍යයන් සූදානම් කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ආසියානු සංවර්ධන බැංකුවට සිදු වී තිබේ.


    ;) මිහිතලය උණුසුම් වීමේ ප්‍රතිඵලයක් ලෙස මුහුදු මට්ටම ඉහළ යාමත් සමග මාලදිවයින්වල බහුතරයක් දූපත් ජලයෙන් යට විය හැකි බවට අනතුරු අඟවා තිබේ. එවැනි තත්වයක් තුළ දේශගුණික විපත් නිසා සිදු වන මහා ජන සංචලනයකට මුහුණ දෙන ලොව මුල් ම රට වීමට ආසියාවේ ආශ්චර්යය වන අපට හැකි වන්නට ද ඉඩ තිබේ.


    :confused: අප දැන් එළඹ තිබෙන්නේ සියවස් දෙක තුනක ධනේශ්වර සංවර්ධනය විසින් ෆ්‍රැන්සිස් බේකන් කිව්වාක් සේ මධ්‍යතන යුගයේදී මායාකාරී ගැහැනියක වධයට ලක් කර ඇගේ රහස් උකහා ගත් පරිද්දෙන් සොබා දහම වධයට පත් කර එහි රහස් වන ස්වභාවික සම්පත් සූරා ගැනීමේ මිළ ගෙවන සමයකටයි. ධනවාදයේ දියුණුව පිළිබඳ උඩ පනිමින්, නටමින්, ප්‍රශස්ති ගයමින් සිටි ධනවාදයේ ප්‍රවර්ධකයෝ ගංවතුරට ගසාගෙන ගොසිනි.


    :yes: ධනවාදය නම් ඔටුවාගේ කොන්ද කැඩෙන පිදුරු ගස දේශගුණික විපර්යාස විය හැකි ය.


    ;););););););););););););););)
    අපෙ අයට හොදයි කියලා හිතෙනවනම් ඉතින් රෙප් ++ එකක දෙන්න.
     

    Similar threads