සමාජවාදය ගැන ප්‍රශ්න තියෙනවද කියල දාපු එකේ මම දාපු එකම මෙතනත් දානවා.
මං නං සමාජවාදය ගැන එච්චර දන්නෙ නෑ. සමාජවාදය කියන්නෙ මේකයි කියලා “සමාජයෙ කතා වෙන” දේවල් ගොඩක් තියෙනවා මමත් කැමති නැති. ඒවගේම ධනවාදය ගැන කැමති නැති ඒවත් තියෙනවා.
මගේ මතය ඔය දෙකේම හොඳ නරක තියෙනවා. (දැනට දන්න දේවල් හරි කියලා උපකල්පනය කරොත්) ඒ නිසා ඒ දෙකේම එකතුවක් තමා ඕන.
එච්චර අමාරු විදියට හිතන්න ඕන නෑ දැනට. ඊට වඩා ලේසියෙන් කරන්න ඕන දේ මෙහෙම කියන්නං. දැනට හොඳ ක්‍රමයක් තියෙන රටක් කියලා මම කියන්නෙ ඔය Nordic රටවල් වල තියෙන ක්‍රමය. අන්න ඒක ඇති කරන්න එච්චරයි දැනට ඕන. ඒක ලෝකෙ වෙන්න පුලුවන් උපරිම හොඳ දේ නෙවෙයි. නමුත් “දැන් තියෙන ඒවයින්” හොඳ දේ ඒකයි. ඒකට උබලට ඕන නමක් දාගනින්. “කලු පුක” කියල දාගත්තත් කමක් නෑ
දියුණු රටවල් ගත්තම ඒ ක්‍රමය එක්ක එක එක ප්‍රමාණ වලින් ගැලපෙන රටවල් තියෙනවා. මම ඉන්න රටෙත් ඒතරං නැති උනත් යම් ප්‍රමාණෙකට තියෙනව කියන්න පුලුවන්. ඇමරිකාවෙ ගොඩක්ම අඩුයි කියලා තමා අහන දකින දන්න දේවල් අනුව පේන්නෙ. එතකොට ඇමරිකාව කියන්නෙත් දියුණු වෙන්න ඕන රටක්. (බයියො දියුණුව කියල හිතන් ඉන්න එක නෙවෙයි මේ කියන්නෙ)
ලංකාව තියෙන්නෙ රිණ තත්වෙ. ලංකාවට එතනට ටික ටික හරි එන එක තමා දැනට ගන්න තියෙන දියුණුව. ඒකට කිසිම ස්ටෙප් එකක් වත් දැනට තියලා නෑ ලංකාව. ලකේ පංකාව ලකේ පංකාව කියල පච කරන්නෙ ඒකයි. එහෙම දියුණු රටකට එක ස්ටෙප් එකක් හරි තියපු දවසක රටේ මහබැංකුවටත් කඩපු පල් හොරෙක් රටේ නායකයා වෙලා ඉන්න බෑ. ඒක ඉම්පොසිබල්