ලංකා ඊ නිව්ස් -2022.නොවැ.09, ප.ව.8.30 දෙවන සංස්කරණය -ප.ව.9.40) අසූව දශකය මෙරට පාසැල් ක්‍රිකට් ක්‍රීඩාවේ ස්වර්ණමය යුගයයි. ඒ වකවානුවේ පාසැල් ක්‍රිකට් සඳහා ශක්තිමත් යටිතල ව්‍යුහයක් තිබූ අතර එය දක්ෂ ලෙස කළමනාකරණය කෙරිණ. පාසැල් පළමු පෙළ ක්‍රිකට් කණ්ඩායම් හි අති දක්ෂ ක්‍රීඩකයෝ සිටියහ. එම දක්ෂ ක්‍රීඩකයන්ට වහාම ජාතික කණ්ඩායමේ දොරවල් ද විවෘත විය. පාසැල් ක්‍රිකට් කණ්ඩායමෙන් පසු ජාතික තලයට එක් විය හැකි දක්ෂ ක්‍රීඩකයන් බිහි කිරීමට එදා පාසැල් ක්‍රිකට් ව්‍යුහය සමත් විය.
සම්පත් විදානපතිරණ යනු මහින්ද රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුලේ ලඟම හිතවතෙකි. ලෝකයේ මහ බලවතුන් පස් දෙනා අතරට ගැනෙන බ්‍රිතාන්‍ය සහ රුසියානු සංචාරකයන්ට එල්ල කළ මේ ප්‍රහාරය ක්ෂණිකව ජාත්‍යන්තර ප්‍රවෘත්තියක් බවට පරිවර්තනය විය. ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍යය සහ රුසියානු තානාපති කාර්යාල මේ සිද්ධිය සම්බන්ධයෙන් වහාම මැදිහත් විය. එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ වහාම මැදිහත් වී සිය හිතවතා වන සම්පත් විදානපතිරණව මේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම වැළැක්වූහ. ඔහුව දින කිහිපයක් මැදමුලනේ සඟවා තබා ගෙන පසුව වෙනත් ස්ථානයක සඟවා තැබුවේ ය.
අත්අඩංගුවට ගත් සම්පත් විදානපතිරණ ඇතුළු මිනීමරුවන්ට අධිකරණයේ දී කිසිදු විරෝධයකින් තොරව ඇප හිමි විය. සම්පත් විදානපතිරණ වීරයෙකු මෙන් තංගල්ල ප්‍රාදේශිය සභාවේ සභාපති වශයෙන් යළි වැඩ ආරම්භ කළේ ය. ඔහු පිළිබඳ පක්ෂ මට්ටමෙන් විනය පරීක්ෂණක් හෝ පැවැත්වීමට රාජපක්ෂලා ඉදිරිපත් නොවීය. අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට ද විවිධ බාධා කළේ ය. ඒ අනුව සම්පත් විදානපතිරණ ඇතුළු මිනීමරුවන්ට එරෙහිව නඩු පැවරීමට නීතිපතිවරයා ද ඉදිරිපත් නොවුණි. මේ සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණ, යුක්තිය ඉටු කරගැනීම සඳහා බ්‍රිතාන්‍ය රජයේ නියෝජිතයෝ සහ වින්දිතයාගේ පවුලේ සාමාජිකයෝ කිහිපවරක් ශ්‍රී ලංකාවට පැමිණියහ.
ධනුෂ්ක ගුණතිලක සිද්ධිය බඳුම සිද්ධියක් 2010 ජුනි මස ශ්‍රී ලංකා කණ්ඩායම සිම්බාබ්වේහි කළ සංචාරයේදී ද සිදු විය. එම සංචාරය අවසානයේදී ඔවුන් ලංකාවට එන්නට දිනක් තිබියදී සංචාරයේ නායකත්වය දැරූ තිලකරත්න ඩිල්ෂාන්, ජීවන් මෙන්ඩිස් හා දිල්හාර ප්‍රනාන්දු 17 හැවිරිදි කෙළි පැටික්කියක් පැහැර ගෙන ගොස් ඇයව දූෂණය කළෝය. එහිදී ඇය දූෂණය කළේ ඩිල්ෂාන් පමණක් බව හරාරේ පොලිසිය මගින් සොයා ගත් අතර තිදෙනාම පොලිස් අත් අඩංගුවට පත් වූහ. එවකට ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනය කළේ ඩී.එස්. ද සිල්වාගේ සභාපතිත්වයෙන් යුත් අතුරු පාලක මණ්ඩලයක් මගිනි.
සිද්ධිය සැළවූ වහාම එවකට ජනපති මහින්ද රාජපක්ෂ මැදිහත් වී ඩොලර් 13,000 ක අල්ලසක් හරාරේ පොලිසියට ලබා දී ක්‍රීඩකයන් තිදෙනා අත් අඩංගුවෙන් මුදවා ගත්තේ ය. අදටත් ඩිල්ෂාන්ට සිම්බාබ්වේ යාමට වරම් නොමැත. ඔහුට එහි ඇතුළු වීම තහනම් ය. ජීවන් මෙන්ඩිස් නාමල්ගේ පංති සගයෙකි. මෙම සිද්ධියෙන් පසු ඩිල්ෂාන් රාජපක්ෂලාගේ වහලෙකු බවට පත් විය.
වසර දහ අටේදී ටෙස්ට් කණ්ඩායම නියෝජනය කළ අර්ජුන..
අර්ජුන රණතුංග වසර 1982 දී මංගල ටෙස්ට් ක්‍රිකට් තරඟයට සහභාගී වන විට ඔහු ආනන්ද විද්‍යාලයේ පළමු පෙළ කණ්ඩායමේ සාමාජිකයෙකි. වයස අවුරුදු දහ අටකි. ඒ පාසැල් ක්‍රීඩකයා පළමු ටෙස්ට් තරඟයේ දී ම අර්ධ ශතකයක් රැස්කර ගනිමින් සිය දක්ෂතාව ප්‍රදර්ශනය කළේ ය. අර්ජුනගෙන් පසුව අරවින්ද, මහානාම, ගුරුසිංහ වැනි අති දක්ෂ ක්‍රීඩකයෝ රැසක් ඒ මාර්ගයේ පැමිණියහ.විශිෂ්ට පිතිකරණයේ සළකුණ, දුමින්ද පෙරේරා..
අසූව දශකය මැද භාගය වන විට ආනන්ද විද්‍යාලයෙන් තවත් අර්ජුන කෙනෙකු බිහිවී සිටියේ ය. ඔහු නමින් අමරතුංග ආරච්චිගේ දුමින්ද සුනිමල් පෙරේරා ය. ඔහු ක්‍රිකට් ක්ෂේත්රයේ ප්‍රසිද්ධ වූයේ දුමින්ද පෙරේරා නමිනි. ඔහුට ක්‍රිකට් ක්‍රීඩාව සිය පියාගෙන් ලැබුණු උරුමයක් විය. ඔහුගේ පියා ආනන්ද විද්‍යාලයේ පළමු පෙළ කණ්ඩායම නියෝජනය කළ දක්ෂ පිතිකරුවෙකු මෙන්ම කණ්ඩායමේ කඩුළු කරකින්නා ය. දුමින්ද දක්ෂ වමත් පිතිකරුවෙකි. දඟ පන්දු යවන්නෙකි. ඔහු පන්දුවට පහර දෙන ආකාරය මනරම්ය. ක්‍රීඩා විචාරකයෝ ඔහුගේ පිතිකරණය ඉහළින් අගය කළහ. ඔහු මැණික් කටුව (wrist) උපයෝගීකර ගනිමින් පන්දුවට පහර දෙන ආකාරය ඔවුන් සංසන්දනය කළේ එවකට ජාතික කණ්ඩායම නියෝජනය කළ රෝයි ඩයස්ට ය. දුමින්ද ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීම කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණක් බව ක්‍රීඩා මාධ්‍යවේදීහු සටහන් කළහ.වසර දහසයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට..
ඒ අනාවැකිය සනාථ කරමින්, වසර 1986 දී දුමින්ද පෙරේරාව වසර දහනමයෙන් පහළ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමට තෝරා ගනු ලැබීය. ඒ එංගලන්ත සංචාරයක් සඳහා ය. එම කණ්ඩායමේ නායකයා වූයේ අසංක ගුරුසිංහය. ඒ වනවිට දහසය හැවිරිදි දුමින්ද, එම කණ්ඩායමේ ලාබාල ම ක්‍රීඩකයා විය. එංගලන්ත සංචාරයේ ආරම්භයේ සිට දුමින්ද සිය සුපුරුදු දස්කම් දැක්වීය. පළමු තරඟ දෙක ක්‍රීඩා කළ ඔහු ඉනිම් තුනක් ක්‍රීඩා කර ලකුණු 132 ක් රැස් කර ගෙන තිබූ අතර එයට අර්ධ ශතක දෙකක් අන්තර් ගතවිය. එහෙත් අවාසනාවකට මෙන් ඔහුට තුන්වන තරඟයට සහභාගීවීමට නොහැකි විය. කණ්ඩායමේ සෙසු සාමාජිකයන් සමඟ සාප්පු සවාරියේ ගිය අවස්ථාවක මුදල් නොගෙවා කමිසයක් පිටතට ගෙන ඒම (shoplifting) සම්බන්ධයෙන් ඔහු වැරදිකරු විය. එය සුළු සිද්ධියක් වුවද විනය විරෝධී ක්‍රියාවකි.ක්‍රිකට් විනයට ඉහළ වටිනාකමක් ලබාදුන් යුගය..
ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය ඔහුව වහාම යළි කැඳවීය. සිද්ධිය පිළිබඳ වහාම විනය පරීක්ෂණයක් පැවැත්වූ ක්‍රිකට් බලධාරීහු දුමින්ද පෙරේරාට වසර දෙකක ක්‍රිකට් තහනමක් පැනවූහ. වසර දෙකක තහනමින් පසු ඔහු යළි ක්‍රීඩාවට අවතීර්ණ වුවද පෙර රිද්මය මෙන්ම දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට ඔහු සමත් නොවීය. ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ හැකිව තිබූ විශිෂ්ට ක්‍රීඩකයෙකු රටට අහිමි වූයේ එසේ ය. ඒ වකවානුවේ දුමින්ද පෙරේරා සිදු කළ වරද අදට සාපේක්ෂව නොසළකා හැරිය තරමේ නොවටිනා දෑ ය. එහෙත් ඒ වකවානුවේ ක්‍රිකට් විනයට ඉහළ වටිනාකමක් ලැබිණි. ඒ විනය මත පදනම්ව ගොඩනැගුණු අර්ජුන රණතුංග වසර 1996 දී ශ්‍රී ලංකාවට ලෝක ක්‍රිකට් කුසලානය දිනා දුන්නේ ය.ධනුෂ්ක ගුණතිලක කථා වස්තුව..
ඕස්ට්‍රේලියාවේදී ස්ත්‍රී දූෂණ චෝදනා එල්ල වී ඇති ධනුෂ්ක ගුණතිලකට මෙවැනි චෝදනා එල්ල වූ පළමු අවස්ථාව මෙය නොවෙයි. මෙයට පෙර රාත්‍රී සමාජ ශාලාවන්හි බීමත්ව ගැටුම් ඇති කර ගැනීම්, කාන්තාවන්ට බලහත්කාරී ලිංගික බලපෑම් කිරීම් පිළිබඳව ඔහුට අවස්ථා ගණනාවක දී චෝදනා එල්ල වූ නමුත් ඒ පිළිබඳ කිසිදු විනය ක්‍රියාමාර්ගයක් ගැනීමට ක්‍රිකට් බලධාරීහු කටයුතු නොකළහ. ඔස්ට්‍රේලියානු ස්ත්‍රී දූෂණ චෝදනාවෙන් පසුව ධනුෂ්ක ගුණතිලකට එරෙහිව තරඟ තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. මෙයට පෙර තුන්වතාවක් විනය විරෝධී කටයුතු හේතුවෙන් ඔහුට තරඟ තහනම් පැනවූව ද ඒ තීරණ සියල්ල දේශපාලන බලපෑම් හේතුවෙන් ඉවත් කර ගනු ලැබීය.නාමල් ක්‍රිකට් විනය බල්ලාට දැමූ හැටි..
මීට පෙර අවසාන වරට ඔහුට තරඟ තහනමකට මුහුණදීමට සිදු වූයේ පසුගිය එංගලන්ත සංචාරයේදී ය. එම එංගලන්ත සංචාරයේ දී ජෛව බුබුළ කැඩීම පිළිබඳ ඔහු වරදකරු විය. කුසල් මෙන්ඩිස් ඇතුළු කිහිපදෙනෙක් ද ඒ අවස්ථාවේ වැරදිකරුවෝ වූහ. ඒ වෙනුවෙන් ක්‍රිකට් බලධාරීහු වසරක තරඟ තහනමක් පැනවූහ. එහෙත් පසුව එවකට ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ මැදිහත්වී එම තරඟ තහනම මාස හයකට අවම කරනු ලැබීය. දේශීය තරඟ සඳහා පනවා තිබූ තහනම සම්පූර්ණයෙන් ඉවත් කර එම ක්‍රීඩකයන්ට නැවත කණ්ඩායමට එක් කිරීමට කටයුතු කෙරිනි. නාමල් ක්‍රිකට් ක්‍රීඩාවේ විනය ඇති කළේ ඒ ආකාරයට ය.රාජපක්ෂ පවුල සහ ස්ත්‍රී දූෂකයන් අතර බැඳීම..
ධනුෂ්ක ගුණතිලක මෙවර ස්ත්‍රී දූෂණ චෝදනාවන්ට ඕස්ට්‍රේලියාවේ දී අත්අඩංගුවට ගත් අවස්ථාවේදීත් ඔහු වෙනුවෙන් පෙනී සිටියේ නාමල් රාජපක්ෂ ය. ධනුෂ්ක ගුණතිලක වෙනුවෙන්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වියදමින් නීතිඥ සහය ලබාදෙන ලෙසට නාමල් එම ආයතන ප්‍රධානීන්ට බලපෑම් කළේ ය. ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහට බලපෑම් කළේ ය.ධනුෂ්කගේ නීතිඥ ගාස්තු ජනතා වියදමින්…
මේ වන විට ඒ බලපෑමට අවනතව සිටින ක්‍රීඩා අමාත්‍යාංශය ජනතා බදු මුදලින් ධනුෂ්ක ගුණතිලකට නීතිඥ සහය ලබාදීමට තීරණය කර ඇති බව ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අමල් හර්ෂ පසුගිය 8 වන අඟහරුවාදා මාධ්‍යයට හෙළි කළේ ය. එය නම් අපූරු දඬුවම් දීමකි. රාජපක්ෂ පවුල සහ ස්ත්‍රී දූෂකයන් අතර ඇත්තේ ගහට පොත්ත මෙන් බැඳීමකි. ස්ත්‍රී දූෂණ සහ ඝාතන චෝදනා ලැබූ තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා මහින්ද, ගෝඨාභය සහ නාමල් ආරක්ෂා කළ ආකාරය මෙයට එක් නිදසුනකි.මැදමුලනේ සඟවා ආරක්ෂා කළ සම්පත් විදානපතිරණ..
වසර 2011 නත්තල් දිනයේ රාත්‍රියේ දකුණේ සංචාරක නිකේතනයක දී බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂෙයික් වෙඩි තබා ඝාතනය කර ඔහුගේ රුසියානු ජාතික පෙම්වතිය සමූහ දූෂණය කෙරිණ. මේ නිහීන අපරාධයට සම්බන්ධ වූයේ තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් විදානපතිරණ සහ ඔහුගේ මැර කණ්ඩායමකි.සම්පත් විදානපතිරණ යනු මහින්ද රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුලේ ලඟම හිතවතෙකි. ලෝකයේ මහ බලවතුන් පස් දෙනා අතරට ගැනෙන බ්‍රිතාන්‍ය සහ රුසියානු සංචාරකයන්ට එල්ල කළ මේ ප්‍රහාරය ක්ෂණිකව ජාත්‍යන්තර ප්‍රවෘත්තියක් බවට පරිවර්තනය විය. ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍යය සහ රුසියානු තානාපති කාර්යාල මේ සිද්ධිය සම්බන්ධයෙන් වහාම මැදිහත් විය. එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ වහාම මැදිහත් වී සිය හිතවතා වන සම්පත් විදානපතිරණව මේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම වැළැක්වූහ. ඔහුව දින කිහිපයක් මැදමුලනේ සඟවා තබා ගෙන පසුව වෙනත් ස්ථානයක සඟවා තැබුවේ ය.
ස්ත්‍රී දූෂකයන් ආරක්ෂා කළ අන්දම..
සම්පත් විදානපතිරණව අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වනවා යැයි පවසමින් පොලීසිය අක්‍රීය විය. මේ අවස්ථාවේ දී බ්‍රිතාන්‍යය ප්රමුඛ බටහිර රටවල් මේ සිද්ධිය සම්බන්ධයෙන් නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කරන ලෙසට රාජපක්ෂ ආණ්ඩුවට බල කළේ ය. මේ බලපෑම හමුවේ අවසානයේ දී සම්පත් විදානපතිරණ ඇතුළු මිනීමරුවන් අත්අඩංගුවට ගැනීමට රාජපක්ෂ ආණ්ඩුවට සිදුවිය.අත්අඩංගුවට ගත් සම්පත් විදානපතිරණ ඇතුළු මිනීමරුවන්ට අධිකරණයේ දී කිසිදු විරෝධයකින් තොරව ඇප හිමි විය. සම්පත් විදානපතිරණ වීරයෙකු මෙන් තංගල්ල ප්‍රාදේශිය සභාවේ සභාපති වශයෙන් යළි වැඩ ආරම්භ කළේ ය. ඔහු පිළිබඳ පක්ෂ මට්ටමෙන් විනය පරීක්ෂණක් හෝ පැවැත්වීමට රාජපක්ෂලා ඉදිරිපත් නොවීය. අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට ද විවිධ බාධා කළේ ය. ඒ අනුව සම්පත් විදානපතිරණ ඇතුළු මිනීමරුවන්ට එරෙහිව නඩු පැවරීමට නීතිපතිවරයා ද ඉදිරිපත් නොවුණි. මේ සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණ, යුක්තිය ඉටු කරගැනීම සඳහා බ්‍රිතාන්‍ය රජයේ නියෝජිතයෝ සහ වින්දිතයාගේ පවුලේ සාමාජිකයෝ කිහිපවරක් ශ්‍රී ලංකාවට පැමිණියහ.
මහින්ද අල්ලස් දී ස්ත්‍රී දූෂක ක්‍රීඩකයන් 3 ක් බේරාගත් හැටි..
ධනුෂ්ක ගුණතිලක සිද්ධිය බඳුම සිද්ධියක් 2010 ජුනි මස ශ්‍රී ලංකා කණ්ඩායම සිම්බාබ්වේහි කළ සංචාරයේදී ද සිදු විය. එම සංචාරය අවසානයේදී ඔවුන් ලංකාවට එන්නට දිනක් තිබියදී සංචාරයේ නායකත්වය දැරූ තිලකරත්න ඩිල්ෂාන්, ජීවන් මෙන්ඩිස් හා දිල්හාර ප්‍රනාන්දු 17 හැවිරිදි කෙළි පැටික්කියක් පැහැර ගෙන ගොස් ඇයව දූෂණය කළෝය. එහිදී ඇය දූෂණය කළේ ඩිල්ෂාන් පමණක් බව හරාරේ පොලිසිය මගින් සොයා ගත් අතර තිදෙනාම පොලිස් අත් අඩංගුවට පත් වූහ. එවකට ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනය කළේ ඩී.එස්. ද සිල්වාගේ සභාපතිත්වයෙන් යුත් අතුරු පාලක මණ්ඩලයක් මගිනි.
සිද්ධිය සැළවූ වහාම එවකට ජනපති මහින්ද රාජපක්ෂ මැදිහත් වී ඩොලර් 13,000 ක අල්ලසක් හරාරේ පොලිසියට ලබා දී ක්‍රීඩකයන් තිදෙනා අත් අඩංගුවෙන් මුදවා ගත්තේ ය. අදටත් ඩිල්ෂාන්ට සිම්බාබ්වේ යාමට වරම් නොමැත. ඔහුට එහි ඇතුළු වීම තහනම් ය. ජීවන් මෙන්ඩිස් නාමල්ගේ පංති සගයෙකි. මෙම සිද්ධියෙන් පසු ඩිල්ෂාන් රාජපක්ෂලාගේ වහලෙකු බවට පත් විය.