ධර්මය අවබෝධ වෙන්නේ නිහතමානී ශ‍්‍රවකයාටම&

dewage55

Junior member
  • Jan 8, 2008
    803
    16
    18
    Saudi arabia[sri lanka] padukka
    ධර්මය අවබෝධ වෙන්නේ නිහතමානී ශ‍්‍රවකයාටම&

    ධර්මය අවබෝධ වෙන්නේ නිහතමානී ශ‍්‍රවකයාටමයි...
    අපගේ ශාස්තෘ වූ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අතිශයින් ම විශ්මයජනක වූ දේශනා විලාසයකින් යුතුව තම ශ‍්‍රාවකයන්ට දහම් දෙසූ සේක. වරෙක විවිධ උපමා ගෙනහැර දක්වමින් ද, වරෙක සොඳුරු දහම් පිළිසඳරේ යෙදෙමින් ද, එමෙන්ම ශ‍්‍රාවකයාගේ චරිත ලක්ෂණයට අනුව ධර්මාවබෝධ වන පරිද්දෙන් දහම් දෙසීමේ අසිරිමත් හැකියාවක් උන්වහන්සේ තිබුණා.
    ජීවිතාවබෝධය කරනු කැමති බොහෝ දෙනා උන්වහන්සේ කරා පැමිණියේ අවංකව ම යි. එහෙත් ඇතැම් අවස්ථාවලදී හිතාමතා ම උන්වහන්සේව අපහසුතාවයට ලක්කිරීමට ප‍්‍රශ්න ගොතා ගෙන පැමිණි අන්ධ බාලයන් ද නොසිටියා ම නොවේ. එහෙත් දින ගණන්, සති ගණන්, මාස ගණන් තිස්සේ ගොතා ගෙන පැමිණි තම වාදය බුදුරජුන් ඉදිරියේ එක දහම් පදයකින් පුස්සක් සේ බිඳී ගිය අවස්ථා කොතෙකුත් ධර්මයේ සඳහන් වෙනවා.
    ඇතැම් අය උන්වහන්සේ කරා පැමිණියේ ධර්මය අවබෝධ කිරීමට නොව, ධර්මය සොරා ගැනීමටයි. ඇතැම් අය ධර්මය පිණිස නොව ආමිසය පිණිස ශාසනයට පිවිසියා. මේ අතර සමහරු ධර්මය ඉගෙන ගෙන ධර්මධර, විනයධර වී එයින් අධිකතර මාන්නයකට පවාපත්වුණා. එතෙරවන්නට දෙසූ ධර්මයක් ග‍්‍රහණය කරගැනීම කොතරම් අවාසනාවක්ද?
    ධර්මාවබෝධ කිරීමට බලපාන බාධක කොතෙකුත් තියෙනවා. ඒවා බුදුරජාණන් වහන්සේ මැනැවින් ම හඳුනාගෙන සිටියා. ඒ අමා නිවන් මඟත්, එයට අන්තරායකර කරුණුත් ගැන විස්මිත අවබෝධයකින් සමන්විතව සිටි බුදුරජාණන් වහන්සේ තම ශ‍්‍රාවකයන්ව දහම් මෙඟ් රැගෙන ගියේ සියලූ දෙවි මිනිසුන්ගේ එකම ශාස්තෘවරයාණෝ බව සිය දහස්වර ප‍්‍රත්‍යක්ෂ කරමින්.
    මෙහි සඳහන් වන්නේ ද එවැනි කතා ප‍්‍රවෘත්තියකි. එක් කාලයක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සමීපයේ ත‍්‍රිවේදයෙහි පරප‍්‍රප්ත වූ ඉතාම දක්ෂ බ‍්‍රාහ්මණයන් පන්සිය දෙනෙකු පැවිදි වුණා. ඇත්තට ම ඔවුන් ගිහි ජීවිතයේ ආදීනවත්, පැවිද්දෙහි ආනිශංසත් දැකලා පැවිදි වුණේ ශ‍්‍රද්ධාවෙන් ම යි. ටික කාලෙකින් ම මොවුන්ට බුදුරජාණන් වහන්සේගේ ධර්මය පාඩම් කරගන්න පුළුවන් වුණා. ඉක්මනට බණ ඉගෙන ගත්තු නිසා ලොකු මාන්නයක් ඇති කරගත්තා. ”බුදුරජාණන් වහන්සේ කියන්නේ යමක් ද, අපි ඒක දන්නව නෙව” කියලා හිතුවා. ඒ පන්සිය නම ම හිතුවේ තමන්ට මේ ධර්මය තේරෙනවා කියලයි.
    ඒ නිසා ඒ අය බුදුරජාණන් වහන්සේටත් එච්චර ගෞරවයක් දක්වන්නේ නැති තැනට පත්වුණා. බුද්ධෝපස්ථානයත් ටිකෙන් ටික මඟ හැරියා. නිතර නිතර බණ අහන්න යන එකත් මඟ හැරුණා.
    බුදුරජාණන් වහන්සේ මේ භික්ෂූන් වහන්සේලාගේ සිත් තමන්වහන්සේගේ සිතෙන් දැනගත්තා. මේ අයට මානය නැමැති හුල උදුරා නොදමන තාක් මඟඵලයකට පත්විය නොහැකි බව දැනගත්තා. ඉතින් මාන්නය නැමැති හුල උදරා දැමීම පිණිස මේ පිරිසට තේරුම්ගන්න බැරි විදිහට අපූරු, ගැඹුරු ධර්ම දේශනාවක් කළා. ඒ දේශනය තමයි මජ්ඣිම නිකායේ මුලින් ම සඳහන් වෙන මූල පරියාය සූත‍්‍ර දේශනය.
    එ් දේශනය බුදුරජාණන් වහන්සේ වදාළ ඉතාම දීර්ඝ දේශනයක්. දේශනය ඉවර වෙද්දී මේ පිරිසට මේකෙ අගක් මුලක් හොයාගන්න බැරිවුණා. කාටවත්ම මේ ඉතාම විසිතුරු වූ, පරම ගම්භීර වූ දේශනය තේරුණේ නැහැ. ඔහේ බලාගත්තු අත බලාගෙන හිටියා. තමුන් දන්නවා කියලා හිතාගෙන හිටපු අදහසේ මෝඩකම වැටහුණා. මාන්නය අත්හැර ගත්තා. පස්සෙ බුද්ධෝපස්ථානයටත්, නිතර ධර්මශ‍්‍රවණයත් යන්න පටන් ගත්තා.
    ඔය දවස්වල දම්සභා මණ්ඩපයට රැුස්වුණ භික්ෂූන් වහන්සේලා අතර මෙවැනි කථාවක් ඇතිවුණා. ”හරි පුදුමයි නෙව. බුදුරජාණන් වහන්සේ නම් ඇත්තෙන් ම ආශ්චර්යයි! තමුන් ඔක්කොම දන්නවා කියලා හිතාගෙන මෙච්චර මාන්නයකින් හිටපු මේ බ‍්‍රාහ්මණ පැවිද්දන්වත් නිහතමානී කළා නෙව.”
    බුදුරජාණන් වහන්සේ එදා දම්සභා මණ්ඩපයට වැඩම කළා. වැඩම කරලා පණවපු ආසනයේ වැඩහිටියා. ස්වාමීන් වහන්සේලාගෙන් දැන් කර කර හිටපු කථාව මොකක්ද කියලා ඇහුවා. එතකොට ඒ ස්වාමීන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට ඔය සිද්ධිය සැළ කළා.
    ”පින්වත් මහණෙනි, අද විතරක් නොවෙයි. ඔය භික්ෂූන් ඔයිට කලිනුත් මාන්නයෙන් ඉන්නකොට මං දමනය කරලා නිහතමානී කළා” කියලා මූලපරියාය ජාතකයත් වදාළා.
    කොහොම හරි නිහතාමානීව වත්පිළිවෙත් පුරමින්, බණ භාවනාවේ යෙදුණ මේ ස්වාමීන් වහන්සේලා පන්සීයගේ සිත් ධර්මාවබෝධය පිණිස කෙමෙන් කෙමෙන් මුහුකුරා ගියා. ඒ බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර චාරිකාවේ වඩිමින් සිටි කාලයයි. මේ භික්ෂූන් වහන්සේලා පන්සියයත් සමඟ ගෝතමක චේතිය නම් ස්ථානයට වැඩම කළ අපගේ ශාස්තෘන් වහන්සේ මහා සිංහනාදයක් බඳු වු ගෝතමක සූත‍්‍රය වදාළා. දේශනය අවසානයේ දහසක් ලෝක ධාතු කම්පා වුණා. දේශනාව අවසානයේ සියලූම භික්ෂූන් වහන්සේලා ඒ හිඳගෙන සිටි ආසනයේ ම සිව් පිළිසිඹියාපත් සහිතව අරහත්වයටපත්වුණා.
    දැක්කා නේද ධර්මාවබෝධයට මාන්නය කියන්නේ කොයිතරම් බාධාවක්ද කියලා. නිහතමානීකමෙන් තමයි මාන්නය කියල බලවත් හුල උදරලා දාන්න තියෙන්නේ කියලයි බුදු සමිඳුන් වදාළේ. ඒ නිසා නිහතමානීව ධර්මයේ හැසිරීම ම යි උතුම්.
    තෙරුවන් සරණයි!!!
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    බොහොම පින්. මං හිතන්නෙ මාන්නය තියෙන අය දන්නෙවත් නැහැ තමන් එහෙම ක්ලේශයකට අහු වෙලා ඉන්නව කියල. මොකද, ඒ තරමට තමන් හරි කියලනෙ හිතන් ඉන්නෙ. දැන් වුනත් ටිකක් බණ දහම් අහන, ධර්මයේ හැසිරෙන්න මහන්සි ගන්න සමහර අයට හිතක් ඇති වෙනවා තමුන් අනෙක් අයට වඩා ඉතා හොඳය කියල. හුඟක් වෙලාවට ඒ විදිහෙ අය නිසා ධර්මයෙහි හැසිරෙන්න මහන්සි ගන්න අනික් අයයත් හෑල්ලුවට ලක් වෙනවා.

    ඒ නිසා අවබෝධයෙන් සිටීම වැදගත්.
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මම පොඩිකාලෙ ඉඳන් දහම්පාසල් ගියත් මට හොඳට තේරෙනවා මම ධර්මය ගැන දන්න දෙයක් නැති බව. මම දැනන් හිටපු දේවල් අමතක වෙලා, අලුතෙන් ධර්ම ඤානය එකතු වෙන එකත් අඩු වෙලාවගේ...

    මේවගේ දේවල් දැකීමත් සතුටක්.
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    ඒක ඇත්ත. මේ වගේ දේවල් නිතර කතා කරලා, කියවලා, අහලා මතකය අලුත් කර ගන්න ඕනෙ. :D
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    හරි කියැව්වා...මේක බොහොම වටිනවා..මානය කියන්නෙ සත්ත්වයා සසර බැදලා තියන දස සංයෝජන වලිනුත් එකක්...:)