ධර්මය සංසරණය කිරීමේ දී මූලාශ්‍රය සඳහන් කි
පින්වත් මිතුරනි,
මේ කලකට පෙර DhammaMedicine [ http://groups.google.com/group/dhammamedicine ] group එකේ පල වූ ඊ-මේල් පණිවිඩයක්.
EK වලත් මෙය පල වුණොත් හොඳයි කියා සිතුනා. එම පණිවිය වෙනස් කිරීමකින් තොරවමයි පහත දක්වා තියෙන්නේ...
තෙරුවන් සරණයි!
----------------------------------------------------------
ධර්මය සංසරණය කිරීමේ දී මූලාශ්‍රය සඳහන් කිරීම
නමෝ බුද්ධාය!
පින්වත් මිතුරනේ,
මට මතකයි, ඔබටත් මතක ඇති කළණ මිතුරු ඇසුරින් ශ්‍රී සද්ධර්මය ලද මුල්ම දවස. සමහර විට ඒ පින්වත් ස්වාමීන් වහන්සේ කෙනෙක් ගේ දම් දෙසුමක් අහම්බෙන් ඇසීමෙන් වෙන්න ඇති. එහෙමත් නැත්නම් මේ group එකේ අපගේ මිතුරකු එවූ ඊ-මේල් පණිවිඩයක් හරහා වෙන්න ඇති. වෙනත් ක්‍රමයකින් වෙන්නත් පුළුවන්. දැනුවත් ව හෝ නොදැනුවත් ව කළණ මිතුරා වෙත යාමෙන්/ යැවීමෙන් තමා ඒ අවස්ථාව ලැබුණේ.
යමෙක් තුළ ධර්මය බිඳක් හෝ වැඩුනා නම්, එයට කළණ මිතුරු ඇසුර තරම් පිහිට වන වෙන බාහිර දෙයක් නෑ නේ.
අප ලද ශ්‍රේෂ්ඨතම කළ්‍යාණ මිත්‍රයා ඒ භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ යි.
මා හැබැහින් දැක නැති වුණත්, කතා බහ කොට නැති වුණත්, මට හිතා ගන්න පුළුවන් සජීවි කළ්‍යාණ මිත්රයින් අතර අග්‍ර වන්නේ, බුදුරජාණන් වහන්සේ ගේ ශ්‍රාවක වන, සරල සිංහලින් ශ්‍රී සද්ධර්මය අප වෙත දායාද කරන අති පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන් ද ස්වාමීන් වහන්සේ.
එම ස්වාමීන් වහන්සේගේ, මහමෙව්නා දහම් පරිවර්තන/ප්‍රකාශන අන්තර්ජාලයේ සංසරණය වනු දැකීම සතුටක්. ඒත්, අප ඒවා සංසරණය කරන විට නිසි ලෙස ඒවායේ මූලාශ්‍රය ගැන සඳහන් කරනවා ද කියා කුකුසක් ඇති වෙනවා. ඒකයි මේ ඊ-මේල් එක ලියන්න හිතුවේ.
ධර්මයේ හැසිරෙන කෙනාට ශ්‍රී සද්ධර්මයේ රැකවරණය තවත් අයෙකුට දැනගන්න ලැබුණොත් කෙතරම් අගේ ද කියා සිතෙන එක ස්වාභාවික යි. ඒ නිසා නේ කවුරුත් හැකි අන්දමින් සද්ධර්මය පැතිරවීමට උත්සාහය ගන්නේ...
ඒත් නිසි ලෙස මූලාශ්‍රය දැක්වුවේ නැත්නම්...
1. සංසරණය කරන දෑ කියවන කෙනාට සජීවි කළ්‍යාණ මිත්‍රයා ගැන දැන ගන්න බැරිවෙනවා. මහත් ලාභයක් එයාට මග හැරෙන්නේ.
2. කළණ මිතුරා කිසිත් බලාපොරොත්තු නොවී තමා ධර්මය පතුරන්නේ. එහෙත් කෘතවේදී වීම අප සතු දෙයක්; සත්පුරුෂ ගුණයක්. අපට ඒ ගුණය වැඩි දියුණු කර ගන්න තියෙන අවස්ථාවක් මග හැරෙනවා.
3. අපට අමතක වෙන්න පුළුවන් නොදන්නා බවත්. මොකද අවිජ්ජා සහගත හිතක් තමා දන්නා ලෙසින් යමක් කියා පාන්න පෙළඹෙන්න ඉඩ තියෙනව නේ.
4. සමාජ සම්මතය අනුව වුවත් වරදක් කෙරන්නේ.
ඒ නිසා, අපි උත්සාහ ගනිමු ද සියළු සංසරණය කරන දේ වල මූලාශ්‍රය සඳහන් කරන්න? එතකොට, එය කියවන කෙනාට අවශ්‍ය නම් සැබෑ කළණ මිතුරා වෙත යෑමට ඉඩ සැළසෙනවා නේ.
මොකද, ධර්ම කරුණු සංසරණය කරන එකේ මූලික අරමුණක් විය යුතු නේ කළ්‍යාණ මිත්‍රයා වෙත යාමට අන් අයට ඉඩකඩ සළසා දීම.
මේ සම්බන්ධයෙන් ප්‍රමිතියක්/එකඟතාවක් ඇති කර ගන්න පුළුවන් නම් වඩාත් හොඳයි. මේ ගැන ඔබෙත් අදහස් කියා එවන්න කෝ.