[FONT="]ධර්මය කියන්නේ අපි හැමෝටම දවසක සැනසීම ගෙන දෙන සම්පත. ධර්මයේ ගුණ අසීමිතයි වගේම කියලා නිම කරන්න බෑ. බුදුහාමුදුරුවෝ අංගුත්තර නිකායේ තික නිපාතයේදී ඒ නිසා අපිට සිහි කර ගන්න පුළුවන් මට්ටමට ගැලපෙන්න ධර්මයේ ගුණ දක්වලා තියෙනවා ස්වක්ඛාතෝ භගවතා ධම්මෝ ආදී විදියට. අපි දන්නවා අපිට නියම ධර්මය අහන්න තේරුම් ගන්න ලැබෙන්නේ කොයි තරම් අඩු අවස්ථාවන් ගනනකදිද කියලා. ධර්මය හැම කාලයේම තිබුනත් අපිට බුදුවරයෙක්ගේ උපකාරයෙන් තමයි ඒ ධර්මයට සවන් දෙන්න ලැබෙන්නේ. ඒ නිසා තමයි සුඛෝ බුද්ධ උප්පාදෝ විදියට දක්වන්න යෙදිලා තියෙන්නේ. අනෙක් අතට අපට හොඳ ශ්‍රවණේන්ද්‍රිය අවශ්‍යයි ධර්මයට සවන් දෙන්න. ඒ වගේම හොඳ සිහියක් අවශ්‍යයි. ඉතින් අද ජීවත් වන අපි ඒ අතින් හුඟක් පාරමිතා පුරලා තියෙන බව කියන්න පුළුවන් වෙන්නේ අපිට හොඳ කන් වගේම හොඳ සිහියකුත් පවතින නිසාත් ඒ සේරටම වඩා බුද්ධ කල්පයක බුදු බණ ඇහෙන ස්ථානයක ඉපදෙන්න ලැබිලා තියෙන නිසා. අපි හැමෝම බැලුවම පෙර පින් ඇති අය මංගල සූත්‍රයේ දැක්වෙන ආකාරයට. ඒ වගේම සුදුසු පරිසරයකුත් ලැබිලා තියෙනවා. ධර්මයේ ගුණ පෙර කීවා වගේම අනන්තයි. අපිට නිවන් දකින්න වගේම බුදුකෙනෙක්ට බුදුවෙන්න උපකාර වන්නේත් මේ ධර්මයමයි. ඉතින් ඒකෙන්ම තේරුම් ගන්න පුළුවන්නේ ධර්මයේ තියෙන උතුම් බව. නමුත් අද අපි මේ ධර්මයට ප්‍රමාණවත් විදියට සලකනවාද කියන දේ ප්‍රශ්නයක්? මන් එහෙම කියන්නේ අද වෙනකොට ධර්මය තමන් ගේ දේපල විදියට සලකලා තමන්ගේ මතයත් එක්ක පතුරවන පිරිස් හැම තැනම ඉන්න නිසා. ඇත්තටම කියනවා නම් මේ පිරිස තමයි අද වැඩි. ලෝකේ ධර්මතාවක් තමයි නරක දේ වලට මිනිස්සු වැඩි වැඩියෙන් ඇදෙන එක. ඉතින් අද වෙනකොට මේ අසද්ධර්මය පතුරුවන පිරිසගේ අනුගාමිකයෝ ලංකාව පුරාම පැතිරිලා. [/FONT]
[FONT="]වරක බමුණෙක් බුදුහාමුදුරුවන්ගෙන් අහනවා ස්වාමිනි බුද්ධ රත්නය පේනවා, සංඝ රත්නය පේනවා ඒ නිසා බුහුමන් කරන්න ප්‍රශ්නයක් නෑ නමුත් ධර්ම රත්නය පේන්නේ නෑ එතකොට වන්දනා කරන්නේ කොහොමද කියලා. මේ වෙලාවෙදි බුදුහාමුදුරුවෝ සද්ධර්මය දරා ගෙන ඉන්න ආනන්ද හාමුදුරුවන්ට වන්දනා කලාම ධර්මයට වන්දනා කලා හා සමාන වන බව දැනගෙන සිටියත් ඒ බව කිව්වොත් තමන්ගේ නෑයා වන ආනන්දට පක්ෂපාතී වුනා කියලා හිතයි කියන සිතුවිල්ල නිසා බමුණාට කිව්වා ඒ ගැන සංඝ රත්නයෙන් අහන්න කියලා. සංඝ රත්නය එක හෙලාම කිව්වා මේ ශාසනයේ සුවාසූ දහසක් ධර්මස්කන්ධය අඩු නැතිව දරා ගෙන සිටින [/FONT]
[FONT="]ද්වාසීතිං බුඬතෝ ගණ්හිං - දේව සහස්සානි භික්ඛුතො, [/FONT]
[FONT="]චතුරාසීති සහස්සානි - යෙමෙ ධම්මා පවත්තිනො
[/FONT]
[FONT="]යනුවෙන් සිංහනාද කල ආනන්ද හාමුදුරුවෝ, බුදුහාමුදුරුවෝ විසින් ස්ථාන පහකදි අග්‍රස්ථානයට පත් කල ආනන්ද හාමුදුරුවෝ, ධර්ම රාශියක් දරා සිටින කෙනෙක් නම් ආනන්ද හාමුදුරුවො කියලා. එතනදි ඒ බමුණා ධර්මරත්නයට පූජා කරමි යන උදාර චේතනාවෙන් ආනන්ද හාමුදුරුවන්ට පූජා කලා. බුදුහාමුදුරුවෝ ඒක විවේචනයට ලක් කලේ නෑ. ආනන්ද හාමුදුරුවෝ ඒක ප්‍රතික්ෂේප කලේ නෑ. ඒ තමයි ප්‍රඥාවන්තයෝ හැසිරෙන හැටි. ඒත් අද අපි ආනන්ද හාමුදුරුවන්ට දෙන තැන මොකක්ද? ඒ එක්කම අපි ධර්මයට දෙන තැන මොකක්ද කියලාත් හිතාගන්න පුළුවන්. [/FONT][FONT="]චතුරාසීති සහස්සානි - යෙමෙ ධම්මා පවත්තිනො
[/FONT]