ධර්මරාජ ගලේ කතාව

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,292
    100,103
    113
    පුරාණයේ රජ වරුන් ඇතුලු සියලු දෙනා සමනොල සිරස තරණයට යොදා ගත්තේ රත්නපුර පලාබද්ගල මාර්ගයයි. එබැවින් ඒ මාර්ගය රජ මාවත විය.

    ස්වභාව සෞන්දර්යයෙන් අනූන රත්නපුර මාර්ගයේ සුවිශේෂී සංධිස්ථාන ගනනාවක් පවතී. මේ සෑම ස්තානයක් අරභයාම ගෙතුනු රමණීය අතීත කතා ඇත

    ඒවා බොහෝ විට යම් යම් තැන් වල ලියැවුනු හා මුඛ පරම්පරා ගතව පැමිනි ඒවාය.

    රත්නපුර මාර්ගයේ ධර්මරාජ ගලේ කොටා ඇති පඩි නිවැරැදිව ගැනීමට නොහැකි බව පැවසේ. ඔබ කී වරක් මෙහි පඩි ගැන ඇත්ද. මේ පඩි කෙටූ ගල් පව්ව පිළිබඳව අතීත කතාවක් ඇත්තේය.

    " ගැත්තාට අනුකම්පා කල මැනවි දේවයන්
    වහන්ස !"

    "නුඹ කල වරදට සමාවක් නෑ බමුණුගම
    නිළමේ !
    නමුත් තොපගේ තරුණ වයසත් අතීත
    ක්‍රියාකාරකමුත් සළකා මා තමුන්ට අභය
    දානය දෙනවා."

    "ඔබ වහන්සේට සක්විති රජකම හිමිවේවා"

    "බමුණුගම තොපගේ චාටු බස් වලින් මා
    මුලා කල නොහැකියි.
    තා කල වරද ඉතා බරපතලයි.
    එසේ හෙයින් එයට දඬුවමක් දිය යුතුමයි."

    "ගැත්තාට අනුකම්පා කර ලිහිල් දඬුවමක්
    දෙන්න මහ රජානෙනි"

    "තොප වහාම ශ්‍රී පා හිමය මද්‍යයේ මාවත
    අහුරා ඇති සුවිසල් ගල් කුලේ පඩි
    නැගීමට පහසු අයුරෙන් ක්‍රමවත්ව
    සැකසිය යුතුයි.
    එක් කොන්දේසියක් තිබෙනවා. යම්
    හෙයකින් කිසිවකු තොපගේ සහයට
    පැමිනියහොත් එවලේම තගේ මරණ
    දණ්ඩණය ක්‍රියාත්මක කිරීමට මා
    පසුබට නොවන බවද දනුව !
    ඒ ගල් කුළේ ඇති දිය සීරාව හේතුවෙන්
    බැතිමතුන් පහලට රූටා වැටුනු අවස්තා
    තිබනව.
    ඒ කාලය තුල තොපට නිළමෙ වරයෙකු
    ලෙස හිමි වැටුප ඒ ලෙසම
    භාණ්ඩාගාරයෙන් ගෙවීමටද අණ කරමි"
    කාර්‍යය අවසන් වූ වහාම තා නිදහස්
    පුරවැසියෙක් බව දනුව!
    ...................... ...................... .............................
    කහවත්ත බමුණුගම ප්‍රදේශයේ මේ නිළමෙවරයා ඉහත ගල් පවුවේ පඩි කැපීම ඇරඹීය. එහෙත් එය හිතෙන තරම් පහසු නොවීය. කිහිප විට ගලේ රූටා යමින් අත පය සූරා ගනිමින් නමුත් ඉතා නිවැරදිව සිය කාර්‍යය කිරීමට හේ වග බලා ගත්තේය.

    කෙසේ හෝ බමුණුගම නිළමේ වරයා මේ සිරිපා මහ හිමය තුලම වයසට ගිය බව තේරුම් ගියේ පඩි කපා අවසන් වෙද්දීය.

    දැන් තමා හොඳටම මහලුය. දිවියේ අනිත්‍ය ස්වභාවය පිලිබදව හොඳින් වටහා ගත හැකිය. මේ නිස්සාර දිවියේ ඉතිරි කාලයද මේ ගල් පව්වටම දිය කර හැරීමට අදිටන් කර ගත්තේය. ඔහුට බවුන් වැඩීමට හොඳම ස්තානය මේ දඬුවම් ගල් පවුව බවට හේ තීරණයකට එළැඹියේය.🙏
    පූජනීය ලෙස දිවියේ ඉතිරි කාලය ගල් පවුව මස්තකයේ ගෙවා දැම්මේ ඉතා සතුටිනි. ධර්මයට නැඹුරැව සිටි බමුණුගම නිළමේ වරයාගේ මෙමදඬුවම් ගල් පව්ව "ධර්මරාජ ගල" වූයේලු.

    https://www.facebook.com/share/p/XUuqJDrUkEKmWAG6/?mibextid=oFDknk

    තව කතාවක් තියෙන්නේ ධර්මරාජ හෙවත් සමන් දෙවියන් නිසා එහෙම උනා කියල.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,881
    1
    60,786
    113
    Mother Earth
    යං යං යං හනිකට යං..
    සුමන සමන් දෙවි පිහිට අරං..
    ධර්මරාජ ගල නැගලා..
    මහ ගිරිඳඹ පහු කරලා.. 😍

    අඩේ මම ඔය ධර්මරාජ ගලේ ගැට්ටට ගිහින් පොටෝ එකක් ගහලා තියෙනවා. හෙන හෙලක් තියෙන්නෙ. අනික පඩි ලිස්සනවා.
     
    • Wow
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,292
    100,103
    113
    ධර්මරාජ හෙවත් සමන් දෙවියන් ?? ධර්මරාජ කියන්නේ බුදුන්ටනේ :eek:
    දමරජ කියන්නේ සමන් දෙවියන්ට කියල තමා කියන්නේ. පස්සේ ධර්මරාජ වෙන්න වෙනස් වෙලා. කොහොම උනත් ඕක පෙළපත් නමක් ගොඩක් සෙල්ලිපි වලත් හම්බෙලා තියෙනව.

    ආයේ යම්(යම)වගේ නම් වලිනුත් හඳුන්වලා තියෙනවා.
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    දමරජ කියන්නේ සමන් දෙවියන්ට කියල තමා කියන්නේ. පස්සේ ධර්මරාජ වෙන්න වෙනස් වෙලා. කොහොම උනත් ඕක පෙළපත් නමක් ගොඩක් සෙල්ලිපි වලත් හම්බෙලා තියෙනව.

    ආයේ යම්(යම)වගේ නම් වලිනුත් හඳුන්වලා තියෙනවා.
    apey iskole dharmaraja, apita kiwwe budun ta kiyana namak kiyala :eek: olcott school nisa oya ananda mahinda maliyadeva wage hamuduruwonge nam thama daala thiyenne kiyala kiwwe ane manda :shocked:
     
    • Like
    • Love
    Reactions: NRTG and sahan50

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,292
    100,103
    113
    apey iskole dharmaraja, apita kiwwe budun ta kiyana namak kiyala :eek: olcott school nisa oya ananda mahinda maliyadeva wage hamuduruwonge nam thama daala thiyenne kiyala kiwwe ane manda :shocked:
    ධර්මරාජ බුදු හාමුදුරුවෝන්ට කියන්න පුළුවන් නේ අර්ථයෙන් වැරද්දක් නෑ කියලා හිතෙන්නේ.

    මේ නන් දමරජ තමා ඔය ධර්මරාජ වෙලා තියෙන්නෙ.

    මෙහෙමයි කතාව බින්තෙන්නන් තමා ඔය ඔකොම පටන් ගන්නේ. යම්, යම මේ යම කියන්නෙත් මලවුන්ට අධිපති දෙවියන්ම තමා.
    (පීතෘරාජ, පිතරාජ කියන්නෙත් පර්යාය නමක් යමරාජ, ධර්මරාජ, යමරාජ කියන නමට, පිත රාජ වළගම්බා රජතුමා පාවිච්චි කරලා තියෙනවා සෙල් ලිපි වල)
    යම දෙයියන්ගේ වාස බවන රෝහණ පර්වතය හෙවත් ලංකා පර්වතය. මහාවංශය ලියන කාලේ වෙනකොට එක හඳුන්වන්නේ සුමනකුටය කියලා තමා රාජ් සෝමද්ව මහත්තයාගේ යක්ෂි පොතේ තියෙන්නේ.

    මේ මොන රජ්ජුරුවො ගැනද බන් කියන්නෙ ? :eek:
    නොදනී. ඔව්ව ඔය ජනකතා වගේ නේ. නම් ගම් නෑ
    ------ Post added on Jul 12, 2024 at 12:08 AM

    @Ritigala Jayasena69
    https://www.lankadeepa.lk/Rasawitha/කඳකරය-යකක-සහ-වරළබඩ-නගය/57-518043

    Time frame ගැනයි අතිශෝක්තිය ගැනයි අමතක කරලා නම් ගම් ටික එක්ක කතාව බලාගෙන යන්න.
    ------ Post added on Jul 12, 2024 at 12:17 AM

    තව ටිකක්. කැමති නන් හොයලා බලන්න.

    ඔය කතාවල් වලට ලින්ක් වෙනවා එක දේව සංකල්පත් එක්ක ඇයි ආදම් ඒවගේ උයන කියල සිරීපාදේ අදුන්වඑන්නේ කියන ඒකත්. සමහර ඒව කතා විතරයි. සමහර ඒවට සාක්ෂි තියෙනවා.
    ------ Post added on Jul 12, 2024 at 12:22 AM
     
    Last edited:

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    ධර්මරාජ බුදු හාමුදුරුවෝන්ට කියන්න පුළුවන් නේ අර්ථයෙන් වැරද්දක් නෑ කියලා හිතෙන්නේ.

    මේ නන් දමරජ තමා ඔය ධර්මරාජ වෙලා තියෙන්නෙ.

    මෙහෙමයි කතාව බින්තෙන්නන් තමා ඔය ඔකොම පටන් ගන්නේ. යම්, යම මේ යම කියන්නෙත් මලවුන්ට අධිපති දෙවියන්ම තමා.
    (පීතෘරාජ, පිතරාජ කියන්නෙත් පර්යාය නමක් යමරාජ, ධර්මරාජ, යමරාජ කියන නමට, පිත රාජ වළගම්බා රජතුමා පාවිච්චි කරලා තියෙනවා සෙල් ලිපි වල)
    යම දෙයියන්ගේ වාස බවන රෝහණ පර්වතය හෙවත් ලංකා පර්වතය. මහාවංශය ලියන කාලේ වෙනකොට එක හඳුන්වන්නේ සුමනකුටය කියලා තමා රාජ් සෝමද්ව මහත්තයාගේ යක්ෂි පොතේ තියෙන්නේ.

    නොදනී. ඔව්ව ඔය ජනකතා වගේ නේ. නම් ගම් නෑ
    ------ Post added on Jul 12, 2024 at 12:08 AM

    @Ritigala Jayasena69
    https://www.lankadeepa.lk/Rasawitha/කඳකරය-යකක-සහ-වරළබඩ-නගය/57-518043

    Time frame ගැනයි අතිශෝක්තිය ගැනයි අමතක කරලා නම් ගම් ටික එක්ක කතාව බලාගෙන යන්න.
    ------ Post added on Jul 12, 2024 at 12:17 AM

    තව ටිකක්. කැමති නන් හොයලා බලන්න.

    ඔය කතාවල් වලට ලින්ක් වෙනවා එක දේව සංකල්පත් එක්ක ඇයි ආදම් ඒවගේ උයන කියල සිරීපාදේ අදුන්වඑන්නේ කියන ඒකත්. .
    ------ Post added on Jul 12, 2024 at 12:22 AM
    elakiri thanks bro :love:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    මුනි නන්දන සිරි පාද වඳිම් සමනල කන්දේ - විහිදෙන මෝක්ෂ සුගන්දේ
    මුනි නන්දන සිරි පාද වඳිම්, ශ්‍රී

    ලිහිණි හෙලේ අම්බලමේ සින්දලා ගිමන්
    ධර්මරාජ ගලේ නැගී ගල්පඩි ගනිමින්
    තුන් සරණේ පිහිට පතලා
    සන්තොසිනේ ඉන් පිටත්වෙලා
    පිහිටෙන් සුමන සුරින්දෙ සිත් පැහැදේ
     
    • Like
    Reactions: NRTG

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ධර්මරාජ බුදු හාමුදුරුවෝන්ට කියන්න පුළුවන් නේ අර්ථයෙන් වැරද්දක් නෑ කියලා හිතෙන්නේ.
    සමණා මයං මහාරාජ - ධම්මරාජස්ස සාවකා

    එතනදි නම් ධම්මරාජ කියන්නෙ බුදුරජාණන් වහන්සේට.