ධර්ම කරුණක් ගැන

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ධර්ම කරුණක් ගැන

    මචන්,
    ත්‍රිලක්ෂණයේ එක අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ලක්ෂණ තුනෙන් අනාත්ම කියන සංකල්පය පැහැදිලි කරන්න දන්නා කෙනෙක් ඉන්නවද? ආත්මයක් නෑ කියනවා නම් අනාත්ම නම් නිවන් මාර්ගය කරා පුද්ගලයෙකු භවයෙන් භවයට ගමන් කරන්නේ කෙසේද? භවය හා ආත්ම සංකල්ප දෙකේ වෙනස කුමක්ද?

    මේක ගැන හරි පැහැදිලි කිරීමක් මට හොයා ගන්න බැරිවුණා. ධර්මය ගැන හොඳට දන්න අය මේකේ ඉන්න නිසා දැම්මේ. දන්න අය පොඩ්ඩක් විස්තර කරන්න. දන්නේ නැති අය BUMP එකක් හරි දාගෙන යන්න.

    බුදු සරණයි.
    :) :) :)
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    "ආත්ම" වශයෙන් ගත නො හැකි ජීවිතය දකින පිළිවෙත

    "ආත්ම" වශයෙන් ගත නො හැකි ජීවිතය දකින පිළිවෙත

    විශ්‍රාමික ගුරු උපදේශක
    ඒ. එම්. පේ‍්‍රමරත්න

    අනාත්ම සංකල්පය පිළිබඳ විමසීමද අවශ්‍ය ය. අනාත්ම යන්න ආත්මයක් නැත යන අර්ථයෙන් ගන්නවාට වඩා ‘ ආත්ම වශයෙන් ගත නොහැකි’ යනුවෙන් තේරුම් ගත යුතු වන්නේ ය. මක්නිසාද යත් ආත්මයක් ඇත යන්න ශාස්වත දෘෂ්ටි යටත් ආත්මයක් නැත යන උච්ඡේද දෘෂ්ටියටත් ගැනෙන බැවිනි.
    ප්‍රතිගමනය යන්නෙන් ආපස්සට ගමන් කිරීම යන අරුත දෙයි. මෙහිදී විශේෂයෙන් දැක්වෙන්නේ කෙනෙකුගේ වයස ආපස්සට ගමන් කරවීමයි. ප්‍රායෝගිකව බැලුවොත් වයස ඉදිරියට මිස පසුපසට යන එකක් නොවේ. එබැවින් මෙම ප්‍රතිගමනය චිත්ත අභ්‍යාසයක් වෙයි. මෝහන ක්‍රියාවලියේදී පුහුණුව ලත් කෙනෙක් වෙනත් කෙනෙකුගේ සිතට යෝජනා කරන විධානයකින්, වයස ප්‍රතිගමනය කර පූර්ව සිදුවීම් පිළිබඳ විස්තර ලබා ගන්නා ආකාරය අපි දනිමු. එහෙත් මෙහිදී සාකච්ඡා කරනු ලබන්නේ තමා විසින්ම තමාගේ සිත ප්‍රතිගමනය කරනු ලබන අසංඛාරික පිළිවෙතකි. එහෙත් එය ස්වයං මෝහනයක් නොවේ. තවද මෙය පෙර භවය විමසන හෝ උපන්දා සිට මෙතෙක් වූ සිද්ධි පිළිබඳ ඉතිහාසය විමසන ක්‍රියාවක් නොවේ. මෙහිදී ආවර්ජනය කරනු ලබන්නේ ශරීරයේ ස්වභාවය යි. තවත් ආකාරයකට කිවහොත් කය අනුව සිහියෙන් බැලීමකි. මෙහිදී සත්ත්වයෙකු ගේ ප්‍රතිසන්ධියේ සිට සිදුවන ජෛව විද්‍යාත්මක වර්ධනය පිළිබඳ දැනීමත් ධර්ම විද්‍යාත්මක දැනීමත් යන දෙකම අවශ්‍ය අවම ප්‍රමාණයටවත් තිබීම අවශ්‍ය ය. බුදු දහම අනුව සිතන පතන කෙනෙකුට එය පහසු ක්‍රියාවකි.
    මේ පිළිවෙත ගැන කීමට ප්‍රථම අනාත්ම සංකල්පය පිළිබඳ විමසීමද අවශ්‍ය ය. අනාත්ම යන්න ආත්මයක් නැත යන අර්ථයෙන් ගන්නවාට වඩා ‘ ආත්ම වශයෙන් ගත නොහැකි’ යනුවෙන් තේරුම් ගත යුතු වන්නේ ය. මක්නිසාද යත් ආත්මයක් ඇත යන්න ශාස්වත දෘෂ්ටි යටත් ආත්මයක් නැත යන උච්ඡේද දෘෂ්ටියටත් ගැනෙන බැවිනි. බුදුදහම ඒ අන්ත දෙකම බැහැර කරයි. බ්‍රහ්මජාල සූත්‍රයෙහි මේ ගැන සවිස්තරව දක්වා ඇත. ආත්ම යන්නෙහි නිත්‍ය පැවැත්මක් ඇති දෙයක් යන අදහස ඇත. ස්වකීය වසඟයේ පවත්වාගත හැකි දෙයක් හැටියට ද සමහර තැනෙක දැක්වේ. ‘මම’ යන පිළිගැනීම තුළට එය එකතු කරගත් විට හෝ එය තුළට ‘මම’ එකතු කර ගත්විට හෝ සක්කාය දෘෂ්ටිය ගොඩනැගෙයි. මෙතැන ‘මම’ යනු රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණය යන පංචස්කන්ධයම වේ.
    z_p04-Athma.jpg

    වර්තමානයේ ජීවත්ව සිටින තැනැත්තා පෙර දිනයක ඉපදුනු බවද දැන් ජීවත්ව සිටින බවද මතු දිනයක මිය යන බවද ඒකාන්ත වශයෙන් දනී. ඒ අවස්ථා තුනට පත්වූයේ කවුරුන්ද කියන තීන්දුව සෑම විට ම ආත්මය යන්න සමග බැඳුනු මම යන සංකල්පයෙන් නිර්මාණය වී ඇත. එය ආත්ම සංකල්පයයි. සත්ත්වයෙක් පුද්ලයෙක් නැත යන සාවද්‍ය දර්ශනයෙන් බලන්නට වෑයම් කළහොත් මේ අනාත්ම සංකල්පය වටහා ගත නොහැකි වෙයි. මේ අනාත්ම සංකල්පය වටහා ගත් තැනැත්තා මේ සියල්ල හේතු ප්‍රත්‍යයන් ගේ් සංසිද්ධි මිස නිත්‍ය ලෙස ආත්මීය වශයෙන් ගත හැකි කිසිවක් නොමැති බව අවබෝධ කර ගනියි. එතැන ගොඩනැගෙන්නේ අනාත්ම සංකල්පය යි.
    සෑම සත්ත්වයෙක් ම දැඩි ලෙස බැඳී සිටින්නේ ස්වකීය කයට ය. එතරම් වූ බැඳීමක් පරිබාහිර වෙනත් කිසිවක් කෙරෙහි නැත. මෙකී ආත්මීය බන්ධනයෙන් මිදීමට නම් තම කය තුළින්ම අනාත්ම දර්ශනය මතු කරගත යුතුªබව බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම යි. සතර සතිපට්ඨානයෙහි කායානුපස්සනාව මුලටම යොදා ඇත්තේ ඒ නිසාය. ධාතු වශයෙන්, පටික්කූල වශයෙන්, ත්‍රිලක්ෂණ වශයෙන්, විපරිනාම වශයෙන් ගනිමින් මේ කයෙහි යථා ස්වභාවය දකින ලෙස සර්වඥයන් වහන්සේ සෑම විටම භික්ෂූන්ට අනුශාසනා කළ සේක.
    ආශ්වාදයම වැළඳගෙන එහිම ඇලී සිටින පෘථග්ජන පුද්ගලයාට මේ කයෙහි ආදීනවය හා නිස්සරණය වටහා ගැනීමට අවකාශයක් නැත. පංචේන්ද්‍රියන් පිනවමින්, දර්ශනයෙන්, ශ්‍රවණයෙන්, ආහාරයෙන්, ඇඳුම් පැළඳුම් විලාසිතාවන්ගෙන්, ශරීරය සැරසීමෙන් මේ කය සන්තර්පණය කිරීමට ස්ත්‍රී පුරුෂයන් දරන අනවරත වෑයම කෙතරම්ද? කයෙහි යථා ස්වභාවය නොදැනීමේ, නොදැකීමේ හා නොවැටහීමේ ආදීනවය එයයි.
    කය අරමුණු කරගෙන කරනු ලබන ස්වයං විමර්ශනය මෙම ආත්ම සංකල්පය තුනී කරලීමට ලිහිල් කරලීමට හා නිස්සරණය කරා යොමු කිරීමට ප්‍රගුණ කළ හැකි ඒකල චිත්ත අභ්‍යාසයකි. සිල්වත්ව හුදකලාවී ශ්‍රද්ධා සම්ප්‍රයුක්තව කළහැකි ආවර්ජනයකි. යෝනිසෝමනසිකාරයෙන් මුල මැද අග දැකිය හැකි විපස්සනාවකි. මේ සඳහා අරමුණු කර ගන්නේ ස්වකීය ශරීරයමය. මෙය අත්හදා බැලීමක් නොව යථා ස්වභාවය වටහා ගැනීම අරමුණු කරගෙන කෙරෙන්නකි.
    මේ අභ්‍යාසයෙහි යෙදෙන තැනැත්තා පළමුකොට ස්වකීය ශරීරය දෙස සිහියෙන් යුතුව සිතින් බලයි. මේ ශරීරය කෙස්, හිස, ඇස්, කන්, නාසය, මුඛය, ගෙල, අත්පා ආදී වශයෙන් වෙන්ව දැකිය හැකි බොහෝ කොටස්වලින් නිර්මාණය වී ඇතිබව සිතෙන් දකියි. පිටතින් ඝන සමකින්ද අභ්‍යන්තර ඇටසැකිල්ලකින්ද යුත් තම සිරුරේ ඒ දෙකට මැදිවී මස්, නහර, ලේ ඇතුළු තවත් බොහෝ ඉන්ද්‍රියයන් ඇති බව දකියි. මේ සියල්ල වෙන් වෙන්වද එක්වද බොහෝ කෘත්‍යයන් ඉටු කරමින් මේ ශරීරය පවත්වාගෙන යත්. මේ අවයව හා ඉන්ද්‍රිය සියල්ලත් ඒවායින් සෑදුණු කයත් එක්කොට ගෙන ‘මම’ යයි කියාගන්නා සැටිත් ඒ සියල්ල තමාගේම බවත් හේ දකියි.
    මෙසේ දකින ඔහු තම වයස ටිකෙන් ටික ආපස්සට ගනිමින් අඩු කරගෙන යයි. දැන් වයස අවුරුදු 40 ක අයෙකු නම් අවුරුදු 30, 25, 20, 15 ආදී වශයෙන් ප්‍රතිගමනය කරමින් ස්වකීය ශරීරය දෙසම බලයි. ඉහත කී අවයව හා ඉන්ද්‍රිය් තවමත් අද මෙන්ම පවතින බව ඔහු දකියි. ඒ ඒ යුගවල කළ කී දේ සිතට එළඹුනොත් වහා ඉවත් වී තම ශරීරය දෙස පමණක්ම සතිය පිහිටුවයි. මෙසේ ප්‍රතිගමනය සිදුකරන විට තමා ළදරුවෙකු බවට පත්වෙයි. අද මෙන් වැඩුනු සවිමත් අත් පා ආදී ශරීර අවයව දැන් තමාට නැති බව පෙනෙයි.

    දැන් හෙතෙම ඇවිදීමට වාරු නැති මව් තුරුලෙහි වෙසෙන්නෙකු බව පෙනෙයි. තවමත් පෙර කී කෙස්, හිස, ඇස්, කන් ආදී අවයව ඇතත් පැහැදිලි හැඟීමක් නැති බැවින් මම හා මගේ කම සැඟවී ඇත.
    ස්වයං ප්‍රතිගමනය තවදුරටත් කරන විට තමා මෙලොව එළිය දුටු අවස්ථාවට යයි. තනිවම කිසිවක් කර කියාගත නොහැකි මස් වැදැල්ලක් වැනි, පෙර කී අවයව සහිත බිළිඳකු මනසට හසු වෙයි. ඒ මොහොතේදී අද පවතින නම, ගම, ආගම කොහිද? ඉපදී පසු කලෙක තමා වෙතට බැඳුණු මගේ් නම, මගේ ගම, මගේ ආගම, මගේ් ජාතිය, මගේ් කුලය ආදී සම්මුති සංඥා දැන් නැති බව අභ්‍යාසලාභියාට මනසින් මෙනෙහි කළ හැකිය.
    ප්‍රතිගමනයේදී කය පිළිබඳ නුවණින් මනාව දැකිය යුතු අවස්ථාව උදාවන්නේ මෙතැන් සිටය. මෙතෙක් කළ ආවර්ජනය තවදුරටත් ඉවසීමෙන් කරන විට තමා මව්කුස තුළට ප්‍රවේශ වෙයි. දැන් තමා තම මවගේ සිරුරට යොතකින් සම්බන්ධ වී ද්‍රවතරලයක පාවෙමින් ගර්භාෂය තුළ සිටින බව මනසින් පෙනේ. මෙලොව කිසිවක් දැන් තමාට අයිති නැත. වර්තමානයේ පවතින්නා වූ හැඩිදැඩි සිරුර දැන් නැත. තවදුරටත් ප්‍රතිගමනය කරන විට තමන්ගේ කෙස් නැති වී යයි. අභ්‍යන්තර ඉන්ද්‍රියයන් නැතිවී යයි. ඇටසැකිල්ල, මොලය, පෙනහළු, හෘදය, අතපය, ඇස, කන, නාසය ආදී සියලු දේ නැතිවී ගොස් ගෝලාකාර කලලයක් පමණක් මනසට ගෝචර වෙයි.
    මේ කුඩා කලලය කුමක්ද? මව සහ පියා ලෙස පිහිටි ස්ත්‍රී පුරුෂ එකතුවකින් හටගත් ජෛවී නිර්මාණයකි. අද පවතින්නා වූ, මගේය කියා ගන්නා ඇස් කන් නාසා ආදී ඉන්ද්‍රියයන් කෙසේ නම් මෙයින් නිර්මාණය වූයේ ද? ඒවා හටගැන්වීමට කිසිදු හැකියාවක් මේ ජීව නිර්මාණයට නැත. හැකි එකම දේ නම් හටගත් ටික දිනකින් ගර්භාෂය තුළදීම විනාශ වී යාම පමණකි. එසේ නම් සියලු ඉන්ද්‍රියයන් සහිත තමා හටගත්තේ කෙසේදැයි ආවර්ජකයා මනස යොමු කරයි. මෙම කලලයට එළඹුනු ගන්ධබ්බයාගේ හෙවත් ප්‍රතිසන්ධි විඤ්ඤාණය මගින් මෙකී නිර්මාණ ශක්තිය එයට ප්‍රවේශ කර ප්‍රතිසන්ධිය ඇතිකළ බව ඔහු නුවණින් දකියි. එම ප්‍රතිසන්ධි විඤ්ඤාණය නොඑළඹුනේ නම් මේ කලලය මවගේ ගර්භාෂය තුළදීම විනාශයට පත්වන්නේය. මේ ප්‍රතිසන්ධි විඤ්ඤාණය කුමක්ද? පෙර භවයේ අවසානයට එළඹි චුති චිත්තයේ (හේතු සිතේ) විපාක සිතය. අද ඇති ඇස, කන, නාසය, දිව, ශරීරය යන පංචේන්ද්‍රියන්, එමගින් සංස්කාර වශයෙන් එළඹවන ලද කර්ම විපාකයෝ ද ප්‍රතිසන්ධි විඤ්ඤාණය අද්භූත ආත්ම බලවේගයක් නොව, හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත් එකකි. පෙර භවයේ අවසානයට එළඹි කුසලා කුසල (සංස්කාර) කර්ම සිත හේතු ප්‍රත්‍යකොට හටගත් එකකි.
    ආවර්ජකයා දැන් මේ කලලයෙන් ප්‍රතිසන්ධි විඤ්ඤාණය ඉවත් කරයි. අද ඉමහත් ඇල්මෙන් හා අභිමානයෙන් නොයෙකුත් ඉන්ද්‍රියයන් දරා සිටින තමන්ට මමය මාගේය කියා ගත හැකි සියුම් දෙයක්වත් නැති තනි සෛලයක් පමණක් මනසින් මෙනෙහි කළ හැකිවෙයි. එහි තමන්ගේ සිතද නැත. එසේ නම් එයට ‘මම’ යන සංඥාව නොයෙදේ. ප්‍රතිසන්ධි විඤ්ඤාණය එළඹීම නිසා අද සිටින තැනැත්තා ඇති වූ බැවින් ‘මම’ නොවන්නේද නොවේ. මම කලල මූලයට එළඹුනු ප්‍රතිසන්ධි විඤ්ඤාණය ආත්මයද? නැත. එයද හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත්, හේතු ප්‍රත්‍යයන් නිරුද්ධ වූ විට නිරුද්ධ වන සංඛත ධර්මයකි.
    තවද ප්‍රතිසන්ධි විඤ්ඤාණය නොඑළඹුනු කලල මූලය හෙවත් ස්ත්‍රී පුරුෂ සම්බන්ධයෙන් හටගත් ජීව ඒකකය කුමක්ද? පඨවි, ආපෝ, ‍ෙත්ජෝ, වායෝ යන සතර මහාධාතූ®න්ගේ සමවායෙන් හටගත් රූප කලාප පොදියකි. බීජ නියාම ධර්මය මත නිර්මාණය වු එහි අයිතිය පවරා ගත හැකි කිසිවෙක් නැත. ප්‍රතිසන්ධි විඤ්ඤාණය නොඑළඹුනේ්නම් හෝ එළඹී සිටියත් ටික දිනකින් එය බැහැර වූයේ නම් හෝ එම කලල මූලය විනාශය ඒකාන්ත කොට ඇත. මමය මාගේය කියා ගතහැකි කිසිවක් එහි නැත.
    ප්‍රතිගමනයේ මෙතැන් නතර වී මේ අනාත්ම දෘෂ්ටිය සෘජු කර ගන්නා තැනැත්තාට භාවිතාය බහුලීකතාය වශයෙන් බොහෝ කොට අනාත්ම සංකල්පය වඩන තැනැත්තාට, අද සිටින අවදියේදී තර කරගෙන ඇති මමංකාර බන්ධනයන්හි ඇති නිස්සාරභාවය මෙනෙහි කළ හැකිය. මෙය අනවරත පුහුණු ප්‍රතිපදාවකි. මේ කරුණු හුදු න්‍යායක් නොව සඵල ප්‍රායෝගික පිළිවෙතකි. ජාතියෙන්, කුලයෙන්, ධනයෙන්, ශිල්පයෙන්, බලයෙන් කවර තරාතිරමක් උදාකර ගත්තත්, කවර මනුෂ්‍යයෙකුගේ වුවද මූලාරම්භය ජීව ඒකකයක් වශයෙන් එක සමානය.
    කයෙහි යථා ස්වභාවය නුවණින් නොදකිනා තෙක් කල් අපි කවුරුත් මේ කය (පංචස්කන්ධය) ආත්ම වශයෙන් ගෙන සිටිමු. පොත පතෙන් ලබාගත් දැනුමෙන් හෝ ව්‍යුහ විද්‍යාව පිළිබඳ ශිල්ප දැනුමෙන් හෝ මේ යථා දර්ශනය වටහා ගත නොහැකිය. මුල සිට අගටත්, අග සිට මුලටත් හෙවත් අනුලෝම ප්‍රතිලෝම වශයෙන්, නුවණින් මෙනෙහි කිරීමෙන් (යෝනිසෝ මනසිකාරයෙන්) මේ කය කෙරෙහි ඇති ආත්ම බැඳීම ලිහිල් වෙයි.


    උපුටා ගැනීම බුදුසරණ පුවත් පත ඇසුරෙනි
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,669
    113
    අනාත්මය කියන්නේ, තමන්ගේ වසගයේ යම් දෙයක් පවත්වන්න බැරි නිසයි. ඇස අනාත්මයි කියනේ, ඇසේ හැදෙන ලෙඩ රෝග අපිට සුව කරගන්න කොච්චර උවමනාවක් තිබ්බත්, ඒ ලෙඩ රෝග අපේ සිත් මනාපෙට සුව කරගන්න බෑ. එ වගේම වයසට යද්දි ඇස් පෙන්නේ නැති වෙනවා. අපිට ඒක නවත්තන්න්ත් බෑ. ඒක නිසා තමයි ඇස අනාත්මයි කියන්නේ. හේතු තියෙනව බන් ගොඩක්. ඔය කීපයක් කිව්වේ.

    ඇස ආත්මනම්, ඇසේ කිසිම ලෙඩ හටගන්නේ නෑ, ඇස් පේන්නේ නෑ වගේ ප්‍රශ්නත් හට හන්නේ නෑ. ඒ වගේ ප්‍රශ්න ඇති උනත්, තමන්ට ඕන විදියට ඒ ලෙඩ නැති කරගන්න පුලුවන් වෙන්නෙ ඕනේ. කොච්චර උවමනාවක් තිබ්බත් අපිට එහෙම කරගන්න බැරි නිසා ඇස අනාත්මයි.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Scientifically explain caranavanam----------------There is a law of science--------ENERGY CAN NOT BE CREATED OR ENERGY CAN NOT BE DESTROYED. BUT ENERGY CAN BE CHANGED FROM ONE FORM TO ANOTHER FORM.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    So every thing in this world is a change of energy. HUMAN LIVES, ANIMAL LIVES, OTHER LIVES, SOIL, WATER, TREES, EVERY THING IS A VARIOUS CHANGE OF ENERGY. So every thing is changing fast although some changes can not be visible to naked eye. So although we have past time, present time , future time, but we can not say-----my past time, my present time , my future time because I HAVE BEEN CHANGED FROM PAST TIME . SO WE CAN NOT FIX A CERTAIN PERSON BECAUSE CHANGES ARE GOING ON.
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    There are no ---I------YOU------HE-----THEY-------WE. Those are changes of universal energy only. That is the reason for ANATHMA.
     

    Scarface

    Well-known member
  • Dec 8, 2008
    1,711
    471
    83
    morphine base
    machan oka tikak complex. simply kiwwoth ape nodanuwathkama nisa api hithanawa api kiyala kenek innawaya kiyala. athatama ehema constant ekak na ha. hama welema ham dema wenas wenawa. apita machan karanna puluwan de thamai wenas wana api diha nowenas ahakin balanna yanne nathuwa puluwan tharan dewal alla ganne nathuwa inna eka.


    bawaya gana kiwwoth. life eka gana issella kiyanna wenawa. bawaya kiyanne machan api wenaskan gala yana river ekak wage. gangak kiyana eka apita constant deyak kiyala penunata eka ehema na. umba dannawane ekama gangata deparak bahinna ba kiyana eka. habai ehema unath hama gangakatama thani namak thiyenawa. anna ewage thamai life eka kiyana energy form eka continuously eka eka forms walata change wenawa. habai apita puluwanan nuwanin dakinna ehema thiyenne energy form ekak witharai, mama kiyala kenek ethana naa kiyana eka, apita puluwan ara bawaya namathi gangawe thula gaman kireemen athiwana wedanawangen ain wenna( habai ehema wenne athtama ehema wedana windnna mama kiyala kenek na kiyana eka awaboda kara ganeema thulin) oka thamai mata karanna puluwan saralama pahadili kireema.
     

    Scarface

    Well-known member
  • Dec 8, 2008
    1,711
    471
    83
    morphine base
    So every thing in this world is a change of energy. HUMAN LIVES, ANIMAL LIVES, OTHER LIVES, SOIL, WATER, TREES, EVERY THING IS A VARIOUS CHANGE OF ENERGY. So every thing is changing fast although some changes can not be visible to naked eye. So although we have past time, present time , future time, but we can not say-----my past time, my present time , my future time because I HAVE BEEN CHANGED FROM PAST TIME . SO WE CAN NOT FIX A CERTAIN PERSON BECAUSE CHANGES ARE GOING ON.


    :yes::yes::yes::cool:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    That is why almost out of control. For example-------without invitation , we were born in this world and without invitation death will come.
     

    praneeth.pj

    Well-known member
  • Mar 2, 2013
    1,266
    432
    113
    මචන් කෙනෙක්ට දුකක් ඇති උනොත් ඇති වෙන්නේ අනිත්‍ය තාව නොහොත් තුබූ තත්වය වෙනස් වීම තුලමයි.ඔන්න අපේ මුණ අව්වට කළු උනා කියලා හිතමු,අපිට දුකයි නේද.ඉතින් ඒ ලෙසම මුහුණේ පැහැය වෙනස් උනා වගේ හැමදේම වෙනස් වීමට අයිතියි.ඒ වෙනස් වන දෙයක් කවදාවත් තමාගේ දෙයක් කරන්න නං බැ ඒ කිව්වේ අනාත්මයි.හැබයි ඒ දෙය පාලනය කරන්න පුළුවන් උනත් එයත් අනිත්‍යයි.මේ දුක හට ගන්නේ ආයතන 6 සහ පංචඋපාන්දනස්කන්ධ්ය නිසාමයි
    අරහත් ආර්ය ශ්‍ර්ව්කයින්ට දුකක් දන්නෙ නැත්තේ පංචඋපාන්දනස්කන්ධ්ය නැති නිසාවෙනි

    නමෝ බුද්ධාය __/\__
    .
     

    praneeth.pj

    Well-known member
  • Mar 2, 2013
    1,266
    432
    113
    අනාත්ම සංකල්පය තවදුරට කියන්නං මේ අපේ සිරුර වෙනස් වේවි පවතින ස්ව්භාවකින් යුක්තයි.වේදනාව වෙනස් වේවි පවතින ස්ව්භාවකින් යුක්තයි.සඤාව නොහොත් හදුනා ගැනීම් වෙනස් වේවි පවතින ස්ව්භාවකින් යුක්තයි.සංඛාර නොහොත් පහළ සිතුවිලි වෙනස් වේවි පවතින ස්ව්භාවකින් යුක්තයි.විඤ්ඤාණය(ඇස+රුපය+ඇසෙ පහළ වන සිත) වෙනස් වේවි පවතින ස්ව්භාවකින් යුක්තයි.ඉතින් ස්ථිර දෙයක් හෝ ආත්මයක් මේ තුල දැකිය නොහැක.
    තවදුරටත් පැහැදිලි කරනවානං අපි මිය ගියාම අපේ කය(නාම රුපය) අභාවයට යනවා.හැබෙයි තව විඤ්ඤාණයක(එකම සිතුවිලි රටාවෙන් යුක්ත) පහල වීමක් හා තව නමරුපයක පහළ වීමක් සිදුවෙනවා මව් කුසක් තුල හෝ බිත්තර කට්ටක් තුල හෝ ඕපපාතිකව හෝ සිදුවෙනවා.මේ ආකාරයට උපතින් උපත සැරිසරන ආත්මයක් හෝ නමරුපයක් දැක ගන්න බැ.ඉතින් එක නිසා අනාත්මයි

     

    shameen2009

    Active member
  • Dec 7, 2009
    149
    28
    28
    Colombo
    අපි එදිනෙදා දකින ජාති දුක, ජරාව, මරණය පෙර නො&#

    දම්සක් පැවතුම් සූත්‍රයට අනුව ජාති දුක, ජරා දුක, මරණ දුක ආදි පෙන්වන දුක්, බුදුපියාණන්වහන්සේ "පෙර නොඇසූ විරූ දහමක් (පුබ්බෙ අනනුස්සුතේසු ධම්මේසු)" යයි ගෙන හැර දැක්වූයේ ඇයි. අන්‍යාගමික හෝ බුද්ධශාසනයෙන් පිට ඉන්න කෙනෙක්ගෙන් ඇහුවොත් (ඕනම පොඩි එකෙක් පවා) "ඔබට මරණයට පත්වීම, එසේ නොමැතිනම් වයසට යාම දුකක්ද සැපක්ද" කියා ඇහුවොත් කුමක් කියයිද? අනිවාරය‍යෙන් කියයි... "සැපක් කොහෙද දුකක් මිසක්" ඉතින් මේ හීනවූ, ග්‍රාම්‍ය වූ , පෘථක්ජනවූ , අනාර්‍යවූ අයටත් තේරෙන දුකක් ගැන කියන්නද බුදුපියාණන්වහන්සේ අනන්ත සංසාරේ පාරමිතා පුරාගෙන ආවේ ?..

    අනික මේ "දුක" සූත්‍රයේ තිබ්බ පලියට .. පොතේ තිබ්බ පලියට.. කටපාඩම් කරගත්ත පලියට... අපිට ඒ බුදුපියාණන් පෙන්නා දුන් "දුක පිළිබඳ ඥාණය (දුක්ඛේ ඥාණං), දුක ඇතිවීම පිළිබඳ ඥාණය (දුක්ඛ සමුදය ඥාණං), දුක නැති කිරීම පිළිබඳ ඥාණය (දුක්ඛ නිරෝධ ඥාණං), දුක නැතිකිරීමේ මාර්ගය පිළිබඳ ඥාණය (දුක්ඛ නිරෝධගාමිණි පටිපදා ඥාණං)" ලැබෙනවාද..

    සාවධානයෙන් මේ වටිනා දහම් දෙසුමට සවන් දෙමු... ගැටය ලෙහා ගමු.


    http://www.hiddendhamma.net/media/mp3/saddharmaya/S_Duka_Pera_Noasu_Viru_Dhama_01052010.mp3

     

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    සංස්කරණය වූ යම් දෙයක/වස්තුවක/ධර්මතාවයක නොවෙනස්වන සුළු වූ කිසිදු කොටසක්, ස්වභාවයක්, ලක්ෂණයක් නොමැත. ඉතා සුළු මොහොතකට වුවුද එසේ ඇතැයි සැළකීම ආත්මවාදී වේ. බුදු දහම හා බුදු දහම පමණක් අනාත්මවාදී වේ.

    උදා- මේසයක් සංස්කාරක ධර්මයකි. එනම් සංස්කරණය වූ/සකස් වූ දෙයකි. එහි ඇති සියළු කොටස්ද සියළු ලක්ෂණද වෙනස් වේ. ඉතා සුළු මොහොතකට වත් වෙනස් නොවී නොපවතී. පරමාණු වලට වෙන් කළ විට ඒවාද වෙනස් වන බව පෙනේ. පරමාණු තවත් කැඩිය හැකිනම් ඒ සියළු කොටස්ද වෙනස් වන බව (එසේ වෙන් කළ හැකි වුවත් නැතත්) අනාත්මවාදියා සිතයි. මේසයේ ඇති සියළු ලක්ෂණද (පාට, ඝනත්වය etc..) එසේම මොහොතක් වත් වෙනස් නොවී නොපවතී.

    අනාත්මවාදය බටහිර විද්‍යාත්මකව ඔප්පු කළ නොහැක. එසේ ඔප්පු කිරීමට නම් පරමාණු ද කොටස් වලට කඩා ඒවාද වෙනස් වන බව ඔප්පු කළ යුතුය. ඒ කොටස් ද තවත් කොටස් වලට කඩා... (මෙහි අවසානයක් නැත.) නමුත් බෞද්ධයාට එසේ "ඔප්පු කිරීමක්" අවශ්‍ය නොවේ. ඒ නිසා කරුණාකර බටහිර විද්‍යාව සමඟ සංසන්දනයෙන් වළකින්න.