ධර්ම දානය ගැන පොඩි අදහසක්
එදා උපතිස්සට, දහවල් ආහාරය වළඳමින් සිටි අස්සජි මහ තෙරුන් වහන්සේ දැකගන්නට ලැබුණේය. ආහාරය වළඳා අවසන් වූ පසු උපතිස්ස තරුණයා අස්සජී මහරහතන් වහන්සේ ඉදිරියට පැමිණ ප්‍රශ්න කළේ, ‘ඔබ යම් දහමක් දේශනා කරන කෙනෙක් ද?’ යන්නයි. තෙරුන් වහන්සේගේ පිළිතුර වූයේ ‘ගෞතම බුදුන් වහන්සේගේ ස්රාවකයකු වන බවයි. උපතිස්ස පෙරළා ප්‍රශ්න කළේ එසේ නම් ඔබගේ ගුරුවරයා ඔබ හසුරුවන්නේ කෙසේ ද? ’ යන්නයි. උන් වහන්සේ ගාථා පද හතරකින් දේශනා කළේ මෙම ලෝකයේ හසුරුවන්නෙක් නැත, හේතුඵල ධර්මයක් ක්‍රියාත්මක වේය යන්නයි. ගාථාවේ පළමු පද දෙක ඇසූ පමණින්ම උපතිස්ස සත්‍යයේ මාර්ගයට අවතීර්ණ වූයේ ය. සෝවාන් වූයේ ය. එම සම්පූර්ණ ගාථාව උපතිස්ස ගෙන් ඇසූ කෝලිය තරුණයා ද සෝවාන් වූයේ ය.
බොහෝ බෞද්ධයින් එක් වරක් නොව කීපවාරයක් මෙම ධර්මය අසා තිබෙන්නට ඇත. නමුත් සත්‍යයේ මාර්ගයට අවතීර්ණ නොවූයේ හේතුඵල ධර්මය දකින්නට අවශ්‍ය වූ පාරමිතා සම්පූර්ණ වී නැති බැවිනි. පාරමිතා ධර්ම වලින් පළමු වැනි පාරමිතාව වූ දාන පාරමිතාව සම්පූර්ණ නොකර සත්‍ය දැකිය නොහැකිය. දානය යනු අතහැරීමයි. අතහැරිය යුත්තේ මොනවාද? දාන පාරමිතාව සම්පූර්ණ කරන්නේ කෙසේ ද? මෙම ප්‍රශ්න වලට යමෙක් පිළිතුරු සොයන්නේ ද තමන් අනුන්ගෙන් අහුලා ගත් දැනුමෙනි. මෙම ලෝකයෙහි තමන්ට අයිති වස්තු දන් දී දාන පාරමිතාව සම්පූර්ණ කර නිවන් දැකිය හැකි ද? එසේ හැකිනම් නිර්ධනයින් පළමුව නිවන් දකිනවා ඇත. බුද්ධ කාලයේ බොහෝ දෙනෙක් සත්‍ය දුටුවේ සියලූ සම්පත් භුක්ති විඳිමින් සිටියදීය. එපමණක් නොව මෙම මාර්ගඵල ලාභීන් තමන් ට ඇති සියලූ සැපසම්පත් බුක්ති වින්දෝ ය. අප ජීවත් වන ලෝකය තම තමන්ගේ මනසින් නිර්මාණය කරගත් මනංකල්පිත ලෝක බැවින් එම ලෝකවල වස්තු හෙවත් දේවල් ඇතයි පිළිගැනීම මුළාවකි.
අප විසින් අත්හැරිය යුත්තේ අප විසින්ම නිර්මාණය කරගෙන උපාදානය කරගත් පංච ස්කන්ධය මිස අනෙකක් නොවේ. මුළාවක් වූ පංච උපාදානස්කන්ධය අත්හැරෙන විට ඔබ උපාදානය කර ඇති සියලූම ධර්මයන් ඉතිරි නොවීම ක්ෂය වෙයි. පංච ස්කන්ධය උපාදානය කීරීම යනු ධර්මය පිළිගැනීමයි. ධර්ම අවබෝධය ලැබෙන්නේ පංච ස්කන්ධය උපාදානය කිරීමෙනි. දාන පාරමිතාව පිරීමට නම් හේතුඵල ධර්මය අසන්නට පෙර තමන් උපාදානය කර ඇති ධර්ම අත හැරීමට සූදානම තිබිය යුතු ය. යමෙක් යම් ධර්මයක් පිළිගන්නේ හෝ විස්වාස කරන්නේ එම ධර්ම සත්‍ය නොවන බැවිනි. සත්‍ය ධර්මයක් පිළිගැනීමට හෝ විස්වාස කිරීමට අවශ්‍ය නැත. එය දකින ධර්මයකි. පිළිගැනීම හෝ ‘විස්වාශය’ අත්හැරිය විට පිළිගත් ධර්ම වල සත්‍යතාව පිළිබදව සැක උපදී. දාන පාරමිතාව පිරීමට උපකාරී වන්නේ ද විතක්කය විචාරය ඇති බුද්ධිමතා තුළ වර්ධනය වන සැකයයි.