ධර්ම දානය ගැන පොඩි අදහසක්

MBoX

Member
Feb 5, 2011
366
18
0
ධර්ම දානය ගැන පොඩි අදහසක්

එදා උපතිස්සට, දහවල් ආහාරය වළඳමින් සිටි අස්සජි මහ තෙරුන් වහන්සේ දැකගන්නට ලැබුණේය. ආහාරය වළඳා අවසන් වූ පසු උපතිස්ස තරුණයා අස්සජී මහරහතන් වහන්සේ ඉදිරියට පැමිණ ප‍්‍රශ්න කළේ, ‘ඔබ යම් දහමක් දේශනා කරන කෙනෙක් ද?’ යන්නයි. තෙරුන් වහන්සේගේ පිළිතුර වූයේ ‘ගෞතම බුදුන් වහන්සේගේ ස‍්‍රාවකයකු වන බවයි. උපතිස්ස පෙරළා ප‍්‍රශ්න කළේ එසේ නම් ඔබගේ ගුරුවරයා ඔබ හසුරුවන්නේ කෙසේ ද? ’ යන්නයි. උන් වහන්සේ ගාථා පද හතරකින් දේශනා කළේ මෙම ලෝකයේ හසුරුවන්නෙක් නැත, හේතුඵල ධර්මයක් ක‍්‍රියාත්මක වේය යන්නයි. ගාථාවේ පළමු පද දෙක ඇසූ පමණින්ම උපතිස්ස සත්‍යයේ මාර්ගයට අවතීර්ණ වූයේ ය. සෝවාන් වූයේ ය. එම සම්පූර්ණ ගාථාව උපතිස්ස ගෙන් ඇසූ කෝලිය තරුණයා ද සෝවාන් වූයේ ය.

බොහෝ බෞද්ධයින් එක් වරක් නොව කීපවාරයක් මෙම ධර්මය අසා තිබෙන්නට ඇත. නමුත් සත්‍යයේ මාර්ගයට අවතීර්ණ නොවූයේ හේතුඵල ධර්මය දකින්නට අවශ්‍ය වූ පාරමිතා සම්පූර්ණ වී නැති බැවිනි. පාරමිතා ධර්ම වලින් පළමු වැනි පාරමිතාව වූ දාන පාරමිතාව සම්පූර්ණ නොකර සත්‍ය දැකිය නොහැකිය. දානය යනු අතහැරීමයි. අතහැරිය යුත්තේ මොනවාද? දාන පාරමිතාව සම්පූර්ණ කරන්නේ කෙසේ ද? මෙම ප‍්‍රශ්න වලට යමෙක් පිළිතුරු සොයන්නේ ද තමන් අනුන්ගෙන් අහුලා ගත් දැනුමෙනි. මෙම ලෝකයෙහි තමන්ට අයිති වස්තු දන් දී දාන පාරමිතාව සම්පූර්ණ කර නිවන් දැකිය හැකි ද? එසේ හැකිනම් නිර්ධනයින් පළමුව නිවන් දකිනවා ඇත. බුද්ධ කාලයේ බොහෝ දෙනෙක් සත්‍ය දුටුවේ සියලූ සම්පත් භුක්ති විඳිමින් සිටියදීය. එපමණක් නොව මෙම මාර්ගඵල ලාභීන් තමන් ට ඇති සියලූ සැපසම්පත් බුක්ති වින්දෝ ය. අප ජීවත් වන ලෝකය තම තමන්ගේ මනසින් නිර්මාණය කරගත් මනංකල්පිත ලෝක බැවින් එම ලෝකවල වස්තු හෙවත් දේවල් ඇතයි පිළිගැනීම මුළාවකි.

අප විසින් අත්හැරිය යුත්තේ අප විසින්ම නිර්මාණය කරගෙන උපාදානය කරගත් පංච ස්කන්ධය මිස අනෙකක් නොවේ. මුළාවක් වූ පංච උපාදානස්කන්ධය අත්හැරෙන විට ඔබ උපාදානය කර ඇති සියලූම ධර්මයන් ඉතිරි නොවීම ක්‍ෂය වෙයි. පංච ස්කන්ධය උපාදානය කීරීම යනු ධර්මය පිළිගැනීමයි. ධර්ම අවබෝධය ලැබෙන්නේ පංච ස්කන්ධය උපාදානය කිරීමෙනි. දාන පාරමිතාව පිරීමට නම් හේතුඵල ධර්මය අසන්නට පෙර තමන් උපාදානය කර ඇති ධර්ම අත හැරීමට සූදානම තිබිය යුතු ය. යමෙක් යම් ධර්මයක් පිළිගන්නේ හෝ විස්වාස කරන්නේ එම ධර්ම සත්‍ය නොවන බැවිනි. සත්‍ය ධර්මයක් පිළිගැනීමට හෝ විස්වාස කිරීමට අවශ්‍ය නැත. එය දකින ධර්මයකි. පිළිගැනීම හෝ ‘විස්වාශය’ අත්හැරිය විට පිළිගත් ධර්ම වල සත්‍යතාව පිළිබදව සැක උපදී. දාන පාරමිතාව පිරීමට උපකාරී වන්නේ ද විතක්කය විචාරය ඇති බුද්ධිමතා තුළ වර්ධනය වන සැකයයි.
 
MBoX

Member
Feb 5, 2011
366
18
0
කෝලිය උපතිස්ස යහළුවන් දෙදෙනා ද සත්ත්ව පුද්ගල ධර්මයක් ම ඇසුවෝය. එම ධර්ම පිළිගත්හ. මෙම ධර්ම ධාරණය කර ඒවා ක‍්‍රියාත්මක කළහ. නමුත් බොහෝ දෙනකුට නැති තර්කය හා විතර්කය ඔවුන් තුළ තිබුණි. මෙම තර්ක විතර්ක වලින් ඔවුහු පිළිගත් ධර්ම වල පරස්පර විරෝධතා දුට හ. එමනිසා කාලයක් එම ධර්ම හදාරන විට එම ධර්ම කෙරෙහි සැක ඇති විය. ‘තමන් හසුරුවන කෙනෙක් ඉන්නවා ද?‘ ‘මෙම හසුරුවන්නා කව්ද?’ ආදී වශයෙන් සත්ත්ව පුද්ගල ධර්ම කෙරෙහි සැක ඇති විය. ‘ඔබගේ ගුරුවරයා ඔබ හසුරුවන්නේ කෙසේ දැ’ යි අස්සජි මහරහතන් වහන්සේගෙන් ඇසුවේ මෙම සැකය සිතෙහි තිබූ නිසාය. තෙරුන් වහන්සේ ගේ පිළිතුරෙන් උපතිස්ස අවදි විය. මෙතෙක් කල් යටිකුරු ව සිටි ඔහු උඩුකුරු විය. සත්ත්ව පුද්ගල දෘෂ්ඨිය වැරදි දෘෂ්ඨියක් බව දුටුවේ ය.

අස්සජි මහ රහතන් වහන්සේ දේශනා කළ හේතු ඵල ධර්මය කෝලිය උපතිස්ස පිළිගත්තේ ද නැත. එම ධර්ම පිළිගත්තා නම් දාන පාරමිතාව සම්පූර්ණ වන්නේ නැත. ධර්ම පිළිගැනීම යනු දාන පාරමිතාවට ප‍්‍රතිවිරුද්ධ වූ ධර්මයකි. සත්ත්ව පුද්ගල දෘෂ්ඨිය පිළිගැනීම එක් අන්තයකි. සත්ත්ව පුද්ගල දෘෂ්ඨියෙන් තොර වූ හේතු ඵල ධර්මය පිළිගැනීම තවත් අන්තයකි. සත්‍ය දැකීමට නම් මෙම අන්ත දෙකම අතහැරිය යුතු ය. සත්‍යයට අන්ත නැත. අන්ත වලින් යුත් සියලූම ධර්ම ලෞකික ධර්ම වෙයි. හේතුඵල ධර්මය ද පෘතග්ජනයාට ලෞකික ධර්මයකි. එය ලෝකෝත්තර ධර්මයක් වන්නේ එය දැකිය හැකි නම් පමණි. හේතුඵල ධර්මය දුටු විට එතැන හේතුඵල ධර්මයක් ඉතිරිවන්නේ නැත. යමෙක් සත්‍ය දුටු විට ද දකින්නට සත්‍යයක් නැති බව දකී. පෘතග්ජන පුද්ගලයා නිවන් හඹා යයි. නමුත් යම් කෙනෙක් නිවන් දකී ද ඔහු හෝ ඇය දකින්නට නිවනක් නැති බව දකී. ධර්මය නැමති පහුර තොටුපොලේ තබා යන තොටියා අත කිසිම ධර්මයක් නැත. ආර්ය අෂ්ඨාංගික මාර්ගය හෝ මධ්‍යම ප‍්‍රතිපදාව හෝ මාර්ගඵල හෝ නිවන හෝ ඔහු අත නැත. ලෝකෝත්තර ධර්ම දකිනවා මිස දැනුම හරහා විස්තර කළ නොහැකිය. බුදුකෙනෙක් නිවනෙහි නැති දේවල් දේශනා කරනවා විනා තියෙන දේවල් දේශනා නොකරන්නේ එබැවිනි. රහතන් වහන්සේ කෙනෙක් අනුගමනය කරන්න යයි බුදුකෙනෙක් දේශනා කරන්නේ නැත. එවිට එය ලෞකික දහමකි, ව‍්‍රතයකි. පිළිගත් ධර්ම අතැතිව කිසිවකුට ‘බුදුන්’ ට ළඟාවිය නොහැකිය. අංගුලිමාල කථාවෙන් එය මනාව පැහැදිලි වෙයි. අංගුලිමාල කඩුව අමෝරාගෙන බුදුන් පසුපස එලෙව්වේ ය. ඔහු හති වැටී මග නතර විය. නමුත් බුදුන් ට කිට්ටු කළ නොහැකි විය. බුදුන් වහන්නේ ශාන්ත ගමනින් වැඩියහ. බුදුන් වහන්සේ ගේ එක් වචනයකින් අංගුලිමාල අත තිබූ කඩුව බිම වැටුණි. අංගුලිමාල ‘බුදුන්’ ට කිට්ටු කළේ ධර්මය නැමති කඩුව අතහැරිය පසුවයි.
 
බුදු කෙනෙක් ‘එන්න බලන්න’ යයි දේශනා කරන්නේ එබැවිනි. දේශනා කරන ඕනෑම ධර්මයක් ලෞකික ධර්ම වන බැවින් ‘එන්න මගේ ධර්මය අහන්න’ යැයි දේශනා කරන්නේ නැත. ධර්ම පිළිගැනීමෙන් සත්‍ය වැසෙන බැවින් ‘ධර්ම පිළිගන්න’ යයි දේශනා කරන්නේ ද නැත. බුදුන් දවස එක් සිටුවරයකු බුදුදහම අසා පැහැදී බුදුන් සරණ ගියේ ය. නමුත් කොතරම් බල කළ ද ඔහුගේ පුත‍්‍රරත්නය බුදු බණ අසන්නට ගියේ නැත. අවසානයේ පියා උපායක් යොදා, මසුරන් දහසක් දෙන පොරොන්දුව පිට එක් බුද්ධ වචනයක් අසාගෙන එන්නට පුතා බුදුන් සමීපයට යැවීය. ‘එක් වචනයක් අසාගෙන ආපසු එමි’ යි සිතා පුත‍්‍රරත්නයද ධර්ම දේශනා කරන ස්ථානයේ කොනකින් වාඩි වූයේය. වචනයක් අසා උන් තැනින් නැගිටින්නට උත්සාහ කරන විටම එම වචනය අමතක වෙයි. දිගටම ධර්මය ඇසුවත් එකදු වචනයක් වත් මතක තබා ගැනීමට නොහැකි විය. නමුත් අවසානයේ දී පුත‍්‍ර රත්නය සත්‍ය දුටුවේ ය. නමුත් ඔහු සත්‍ය දැකීමට ව‍්‍රත සමාදන් වූයේත් නැත. භාවනා කළේත් නැත. ධර්මය ධාරණය කළේත් නැත. ධර්මය පිළිපැද්දේත් නැත. ඔහු සෑම වචනයක්ම ඒ මොහොතේම අත්හැරිය බැවින් ධර්මය ඇසුවේත් නැත. නමුත් ඔහු ධර්මය දුටුවේ ය. එය ධර්මයේ ඇති ‘ඒහි පස්සිකෝ’ ‘එන්න බලන්න’ ගුණයයි. සත්ධර්මය ශ‍්‍රවණය කරන විට එම අසන වචනයක් පාසා අත් හැරිය හැකිනම් ධර්මය ශ‍්‍රවණය කරන අවස්ථාවේදීම දාන පාරමිතාව සම්පූර්ණ වී සත්‍ය දකී. දාන පාරමිතාව සම්පූර්ණ වන්නේ සියලූම නාම ධර්මත් රූප ධර්මත් අත්හැරීමෙන් විනා එවා උපාදානය කිරීමෙන් නොවේ. බොහෝ මතක ශක්තිය ඇති අය ධර්මය ගබඩාකර ගනිති. නමුත් මතක ශක්තිය සත්‍ය දකින්නට උපකාරයක් නොවේ.