ධර්ම දේශනා.::ආශ්වාදය එපාද?

චගු

Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    ධර්ම දේශනා.::ආශ්වාදය එපාද?

    ආශ්වාදය සහ ආදීනවය හමුවේ ඔබේ සිත

    ගිහි පැවිදි සැම දෙනාම සසර සැරිසරන ජීවිතයේ සැනසීම සොයන්නෙමු.

    නමුත් එසේ අප බලාපොරොත්තු වන්නේ සැනසීම වුවත් අප ජීවත් වීමේදී කරනුයේ සැනසීම ගෙන දෙන දේ ද ?
    අරමුණ සැනසිල්ල වුවත් අපගේ පැවැත්ම ඊට හාත්පසින් ම බොහොමත් ම වෙනස් වේ. ජීවිතයේ අසහනය, දුක් පීඩා අප අත්විඳින්නේ මේ නිසාය.

    • ජීවිතය අල්පේච්ඡ වුවහොත් අප කොතරම් සැනසීමක් ලබන්නෙමුද
    • ලොව ඇති සියළු ලෞකික සැප ලැබුවත් අට සැනසීම නොලබන්නේ ඇයි ?
    • ආශ්වාදය විඳින්න එපාද ? අප ආශ්වාදය කෙලෙස දැකිය යුතුද ?
    • නිරන්තරයෙන් ආශ්වාදයන් ලැබෙන මෙලොව ජීවත් වීමේදී සැනසීමට අප කුමක් කල යුතුද ?
    • නිර්වාණගාමී මාර්ගයේ යෙදෙන අය ගැන සැලකුවොත් ගිහි පැවිදි ලෙස දෙපාර්ශවයකි. ඒ දෙපාර්ශවයේ සැනසීමේ ප්‍රතිපත්තිය කෙබඳු ද. ගිහි බව බැඳීම් කම්හලක් ලෙසත් පැවිද්ද අහස්තලය ලෙසටත් උපමා වී ඇත්තේ කුමක් නිසාද ?
    • ගිහි අයටත්, පැවිදි උතුමන් ටත් ඇති අවශ්‍යතා මත නිර්වාණගාමී ප්‍රතිපදාව කෙබඳු වේද. ඒ අනුව අල්පේච්ඡ වන්නේ කෙසේද.

    2013 ජනවාරි 10 දින රාත්‍රී 8:00 ට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයෙන් විකාශය වූ ධර්ම දේශනාවයි..

    දේශකයාණන් වහන්සේ: මහනුවර අලුත්ගම ගම්මන්තලාව පුරාණ විහාර වාසී පූජ්‍යපාද අලුත්ගම පඤ්ඤාසාර ස්වාමීන්ද්‍රයන් වහන්සේ.

    දේශකයන් වහන්සේටත් බෞද්ධයා ගුවන්විදුලි සේවයෙන් මෙම ධර්ම දානමය පින්කමට අනුග්‍රහය දැක්වූ සියළු දෙනාටම පින් සිදු වේවා, ඉතා ඉක්මණින් සසර දුකින් එතෙර වීමට නිර්වාණාවබෝධය ලැබේවා.

    තෙරුවන් සරණයි !
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    මමද මේ සසර සැරිසරන ජීවිතයේ සැනසීම සොයන්නෙක්මි. ඔබට බොහොමත්ම පින් ලැබේවා!:)
    (Rep අදට ඉවරයි සහෝ )