ධර්ම දේශනා.::පංච නීවරණ ධර්ම

චගු

Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    ධර්ම දේශනා.::පංච නීවරණ ධර්ම

    පංච නීවරණ ධර්ම

    නිවන් දකින්නට අපේක්ශා කරන්නාට ඔහුගේ ඒ අධ්‍යාත්මික දියුණුවට බාධා කරන ධර්මතා නීවරණධර්ම නම් වේ.

    අන් ගස් අභිබවා වැඩෙන විශාල වෘක්ෂයන් සේ අප තුල ඇති කරුණාව, මෛත්‍රිය, අලොභය වැනි කුසල චිත්තයන්, යහපත් සිතුවිලි, මැඩගෙන සිතේ වැඩෙන නීවරණ ධර්ම 5ක් මෙලෙස ඇත.

    කාමච්ඡන්ද - රූප, ශබ්ධ, ගන්ධ, රස, ස්පර්ශ යන කාමයන් ට ඇති කැමැත්තයි.
    ගිහියෙකුව සිට කාමච්ඡන්දය සම්පූර්න ලෙස නැති කරගත හැකිද ?
    කාමච්ඡන්දය බහුල අයෙකු එක අඩුකරගන්නේ කෙසේද ?

    ව්‍යාපාද - අනුන් කෙරෙහි බලවත්ව නැගෙන වෛරී සිතුවිල්ලයි. මිච්ඡා සංකල්පයයි.
    ප්‍රාණඝාතයන් කරන්නෝ නිරයගාමී වන්නේ කෙසේද ?
    ව්‍යාපාදය නැතිකර ගන්නේ කෙසේද ?

    ථීනමිද්ධ - කුසල අරමුණු වල සිත නොඇලෙන ස්වභාවයයි.
    මෙය නිකම්ම නිකම් අලස කම ද ?
    කුසල අරමුණු වල සිත අලවාගෙන ථීනමිද්ධය මැඩගන්නේ කෙසේද ?

    උද්ධච්ච කුක්කුච්ච – සිතේ ඇති විසිරී ගිය, කැළඹිලි ස්වභාවයයි.
    සිතුවිලි ව්‍යාකූල වන මේ තත්ත්වය කුසල සිතුවිලි යටපත් කරයි. සමාධියට බාධා කරයි. විසිරුන සිත එක් තැන් කරගෙන, යෝනිසෝ මනසිකාරය, සති සපජඥ්ඤය වඩන්නේ කෙලෙසද ?

    විචිකිච්චා - අපහදිලි දේ තුල දිගින් දිගටම සිටින විට සැක නිශ්‍රිත මිත්‍යාදෘෂ්ඨිය ඇති වේ. යමෙකුට බුදුරජාණන් වහන්සේ ගැන සැක ආ මොහොතේ, ඔහු ධර්මයෝ සියල්ල ගැන සැක ඇති කර ගනී.
    මිත්‍යා දෘෂ්ඨියත්, අමූලිකා ශ්‍රද්ධාවත් හැර ස්ථාවරව කුසල මඟ යන්නේ කෙසේද ?

    2012 බිනර මස 03 වන දින, පෙරවරු 8.00ට, ශ්‍රී ලංකා ගුවන්විදුළි සංස්ථාවේ, ස්වදේශීය සේවයෙන් විකාශය වූ ධර්ම දේශනාවයි.

    දේශකයාණන් වහන්සේ: අතුරුගිරිය ආර්‍ය නිකේතනයේ නිර්මාතෘ, ශාස්ත්‍රපති, පූජ්‍යපාද මාවරලේ භද්දිය ස්වාමීන්ද්‍රයන් වහන්සේ.

    ශ්‍රී ලංකා ගුවන් විදුළි සේවයෙන් මෙම ධර්ම දානමය පින්කමට අනුග්‍රහය දැක්වූ සියළු දෙනාටම පින් සිදු වේවා, ඉතා ඉක්මණින් සසර දුකින් එතෙර වීමට නිර්වාණාවබෝධය ලැබේවා.

    තෙරුවන් සරණයි !
     

    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0

    අපිත් එක්ක සිටි අපේම යාළුවෝ
    නිවන් දකින්ඇති ඒ කාලේ
    මෙතේ බුදුන් දැක නිවන් දකින්නට
    පිං පුරවමු අපි සංසා‍රේ


    [FONT=&quot].....[/FONT][FONT=&quot]✿✿[/FONT]..........[FONT=&quot][/FONT]
    [FONT=&quot]..............[/FONT][FONT=&quot]✿✿[/FONT]•*¨`*•.[FONT=&quot][/FONT]
    [FONT=&quot]*************__/|\__************[/FONT]
    [FONT=&quot]අපගේ නිර්මල බුදු දහම එතරම් චමත්කරයි.....[/FONT]



    [FONT=&quot]බුදු සරණයි![/FONT]


    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    මාවරලේ භද්දිය ස්වාමීන්ද්‍රයන් වහන්සේ තව ධර්ම දේශනා නැද්ද??????

    තෙරුවන් සරණයි !
     

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    මාවරලේ භද්දිය ස්වාමීන්ද්‍රයන් වහන්සේ තව ධර්ම දේශනා නැද්ද??????

    තෙරුවන් සරණයි !

    උන්වහන්සේ ගේ ධර්ම දේශනා බොහොමයක් අන්තර්ජාලයේ තියෙනවා දැක්කා.. ලිපිත් තියෙනවා.. මේ ඉන් සමහරක්

    තෙරුවන් සරණයි