ධර්ම දේශනා.::පසේ බුදුවරු

චගු

Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    ධර්ම දේශනා.::පසේ බුදුවරු

    අබුද්ධෝත්පාද කාලයන්හි ලොව පහලවන පසේ බුදුරජාණන්වහන්සේලා

    අප්‍රමාදව පින් කරගන්න යන වදන් අප නිරතුරුවම අසන්නෙමු. ඒ ඇයි යන්නට අදාල හේතූන් රාශිය අතුරෙන් එකක් වන්නේ මේ කාලයේ අපි ගෞතම තථාගතයන් වහන්සේ ගේ බුද්ධෝත්පාද කාලයේ සිටින නිසාය.

    මේ බුද්ධෝත්පාද කාලය තුල අපට භික්ෂු, භික්ෂුණී; උපාසක, උපාසිකා යන සිවු වනක් පිරිසේ තොරතුරු, චතුරාර්‍ය සත්‍ය ධර්මයේ තොරතුරු, සම්මා සම්බුදු රජාණන් වහන්සේ ගේ ජීවිත කථා තොරතුරු, ධර්මය ඇසුරෙන් ශ්‍රවණය කරන්නෙමු. ධාර්මික දිවිපෙවෙත ඉන් හඳුනාගෙන සසර කෙටි කර ගන්නට මඟ හඳුනා ගන්නෙමු.

    අබුද්ධෝත්පාද කාල යනු තථාගතයන් වහන්සේ නමක් පහල නොවූ යුගයන් ය. එවැනි කාලයක සම්මා සම්බුදු රජාණන්වහන්සේ නමකගේ ශ්‍රී සද්ධර්මය අසන්නට, කථාබහට ලක් නොවේ. එවැනි කලක බුද්ධ ශ්‍රාවක පිරිසක් ද නැත. මෙවැනි අබුද්ධෝත්පාද කාල කල්ප ගණනාවක් පවතින අති දීර්ඝ කාල වකවානු වේ. එවැනි කාලයක පුහුදුන් පුද්ගලයෝ ධර්මාවබෝධය අවමය.

    කල්පයක් යනු කෙතරම් කාලයක් ද යත්;
    යොදුනක් දිග, යොදුනක් පළල, යොදුනක් උස ටැංකියක් පිරෙන්නට අබ ඇට දමා ඇතැයි සිතන්න. ඉන් වසර 100කට වරක් එක් අබ ඇටයක් බැගින් ඉවතට ගනු ලැබේ. සියළු අබ ඇට ඉවතට ගන්නට ගතවන කාලය ආසන්න ලෙස කල්පයකි. ඇතැම් අබුද්ධෝත්පාද කාල කල්ප 60-70ක් දිවෙන කාලයන් ය.

    මෙවැනි අඳුරුතම අබුද්ධෝත්පාද කාලයන්හිදී ත් ලෝකයට යම් සංසාරික සහනයක් ලබාදුන් මුණිවරයන් වහන්සේලා පහල වූහ. උන්වහන්සේලා සම්මා සම්බුදු රජාණන්වහන්සේලා නොවූහ. එම උතුමෝ පසේබුදු රජාණන්වහන්සේලා ලෙස හඳුන්වනු ලැබූහ.

    • සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමක් හා පසේබුදු රජාණන්වහන්සේ නමක් අතර වෙනස කුමක්ද ?
    • උන්වහන්සේලා සමාන වන්නේ කුමන ලක්ෂණ වලින් ද ?
    • පසේබුදු රජාණන්වහන්සේ නමක් හා රහතන්වහන්සේ නමක් අතර වෙනස කුමක්ද ?
    • පසේබුදුවරයන්වහන්සේලා පහලවන්නේ කෙසේද

    2012 අප්‍රේල් මස 16 වන දින, පෙරවරු 8.00ට, ශ්‍රී ලංකා ගුවන්විදුළි සංස්ථාවේ, ස්වදේශීය සේවයෙන් විකාශය වූ ධර්ම දේශනාවයි.

    දේශකයාණන් වහන්සේ: මාළඹේ, පිට්ටුගල, මහමෙව්නාව අමාවතුර භාවනා අසපුව වාසී පූජ්‍යපාද අඹන්පොළ ඥාණවිජය ස්වාමීන්ද්‍රයන් වහන්සේ.

    ශ්‍රී ලංකා ගුවන් විදුළි සේවයෙන් මෙම ධර්ම දානමය පින්කමට අනුග්‍රහය දැක්වූ සියළු දෙනාටම පින් සිදු වේවා, ඉතා ඉක්මණින් සසර දුකින් එතෙර වීමට නිර්වාණාවබෝධය ලැබේවා.

    තෙරුවන් සරණයි !