ධර්ම දේශනා.::ප්‍රතිපදාව හා කාලය

චගු

Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    ධර්ම දේශනා.::ප්‍රතිපදාව හා කාලය

    නිවන් ප්‍රතිපදාව හා කාල සම්බන්ධය

    සසරේ පරම නිවීම වන නිවන සොයා ආර්ය අෂ්ඨාංගික මාර්ගය වඩන්නෝ සිවුවැදෑරුම් වේ:

    ප්‍රතිපදාව (ප්‍රතිපත්ති පිරීම ) බොහෝ දුක සේ පුරුදු කරන එමෙන්ම චතුස්සත්යාවබෝධයට බොහෝ කලක් ගතවන අය.

    ප්‍රතිපදාව (ප්‍රතිපත්ති පිරීම ) බොහෝ කටුකයි නමුත් චතුස්සත්යාවබෝධය ඉතා ඉක්මනින් ලද හැකිවන අය.

    ප්‍රතිපදාව (ප්‍රතිපත්ති පිරීම ) බොහෝ සැප සේ පුරුදු කරන නමුත් චතුස්සත්යාවබෝධයට බොහෝ කලක් ගතවන අය.

    ප්‍රතිපදාව (ප්‍රතිපත්ති පිරීම ) බොහෝ සැප සේ පුරුදු කරන එමෙන්ම චතුස්සත්යාවබෝධය ද ඉතා ඉක්මනින් ලද හැකිවන අය.

    ආර්ය අශ්ඨාංගික මාර්ගය ඵලදායීව වඩන්නට, ඉක්මනින් සසරින් එතෙර වන්නට කෙනෙකුට උපකාරී වන ඉන්ද්‍රිය ධර්ම යනු මොනවාද ?

    මේ භවයේදී ම නිවන් දකින්නට බැරි උනොත් ඔබ සසරේ අතරමං වේද ?

    2012 සැප්තැම්බර් 06 දින බෞද්ධයා ගුවන්විදුලියේ විකාශය වූ ධර්ම දේශනාවයි.

    දේශකයාණන් වහන්සේ: හොරණ පොකුණුවිට ශ්‍රී විනයාලංකාරාම වාසී ශාස්ත්‍රපති පූජ්‍යපාද කුකුල්පනේ සුදස්සී ස්වාමීන්ද්‍රයන් වහන්සේ.

    බෞද්ධයා ගුවන්විදුලි සේවයෙන් මෙම ධර්ම දානමය පින්කමට අනුග්‍රහය දැක්වූ සියළු දෙනාටම පින් සිදු වේවා, ඉතා ඉක්මණින් සසර දුකින් එතෙර වීමට නිර්වාණාවබෝධය ලැබේවා.

    තෙරුවන් සරණයි !
     
    Last edited:

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    Bump
    අපි යාපනයෙ යන්නට පිටත් වෙනවා කියා හිතමු..
    ඔබ කාර් එකෙන් ගියත්, බයිසිකලෙන් ගියත් කරත්තෙන් ගියත්, යන්නෙ එකම පාරෙන්. ගත වන කාලය තමයි වෙනස්.
    එලෙසම නිවනට පුරන්නට අවශ්‍ය ප්‍රතිපදාව වන්නේ ආර්‍ය අශ්ඨාංගික මාර්ගය මයි. වෙනත් මඟක් නැත.
    එ මඟ යන්නට ඔබට ඇති වාහනය වන්නේ ඔබේ ඉන්ද්‍රිය ධර්මයන් ය. ඒවා වැඩී ඇති ආකාරය මත ඔබ දීර්ඝ කාලයකින් නිවන් ලබන්නේද, කෙටි කාලයකින් නිවන් ලබන්නේද යන්න තීරණය වේ.
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    ඔබට ගොඩක් පිං මේ ලිපිය සකස් කලාට,ඉදිරියටත් කරගෙන යන්න.....

    ඔබට තෙරුවන් සරණයි !!!!


     

    S.L.F.B.I

    Well-known member
  • Dec 2, 2011
    940
    328
    63
    බුදුන්ගේ දේශය
    13945756.jpg