ධර්ම දේශනා.::බොරුව ඇති නේද

චගු

Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    ධර්ම දේශනා.::බොරුව ඇති නේද

    බොරුව රජයන ලොව, සත්‍යවාදී වීම

    සසර ගමනින් මිදී නිර්වාණාවබෝධය පිණිස සත්‍යවාදී බවින් යුතු වීම ඉතා වැදගත් වේ. සත්‍යවාදී බව එනම් සච්ච පාරමිතාව දශ පාරමිතාවන් ගෙන් එකකි.

    සිතේ මෛත්‍රී කරුණා පෙරදැරිව
    නුවණින් ධර්ම ප්‍රඥාවෙන් යුක්තව
    නිර්වාණය සාක්ශාත් කරනු පිණිස
    යමෙක් අන් අයනොරවටා, අසත්‍ය දේ නොකියා, නොකර;
    සත්‍යවාදීව තම ජීවිතය පැවැත්වීම මගින්
    තුන්තරා බෝධියෙන් තමන් අභිමත බෝධියකට පත් වීමට
    පාරමී පිරීම සච්ච පාරමිතාවයි


    අසත්‍ය බවින් පිරි, රැවටිලි කාරයන් බහුල ලොවකට උපන් අපි කෙලෙස සත්‍යවාදී වෙමුද ?

    සත්‍යවාදී සිතකින් කටයුතු කරන්නා සත්‍යවාදී වචන හා සත්‍යවාදී ක්‍රියාවන් පිහිටයි. ලාභ ප්‍රයෝජන තකා බොරු කියන්නාට සිතේ ප්‍රීතිය නැත්තේ ඇයි ?

    අසත්‍යවාදියා දීනයෙකි.
    සමාජයේ ජීවත්වන අපට බොරු නොකියා සිටීමට නොහැකිද
    හොඳ දෙයක් නිසා යැයි බොරුවක් කිය හැකිද ?
    හානියක් නොවන බොරු කියා දෙයක් ඇතිද ?
    නිවන් මඟට පිළිපන් සත්‍යවාදීන්

    1. කිසිම කරුනක් නිසා වත් බොරු නොකියති, ඇත්ත ඇති සැටියටම කියති
    2. පොරොන්දු කඩ නොකරති
    3. ආත්මාර්ථය හා පරාර්ථය පිණිස සත්‍යවාදීව කටයුතු කරති

    යමක් අවංකවම පොරොන්දුවී පසුව යම් හේතුවක් නිසා එම පොරොන්දුව ඉටුකරන්නට බැරි උනොත් ? – බොරු නොකීම හා සත්‍යයේ පිහිටීම යනුවෙන් කොටස් දෙකකි.

    යම් වචනයක්, ක්‍රියාවක් බොරුවක් වීමට නම්;

    බොරුවක් බව දැනගත යුතුය
    අනුන් රැවටීමට චේතනාවක් ඇතිවිය යුතුය
    බොරුව අසන්නා එක බොරුවක් බව නොදැන විශ්වාස කල යුතුය, රැවටීම
    බොරුවේ ආදීනව මොනවාද ?

    පොරොන්දු කඩකිරීම දිවි නසාගැනීමට සමාන වන්නේ ඇයි ?

    සත්‍යක්‍රියා යනු කවරේද ?
    සත්‍යක්‍රියාවක් කරන්නේ කෙසේද ?

    සත්‍යවාදීබව පාරමිතාවක් ලෙස දියුණු කරන්නේ කෙසේද ?

    • මුසාවාදයේ ආදීනව මෙනෙහි කරන්න
    • සත්‍යවාදී බවින් ලබන ආනිශංස මෙනෙහි කරන්න
    • සත්‍යවාදී උතුමන් වහන්සේලා ගැන මෙනෙහි කරන්න, කියන්වන්න

    2012 මාර්තු මස 21 වන දින, පෙරවරු 8.00ට, ශ්‍රී ලංකා ගුවන්විදුළි සංස්ථාවේ, ස්වදේශීය සේවයෙන් විකාශය වූ ධර්ම දේශනාවයි.

    දේශකයාණන් වහන්සේ: හම්බන්තොට, උඩමලල, වෙහෙරගල ආරණ්‍ය සේනාසනයේ සහ කළුතර නාගොඩ, ශ්‍රී ජිනවංශ යෝගාශ්‍රමය යන උභය ආරණ්‍ය සේනාසනාධිපති අතිපූජ්‍ය නාගොඩ සද්ධාලෝක ස්වාමීන්ද්‍රයන් වහන්සේ.

    ශ්‍රී ලංකා ගුවන් විදුළි සේවයෙන් මෙම ධර්ම දානමය පින්කමට අනුග්‍රහය දැක්වූ සියළු දෙනාටම පින් සිදු වේවා, ඉතා ඉක්මණින් සසර දුකින් එතෙර වීමට නිර්වාණාවබෝධය ලැබේවා.

    තෙරුවන් සරණයි !
     
    • Like
    Reactions: ^Night Fury^

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    සත්‍යවාදී මේලෝක නැහැ ...........!!!
    පින් සිදු වේවා ඔබට !!!
    තව ධර්ම දේශනාවයි UPLOAD KARANNA .
    තෙරුවන් සරණයි !:love::love: